Tharindu Withanage – Page 15 – ශ්‍රී ලංකා පොලිසිය

Author name: Tharindu Withanage

Special Events - SI

එළඹෙන 2026 නව වසරට අශිර්වාද පතා පොලිස් මූලස්ථානයේ සර්ව රාත්‍රී පිරිත් සජ්ඣායනාවක්

එළඹෙන 2026 නව වසර නිමිතිකර, ශ්‍රී ලංකා පොලිසිය යටතේ සේවයේ නියුතු නිලධරයන් වෙනුවෙන් මෙන්ම සමස්ථ මහජනතාව වන ඔබගේ යහපත ප්‍රාර්ථනා කරමින් 2025.12.30 වන දින පොලිස් මූලස්ථානයේදී සර්වරාත්‍රීක පිරිත් සජ්ඣායනාවක් පවත්වන ලදී. ලේක් හවුස් වටරවුම අසලින් ආරම්භ වූ, හස්තීන් දෙදෙනෙකුගෙන් හා පොලිස් සංස්කෘතික කොට්ඨාසයේ නිලධරයන්ගෙන් සැදුම්ලත් නර්තන කණ්ඩායම් සපිරි අලංකාර පෙරහැරක් පෙරදැරිව පූජනීය සදාතුක කරඩුන් වහන්සේ, පිරුවානා පොත් වහන්සේ සහ ගෞරවනීය ඇරයුම පිළිගෙන පිරිත් දේශනය සඳහා වැඩමවා වදාළ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ ප්‍රධාන සංඝරත්නය පිරිත් මණ්ඩපය වෙත වැඩම කරවීම සිදුවිය.  පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකා පොලිසිය බෞද්ධ සංගමයේ සංවිධානයෙන් මෙම සියලු කටයතු සිදු වූ අතර මෙම පුණ්‍යකර්මට ආරාධනාව පිළිගෙන ගරු මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතාගේ සහ මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් රවී සෙනෙවිරත්න මහතාගේ සහභාගීත්වය, පරිපාලනය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා ඇතුලුව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ මෙන්ම පොලිස් මූලස්ථානයේ රාජ්‍ය නිලධාරීන් ඇතුලු පාර්ශව රැසක සහයෝගය හිමිවිය.  “දිට්වා” සුලි කුණාටුව හේතුවෙන් ඇතිවූ ආපදා තත්වයන්ට ගොදුරුවී දිවි අහිමි වූ පොලිස් නිලධරයන් සිහිපත් කරමින් එම පවුල්වල සාමාජිකයින්ටද මෙම අවස්ථාව සඳහා සහභාගී වීමට අවශ්‍ය පහසුව පොලිස් මූලස්ථානය විසින් සලසා තිබුනි.

Notable Services - SI, Police News - SI

උත්සව සමයේ ජනතා පහසුව වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විශේෂ ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයක්

උත්සව සමය වෙනුවෙන් කොළඹ ගෝල්ෆේස් (Galle Face) සහ පෝට් සිටි (Port City) පරිශ්‍රයන් වෙත පැමිණෙන අති විශාල ජනකායකගේ ආරක්ෂාව සහ පහසුව තහවුරු කිරීමේ අරමුණින් විශේෂ මහජන උපකාරක මධ්‍යස්ථානයක් මේ වන විට ස්ථාපිත කර තිබේ. කොළඹ කොටුව, ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ස්ථාපිත මෙම මධ්‍යස්ථානය ශ්‍රී ලංකා පොලිසියේ මූලිකත්වයෙන් හා ත්‍රිවිධ හමුදාවේ පූර්ණ සහයෝගය ඇතිව ක්‍රියාත්මක වේ. පැය 24 පුරාම ක්‍රියාත්මක මෙම මධ්‍යස්ථානය හරහා මහජනතාවට අවශ්‍ය ආරක්ෂක සහාය ලබාගත හැකි අතර, ඊට අමතරව පිරිසිදු පානීය ජල පහසුකම් සහ හදිසි අවස්ථාවකදී අවශ්‍ය වන මූලික වෛද්‍ය පහසුකම්ද මෙහිදී සපයා තිබීම විශේෂත්වයකි. ඕනෑම හදිසි අවස්ථාවකදී මෙම මධ්‍යස්ථානය වෙත පැමිණ හෝ පහත දුරකථන අංක ඇමතීමෙන් සහාය ලබා ගත හැක: මධ්‍යස්ථාන ක්ෂණික ඇමතුම් අංකය: 071-859 5880ස්ථානාධිපති – කොටුව පොලිසිය: 071-859 1560 ජනතාවට බියකින් හෝ සැකයකින් තොරව උත්සව සමය විනෝදයෙන් ගත කිරීමට අවශ්‍ය පසුබිම සකසා දීම මෙම වැඩපිළිවෙලේ මූලික අරමුණයි.

Notable Services - SI, Police News - SI

2026 නව වසර නිමිත්තෙන් කොළඹ ගාලු මුවදොර අවට රථවාහන සැලැස්ම

2025.12.31 වන දින සවස 2026 නව වසර උදාව සැමරීම උදෙසා ගාලු මුවදොර ආශ්‍රිත කොළඹ නගරය වෙත විශාල ජනතාවක් සහ රථවාහන ප්‍රමාණයක් පැමිණීම අපේක්ෂා කරන බැවින්, ඇතිවිය හැකි රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා මෙන්ම ජනතාවගේ ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් විශේෂ රථවාහන සැලැස්මක් හා ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. විශේෂයෙන්ම කොළඹ නගරයේ කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤවීදිය, මරදාන, කොල්ලුපිටිය, බම්බලපිටිය හා කුරුඳුවත්ත යන පොලිස් වසම් වල අධික රථවාහන තදබදය මඟහැරවීම මින් අපේක්ෂා  කරයි.

Notable Services - SI

වයස අවුරුදු 12-16 ත් අතර ටෙනිස් ක්‍රීඩකයින් අගයන වාර්ෂිකව තරඟවාලිය මෙවරත් සාර්ථකව අවසන්

ශ්‍රී ලංකා ටෙනිස් සංගමයට අනුබද්ධව ශ්‍රී ලංකා පොලිස් ටෙනිස් සංගමය වාර්ෂිකව පවත්වන 2025 – Sri Lanka Police Ranking Tournament  තරඟාවලිය 2025.12.19,20,21 යන තෙදින කොළඹ පොලිස් ටෙනිස් ක්‍රීඩා පිටියේදී පැවැත්වුනි. දිවයිනේ සියලු පළාත් නියෝජනය කරමින් වයස අවුරුදු 12-16 ත් අතර ළමුන්ට ඒ් සඳහා සහභාගීවීමේ අවස්ථාව සලසා තිබූ අතර පිරිමි හා කාන්තා වශයෙන් තරඟ ඉසව් පැවැත්වුනි. 07 වන වරට පැවැත්වුනු මෙවර තරඟාවලියේ දක්ෂතාවයන් අනුව  වයස අවුරුදු 12 න් පහළ ශූරයා වූයේ මතීෂ ෆ්රනෑන්ඩෝ ක්‍රීඩකයායි. සේතිය සිල්වා අනුශූරතාවයට හිමිකම් කියන ලදී. වයස අවුරුදු 12 පහළ ගැහැණු ශූරතාවය සෙනුලි තිමන්සා වික්‍රමරත්න දිනාගත් අතර එම වයස් කණ්ඩායේ අනුශූරිය නදුලි කුරකුලසූරියයි. වයස අවුරුදු 16 න් පහළ පිරිමි ශූරතාවය යොනාල් දන්කුඹුර ක්‍රීඩකයා සතු විය. අනුශූරතාවය අකේන් මනෝහරන් ක්‍රීඩකයා හිමිකරගත්තේය. වයස අවුරුදු 16 න් පහළ ගැහැණු ශූරතාවය යොනෙලි සේනාධීර ක්‍රීඩිකාව දිනාගන්නා ලදී.

Notable Services - SI

ත්‍රීකුණාමලය කොට්ඨාසයේ දරුදැරියන්ට පොත් පත් බෙදාදීමේ වැඩසටහනක්

අධ්‍යාපනය ලැබීම සඳහා උපකාර අවශ්‍ය ත්‍රීකුණාමලය පොලිස් කොට්ඨාසයේ දරු දැරියන් හඳුනාගෙන, අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීම වෙනුවෙන් පොත්පත් බෙදාදීම සඳහා පොලිස් සේවා වනිතා ඒ්කකය සංවිධානය කළ  වැඩසටහනක් 2025.12.24 වන දින ත්‍රීකුණාමලය කොට්ඨාස භාර නිලධාරී කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වුනි. පොලිස් සේවා වනිතා ඒ්කකයේ ගරු සභාපතිනී නිල්මිණි නිටා සමරතුංග මැතිනිය විසින් ප්‍රධානත්වය ගෙන සංවිධානය කරනුලබන ප්‍රජා සත්කාර වැඩසටහන් මාලාවේ තවත් එක්  අදියරක් ලෙස පැවැත්වුනු එම අවස්ථාවේදී පොත් කට්ටල 1000ක් දරු දැරියන් අතර බෙදාදීම සිදුවිය. මෙම ප්‍රධානයන් සඳහා පූර්ණ අනුග්‍රහය වාද්දුව සමුද්‍රාරාම විහාරස්ථනයේ විහාරස්ථානාධිපති පුජ්‍ය ගම්මන විජය ධම්ම හිමියන් ප්‍රමුඛ තරුණ කැළ විසින් ලබාදී ඇති අතර උන්වහන්සේගේද සහභාගීත්වයෙන්, නැගෙනහිර පළාත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර, නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක, ත්‍රිකුණාමලය කොට්ඨාසභාර නිලධාරි චන්ද්‍රපාල යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුලු ලමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපති කාන්තා ප්‍රධාන පොලිස් පරිකෂක  නිමාලි ෆොන්සේකා, සේවා වනිතා ස්ථානාධිපති පද්මිනි ජයවිර යන මහත්මීන්ගේ සහභාගීත්වයෙන් වැඩසටහන සාර්ථකව පවත්වා ඇත.

Notable Services - SI

Gov pay මගින් රථවාහන දඩ ගෙවීමේ පහසුව අම්පාර කොට්ඨාසයට

ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය, ICTA ආයතනය සහ Lanka pay ආයතනය එක්ව එළිදැක්වූ Gov pay මාර්ගගත ගෙවීමේ ක්‍රමය ඔස්සේ රථ වාහන දඩ මුදල් ගෙවීමේ පහසුකම නැගෙනහිර පළාතට ලබාදෙමින් සමාරම්භක වැඩසටහන 2025.12.23 වන දින අම්පාර මූලස්ථාන පොලිසියේ ප්‍රධාන ශ්‍රවනාගාරයේදී පැවැත්වුනි. Gov Pay භාවිතාකිරීම සඳහා අවශ්‍ය උපදෙස්,දැනුම සහ පුහුණුව වැඩසටහනට‌ ප්‍රධානත්වය ගෙන එක්වූ රථවාහන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා මෙන්ම ICTA ආයතනය නියෝජනය කරමින් එක්වූ ව්‍යාපෘති කළමණාකාර උදාරි විතානගේ මහත්මිය, තාක්ෂණික අංශයේ ඉනුක මායාකඩුව මහතා සහ ලංකා ගෙවීම් (Lanka Pay) ආයතනය නියෝජනය කරමින් එක්වූ සහකාර කළමණාකාර මිගාර සිල්වා මහතා විසින් අම්පාර කොට්ඨාසයේ පොලිස් නිලධාරීන්ට ලබාදෙන ලදී. වැඩසටහන අතරතුර මාර්ගගත (Online) දඩ ගෙවීමේ ක්‍රමය භාවිතා කිරීම සඳහා සංකේතාත්මකව නවීන ජංගම දුරකථන කිහිපයක් නිලධාරීන් වෙත ලබාදීමද සිදුකෙරුණි. අම්පාර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පී.බී.කස්තුරිආරච්චි මහතා,අම්පාර දිස්ත්‍රීක් I සහකාර පොලිස් අධිකාරි එච්.බී.ජී.සම්පත් කුමාර වික්‍රමආරච්ච මහතා සහ කොට්ඨාසයේ පොලිස් ස්ථානාධිපතිවරුන්, තොරතුරු තාක්ෂණ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍ර.පො.ප.ලක්මාල් මහතා ඇතුලුව රථ වාහන අංශවල නිලධාරින් මෙම අවස්ථාව සඳහා සහභාගී විය. මේ අනුව ඉදිරි කාලය තුල ඔබට අම්පාර දිස්ත්‍රික්කය තුල Gov pay මගින් රථ වාහන දඩ මුදල් ගෙවීම සිදුකළ හැකි වනු අතර දඩ පත්‍රිකාව ලබාදෙන පොලිස් නිලධාරියාගෙන් ඒ් සඳහා උපදෙස් ඉල්ලා සිටි හැකිය. දඩ මුදල Online (මාර්ගගතව) ගෙවූ පසු එම අවස්ථාවේදීම ඔබේ රියදුරු බලපත්‍රය ලබාගත හැකිය. අවශ්‍යනම් පසුව අවස්ථාවක ගෙවීම සඳහා https://govpay.lk/si/spot-fine උපදෙස් පරිශීලනය කරමින් කටයුතු කළ හැකි බව දැනුම්දෙන්නෙමු.

Wanted - SI

ලෝස් පටබැඳිගේ සඳුන් ටෙලාන්

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාලව පහත ඡායාරූපයේ දැක්වෙන පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව ඇත.   මේ වන විට මොහු පොලිසිය මගහරිමින්  සිටින අතර අත්අඩංගුවට ගැනීම සඳහා සහය වන යම් තොරතුරක් ඔබ දන්නේ නම් නොපමාව දැනුම් දෙන්න.   සැකකරුගේ විස්තර – නම – ලෝස් පටබැඳිගේ සඳුන් ටෙලාන්ලිපිනය – මාහේන, කපුගම බටහිර,දෙවිනුවර තොරතුරක් දනුම් දිය යුතු දුරකතන අංක –  * අධ්‍යක්ෂ/ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය – 071 – 8591876  

Notable Services - SI

2025 නත්තල් උත්සවය නිමිත්තෙන් කොළඹ නගරය, ගාලු මුවදොර ආශ්‍රිතව ක්‍රියාත්මක කරනු ලබන රථවාහන සැලැස්ම

2025 නත්තල් උත්සවයට සමගාමීව කොළඹ නගරය ආශ්‍රිතව පවත්වන සැමරුම් උත්සව, සැරසිලි අසිරිය නැරඹීම සඳහා 2025.12.24 දින විශාල ජනතාවක් සහ රථවාහන ප්‍රමාණයක් කොළඹ නගරය වෙත, ගාලු මුවදොර ප්‍රදේශය වෙත පැමිණෙනු ඇත.  එම ජනතාවගෙන් කොළඹ නගරයේ කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤවීදිය මරදාන, කොල්ලුපිටිය,බම්බලපිටිය,කුරුඳුවත්ත යන පොලිස් වසම් තුළ එදින අධික රථවාහන තදබදයක් ඇතිවිය හැකි බැවින් අධික තදබදයක් ඇතිවන අවස්ථා වලදි පමණක් අවස්ථානුකූලව පහත පරිදි රථවාහන ගමනාගමනය සිදු කිරීමට සැලසුම් කර ඇත. * ගාලු මැද පාර ඔස්සේ කොළඹින් පිටවීම – එන් එස් ඒ වටරවුම,ගාලු මැද පාර, බාලදක්ෂ මාවත හන්දියෙන් වමට (එම්ඕඩී හන්දිය) බාලදක්ෂ මාවත,අලියානාන වටරවුම, මාකන් මාකර් මාවත, ගාලු මුවදොර වටරවුම ඔස්සේ කොල්ලුපිටිය දෙසට ගමන් කිරීම. * ගාලු මැද පාර,ගාලුමුවදොර වටරවුම සිට කොළඹට ඇතුළු වන රථවාහන බාලදක්ෂ මාවත හන්දිය දක්වා සහ ඉන් ඉදිරියට ගමන් කිරීම. * ගාලු මුවදොර වටරවුමේ සිට මාකන් මාකර් මාවත ඔස්සේ අලියානාන වටරවුම දෙසට හෝ අලියානාන වටරවුම දෙස සිට බාලක්ෂ මාවත ඔස්සේ ගාලු මැද පාරට ගමන් කල නොහැක. * බාලදක්ෂ මාවතේ අතුරු මාර්ග වලින් පැමිණෙන සියලු වාහන දකුණට හරවා අලියානාන වටරවුම ඔස්සේ කොළඹින් පිටවිය හැකි අතර ගාලු මැද පාරට අතුරු මාර්ග වලින් ඇතුළු වන සියලුම වාහන දකුණට හරවා එන්එස්ඒ වටරවුම දෙසට ගමන් කිරීම. ඉහත රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කිරීමේදි කොළඹ නගරයේ පදිකවේදිකා මත සහ ප්‍රධාන මාර්ගයන් අවහිර වන ලෙස කිසිදු රථවාහනයක් නවතා තැබීමට ඉඩ ලබා නොදෙන අතර එවැනි ආකාරයට රථවාහන නීති උල්ලංඝණය කරනු ලබන රියදුරන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ලැබේ.  කොළඹ නගරයට පැමිණෙන රථවාහන පහත සඳහන් රථගාල් වල ගාල් කර තැබීමේ පහසුකම් සලසා ඇති බවද වැඩිදුරටත් සඳහන් කර ඇත * පහත සඳහන් නිදහස් රථගාල් හා මාර්ග දෙපස මුදල් අයකර ගැනීමකින් තොරව රථවාහන අවහිරතා ඇති නොවන පරිදි ගාල්කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇත. * කොටුව පොලිස් වසමේ බාලක්ෂ මාවත – එම්ඕඩී රථගාල (බේරේවැව දෙසට)  * කොල්ලුපිටිය/බම්බලපිටිය/වැල්ලවත්ත මුහුදුබඩ මාර්ග  * කොටුව හා මරදාන පොලිස් වසම් වල ඩීආර් විජේවර්ධන මාවත * කොම්පඥ්ඤවීදිය පොලිස් වසමේ පාසන්ට් පාර පිටවීමේ තීරුව පමණක්  * ගාලු පාර වැල්ලවත්ත සැවෝයි අසල සිට ගාලු පාර බගතලේ පාර හන්දිය දක්වා රථනැවතුම් ස්ථාන වල (Parking Bays)පමණක්  * කුරුඳුවත්ත පොලිස් වසමේ ආනන්ද කුමාරස්වාමි මාවත නෙළුම් පොකුණ වටරවුමේ සිට පුස්තකාල වටරවුම දෙසට ඇතුළු වීමේ තිරුව (වම්පස) * කුරුඳුවත්ත පොලිස් වසමේ එෆ් ආර් සේනානායක මාවත * කුරුඳුවත්ත පොලිස් වසමේ රීඩ් මාවත රීඩ් රාජකාරී හන්දියේ සිට රීඩ් මාවත රීඩ් තර්ස්ටන් හන්දිය දක්වා මාර්ගයේ දකුණු පස  * කුරුඳු වත්ත පොලිස් වසමේ නිදහස් මාවත නිදහස් වටරවුමේ සිට නිදහස් චතුරස්‍රය දක්වා මාර්ගයේ දකුණු පස  * කුරුඳුවත්ත පොලිස් වසමේ මෙට්ලන්ඩ් පෙදෙස  * කුරුඳුවත්ත පොලිස් වසමේ පදනම් ආයතන පාර  • පහත සඳහන් රථගාල් සහ මුදල් අයකිරීමේ පදනම මත රථගාල් කිරීම සඳහා අවස්ථාව සලසා ඇත. * පිටකොටුව පොලිස් වසමේ බැස්ටියන් මාවත පරණ මැනිං වෙළඳ සංකිර්ණ රථගාල * කොටුව පොලිස් වසමේ විමලධර්ම සූරිය ඔර්ලෝසු කණුව අසල රථගාල * කොටුව පොලිස් වසමේ රාසික් ෆරීඩ් මාවත හේමාස් රථගාල  * ඩීආර් විජේවර්ධන මාවත ලේක් හවුස් රථගාල * කොටුව පොලිස් වසමේ ලේඩ්න් බැස්ටියන් මාවත  * කොටුව පොලිස් වසමේ බ්‍රිස්ටල් වීදීය * කොටුව පොලිස් වසමේ ඩියුක් වීදිය * කොම්පඤ්ඤ්වීදිය පොලිස් වසමේ යුනියන් පෙදෙස ඩෝසන් වීදිය  හන්දිය ඇක්සර් ටවර් රථගාල * මරදාන පොලිස් වසමේ ගාමිණි වටරවුම (St’ Clement)    

Police News - SI

ගල්නෑව ප්‍රදේශයේ නිවසකින් කෝටි ගණනක දේපළ හා මුදල් කොල්ලකා පළා ගිය කල්ලිය අත්අඩංගුවේ

කොල්ලකරුවන් පිරිසක් 2025.12.07 වන දින රාත්‍රියේ ගල්නෑව පොලිස් වසමේ බුල්නෑව ප්‍රදේශයේ නිවසකට අයුතු ලෙස ඇතුල් වී ව්‍යාපාරික කටයුතුවල නියැලෙන එම නිවසේ සැමියා සහ බිරිඳට මරණ බිය ගෙන දෙමින් තර්ජනය කර මුදලින් රුපියල් කෝටි දෙකක පමණ මුදලක්, රන් භාණ්ඩ, රුපියල් පන්කෝටි හැත්තැදෙලක්ෂ හැට අටදහාක් (57,268,000/-) පමණ වටිනා ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් කොල්ලකා පළා ගියහ. විමර්ශන සිදුකළ ගල්නෑව පොලිස් ස්ථානයේ නිලධාරීන් 2025.12.14 වන දින සැකකරුවන් සය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. කුරුණෑගල, මාතවතගම හා විල්ගමුව ප්‍රදේශවලදී හෙරොයින්  ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 300 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 250 ක්, අපරාධයට යොදාගත් අත්වැසුම් ජෝඩු 04 ක්, උල් පිහි 04 ක්, අපරාධයට යොදා ගත් යතුරුපැදියක්, වෑන් රථයක් හා ලොරි රථයක ඔවුන සමඟ  අත්අඩංගුවට ගෙන ඇති අතර කොල්ලකන ලද මුදලින් රුපියල් පනස්නමලක්ෂ තිස්නමදාහක (5,939,000/-) මුදලක් හා කොල්ලකන ලද මුදල් වලින් උපයාගන්නා ලද දේපළ රැසක් විමර්ශන නිලධාරීන් භාරයට ගෙන ඇත. කොල්ලකන ලද ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථය මීගලෑව ප්‍රදේශයේ දමා ගොස් තිබියදී සොයාගෙන ඇත. අවුරුදු 34, 36, 38, 40, 43 හා 48 වයස්වල පසුවන කුරුණෑගල, නුගගොල්ල, මාවතගම, මැල්සිරිපුර හා මහනුවර ප්‍රදේශවල පදිංචිකරුවන් ලෙස හඳුනාගෙන ඇති සැකකරුවන් සය දෙනා 2025.12.15 වන දින කැකිරාව ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර වැඩිදුර විමර්ශන සඳහා 2025.12.18 වන දින දක්වා රැඳවුම් නියෝග ලබාගෙන ඇත. ගල්නෑව පොලිසිය සැකකරුවන් හා අපරාධය සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදුකරයි.

Police News - SI

කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 21 ග්‍රෑම් 668 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ගුවන් තොටුපල ඒ්කකයේ නිලධාරීන් කණ්ඩායමක් 2025.12.14 දින සවස වත්තල පොලිස් වසමේ කොන්වන්ට් පාර ප්‍රදේශයේදී සිදුකල වැටලීමකින් කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 21 ග්‍රෑම් 668 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. වයස අවුරුදු 34 ක් වන කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු සම්බන්ධව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශව විමර්ශන ආරම්භකර ඇත.

Scroll to Top