top
logo

Police Recruitments

Crime Trends

Tender Notice

Supplier Registration

Sri Lanka Police Telephone Index

Sri Lanka Police Email Index

Forms & Applications Downloads

community police perception survey

cyber crime

SPOM

උසස් කිරිමේ හා බදවා ගැනිමේ පටිපාටි



යාපනය දිස්ත්‍රීක්කයේ අපරාධ නිවාරණය, රථ වාහන පාලනය හා දූෂණ වැටලීම් සදහා පොලිස් පා පැදි කණ්ඩායම් යෙදවේ. PDF Print

යාපනය දිසාවේ ඇති යාපනය සහ කන්කසන්තුරය පොලිස් කොට්ඨාසයන්ට අයත් පොලිස් වසම් 17 ක් ආවරණය වන පරිදි 2017.02.18 වන දින සිට පා පැදි මුර සංචාර කණ්ඩායම් ක්‍රියාත්මක කරන ලදි.

මෙම එක් කණ්ඩායමකට අවම වශයෙන් එක් පොලිස් සැරයන්වරයෙක් සහ පොලිස් කොස්තාපල්වරුන් 04 දෙනෙකු යොදවා ඇත.

අපරාධ නිවාරණය, රථ වාහන පාලනය, මත්පැන් මත්ද්‍රව්‍ය හා වෙනත් දූෂණ වැටලීම් ලබා ගැනීම සදහා අවශ්‍ය නිසි උපදෙස් මෙම කණ්ඩායම් වෙත ලබා දී ඇති අතර, එම සංචාරයන්  තුළදී සෑම පොලිස් වසමකම තෝරා ගත් ස්ථානයන් දෙකකදී ක්‍ෂණික මාර්ග බාධක යොදා සැක කටයුතු වාහන, යතුරුපැදි හා පුද්ගලයින් පරීක්‍ෂාවට ලක් කරනු ලැබේ. 

මෙම පා පැදි මුර සංචාරයන් ක්‍රියාත්මක කිරීමේ අරමුණ වන්නේ යාපනය දිස්ත්‍රික්කයේ මහජනතාව සදහා අපරාධ හා ප්‍රචණ්ඩත්වයෙන් තොර විශ්වාසයෙන් ජීවත්විය හැකි සාමකාමී පරිසරයක් පවත්වා ගෙන යාමයි.

යාපනය දිසාව භාර  නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතගේ සංකල්පයක් මත ආරම්භ කරන ලද මෙම වැඩසටහනේ සමාරම්භක උත්සවය 2017.02.18 දින පෙරවරුවේ යාපනය පොලිස් ස්ථාන පරිශ්‍රයේදී පැවති අතර නියෝජ්‍ය පොලිස්පති තුමා විසින් යාපනය සහ කන්කසන්තුරය කොට්ඨාස වල පොලිස් ස්ථාන 17 ක පා පැදි සංචාර සදහා යෙදවීමට නියමිත නිලධාරීන් කැදවා උපදෙස් ලබා දීමද සිදු ක‍‍ළේය.

යාපනය දිස්ත්‍රීක්කයේ අපරාධ නිවාරණය, රථ වාහන පාලනය හා දූෂණ වැටලීම් සදහා පොලිස් පා පැදි කණ්ඩායම් යෙදවේ.

යාපනය දිස්ත්‍රීක්කයේ අපරාධ නිවාරණය, රථ වාහන පාලනය හා දූෂණ වැටලීම් සදහා පොලිස් පා පැදි කණ්ඩායම් යෙදවේ.

යාපනය දිස්ත්‍රීක්කයේ අපරාධ නිවාරණය, රථ වාහන පාලනය හා දූෂණ වැටලීම් සදහා පොලිස් පා පැදි කණ්ඩායම් යෙදවේ.

 

Inspector General of Police - Pujith Jayasundara

Pujith Jayasundara
Inspector General of Police

Police Nortable Services

Sri Lanka Police clearence Certificates

Police Special Events
Police Sports News
send your information

Get Help

Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444

Information Room:
+94 11 2854931


bottom

Site Designed & Maintenance by : Sri Lanka Police, Information Technology Division,