Tharindu Withanage – Page 19 – ශ්‍රී ලංකා පොලිසිය

Author name: Tharindu Withanage

Notable Services - SI

දකුණු පළාත තුලදී දඩ පත්‍රිකාව ගෙවීම සඳහා රාජ්‍ය ගෙවීම් පද්ධතිය (GOV PAY) භාවිතා කිරීමේ හැකියාව ලබාදී ඇත.

දකුණු පළාත තුලදී ඔබ සිදුකරන රථවාහන වැරද්දක් වෙනුවෙන් ලැබෙන දඩ පත්‍රිකාව ගෙවීම සඳහා රාජ්‍ය ගෙවීම් පද්ධතිය (GOV PAY) භාවිතා කිරීමේ හැකියාව ලබාදී ඇත. කුරුණෑගල, අනුරාධපුරය ඇතුලු වයඹ පළාතට සහ උතුරුමැද පළාතට අයත් පොලිස් ස්ථාන 14 ක නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භකළ මෙම පහසුකම ඉන් අනතුරුව බස්නහිර පළාත සහ අධිවේගී මාර්ගය ආශ්‍රිතවද සාර්ථකව ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබීමෙන් දකුණු පළාත තුල පොලිස් ස්ථාන සඳහාද ලබාදීමට කටයුතු කර ඇත. ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය, ICTA ආයතනය සහ Lanka pay ආයතනය එක්ව එළිදැක්වූ Gov pay මාර්ගගත ගෙවීමේ පහසුකම ඔස්සේ මේ වන විට රුපියල් මිලියන 30 ක පමණ දඩ මුදල් අයකරගනීමට හැකිවී ඇති බව 2025.10.20 වන දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුර ප්‍රවාහන මහාමාරග හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ඩිජිටර් කාර්යසාධන බලකායේ සභාපති හර්ෂ පුරසිංහ මහතා පැවසීය. ඒ් අනුව එම දඩ මුදල් අයකරගැනීම වාර 20000කදී පමණ සිදුකර ඇති බවද වැඩිදුරටත් ප්‍රකාශ කළේය. දකුණු පළාත තුල රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව සහ බස්නාහිර පළාත් රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති W.P.J සේනාධීර මහතා විසින් එහිදී මෙම පහසුකම මහජනතාවට ලබාදීම සඳහා අවශ්‍ය පහසුකම්, දුරකථන සහ දැනුම පොලිස් ස්ථාන වෙත ලබාදීමට ක්‍රියාකර ඇති බවත් තවදුරටත් ක්‍රියාකරමින් පවතින බවත් ප්‍රකාශකරන ලදී. කාලය හා ශ්‍රමය අවම කරගැනීම සඳහා නොපැකිලිව මෙම ක්‍රමවේදය භාවිතාකරන ලෙසත් වඩාත් වැදගත් වනුයේ දඩපත්‍රිකා නොලැබෙන පරිදි ආරක්ෂිතව රිය පැදවීම බවත් නියෝජ්‍ය පොලිස්පති W.P.J සේනාධීර මහතා එහිදි ප්‍රකාශ කරන ලදී. මෙම ක්‍රමය ඔස්සේ දඩ මුදල් ගෙවීම සඳහා ඔබට දඩ පත්‍රිකාව ලබාදෙන පොලිස් නිලධාරියාගෙන් උපදෙස් ඉල්ලා සිටි හැකි අතර ගෙවූ පසු එම අවස්ථාවේදීම ඔබේ රියදුරු බලපත්‍රය ලබාගත හැකිය. අවශ්‍යනම් පසුව අවස්ථාවක ගෙවීම සඳහා https://govpay.lk/si/spot-fine උපදෙස් පරිශීලනය කරමින් කටයුතු කළ හැකි බවත් දැනුම්දෙන්නෙමු. GOV pay හරහා දඩපත්‍රිකා ගෙවීමේ පහසුකම මීළඟට උතුරු පළාත තුල ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Notable Services - SI

චිත්තශක්තිය දියුණුකරගත් ශිෂ්‍ය භටයින් කාය ශක්තිය විදහාදක්වමින් පොලිස්පති කුසලානය අභියස

මනා චිත්ත ධෛර්යක් ගොඩනගාගනිමින් ආත්ම විශ්වාසයෙන් යුතුව වගකීම් දැරීමට සුදුසු, කාර්යයශූර, රටට වැඩදායී පුද්ගලයින් වීම සඳහා මෙරට නව යොවුන් වියේ පසුවන්නන් පුරුදු පුහුණු කෙරෙන ශ්‍රී ලංකා පොලිසියේ තෝතැන්න පොලිස් ශිෂ්‍ය භට කොට්ඨාසයයි.   පොලිස් ශිෂ්‍යභට කණ්ඩය තෝරාගන්නා සෑම පාසල් සිසු සිසුවියක්ම අභිමානවත් පුරවැසියෙකු ලෙස මෙරට නීතිය පිළීබඳ දැනුමෙන් අනාගත ලෝකයට සන්නද්ධ කිරීම සඳහාත්, විශේෂඥ ක්‍රම උපායන් මගින් ධරාගැනීමේ හැකියාව ප්‍රගුණකරවමින් සාර්ථක ජීවිතයකට ඔවුන්ගේ මනස පුහුණු කිරීම සඳහාත් ක්‍රියාත්මක ක්‍රියාදාමයේ සුවිශේෂ අවස්ථාව පොලිස්පති අභියෝගතා කුසලාන ජාතික පොලිස් ශිෂ්‍යභට කඳවුරට ඔවුන්ව යොමුකිරීමයි.   මෙම ඡායාරූප පෙළින් දිස්වන්නේ කළුතර ශ්‍රි ලංකා පොලිස් විද්‍යාලය කේන්ද්‍ර කර ගනිමින් 2025.10.10 වන හෙට දින දක්වා පැවැත්වෙන 2025 පොලිස්පති අභියෝගතා කුසලාන ජාතික පොලිස් ශිෂ්‍යභට කඳවුරේ මනා ලෙස පුහුණු වූ සිසු සිසුවියන් සිය දරාගැනීමේ සහ අභියෝග ජයගැනීමේ පරීක්ෂණ සඳහා සාර්ථකව පෙනී සිටිමින් හැකියාවන් ප්‍රදර්ශනය කරන අයුරුයි.

Notable Services - SI

ආබාධිත පිරිසකට මාතලේ පොලිස් කොට්ඨාසයෙන් ත්‍යාගයන්

මාතලේ කොට්ඨාස ප්‍රජා පොලිස් සම්බන්ධීකරණ ඒ්කකය එම ප්‍රදේශයේ පදිංචි දනහිසෙන් පහල පාද අහිමිව අසරණ තත්වයෙන් පසුවූ පුද්ගලයින් 11 දෙනෙකු සම්බන්ධයෙන් සොයාබලා ඔවුනට කෘතිම පාද පරිත්‍යාග කරන ලදී. මාතලේ පොලිස් කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්.එස්.කේ වික්‍රමනායක මහතාගේ අධීක්ෂණය යටතේ 159 වන පොලිස් දිනයට සමගාමීව මෙම සත්ක්‍රියාව සංවිධානය කර ඇති අතර 2025.09.24 වන දින මාතලේ පොලිස් ස්ථානයේ ශ්‍රවනාගාරයේ පැවති කෘතිම පාද බෙදා දීමේ අවස්ථාව සඳහා මාතලේ දිස්ත්‍රික් II සහකාර පොලිස් අධිකාරී පි.එම්.සි.ආර් තෙන්නකෝන් මහතා, ප්‍රජා පොලිස් සම්බන්ධීකරණ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක හේමන්ත විජේබණ්ඩාර මහතා ඇතුලුව එම ඒ්කකයේ සෙසු නිලධාරීන් සහභාගී විය. රුපියල් ලක්ෂ 6 කට ආසන්න මුදලක් මෙම පරිත්‍යාගය සඳහා ලබාදෙමින් අනුග්‍රහය සපයන ලද මහනුවර ෆෝ හැන්ඩිකැප් ආයනය නියෝජනය කරමින් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී එස්.එස්. අත්තනායක, ප්‍රධාන තාක්ෂණ නිලධාරී සිසිර කුමාර යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්විය.

Notable Services - SI

තිසා වැවේ සුන්දරත්වය රැකගන්න

දිවයිනේ නන් දෙසින් අනුරාධපුරට පැමිණෙන බැතිමතුන් තිසා වැව නැරඹීමට මෙන්ම ඉන් ස්නානය කිරීමට මහත් ප්‍රියතාවයක් දක්වයි. කෙතරම් දැනුවත් කිරීම් සිදුකළඳ දැනුවත්ව හෝ නොදැනුවත්ව කසළ ස්වල්පයක් හෝ අවිධිමත් ලෙස වැව පරිශ්‍රයට බැහැර කිරීම හේතුවෙන් කල්යත්ම කසළ සැලකියයුතු ප්‍රමාණයක් අවට එක් රැස් වී තිබෙනු දැකිය හැකියි. එලෙස එක්රැස් වූ කසළ Clean Srilanka ජාතික වැඩසටහන යටතේ ක්‍රමවත්ව වැව පරිශ්‍රයෙන් ඉවත්කරීමේ ශ්‍රමදානයක් අනුරාධපුර පොලිස් කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිළිණ හේවා පතිරණ මහතාගේ මෙහෙයවීමෙන් 2025.09.20 වන දින පැවැත්වුනි. අනුරාධපුර කොට්ඨාස පොලිස් ජිවිතාරක්ෂක ඒකකයේ නිලධාරින් විසින් මෙහි සියලු සංවිධාන කටයුතු සිදුකර ඇති අතර එම ජිවිතාරක්ෂක ඒකකය යටතේ පුහුණුව ලබන පාසල් ළමුන්, තිසාවැව අවට ජංගම වෙළදුන් සිය කැමැත්තෙන් සහයෝගය ලබාදී ඇත. අවුකන සිංහ සමාජය විසින් මෙම වැඩසටහනට ලබාදුන් සාධර අනුග්‍රහය යටතේ වැව ආසන්නයේ අවවාදාත්මක දැන්වීම් පුවරු සවිකිරීමට කටයුතු කර ඇත.

Special Events - SI

මහජනයා බියට පත්වන හා කැළඹීමට පත්වන ආකාරයේ තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධව

අධික වර්ෂා සහිත තත්වය පහව ගියත් ගංවතුර තත්වය හා නාය යෑමේ අවධානමෙන් මෙරට කඳුකර ප්‍රදේශ මිදී නොමැති බැවින් නායයාමේ රතු නිවේදන නිකුත් කර ඇති ප්‍රදේශ වල ජීවත්වන ජනතාව දැඩි අවධානමින් පසුවිය යුතුය. නැවත පදිංචිය සඳහා යාම බලධාරීන්ගේ උපදෙස් පරිදි සිදුකළ යුතුය. අපදාව උග්‍රලෙස පැවතුනු පසුදින කිහිපයේදී වගකීම් විරහිත ලෙස බියට පත්වී සිටි ආපදාවට පත්වූවන් තවත් අනවශ්‍ය කළබලයකට හා බියකට පත්කරමින්, මහජන සාමය කඩවන ආකාරයෙන් අසත්‍ය ප්‍රචාරයන් කිහිපයක් සමාජමාධ්‍ය තුල සංසරණය වන බව නිරීක්ෂණය විය. අවධානම් සහිත මෙම කාලය තුලදී මෙන්ම පසුකාලයේදී මහජන සාමය කඩවන ආකාරයේ තොරතුරක් නිසි තහවුරු කරගැනීමකින් ‌තොරව හෝ කූඨ අරමුණක් සහිතව ප්‍රචාර කිරීමෙන් වළකින ලෙස අප ඔබෙන් ඉල්ලා සිටින්නෙමු. 2025.11.29 දිනැති අංක 2464/32 දරන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රය මඟින් 2025 අංක 01 දරණ හදිසි අවස්ථා (විශේෂ විධිවිධාන හා බලතල) නියෝග ප්‍රකාශයට පත් කර ඇති මෙම කාල සීමාවේ ගැසට් නිවේදනයේ 20 හා 21 වගන්ති ප්‍රකාරව හදිසි ආපදා තත්ත්වය පිළිබඳ මහජනයා බියගැන්විය හැකි හෝ කැළඹිය හැකි ආකාරයේ කිසිදු කටකතාවක් හෝ අසත්‍ය ප්‍රකාශයක් කට වචනයෙන්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, ස්වංක්‍රීය පද්ධතිය හෝ කෘත්‍රීම බුද්ධිය ඇතුළු ස්වංක්‍රීය පද්ධතියන්ගෙන් යම් ලිඛිත, විද්‍යුත්, ඩිජිටල් හෝ වෙනත් යම් ආකාරයක මාධ්‍යයක් හරහා සන්නිවේදනය කිරීම, පළ කිරීම, නිර්මාණය කිරීම හෝ පැතිරවීම සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කළ හැකි බව සඳහන් කර ඇත. ඉහත වැරදි සම්බන්ධව විමර්ශනය කිරීමට පොලිස් නිලධාරියෙකුට හෝ ත්‍රිවිධ හමුදා සාමාජිකයෙකුට මෙම ගැසට් පත්‍රය මඟින් බලය ලබාදී ඇති අතර ත්‍රිවිධ හමුදා සාමාජිකයෙකු මෙම වැරදි සඳහා යම් අයෙකු අත්අඩංගුවට ගතහොත් එම සැකකරු පැය විසි හතරක් ඇතුළත පොලිස් ස්ථානයකට භාර දිය යුතුය. පොලිස් නිලධාරියෙකු විසින් අත්අඩංගුවට ගැනීමක් සිදු කළහොත් කොට්ඨාසයේ පොලිස් අධිකාරිවරයා වෙත වාර්තා කළ යුතු අතර, ත්‍රිවිධ හමුදා සාමාජිකයෙකු විසින් අත්අඩංගුවට ගැනීමක් සිදු කළහොත් ප්‍රදේශයේ අණදෙන නිලධාරිවරයා වෙත ඒ පිළිබඳව වාර්තා කළ යුතුය. එමෙන්ම දත්ත වැරදි ලෙස ප්‍රචාරය කිරීමෙන් ජනතාවට සහන සැලසීමේදී බාධාවක් ඇතිවීමට ඉඩ ඇති බැවින් නිවැරදි දත්ත පමණක් සමාජ ගතකිරීමට සැලකිලිමත් විය යුතුය. press conference (Video)

Special Events - SI

පොලිසිය ගෙනයන සහනාධාර වැඩසටහන වෙනුවෙන් චීනයේ සහයෝගය

ශ්‍රී ලංකාව හා සහයෝගය ප්‍රවර්ධනය කිරීම සඳහා වන චීන කවුන්සලය විසින් ශ්‍රී ලංකා පොලිසිය විසින් සිදුකරන සහනාධාර බෙදාදීමේ වැඩසටහන් වෙනුවෙන් අතවශ්‍ය භාණ්ඩ හා ඖෂධ තොගයක්, මුදලින් රුපියල් මිලියන 02 ක් පරිත්‍යාග කරන ලදී. පරිත්‍යාග භාරගැනීමේ අවස්ථාව 2025.12.03 වන දින උදෑසන පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථානයේදී එම කවුන්සලයේ සභාපති Mr. Zhang Xudong මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වුනි. චීන කවුන්සල නිලධාරීන් හා විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති ඩී.ජී.සමන්ත ද සිල්වා මහතා ඇතුලු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධරයන් මෙම අවස්ථාව සඳහා සහභාගී විය.

Special Events - SI

ශ්‍රී ලංකා පොලිසියෙන් විපතට පත් ජනතාවට සහන

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ආපදාවට ලක්වූ ජනතාවට සහනාධාර බෙදාදීමේ විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකා පොලිසිය මගින් අද (2025 දෙසැම්බර් 02) දින ආරම්භ කරන ලදී. මෙම වැඩසටහන ආරම්භ කරමින්, තෙල්දෙණිය ප්‍රදේශයේ අයහපත් කාලගුණයෙන් අවතැන් වූ සහ පීඩාවට පත් වූ ජනතාවට සහන සැලසීම සදහා බෙදාහැරිමේ කටයුතු පොලිස් මූලස්ථානයේදී සාර්ථකව සිදු කෙරිණි. මෙම මානුෂීය මෙහෙයුම ගරු පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සහ පරිපාලන භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය. ද්‍රව්‍ය: • වියළි ආහාර ද්‍රව්‍ය• ඇඳුම් පැළඳුම්• පානීය ජල බෝතල් අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් අවතැන් වූ සහ ආපදාවට ලක් වූ ජනතාවගේ පීඩාව අවම කිරීම, ශ්‍රි ලංකා පොලිසියේ ප්‍රධාන අරමුණ විය.

Special Events - SI

පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ග්‍රෑන්ඩ්පාස් ශාන්ත ජෝශප් දේවස්ථානයේදී අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමුවෙයි.

පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා 2025.12.01 දින ග්‍රෑන්ඩ්පාස් ශාන්ත ජෝශප් දේවස්ථානයේදී අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමුවූ අතර එහිදී ගංවතුරෙන් අවතැන්වූ අපේම සහෝදර ජනතාව වෙනුවෙන් සහන සැලසීම සම්බන්ධව සාකච්ඡා කරන ලදී. අනතුරුව පොලිස්පතිතුමා ජල ගැලීමෙන් විපතට පත් ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ  පදිංචි ජනතාව රදවා සිටින ශාන්ත ජෝශප් දේවස්ථානයේ ස්ථාපිත සුරක්ෂා කදවුරේ සිටින අපේම සහෘද ජනතාව හමුවූ අතර ඔවුන් වෙනුවෙන් පොලිස් රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු හෙද කාර්ය මණ්ඩලය විසින් පවත්වන ලද වෛද්‍ය සායනය සදහාද සහභාගි විය.  ඒ සදහා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහයක සේවා රාජිත ශ්‍රී දමින්ද, කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති, නිශාන්ත ද සොයිසා යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වන ලදී.

Special Events - SI

උද්ගතව ඇති ආපදා තත්වය හේතුවෙන් විදෙස් සංචාරකයින් වෙත තොරතුරු ලබාගැනීම සඳහා දුරකථන අංක හඳුන්වාදීම  

දිවයිනට බලපා තිබෙන හදිසි අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට සංචාරය සඳහා පැමිණ සිටින ඇතැම් විදේශීය සංචාරකයින්ද අපහසුතාවයට පත්ව සිටින බවට නිරීක්ෂණය වේ.   පවතින ආපදා තතත්වය මත යම් විදේශිකයෙකු හෝ කණ්ඩායමක් විපතට පත්ව ඇති විටකදී හෝ ගුවන්තොටුපල වෙත පැමිණීමට නොහැකිව සිටී නම් ඔවුන් පිළිබඳව සොයා බලා ඔවුන්ට උපරිම ආරක්ෂාව සහ සහාය ලබා දීම ශ්‍රී ලංකා පොලිසිය විසින් සිදු කරනු ලබයි.    ඒ අනුව, පහත තොරතුරු හා දුරකථන අංක මගින් පොලිසිය දැනුවත් කළ හැකි බව දන්වා සිටිමි.   *අධ්‍යක්ෂ, පොලිස් සංචාරක කොට්ඨාසය   ජංගම දුරකථන අංකය – 071 – 8591894   *ස්ථානාධිපති, පොලිස් සංචාරක කොට්ඨාසය   ස්ථාවර දුරකථන අංකය – 011 – 2421070 ජංගම දුරකථන අංකය – 071 – 8591895   *ස්ථානාධිපති, ගුවන්තොටුපල පොලිසිය   ස්ථාවර දුරකථන අංකය – 011 – 2251475 ජංගම දුරකථන අංකය – 071 – 8591640   *ස්ථානාධිපති, ගුවන්තොටුපල සංචාරක පොලිසිය   ජංගම දුරකථන අංකය – 071 – 8596057    

Special Events - SI

ආපදා තත්ත්වය සම්බන්ධව තොරුතුරු දැනුම් දීම සඳහා පොලිස්පති විශේෂ මෙහෙයුම් මැදිරියක්

දිවයිනට බලපා ඇති හදිසි අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් බොහෝ ප්‍රදේශවල  අධික වැසි, ගංවතුර, තද සුළං හා නායයෑම් තත්ත්වයන් ඇති වී ඇති අතර, ඇතැම් ප්‍රදේශ වලින් මහජනතාවට ඉවත්වීමේ නිවේදන ද නිකුත් කිරීමට මේ වන විට කටයුතු කර ඇත.   උද්ගතවී ඇති මෙම හදිසි තත්ත්වය පිළිබද නිසි සම්බන්ධීකරණයක් පවත්වා ගැනීම සදහා සහ අවශ්‍ය සහන සැලසීමට පොලිස්පතිතුමාගේ අධික්ෂණය යටතේ පොලිස්පති විශේෂ මෙහෙයුම් මැදිරියක් පොලිස් මූලස්ථානයේ  ස්ථාපිත කිරීමට කටයුතු කර ඇත.     දුරකථන අංක Whatsapp අංක Email ලිපිනය 011 – 2013051 011 – 2027148 011 – 2027149 011 – 2472757 011 – 2430912 071 – 8595880071 – 8595881071 – 8595882071 – 8595883071 – 8595884   igp.opsroom@police.gov.lk   එසේම සියලු පොලිස් බල ප්‍රදේශයන් හී ඇති වන අපදා තත්ත්වයන් වලට මුහුණදීම සදහා පොලිස් නිලධාරීන් කණ්ඩායම් වශයෙන් පොලිස් ස්ථාන වල සුදානම් කර ඇති අතර, කෙටි දැනුම් දීමකදී ක්‍රියා කිරීමට හැකිවන පරිදි බෝට්ටු, කිමිදුම්කරුවන් ඇතුළු ආපදා උපකරණ ද සූදානම් කර ඇත. එසේම මෙම අපදා තත්ත්වයන් වලට මුහුණ දීමට මෙන්ම මහජන අවශ්‍යතාවයන් සපුරාලීම සදහා අපදාකළමණාකරණ මධ්‍යස්ථානය, ත්‍රිවිධ හමුදා ඇතුළු අනෙකුත් අදාළ ආයතන වල බලධාරීන් සම්බන්ධකර ගැනීම සිදු කර ඇත. පොලිසිය විසින් අවතැන් වූ තැනැත්තන්ගේ නිවාස හා දේපළ ආරක්ෂා කිරීමට සුදුසු වැඩපිළිවලක්ද සෑම පොලිස් වසමකම ක්‍රියාත්මක කර ඇති අතර, ආරක්ෂිත ස්ථානවල රැදී සිටින අවතැන් වූ පිරිස් වෙත අවශ්‍ය ආරක්ෂාව හා සුබසාධන පහසුකම් සැලසීමටද කටයුතු යොදා ඇත.   ශ්‍රී ලංකා පොලීසිය ත්‍රිවිධ හමුදාව ආපදා කළමණාකරන මධ්‍යස්ථාන නිලධාරීන් සමග ආපදාවන්ට ලක්වුවන් බේරා ගැනීම, සහන සැලසීම, එම ප්‍රදේශ වල ආරක්ෂාව සැලසීම ආදී කටයුතු කලමණාකරනය කර සිදු කර ගැනිමට ආවශ්‍ය සහාය ලබා දෙන මෙන් ශ්‍රි ලංකා පොලිසීය මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර, අවදානම් ස්ථාන වලට යාම, ආපදා ස්ථාන නැරඹීමට යාම, ජලයෙන් යට වී ඇති මාර්ග ඔස්සේ අනාරක්ෂිත ලෙස වාහන ධාවනය කිරීම ඇතුළු අපරික්ෂාකාරී කටයුතු වල නොයෙලෙන ලෙසටත් ශ්‍රී ලංකා පොලිසීය තවදුරටත් මහජනතාව දැනුවත් කර සිටී press conference (Video)

Scroll to Top