Tharindu Withanage – Page 11 – ශ්‍රී ලංකා පොලිසිය

Author name: Tharindu Withanage

Uncategorized

කිලෝග්‍රෑම් 61 ග්‍රෑම් 838 ක් බරැති මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනයේදී අත්අඩංගුවට

පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුර තුළ සිට ක්‍රියාත්මක වන විශේෂ මෙහෙයුම් බස්නාහිර උතුර ඒ්කකය 2026.01.20 දින සවස නිට්ටඹුව පින්නගොල්ල වත්ත ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 61 ග්‍රෑම් 838 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු විදෙස්ගතව සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් හා සංවිධානාත්මක අපරාධ මෙහෙයවන ප්‍රධන පෙළේ සැකකරුවෙකුගේ ගෝලයෙකු බව අනාවරණය වී ඇති අතර වයස අවුරුදු 45 ක් වන නිට්ටඹුව පින්නගොල්ල වත්ත ප්‍රදේශයේ පදිංකරුවෙකි. අත්අඩංගුවට පත්වී ඇත්තේ අයිස් මත්ද්‍රව්‍ය තොගය ත්‍රී රෝද රථය ප්‍රවාහනය කරමින් සිටියදීය. පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සැකකරු හා මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත භාරදී තිබේ

Police News - SI

සමාජ මාධ්‍යයේ සංසරණය වූ කාන්තාවක් අපයෝජනය කෙරෙන වීඩියෝවේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

පසුගිය දිනයන් තුළ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ පිරිමියෙකු විසින් කාන්තාවක් නිරුවත් කරන ආකාරය දැක්වෙන වීඩියෝව සම්බන්ධයෙන් විමර්ශනය කළ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යංශයේ නිලධරයන් වින්දිත පාර්ශවය හඳුනාගෙන ප්‍රධාන සැකකරු 2026.01.18 වන දින හික්කඩුව ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ හෝටලයක සැඟවී සිටියදී අත්අඩංගුවට ගත්හ. අනතුරුව වැඩිදුර විමර්ශනයේදී ප්‍රධාන සැකකරුට ආධාර අනුබල ලබාදුන් හා පොලිසියට සාක්ෂි වසන් කරන ලද අවුරුදු 44 ක් හා 55 ක් වන ඇහැළියගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගත් අතර ප්‍රධාන සැකකරු සම්බන්ධව අළුත්කඩේ ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර විදේශ ගමන් තහනම් නියෝගයක්ද ලබාගැනීමට ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යංශය ක්‍රියා කර ඇත. අනාවරණය වූ කරුණු අනුව සැකකරු තම නිවසේ සේවිකාවක් වශයෙන් කටයුතු කළ කාන්තාවක් මෙලෙස පිරිසක් ඉදිරියේ නිරුවත් කර වීඩියෝ කර වට්ස්ඇප් සමූහයක් ඔස්සේ සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබේ.  සැකකරු සිද්ධියෙන් පසුව පොලිසිය මඟහරිමින් ප්‍රසිද්ධ හෝටල් කිහිපයක නවාතැන් ගෙන ඇති බවද අනාවරණය වී ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යංශය විසින් සිදුකරයි.

Police News - SI

අන්තර්ජාල අපරාධවල ගොදුරක් නොවන්න

නාදුනන පුද්ගලයෙකු හෝ ආයතනයක් ආකාරයෙන් සමාජ මාධ්‍ය පණිවුඩයක් මගින් හෝ දුරකථන ඇමතුම් ලබා දෙමින් ඔබට රැකියා අවස්ථාවක් ලබා දෙන බැව පැවසුවොත්, ත්‍යාග දිනුම් ඇදී ඇති බව පැවැසුවොත්, අසත්‍ය චෝදනා ඉදිරිපත්කර නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට ගිණුමකට මුදල් බැර කරන මෙන් පැවසුවොත් මුදල් තැන්පත්කිරීමට ඉක්මන් නොවී සුපරීක්ෂාකාරීව සොයාබලන්න.  යම් හෙයකින් ඔබට මෙවන් රැවටීමකට ලක්ව මුදල් අහිමිකරගත් බව වැටහුනොත් පහත දුරකථන අංකයක් අමතා පැමිණිලි කරන්න.  නියෝජ්‍ය අධ්‍යක්‍ෂ / පරිඝණක අපරාධ විමර්ශන අංශය :- 011  2300638පුද්ගලික සහකාර / පරිඝණක අපරාධ විමර්ශන අංශය :- 011  2381375ස්ථානාධිපති / පරිඝණක අපරාධ විමර්ශන අංශය :- 011  2381058 අවස්ථානුකූලව විවිධ උපක්‍රම භාවිතා කරමින් පුද්ගලයින් සතු ගිණුම් අංක, මුරපද (OTP), හා QR කේත ආදී රහස්‍ය තොරතුරු ලබා ගෙන අත්තර්ජාල දිගු හා ස්කෑන් කේත ඔස්සේද මෙම වංචාවන් සිදු කරන බව දිවයිනේ විවිධ පොලිස් ස්ථානවෙත ලැබෙන පැමිණිලි අනුව නීරක්ෂණය වී තිබේ. ඇතැම් විට බැංකු සේවකයින් ලෙස පෙනී සිටිමින් ඔබට දුරකථන ඇමතුමක් ලබා දී බැංකු ගිණුම් පිළිබඳව තොරතුරු ලබා ගෙන එම ගිණුම් වෙත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් මුදල් තැන්පත් කර ඇති බව පවසා බිය ගන්වා මුදල් තැන්පත් කරවා ගනියි.  එවැනි සිදිධීන් ගණනාවක් පසුගිය දිනවල මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශය වෙතද,  පොලිස් නිලධාරින් ලෙස පවසා දුරකථන ඇමතුම් ලබාදී ගිණුම් විස්තර හා මුදල් ලබා ගැනීමට උත්සාහ කිරීම සම්බන්ධව පාදුක්ක පොලිස් ස්ථානය වෙත ද පැමිණිළි ලැබී ඇත. පහත ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කර ඔබට ලැබුනු ඇමතුම පිළිබඳව අනුගමනය කරන්න. *  official pages පරීක්ෂා කිරීම.*  දෙවනි පාර්ශවයට Bank details, NIC Number, login details, *  OTP, Password, PIN, Photos ලබා නොදීම.* සැකසහිත links පරිශීලනය නොකිරීම.* විශ්වසනීය / Verified ගිණුම් පමණක් භාවිතා කිරීම.* මුදල් තැන්පත් කිරීමට පෙර අනන්‍යතාවය සනාථ කර ගැනීම. මේ වනවිට මෙවැනි වංචා සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී ඇති මිරිහාන පොලිස් විශේෂ අපරාධ විමර්ශන අංශයේ දුරකථන අංකයන්ද පහතින් දක්වා ඇත. මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශය :- 011 – 2852556ස්ථානාධිපති / මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශය :- 075 – 3994214

Police News - SI

සැක සහිත කාර් රථයක් පරීක්ෂාවට ලක්කර මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 11 ක් සොයාගනියි

2026.01.14 වන දින උදෑසන කොළඹ දෙස සිට අධිවේගී මාර්ගයේ පැමිණි කාර් රථයක් අධිවේගී මාර්ග කොට්ඨාසයේ ගොඩගම අන්තර් හුවමාරු ඒ්කකයේ නිලධාරීන් විසින් පාලටුව පිටවීමේ දොරටුව අසලදී පරීක්ෂා කර අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 06 යි හෙරොයින් කිලෝග්‍රෑම් 05 ක ප්‍රමාණයක් සොයාගෙන තිබේ. කාර් රථය පරීක්ෂාවට නැවැ-ත්වීමේදී කාර් රථයේ රියැදුරු සහ එහි සිටි තවත් පුද්ගලයෙකු රථය නවතා පලායාමට උත්සාහ ගත්තද නිලධාරීන් ඔවුන්ව ලුහුබැඳ අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් දෙදෙනා අවුරුදු 20 හා 21 වයස්වල පසුවන මාතර නාවිමන හා කොටුවේගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.  අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත භාර දීමට නියමිතය.

Police News - SI

ගිනි අවියක් තහනම් කඩුවක් ඇතුලුව මත්ද්‍රවය සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට පත්වූ වැටලීම් ත්‍රිත්වයක්

පොලිස් විශේෂ කාර්ය බලකායේ කළුබෝවිල කඳවුරට අනුයුක්ත නිලධාරීන් කණ්ඩායමක් 2026.01.13 වන දින දහවල් කළුබෝවිල ප්‍රදේශයේ නිවසක් වටලා පරීක්ෂාවට ලක්කර විදේශයක නිෂ්පාදිත බෝර 12 පතරොම් යෙදිය හැකි ගිනි අවියක් සහ එක් පතරොමක් සොයාගෙන ඇත. එම අවස්ථාවේ නිවසේ රදී සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු වයස අවුරුදු 26 ක් වන එම නිවසෙහිම පදිංචිකරුවෙකු බව අනාවරණය කරගෙන තිබේ. වැටලීම සඳහා යුධ හමුදා බුද්ධි තොරතුරක් උපයෝගී වී ඇත. සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කොහුවල පොලිස් ස්ථානය භාරයේ පසුවේ.  …………………. ගෝනහේන කඳවුරේ සිට ක්‍රියාත්මක බස්නාහිර උතුර විශේෂ මෙහෙයුම් ඒ්කකය එදින වල්ලම්පිටිය මීතොටමුල්ල බස් ඩිපෝව ඉදිරිපිටදී පරීක්ෂාවට ලක්කළ පුද්ගලයෙකු සන්තකයේ මත්කරල් 6700 ක් තිබී අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු වයස අවුරුදු 18 ක් වන මීතොටමුල්ල ප්‍රදේශයේම පදිංචිකරුවෙකි. මත්කරල් ප්‍රවාහනයට භාවිතා කළ බවට සැකකරෙන ත්‍රී රෝද රථයක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර වැඩදුර විමර්ශන සඳහා සැකකරු වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. …………………. හෙරොයින් ග්‍රෑම් 27 මිලිග්‍රෑම් 200 ක්, යකඩ කඩු 01 ක්, තහනම් පිහි 01 ක් සමඟ එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනුනු වැටලීමක් පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුම් ඒ්කක 1 හි නිලධාරීන් එදින සවස කොළඹ 15 මට්ටක්කුලිය සමිත්පුර ප්‍රදේශයේ සිදුකර ඇත. අත්අඩංගුවට ගත් සැකකරු එම වැටලීම කළ නිවසෙහිම පදිංචි 27 හැවිරිදි අයෙකි.  වැඩිදුර විමර්ශන සඳහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.  

Notable Services - SI

මත්වෙන රියදුරන්ගෙන් මගී ජීවිත බේරන්න ජංගම රසායනාගාර

මත්ද්‍රව්‍ය භාවිතාකර රිය ධාවනයේ යෙදෙන රියදුරන්, රිය සහයකයන් හඳුනා ගැනීම සඳහා ජංගම රසායනාගාරයක් (Mobile Lab)  සේවයේ යෙදවීම 2026.01.21 වන දින කොළඹ බැස්ටියන් මාවතේ පිහිටි පුද්ගලික බස් නැවතුම්පළේදී නිල වශයෙන් ආරම්භ කෙරුනි. මෙම ජංගම රසායනාගාර සේවාව මගින් දැනට දින 14 ක් ඇතුලත භාවිතා කළ මත්ද්‍රව්‍ය වර්ග 4 ක් සම්බන්ධ වාර්තා විනාඩි කිහිපයක් ඇතුලත ලබාගත හැකිවන අතර මෙමගින් මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට තහවුරු වන රියදුරන් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කර අධිකරනය වෙත ඉදිරිපත් කිරීම, රියදුරු බලපත්‍ර අහෝසිකිරීම දක්වා ක්‍රියාමාර්ග ගෙන මගී ජීවිත ආරක්ෂා කිරීම අපේක්ෂාවයි.  අද දින (21) රථවාහන මූලස්ථානයේ නිලධාරීන් විසින් පරීක්ෂණය සඳහා යොමුකළ දුරගමන් හා කෙටිදුර බස් රථ රියදුරන් 59 දෙනෙකු අතරින් 10 දෙනෙකු මත්ද්‍රව්‍ය භාවිතාකළ රියදුරන් ලෙස හඳුනාගැනීමට හැකි වී ඇති අතර වාර්ථා අනුව ඉන් 08 දෙනෙකු භාවිතා කර ඇත්තේ ගංජා වන අතර දෙදෙනෙක් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බව අනාවරණය වී තිබේ. ජාතික ගමනා ගමන කොමිසම, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සහ ශ්‍රී ලංකා පොලීසිය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම පරීක්‍ෂණ ඉදිරියේදී සමස්ථ දිවයින ආවරණය වන පරිදි සිදුකිරීමට නියමිතය.   මෙම සමාරම්භක අවස්ථාවට ශ්‍රී ලංකා‌ පොලිසිය වෙනුවෙන් පොලිස් රථවාහන හා මාර්ග ආරක්‍ෂාව පිළිබඳ කොට්ඨාශයේ නියෝජ්‍ය පොලිස්පති ඩී.පී.ජේ සේනාධීර මහතා ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය වෙනුවෙන් එහි සභාපති මහාචාර්ය යු.සි.පි පෙරේරා, ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරන්ඩා මහතා, බැස්ටියන් මාවතේ බස්රථ රියදුරන්, රිය සහයකයින් සහභාගී විය.

Notable Services - SI

විපතට පත් දිළිඳු පවුල් අස්වැසුමට පොලිස් සේවා වනිතා ඒ්කකයේ මෙවර කිලිනොච්චියට

“දිට්වා” සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ස්වාභාවික විපත් හේතුවෙන් සෘජුව හා වත්‍රාකාරයෙන් පීඩාවට පත්වූ මෙරට දිළිඳු ජනතාවට ඔවුන්ගේ සාමාන්‍ය දෛනික ජීවිතය ගොඩනගාගැනීමට අවැසි උදව් උපකාර තවමත් ලබාදෙන්නෙමු. එලෙස සහය අවශ්‍ය ප්‍රදේශ හඳුනාගනිමින් හා ඔවුනට සරණක් වීම සඳහා පොලිස් සේවා වනිතා ඒකකය දීප ව්‍යාපත්ව ආරම්භ කළ වැඩසටන් මාලාවේ තවත් අදියරක් පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ හා එම මැතිණිය, පොලිස් සේවා වනිතා ඒකකය ඒ්කකයේ සභාපතිනී නීතිඥ නිල්මිණී නීටා සමරතුංග මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2026.01.17 වන කිලිනොච්චිය පොලිස් වසමේ කනකුම්බිකුලම් ග්‍රාමයේ අම්මාන් කෝවිලේදී  සාර්ථකව පැවැත්වුනි. වියලි ආහාර හා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහිත පාර්සල්  200 ක ප්‍රමාණයක් එහිදි බෙදාදීමට කටයුතු කෙරුනු අතර සාමූහික වශයෙන් ප්‍රදේශවාසීන්ගේ ගැටළු කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ හමුවේ ඉදිරිපත්කිරීමට අවස්ථාව උදාකෙරුණි. මෙම ද්‍රව්‍ය පරිත්‍යාගයන් සඳහා සියළු අනුග්‍රහයන් නිර්මාණ කාර්ගෝ පුද්ගලික ආයතනයේ අධිපති ප්‍රසන්න කුමාර මහතාගේ මූලිකත්වයෙන් ඩුබායි රාජ්‍යයේ සිටින අපේම ජනතාව පොලිස් සේවා වනිතා ඒ්කකය වෙත සහයෝගයට හා විශ්වාසය පළකරමින් ලබාදුන් දායකත්වයකි. කිලිනොච්චිය භාර දිසාපති සුබ්‍රමනියම් මුරලිදරන් මහතා, උතුර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බුද්ධික සිරිවර්ධන මහතා, කිලිනොච්චිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රසේන මහතා, කිලිනොච්චිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අංගම්මන මහතා ඇතුලු ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, පොලිස් සේවා වනිතා ඒ්කකයේ ස්ථානාධිපති කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක පද්මිණී ජයවීර මහත්මිය, නිර්මාණ කාර්ගෝ අධිපති ප්‍රසන්න කුමාර මහතා සහ එම මහත්මිය සහ පොලිස් සේවා වනිතා ඒ්කකයේ නිළධරයන් මෙම අවස්ථාවට සහයෝගය ලබාදෙමින් සහභාගී විය.

Special Events - SI

හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 296 ග්‍රෑම් 796 ක් රැගෙන මෙරටට පැමිණෙමින් තිබූ බෝට්ටු දෙකක් අත්අඩංගුවට

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන්ගේ සහය ඇතිව මත්ද්‍රව්‍ය රැගෙන මෙරටට පැමිණෙමින් තිබූ ධීවර යාත්‍රා දෙකක් 2026.01.23 වන දින දකුණු මුහුදු තීරයේදී සැකකරුවන් 11දෙනෙකු සමඟ අත්අඩංගුවට ගෙන 2026.01.25 වන දින උදෑසන දික්ඕවිට වරාය වෙත රැගෙන පැමිණියහ. සැකකරුවන් අවුරුදු 24 ත් 50 ත් අතර වයස්වල පසුවන අම්බලන්තොට, කොස්වත්ත හා බේරුවල ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. යාත්‍රා දෙකෙහි හෙරෝයින් කිලෝග්‍රෑම් 184 ග්‍රෑම් 528 හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 112 ග්‍රෑම් 268 ක් අඩංගු පාර්සල් 270 ක් තිබී‌ පොලිස් භාරයට ගෙන තිබේ.  සැකකරුවන් 11 දෙනා  2026.01.25 වන දින අළුත්කඩේ අංක 01 ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කර දින 07 ක රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතව ඇත.

Special Events - SI

රතු නිවේදන නිකුත් කර තිබූ සංවිධානාත්මක අපරාධකරුවෙකු ගුවන් මගින් දිවයිනට.

මහජන ආරක්ෂක අමාත්‍යවරයා සහ අමාත්‍යංශ ලේකම්තුමාගේ සම්බන්ධී කරණය හරහා පොලිස්පතිවරයා විසින් ඉන්දීය රජය, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හා ඉන්දීය ආරක්ෂක අංශ සමඟ කරනු ලැබූ ඍජු සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස රතු නිවේදන නිකුත් කර තිබූ විදෙස්ගතව සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු 2026.01.24 වන දින සවස ඉන්දියාවේ සිට ගුවන් මඟින් මෙරටට රැගෙන ඒමෙන් පසු කටුනායක ගුවන් තොටුපලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් භාරයට ගත්හ.  කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 34 හැවිරිදි වියේ පසුවන මෙම සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කෙසෙල්වත්ත පොලිස් ස්ථානය වෙත ඉදිරිපත්කිරීමට නියමිතය. සැකකරුට එරෙහිව පහත අපරාධ චෝදනා සම්බන්ධව ගරු අධිකරණයන්හි නඩු පවරා ඇත. • 2015 වර්ෂයේදී කෙසෙල්වත්ත පොලිස් වසමේදී තියුණු ආයුධයවලින් පහරදී මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම.• 2018 වර්ෂයේ කොටහේන පොලිස් වසමේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සඳහා ආධාර අනුබල දීම. • 2021 වර්ෂයේදී මට්ටක්කුලිය පොලිස් වසමේදී තියුණු ආයුධවලින් පහරදී මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම. • 2021 වර්ෂයේදී කොටහේන පොලිස් වසමේදී ජීව අත්බෝම්බයක් සන්තකයේ තබා ගැනීම.• කෙසෙල්වත්ත, වේල්ලවීදිය, බ්ලූමැන්ඩල් යන පොලිස් වසම්වලදී කොල්ලකෑම් සහ මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම. සැකකරු සම්බන්ධ ඉදිරි විමර්ශන කටයුතු නියෝජ්‍ය පොලිස්පති කොළඹ දිසාවගේ මෙහෙයවීම මත සිදුකරනු ලබයි.

Special Events - SI

Pick me, Uber හා වෘත්තීය ත්‍රී රෝද රථ හිමියන් අතර ඇතිවන ගැටුම් සම්බන්ධවද රටේ සාමාන්‍ය නීතිය ක්‍රියාත්මකයි

Pick me ආයතනයේ ලියාපදිංචි කුලී රථ රියදුරෙකු හා ඇල්ල ප්‍රදේශයේ ත්‍රී රෝද කුලී රථ රියදුරන්  අතර 2025 දෙසැම්බර් මාසයේ දිනයක ඇති වූ මත බේදයක් මුල් කර ගනිමින් දිවයිනේ බොහෝ ප්‍රදේශවල Pick me, Uber වැනි  ආයතන වලට අනුබද්ධ කුලී රථ රියදුරන්ට විරුද්ධව සාමාන්‍ය ත්‍රී රෝද කුලී රථකරුවන් උද්ඝෝෂණ පැවැත්විය. එම තත්වය ගැටුම් දක්වා දුර දිග ගොස් මහජන සාමය කඩවන අවස්ථාද වාර්තා වූ බැවින් පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ගැටූමේ දෙපාර්ශව නියෝජනය කරන ත්‍රී රෝද හිමියන්ගේ සංගමයේ ප්‍රධානීන් සහ Uber, Pick me ආයතනයන් වල ප්‍රධානීන් පොලිස් මූලස්ථානය වෙත කැඳවා සාකච්ඡා පැවැත්විය. එහිදී ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රමුඛතම මෙහෙවර මහජන සාමය ආරක්ෂාකිරීම බව පැහැදිලි කළ පොලිස්පතිතුමන් මැර බලය හෝ පහරදීම්, තර්ජනය කිරීම් පැමිණිලි පොලිස් ස්ථාන වෙත වාර්තා වීමේදී ආයතනික හා සංගම් වශයෙන් පවතින ගැටළු සැලකිල්ලට නොගෙන අපරාධමය වරදකට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පැහැදිළි කළේය.

Scroll to Top