Tharindu Withanage – Page 16 – ශ්‍රී ලංකා පොලිසිය

Author name: Tharindu Withanage

Police News - SI

ටි-56 ගිනි අවියක්, පතරොම් 45 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් ඇල්පිටිය කොට්ඨාසයේ බටපොල සාදමුල්ල ප්‍රදේශයේදී මැගසින් දෙකක් සමඟ ටී-56 ගිනි අවියක්, එම පතරොම් 45 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. නැගෙනහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා වෙත ලැබුණු තොරතුරක් අනුව  2025.12.14  දින අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර සැකකරු සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ සමීපතමයෙකු බවත් ගිනි අවිය මනුෂ්‍ය ඝාතන කිහිපයක් සිදුකිරීම සඳහා යොදාගැනීමේ සූදානමින් තබාගෙන ඇති බවත් මූලික විමර්ශන මගින් අනාරවණය කර ඇත. වයස අවුරුදු 64 ක් වන නාමල් සෙවණ, සාදමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු මේ වන විට බටපොල පොලිස් ස්ථානය භාරයට පත්කර ඇත.  වැඩිදුර විමර්ශන ක්‍රියත්මකයි.

Police News - SI

අනාරක්ෂිත දරුවන් සිටීනම් රැකවරණය සැලසීමේ අරමුණින් ඔවුන්ගේ තොරතුරු නාදුනන පුද්ගලයින්ට දෙන්න එපා

දිවයිනට බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇතිවුනු අපාදාවන්ට ලක්ව දෙමව්පියන් මිය ගොස් අනාරක්ෂිත භාවයට පත්ව ජීවත්වන දරුවන් පිළිබඳව තොරතුරු ලබාදෙන මෙන් ඉල්ලමින් සමාජ මාධ්‍ය තුල පණිවිඩ සංසරණය වන අයුරු නිරීක්ෂණය වේ. මෙහි භයානක පැතිකඩ නම්, යටි අරමුනක් හිතැතිව සහන සපයන මුවාවෙන් ඉදිරිපත් වන පුද්ගලයෙකුගේ  අපයෝජනයට දරුවෙකු ලක්වීමේ හැකියාව පවතී. ළමුන් භාරගෙන මෙහෙකාර සේවයේ යෙදවීම, කෘරත්වයට පත් කිරීම, නීති විරෝධී කටයුතු සඳහා යෙදවීම සිදුවිය හැකියි. සත්භාවයෙන් දරුවෙකු නිසි භාරකාරත්වයට ගෙන සුරක්ෂිතව පෝෂණය කරමින් හදා වඩා ගැනීමේ අවශ්‍යතාවය යම් අයෙකුට තිබේද, ඔහු හෝ ඇය ශ්‍රී ලංකාවේ බලපැවැත්වෙන සාමාන්‍ය පොදු නීතිය අනුව ගරු දිසා අධිකරණයේ නඩු කටයුත්තක් ආරම්භ කිරීමෙන් එය ඉටුකර ගැනීමේ හැකියාව පවතී. අනාරක්ෂිත වූ, අසරණභාවයට පත්වූ දරුවෙකු සම්බන්ධව තොරතුරු ලබාදීමට මෙන්ම ලබාගැනීමට ජාතික ළමා අරක්ෂක අධිකාරිය හෝ පොලිසියේ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යංශය පමණක් දැනුවත්කරන මෙන් ඉල්ලා සිටින්නෙමු. එමෙන්ම සමාජ මාධ්‍යයේ දුරකථන අංක පළ කරන නොහදුනන තැනැත්තන් වෙත දරුවන් සිටින ස්ථාන හෝ තොරතුරු ලබාදීමෙන් වැළකී සිටින ලෙස ඉල්ලා සිටින්නෙමු.

Wanted - SI

දැනුම් දෙන්න

2025.11.24 දින රාත්‍රියේ මහව පොලිස් වසමේ සිදුවූ වෙළඳසැල් බිඳ දේපල සොරකම් කිරීමේ අපරාධ සිද්ධීන් 4 ක් සම්බන්ධයෙන් පහත ඡායාරූපයේ දැක්වෙන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකයි. දේපළ සොරගන්නා ලද ආකාරය දැක්වෙන CCTV දර්ශන මගින් මෙම ඡායාරූපය උපුටාගෙන ඇති අතර සැකකරුගේ ස්වරූපය හොඳින් නිරීක්ෂණය කර අත්අඩංගුවට ගැනීම සඳහා සහය විය හැකි යම් තොරතුරක් දන්නේ නම් නොපමාව නිකවැරටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය දැනුවත් කරන්න. නිකවැරටිය කොට්ඨාසය අපරාධ විමර්ශන අංශය – 037 2260008ස්ථානාධිපති, කොට්ඨාස අපරාධ විමර්ශන අංශය – 071 8596411

Special Events - SI

විපතට පත්වූ පොලිස් පවුල්වල දුවා දරුවන්ට සෙනෙහසින් –

“දිට්වා” සුළි කුනාටුවත් සමඟ බලපෑ අයපත් කාළගුණය හේතුවෙන් දිවයිනේ හානියට පත්වූ නිවෙස් ගණන සුළුපටු නොවේ. වාර්තා වූ සංඛයාලේඛන හා දත්ත අනුව පූර්ණ වශයෙන් හා අර්ධ වශයෙන් පොලිස් නිලධාරීන්ගේ නිවෙස් 751 ක් පමණ හානියට ලක් වී ඇති අතර අධ්‍යාපනය හඳාරන පොලිස් නිලධාරීන්ගේ දරුවන් 1285 දෙනෙකුට ඉන් සෘජු බලපෑමට ලක්වී පොත් පත් යනාදිය අහිමිවී ඇත. එම සියළු දුවා දරුවන්ගේ මානසික මට්ටම යහපත් තත්වයට ගෙන ඒම, දේපළ හානියට පත්වී අගතියට පත් වී සිටින පොලිස් පවුල් නැවත නඟා සිටුවීම අරමුණුකරගනිමින් පොලිස් සේවා වනිතා ඒ්කකයේ මූලිකත්වය ගෙන ආරම්භකළ වැඩසටහනක සමාරම්භක අවස්ථාව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් 2025.12.19 වන අද දින උදෑසන පොලිස් මූලස්ථානයේ ප්‍රජා පොලිස් හා පරිසර ආරක්ෂණ දිසාව කාර්යාලයේදී පැවැත්වුනි. පොලිස් සේවා වනිතා ඒකකයයේ ගරු සභාපතිණි නීතිඥ නිල්මිීණි නීටා සමරතුංග මැතිණියගේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා රතු කුරුස සංගමයේ මූල්‍ය කොමිසමේ සභාපති අරුණ කුමාර ලේඛම් මහතාගේ සම්බන්ධීකරණය යටතේ Prime Lands (Pvt) Ltd ආයතනයේ පූර්ණ අනුග්‍රහය මේ සඳහා හිමිව ඇත.   වැඩසටහන යටතේ රුපියල් මිලියන 10 ක පමණ මුදල් ප්‍රමාණකින් දිවයින පුරා පොලිස් ස්ථානයන්හි විපතට පත්වූ නිලධාරීන්ගේ සෑම දුවා දරුවෙකුටම පොත්පත් ලිපි ද්‍රව්‍ය බෙදාදීම සිදුකෙරේ.  සමාරම්භක උත්සව අවස්ථාව සඳහා පොලිස්පතිතුමා සමඟ එම මැතිණිය, පරිපාලන දිසාව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත, සහයක සේවා දිසාව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රාජිත ශ්‍රී දමින්ද, Prime Lands (Pvt) Ltd ආයතනයේ සභාපති ප්‍රේමලාල් භ්‍රාහ්මණගේ, Prime Lands  ආයතනයේ සම සභාපතිනී සඳමිණි පෙරේරා මහත්මිය, , පොලිස් මූලස්ථානය නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා, කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා, පරිසර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් රාජපක්ෂ මහතා, පොලිස් සේවා වනිතා ඒ්කකයේ ප්‍රජා කමිටු සභාපතිනී සන්දීපා සෙව්මිනී, පොලිස් සුභ සාධක කොට්ඨාසයේ අධ්‍යක්ෂ  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩුල වීරසිංහ.  ඇතුලු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරී මහත්ම මහත්මීන් රැසකගේ සහභාගීත්වය හිමිව තිබූ අතර සංකේතාත්මකව පොත්පත් ලිපිද්‍රව්‍ය ලබාගනිමින් පොලිස් නිලධාරීන්ගේ දරුදැරියන් පිරිසක් සහභාගී විය.  

Notable Services - SI

ක්ෂණික ප්‍රතිචාර අවශ්‍යම වන හදිසි අවස්ථාවක 119 හදිසි ඇමතුම් අංකය අමතන්න.අවභාවිතා නොකරන්න

119 ක්ෂණික දුරකථන ඇමතුම් සේවාව වෙත වාර්තා වන ඇමතුම් පිළිබඳව විශ්ලේෂනයේදී පොලිසිය ක්ෂණිකව ක්‍රියාත්මක වීමට අවශ්‍ය පැමිණිලි වලට අමතරව අසත්‍ය පැමිණිලි හා වෙනත් සේවාවන් ලබාගැනීම සඳහා යොමු කළ යුතු පැමිණිලි ලැබී ඇති බව නිරීක්ෂණය වේ.  119 සේවාව සඳහා ඇමතුමක් ලබාගැනීමට අත්‍යවශ්‍ය වන අයකුට හදිසි අවස්ථාවක පොලිස් 119 හදිසි ඇමතුම් මධ්‍යස්ථානය හා සම්බන්ධ වීමට තිබෙන හැකියාව එවැනි අසත්‍ය පැමිණිලි ලැබීම අතරතුර අහිමිවන බැවින් අත්‍යවශ්‍ය හදිසි පැමිණිල්ලකට ක්‍රියාත්මක වීමේ හැකියාව නොලැබෙනු ඇත. එවැනි ව්‍යාජ තොරතුරු ලබා දෙන පුද්ගලයන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන අතර, රජයේ සේවකයෙකු වෙත දැනුවත්ව අසත්‍ය තොරතුරු සැපයීම ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේද දඩුවම් ලැබිය හැකි වරදකි.  එබැවින් 119 සහය සෘජුවම අවශ්‍ය නොවන අවස්ථාවක එම සහය ඉල්ලා සිටිය හැකි, අදාළ වෙන වෙනත් ආයතන හා සම්බන්ධ වීමට පහත සඳහන් කෙටි දුරකථන අංක භාවිතා කරන්න.  119 කෙටි දුරකථන අංකය අවභාවිතා නොකරන්න. * Police Emergency   Service – 119 * Ministry Of Child Development and Women’s Affairs (Women Help Line)  – 1938 *  Ministry Of Child Development and Women’s Affairs ( Child Help Line) – 1929 *  Fire and Rescue Service – 110 *  National Transport Commission – 1955 *  Drug Organized  Crime Issues Emergency Notification unit  – 1997 *  The  Bureau  for the Prevention and Investigation of Abuse of Children and women – 109 *  Emergency Call Center ( Tamil Medium )  – 107 * Commission to Investigate Allegations of Bribery or Corruption  – 1954 * Expressway Emergency  – 1969 * Department of Immigration and Emigration – 1962 * National Dangerous Drug Control Board – 1984 * Sri Lanka Bureau Of  foreign Employment  –  1989 * National Help Desk ( Ministry of Defance) – 118 * Disaster Management Call Center  – 117 * Sri Lanka Tourism  – 1912 * Government Information Center – 1919 press conference (Click here)

Notable Services - SI

රථවාහන වැරදි සඳහා දඩ මුදල් ගෙවීමට ‘GovPay’ පද්ධතිය බදුල්ල සහ බණ්ඩාරවෙලට

ශ්‍රී ලංකා පොලිසියේ ඩිජිටල්කරණ ක්‍රියාවලියේ තවත් එක් පියවරක් ලෙස, රථවාහන වැරදි සඳහා වන දඩ මුදල් එම ස්ථානයේදීම ගෙවීමට පහසුකම් සලසන ‘GovPay’ වැඩසටහන ඌව පළාතේ බදුල්ල සහ බණ්ඩාරවෙල පොලිස් කොට්ඨාස සඳහා හඳුන්වා දීම අද (2025 දෙසැම්බර් 18) දින සිදු කෙරිණි. බණ්ඩාරවෙල ‘Kanmark’ හෝටල් පරිශ්‍රයේදී පෙරවරු 10.00 සිට පස්වරු 1.00 දක්වා පැවැත්වුණු මෙම සමාරම්භක උත්සවයේදී, රථවාහන රාජකාරි කටයුතු කාර්යක්ෂම කිරීම වෙනුවෙන් අවශ්‍ය නවීන තාක්ෂණික උපාංග සහ ජංගම දුරකථන කොට්ඨාස මට්ටමින් බෙදා දීම සිදු විය. පිරිනැමූ ස්මාර්ට් දුරකථන ප්‍රමාණය • බණ්ඩාරවෙල කොට්ඨාසය සඳහා ජංගම දුරකථන 82 ක්. • බදුල්ල කොට්ඨාසය සඳහා ජංගම දුරකථන 90 ක්. මෙම අවස්ථාවට මොනරාගල දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා, රථවාහන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා, බදුල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.ඩබ්ලිව්.ආර්. ජගත් රෝහණ මහතා. බණ්ඩාරවෙල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් අමරසිංහ මහතා. ඇතුළු  පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම තාක්ෂණික අංශ නියෝජනය කරමින් නිලධාරීන් රැසක් සහභාගී වූහ. මීට අමතරව ICTA ආයතනය වෙනුවෙන් ව්‍යාපෘති කළමණාකාර උදාරි විතානගේ මහත්මිය සහ තාක්ෂණික අංශයේ ඉනුක මායාකඩුව මහතා ද, ලංකා ගෙවීම් (Lanka Pay) ආයතනය වෙනුවෙන් සහකාර කළමණාකාර මිගාර සිල්වා මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. බදුල්ල සහ බණ්ඩාරවෙල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන්, ස්ථානාධිපතිවරුන් සහ සියලුම රථවාහන අංශ ස්ථානාධිපතිවරුන් ද මෙම පුහුණු හා සමාරම්භක වැඩසටහනට සහභාගී වූහ. මෙම ‘GovPay’ පද්ධතිය හරහා රථවාහන වැරදි සිදුකරන රියදුරන්ට තම දඩ මුදල් ගෙවීමේදී පවතින අපහසුතා මගහැරී යන අතර, පොලිස් නිලධාරීන්ට ද වඩාත් විනිවිදභාවයකින් යුතුව හා කඩිනමින් දත්ත පද්ධති සමඟ සම්බන්ධ වෙමින් රාජකාරි කිරීමට මෙයින් අවස්ථාව සැලසේ.

Notable Services - SI

කුණ්ඩසාලේ පොලිස් රෝහලෙන් සති දෙකක් මුළුල්ලේ වෛද්‍ය කඳවුරු 21 ක්

ශ්‍රී ලංකා පොලිසිය පොලිස් වෛද්‍ය සේවා කොට්ඨාසය යටතේ කුණ්ඩසාලය ප්‍රදේශයේ පවත්වාගෙන යන පොලිස් රෝහලට අනුයුක්ත පොලිස් නිලධරයන් හා වෛද්‍ය නිලධාරීන් විසින්,  “දිට්වා” සුලි කුනාටුවෙන් විපතට පත්ව සිටින මහජනතාව වෙනුවෙන් සති දෙකක කාලයක් පුරා වෛද්‍ය කඳවුරු 21 ක් පවත්වන ලදී. එමගින් පොලිස් වසම් 09 ක් ආවරණය වන පරිදි රෝගීන් 2554 ක් පරීක්ෂාකර සුවසෙත සැලසීමට හැකි වී ඇති අතර පළමු වෛද්‍ය කඳවුර ලෙස 2025.12.03 වන දින මහනුවර මූලස්ථාන පොලිසියේදී රෝගීන් 678 දෙනෙකු සඳහා වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබාදීමට හැකිවී තිබේ. පසු දින 13 තුලදී මාතලේ,ගම්පොල,උඩුදුම්බර,හසලක,යටියන්තොට,ගලහා,රාගල යන පොලිස් ස්ථාන කේනද්‍ර කරගනිමින් වෛද්‍ය කඳවුරු පවත්වා ඇති අතර 2025.12.16 වන දින අවසන් කඳවුර ලෙස උඩුපුස්සැල්ලෑව පොලිස් ස්ථානයේ වෛද්‍ය කඳවුර පවත්වා මෙහෙවර සාර්ථකව අවසන් කර ඇත.  දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පතිතුමා මගින් ඖෂධ සහ රෙදි විශාල ප්‍රමාණයක් පරිත්‍යාග වශයෙන් ලැබීම  මෙම කර්තව්‍යයද අතිශයින්ම සාර්ථක කරගැනීමට ඉවහල් වී ඇත. තවද, කුණ්ඩසාලය පොලිස් රෝහලෙන් රෝහලෙන් ස්ථානමාරුවිම් ලැබ පිටව ගිය වෛද්‍ය ගැමුණු විජේසුන්දර මහතා සියලුම අවතැන් කඳවුරුවලට සහභාගී වෙමින් දැක්වූ සහය කුණ්ඩසාලය පොලිස් රෝහල ගෞරවයෙන් සිහිපත්කරයි. සුළි කුනාටුවෙන් පසු එක් වෛද්‍ය කණ්ඩායමක් විසින් පරික්ෂාවට ලක්කළ වැඩිම රෝගීන් සංඛ්‍යාව මෙය විය හැකි බවට උපකල්පනය කෙරේ. එවැනි සමාජ සත්කාරයක් සාර්ථකව ක්‍රියාවේ යෙදවීම සඳහා නන් අයුරින් සහය දුන් පොලිස් වෛද්‍යසේවා කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුලු කුණ්ඩසාලේ පොලිස් රෝහලේ වෛද්‍ය නිළධාරී මහත්ම මහත්මීන්ට සහ කාර්ය මණ්ඩලයට මහජනතාවගේ සුභ සිද්ධිය ප්‍රථම රාජකාරිය වන්නාවූ පොලිස් නිලධාරීන් වන අපගේ කෘතඥ පුර්වක ස්තූතිය පුද කරන්නෙමු.

Police News - SI

මත් කරල් 809 ක් මත්පෙති 48 ක්, සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

පොලිස් විශේෂ කාර්යය බලකායේ සෙට්ටිකුලම් කඳවුරේ නිලධාරීන් විසින් මත්කරල් 800 ක් වෛද්‍ය නිර්දේශයක් හෝ ප්‍රවාහනය සඳහා නිසි බලපත්‍රයක් නොමැතිව සන්තතකයේ තබාගෙන අනුරාධපුර පොලිස් වසමේ පුල්ලෙයාර් කෝවිල අසල රැදී සිටි පුද්ගලයෙකු 2025.12.14 වන දින රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු 25 හැවිරිදි අනුරාධපුර මාතලේ හංදිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ලෙස හඳුනාගෙන ඇති අතර වැඩිදුර විමර්ශන සඳහා අනුරාධපුර පොලිස් ස්ථානය වෙත භාරදී ඇත. මත්පෙති 48 ක ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකුද පොලිස් විශේෂ කාර්ය බලකායේ පානදුර උප කඳවුරේ නිලධාරීන් විසින් එදින දවටගහවත්ත, මාදුපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. වයස අවුරුදු 50 ක් වන එම සැකකරු වස්කඩුව, මහවස්කඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. වැඩිදුර විමර්ශන සඳහා පිංවත්ත පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. කළුබෝවිල කඳවුරට අනුයුක්ත නිලධාරීන් කණ්ඩායමක් 2025.12.14 දින රාත්‍රී 10.00 ට පමණ මහරගම නාවින්න ප්‍රදේශයේ සිදුකළ වැටලීමක් මගින් කුෂ් ග්‍රෑම් 01 මිලිග්‍රෑම් 940 ක්, මත්කරල් 09 ක් සන්තකයේ තබාගෙන සිටි  පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු එම ප්‍රදේශයේම පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකි. වැඩිදුර විමර්ශන සඳහා මහරගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

Police News - SI

ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 02 ග්‍රෑම් 308 ක් අත්අඩංගුවට

හෙරොයින් කිලෝග්‍රෑම් 02 ග්‍රෑම් 308 ක් සන්තකයේ තබාගැනීම හා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු 2025.12.14 වන අද දින අළුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පැමිණීමේ පර්යන්තයේදී අත්අඩංගුවට පත්විය. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය ගුවන්තොටුපල ඒකකයේ නිලධාරීන් විසින් අනාවරණය කරගත් තොරතුරක් මත පරීක්ෂාකිරීම සිදුකර අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර සැකකරු වයස අවුරුදු 28 ක් වන රඹුක්කන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇත. සැකකරු 2025.12.14 වන අද දින මීගමුව ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතය.  පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය ගුවන්තොටුපල ඒකකය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Scroll to Top