Tharindu Withanage – Page 20 – ශ්‍රී ලංකා පොලිසිය

Author name: Tharindu Withanage

Special Events - SI

INTERPOL 93 වන සැසිවාරයට සමඟාමීව රටවල් රැසක් සමඟ පැවැත්වූ සාකචඡා ඵලදායී

2025 නොවැම්බර් 24 සිට 27 දක්වා මොරොක්කෝවේ Marrakech හි පැවති ජ්‍යාත්‍යන්තර පොලිස් සංගමයේ (INTERPOL)  93 වන සැසිවාරයට සඳහා ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින් සහභාගී වූ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා හා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතා ඇතුලු නිලධාරීන් එහිදී ඉහළ මට්ටමේ ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයක නිරත වී තිබේ. මෙහෙයුම් සහයෝගීතාව ශක්තිමත් කිරීම, තොරතුරු බෙදාගැනීමේ යාන්ත්‍රණයන් වැඩි දියුණු කිරීම සහ අන්තර්ජාතික අපරාධ මැඩපැවැත්වීම සඳහා ඒ්කාබද්ධ උත්සාහයන් තවදුරටත් වැඩිදියුණු කර ගැනීම සඳහා විදෙස් ආරක්ෂක අංශ සමඟ පවත්නා සහයෝගීතාවය පිළිබඳව එහිදී ප්‍රධාන වශයෙන් අවධානය යමුකර ඇත.  පොලිස්පතිතුමන් හා මෙරට නියෝජිතයින් තායිලන්තය, බෙලරුස්, ඕමානය, තුර්කිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය (එක්සත් අරාබි එමීර් රාජ්‍යය), ප්‍රංශය, මාලදිවයින, ඕස්ට්‍රේලියාව, රුසියාව සහ ජපානය යන රටවල නියෝජිතයින් සමඟ පැවැත්වූ සාක්ච්ඡා වඩාත්ඵලදායී  ලෙස නිමාවී ඇති අතර ජ්‍යාත්‍යන්තර පොලිසිය (INTERPOL) රාමුව තුළ අන්‍යෝන්‍ය සහයෝගය උපරිම මට්ටමින් ලබාදීමට කැපවන බව ප්‍රකාශ වී ඇත.

Special Events - SI

2025 රාජ්‍ය සේවා මළල ක්‍රීඩා තරගාවලියේ සමස්ත ශුරතාවය පොලිසියටයි.

පසුගිය නොවැම්බර් මස 20,21 දෙදින දියගම මහින්ද රාජපක්ෂ ක්‍රිඩාන්ගනයේදී පැවැත්වුනු 39 වන රාජ්‍ය සේවා තරගාවලියේ සමස්ත ශූරතාවය ලකුණු 678 ක් ලබාගත් ශ්‍රී ලංකා පොලිසියට හිමිවිය. පොලිසියේ ක්‍රීඩික ක්‍රීඩාවන් රාජ්‍ය අයතන 80ක ක්‍රිඩක ක්‍රිඩිකාවන් 1200 ක් සමඟ අති දක්ෂ ලෙස තරඟ ඉසව් සඳහා තරඟවැදී මුල් පෙළ ජයග්‍රහණ රැසකට හිමිකම් කියමින් සමස්ථ ශූරතාවය සඳහා අවශ්‍ය වූ ලකුණු ප්‍රමාණය පහසුවෙන් රැස් කර ගැනීමට සමත්විය. තරඟාවලියේ විශිෂ්ඨම මළල ක්‍රීඩිකාවට හිමි කුසලානය 23 වන ආසියානු ප්‍රවීණයන්ගේ මළල ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් 5 ක්‍ ලබා ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුත්කව රාජකාරි නියුතු කාන්තා පොලිස් කොස්තාපල්.7809 බී.ජී.සචිත්‍රා හර්ෂණී ජයකාන්ත නිලධාරිනිය හිමිකරගනිමින් ඇය ශ්‍රී ලංකා පොලිසියේ වත්මන් දක්ෂතම මළල ක්‍රීඩාව බව නැවතත් තහවුරු කරන ලදී. විශිෂ්ඨම මළල ක්‍රීඩකයා ලෙස පොලිස් ක්‍රීඩා කොට්ඨාසයේ පොලිස් කොස්තාපල් 90433 ටි.ජි.එස් විජේතුංග නිලධාරියා කුසලානය හා සහතිකපත්‍රය ලබාගත්තේය. විශිෂ්ඨම නවක මළල ක්‍රීඩකයා ලෙස පොලිස් විද්‍යාලයේ පොලිස් කොස්තාපල් 107601 ඩි.එම්.පි ප්‍රබෝද් නිලධාරියාත් තරඟාවලියේ විශිෂ්ඨම නවක මළල ක්‍රීඩිකාව ලෙස ඉදුල පොලිස් ස්ථානයේ කාන්තා පොලිස් කොස්තාපල් 13288 දිසානායක නිලධාරිනියත් ඇගයීමට ලක්විය. එමෙන්ම වයස අවුරුදු 50-54 අතර හොදම ක්‍රීඩිකාව මොනරාගල පොලිස් ස්ථානයේ කාන්තා උප පොලිස් පරීක්ෂක දිල්රුක්ෂි නිලධාරිනියයි. වයස අවුරුදු 35-39 අතර හොදම ක්‍රීඩකයා පොලිස් විශේෂ කාර්ය බලකායේ කොස්තාපල් 6216 උදය කුමාර නිලධාරියායි. එම වයස් කාණ්ඩයේ හොදම මළල ක්‍රීඩිකාව ගාල්ල පොලිස් ස්ථානයට අනුයුක්ත කාන්තා පොලිස් කොස්තාපල් 8646 නිලධාරිනියයි. වයස අවුරුදු 45-49 අතර හොදම ක්‍රීඩකයා පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් සැරයන් 39931 ජී.එම්.සි සරත් කුමාර නිලධාරියායි. ඒම ජයග්‍රහණයන් සමඟ අවුරුදු 55-59 , 45-49, 40-44, 40-44, 35-39 යන වයස් කණ්ඩාවල අනුශූරතාවයන් ශ්‍රී ලංකා පොලිසියට හිමි වූ අතර 50-54 වයස් කාණ්ඩයේ, නවක මළල ක්‍රීඩක හා විවෘත මළල ක්‍රීඩා තරඟ කාණ්ඩයේ ශූරයින් ලෙස පොලිස් ක්‍රීඩකයින්ට ඉහළ ලකුණු ලබාගැනීමට හැකිවිය. පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ප්‍රධානව පොලිස් මලළ ක්‍රීඩා සභාපති නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක මහතාගේ, පොලිස් ක්‍රීඩා කොට්ඨාසයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වයි.ද.එස් පින්නදූව මහතාගේ සහ පොලිස් මලළ ක්‍රීඩා ලේඛම් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුගත් ගලගමගේ මහතාගේ නායකත්වය හා දිරිමත්කිරීම් මෙවර රාජ්‍ය සේවා මළල ක්‍රීඩා තරගාවලිය ජයග්‍රහණය හිමිකරගැනීම සඳහා මහෝපකාරී වූ බව ක්‍රීඩක ක්‍රීඩිකාව් ගෞරවයෙන් යුතුව සිහිපත් කරනු ලබන බව සඳහන් කළ යුතුය.

Special Events - SI

දකුණු පළාතේ සුවිශේෂී වැටලීම් හා සාර්ථක වූ විමර්ශන වෙනුවෙන් ත්‍යාග හා ප්‍රශංසා

විෂ මත්ද්‍රව්‍ය භාවිතය හා සංසරණය මෙරටින් මුලිනුපුටා දැමීම එ්කායන අරමුණුකරනිමින් ගරු ජනාධිපති අනුර කුමාර මහතාගේ උපදෙස් මත ඇරඹූ  ‘ඉවත්වෙනු’ රටම එකට ජාතික මෙහෙයුමේ දෙවන අදියර ආරම්භකරමින්, 2025.11.20 වන දින සවස තංගල්ල මහජන ක්‍රීඩාංගනයේදී සියළු පාර්ශව එක් වූ මහජන හමුවක් පැවැත්වුනි. ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම හමුවේ ප්‍රධාන අංගයක් ලෙස දකුණු පළාත තුල සාර්ථකව වැටලීම් සිදුකළ පොලිස් නිලධාරීන් අතරින් මත්ද්‍රව්‍ය තොග සොයාගැනීමට මෙන්ම  නීති විරෝධී දේපළ අවි හා උණ්ඩ අත්අඩංගුවට ගැනීමට හැකි වූ, බරපතල ඝනයේ දක්ෂ ලෙස විසඳමින් ගෞරවාන්විත ලෙස පොලිස් රාජකාරි ඉටුකළ පොලිස් නිලධරයන්, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධරයන් අගයමින් ඔවුනට ත්‍යාග මුදල් හා ප්‍රශංසා පිරිනැමීම සිදුකෙරුනි. අනතුරුව මෑත කාලය තුල දකුණු මුහුදු තීරයේදී විශාල මත්ද්‍රව්‍ය තොග, අවි හා උණ්ඩ සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවීම වෙනුවෙන් ගරු ජනාධිපතිතුමන් විසින් නාවික හමුදා නිලධාරීන් ත්‍යාග හා ප්‍රශංසා සමඟින් ඇගයීමට ලක්කළ අතර සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් හා මෙම හමුවට සහභාගී කර නොගත් පුද්ගලික ඔත්තුකරුවන්ද ඇගයීමට ලක් විය. 2025.04.13 වන දින කුඩාවැල්ල ධීවර වරාය අසලදී හෙරොින් ම්ත්ද්‍රව්‍ය කිලෝගෑම් 53 ග්‍රෑම් 300 ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 60 ග්‍රෑම් 660 ක්  සමඟ ලොරි රථයක් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීම. 2018.04.04 දින කොස්ගොඩ ද්විත්ව ඝාතනයේ සැකකරුවන්, ටී-56 ගිනි අවිය අත්අඩංගුවට ගැනීම. 2020.08.06 දින වීරකැටිය හන්ඹුන්න ප්‍රදේශයේදී ටී-56ගිනි අවියක් හා උණ්ඩ 30 ක් අත්අඩංගුවට ගැනීම. 2020 ජූනි මස 05 හිනිදුම පොලිස් වසමේ සිදුවූ  කාත්තාවකගේ අතුරුදහන් වීමක් මනුෂ්‍ය ඝාතනයක් බවට අනාවරණය කරගෙන සැකකරු අත්අඩංගුවට ගැනීම.  2023.06.30 දින මාතර හා දෙයියන්දර ප්‍රදේශවලදී AK 47 ස්වයංක්‍රීය ගිනි අවියක්, පිස්තෝල ගිනි අවියක් හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12080 ක් සමඟ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීම. එලෙස අදාළ පොලිස් නිලධාරීන්ට  ත්‍යාග හිමි වූ සාර්ථක අත්අඩංගුවට ගැනීම් කිහිපයකි. ඉදිරියට එළඹෙන මෙහෙයුමේ සක්‍රිය කාලය තුල තවත් සාර්ථකව වැටලීම් සිදුකිරීමට, නායකත්වය ලබාදීමට මෙන්ම තොරතුරු ලබාදීමට කැපවන බව සනාථකරමින් ගරු ජනාධිපතිතුමන්, නිලධාරීන් හා මහජනාතව ඇතුලු වගකිව යතු සියළු පාර්ශව මව්බිය හමුවේ ප්‍රතිඥාවක් ලබාදීම ඉන් අනතුරුව සිදුවිය. සියම් මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශවයේ හම්බන්තොට දිසාවේ මහා සංඝනායක අතිපූජ්‍ය සපුගහයාය සරණංකර හිමියන් සමඟ අතිපූජ්‍ය සංඝරත්නය හා සර්ව ආගමික නායකයින්, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජයපාල මහතා, මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මහතා, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ඇතුලුව ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් හා ආරක්ෂක අංශ නිලධාරීන්, ප්‍රදේශවාසීන් විශාල පිරිසකගේ සහභාගීත්වය මෙම අවස්ථාවට හිමිවිය.  

Special Events - SI

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) සංජීව ධර්මරත්න මහතා තනතුරේ රාජකාරි භාරගත් මොහොත

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වශයෙන් කටයුතු කළ සංජීව ධර්මරත්න මහතා ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව පොලිස්පතිතුමාගේ ස්ථාන මාරුවීම් නියෝග පරිදි පසුගිය 2025 නොවැම්බර් 18 දින පොලිස් මූලස්ථානයේදී ශ්‍රී ලංකා පොලිසියේ පරිපාලන නිලධාරීවරයා වශයෙන් වැඩ භාර ගත්තේය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) යනු පොලිස්පතිවරයා නිවාඩු ලබන හෝ විදෙස්ගතවන අවස්ථාවකදී වැඩබලන පොලිස්පතිවරයා ලෙස රාජකාරි ඉටුකිරීමට නිතැතින්ම පත්වන, ශ්‍රී ලංකා පොලිසියේ පොලිස්පතිධූරයට පමණක් දෙවෙනි වන භූමිකාව නියෝජනය කරමින් පොලිසියේ සමස්ථ පරිපාලන කටයුතු මෙහෙයවන නිලධාරීවරයායි. කොළඹ විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී ( භෞතික විද්‍යා) උපාධියක් හිමිකරගනිමින් 1999 වසරේදී කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයෙන් සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස ශ්‍රී ලංකා පොලිසියට එක්ව ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා කොට්ඨාස භාර නිලධාරියෙක් ලෙස මෙන්ම ජ්‍යෙෂ්ඨ, නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස දිවයිනේ සෑම ප්‍රදේශයකම සේවයේ නිරත වූ අත්දැකීම් සපිරි විනයගරුක කීර්තිමත් නිලධාරිවරයෙකු ලෙස ප්‍රකටය.

Special Events - SI

අවසන් තරඟ උණුසුම කැටි වූ 2025 අන්තර් කොට්ඨාස වොලිබෝල් තරඟාවලියේ සමාප්ති උළෙල

2025.11.05 දින සිට තෙදිනක් පුරා පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැත්වුනු 2025 අන්තර් කොට්ඨාස වොලිබෝල් තරඟාලිය පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් 2025.11.07 දින සවස පැවති සමාප්ති උළෙලින් නිමා විය. කණ්ඩායම් 104 ක් අතරින් පිරිමි අංශයෙන් අවසන් මහා තරඟ සඳහා සුදුසුකම් ලැබූ පොලිස් විශේෂ කාර්ය බලකායේ හා ක්ෂේත්‍ර බලකා මූලස්ථාන පිරිමි කණ්ඩායම් අතර අවසන් මහා තරඟය මෙන්ම කාන්තා අංශයෙන් අවසන් මහා තරඟ සඳහා සුදුසුකම් ලැබූ පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථාන කාන්තා හා අනුරාධපුර පොලිස් කොට්ඨාස කාන්තා කණ්ඩායම් අතර අවසන් මහා තරඟයේ ආශ්වාදය විඳගැනීමේ අවස්ථාව එහිදී පැමිණ සිටි පිරිසට හිමිවිය. පිරිමි අංශයේ අවසන් තරඟයේදී පොලිස් විශේෂ කාර්ය බලකා කණ්ඩායම වට 3 ට 2 ක් ලෙස පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය පරඳා තියුණු ජයක් ලැබීය. කාන්තා අවසන් තරඟයේදී අනුරාධපුර පොලිස් කොට්ඨාස කාන්තා කණ්ඩායම 3-0 ක් ලෙස පරාජය කළ පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථාන කාන්තා කණ්ඩායම විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට සමත් විය. උළෙල සාර්ථකව නිමා වෙමින්  ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති හා පොලිස් වොලිබොල් සංගමයේ සභාපති පුහුණු හා උසස් පුහුණු දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා ජයග්‍රාහක කණ්ඩායම් වෙත කුසලාන හා සහතික පත්‍ර බෙදාදෙමින් සුභ පැතුම් කළ අතර ඒ් සඳහා විශේෂ අමුත්තන් ලෙස උළෙල සඳහා සහභාගී වූ ශ්‍රී  ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායක ක්‍රීඩකයෙකු වන ඇන්ජලෝ මැතිව්ස් මහතා සහ ශ්‍රී ලංකවේ අංක 1 ගොල්ෆ් ක්‍රීඩකයෙකු වන ජේසන් ලියනගේ මහතා එක්විය. දක්ෂතම පිට පළාත් පිරිමි කණ්ඩායමට හිමි කුසලානය නුවර කොට්ඨාස කණ්ඩායමත් දක්ෂතම පිට පළාත් කාන්තා කණ්ඩායම හිමි කුසලානය මාතර කොට්ඨාස කණ්ඩායමත් ලබාගන්නා ලදී. තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ 79686 ටෙරන්ස් ක්‍රීඩකයා කුසලානය හා සහතික පත්‍රය ලබාගත්තේය. තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව වූ පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ සැරයන් 6105 P.A.V චමරිකා ක්‍රීඩිකාව ඇයට හිමි කුසලානය හා සහතික පත්‍රය ලබාගත් අතර දක්ෂතම ප්‍රහාරක, දක්ෂතම පන්දු පිරිනැමීම, දක්ෂතම පන්දු ලබාගැනීම දක්ෂතම පන්දු සැකසීම, දක්ෂතම පිටිය රැකීම යන දක්ෂතාවයන් සඳහාද පිරිමි හා කාන්තා වශයෙන් පදක්කම් සහ සහතික පත්‍ර ලබාදීමද සිදුවිය. ශ්‍රී ලංකා ‌වොලිබෝල් සංගමයේ සභාපති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා, පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති ඩී.ජී සමන්තද සිල්වා මහතා,  විශේෂ ආරක්ෂක හා මැතිවරණ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දිනේෂ් කරුණානායක මහතා, පොලිස් ක්ෂේත්‍රබලකා මූලස්ථානයේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රෂාන්තද සිල්වා මහතා, පොලිස් ක්‍රීඩා කොට්ඨාසයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වයි.ද.එස් පින්නදූව මහතා, පොලිස් ‌වොලිබෝල් සංගමයේ ලේකම් ප්‍රධාන පොලිස් පරීක්ෂක විජේමාන්න මහතා ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම අවස්ථාව සඳහා සහභාගී විය.

Special Events - SI

2025 – පොලිස් අන්තර් කොට්ඨාස වොලිබෝල් තරඟාලි‌යේ සමාරම්භය – කණ්ඩායම් 104 ක් තරඟබිමට

2025 – පොලිස් අන්තර් කොට්ඨාස වොලිබෝල් තරඟාලි‌ය නොවැම්බර් මස 05 වන අද දින උදෑසන 06.30 ‌ට කොළඹ, පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථාන ක්‍රීඩාංගණයේදී ආරම්භ විය. වොලිබෝල් කුසලාන දිනාගැනීමේ දැඩි අධිෂ්ඨානයෙන් යුතුව සෑම පොලිස් කොට්ඨාසයක්ම නියෝජනය කරමින් පැමිණ සිටින කාන්තා පොලිස් කණ්ඩායම් 37 ක් හා පිරිමි පොලිස් කණ්ඩායම් 67 ක් සමඟින් ශ්‍රී ලංකා ‌වොලිබෝල් සංගමයේ සභාපති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් සමාරම්භක උළෙල පැවැත්වුනි. මෙම කණ්ඩායම් කොට්ඨාස මට්ටමින් පැවැත්වුනු තරඟ මගින් තෝරාගත් අතිදක්ෂ කණ්ඩායම් වන බැවින් අති උද්වේගකර තරඟ මාලාවක් අත්විදීමේ හැකියාව ලැබෙනු ඇත. 2025.11.07 වන දින සවස පොලිස්පතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත් ලෙස පවත්වනු ලබන සමාප්ති උළලේදී ජයග්‍රාහක කණ්ඩායම සහ දක්ෂතම ක්‍රීඩකයින්ට හිමි කුසලාන හා තිළිණ පිරිනැමීමට නියමිතය.  තරඟාවලිය අරඹමින් සමාරම්භක ප්‍රතිඥාව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා විසින් ලබාදෙමින් කණඩායම් හැඟී‌මෙන් සුහඳශීලීත්වය වර්ධනය කරගනිමින් තරඟාවලිය සාර්ථකව නිමාකිරීමට සුභාසිංශන එක් කළ අතර ක්‍රීඩක ප්‍රතිඥාව පොලිස්  වොලිබෝල් කණ්ඩායමේ නායක සුපුන් උෂාන්ත ක්‍රීඩකයා විසින්ද, විනිසුරු ප්‍රතිඥාව ප්‍රධාන විනිසුරු විමලරත්න රාජකරුණා මහතා විසින්ද ලබාදෙන ලදී. පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති ඩී.ජී සමන්තද සිල්වා, පොලිස් ක්ෂේත්‍රබලකා මූලස්ථානයේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රෂාන්තද සිල්වා, පොලිස් ක්‍රීඩා කොට්ඨාසයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වයි.ද.එස් පින්නදූව,  පොලිස් ‌වොලිබෝල් සංගමයේ ලේකම් ප්‍රධාන පොලිස් පරීක්ෂක විජේමාන්න මහතා ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම අවස්ථාව සඳහා සහභාගී විය.

Special Events - SI

පොලිස්පති අභියෝගතා කුසලාන ටයිකොන්ඩෝ තරගාවලියේ ශූරතාවය පොලිස් විශේෂ කාර්ය බලකායට

පොලිස්පති අභියෝගතා කුසලාන ටයිකොන්ඩෝ ශූරතාවලියේ සමාප්ති උළෙල කොරියානු තානාපතිතුමිය මියොන් ලී (Miyon LEE) මහත්මියගේ ප්‍රධානත්වයෙන්, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා‌ගේ සහභාගීත්වයෙන් 2025.11.04 වන දින සවස කොළඹ පදනම් ආයතන ශ්‍රවනාගාරයේදී පැවැත්වුනි. කොරියානු රාජ්‍යයෙන් උපත ලබා ලෝකප්‍රසිද්ධ සටන් කලාවක් වන ටයිකොන්ඩෝ (Taekwondo) ක්‍රීඩාව මෙරට පොලිස් නිලධාරීන්ට ඔවුන්ගේ පුහුණු අවධියේදීම හඳුන්වා දීම වසර ගණනාවක් මුළුල්ලේ සිදුවන්නකි. මෙවන් තරඟාවලි වෙනුවෙන් පළාත් මට්ටමින් තරඟ වැදීම සඳහා වැඩිදුර හැදෑරීමට අවස්ථාව හිමිවන අතර පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාද ටයිකොන්ඩෝ සටන් කලාවේ කොරියානු ගෞරව උපාධියක් හිමි 6th Dan black belt ධාරියෙකු බව ප්‍රකටය. මෙවර තරඟාවලියේ මූලික වටයේ තරඟ පසුගියදා කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බලකා පුහුණු පාසලේදී පැවත්වුනු අතර කිලෝග්‍රෑම් 58 ට අඩු බර පන්තියේ අවසන් තරඟය පමණක් මෙම උළෙල අතරතුර පැවැත්වුනි. පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් කොස්තාපල් 105855 ඒන්. පී. ඒන් ප්‍රනාන්දු සමඟ පොලිස් කොස්තාපල් 101324 ආර්.එම්. කේ. එන් රත්නායක අතර පැවැත්වුනු එම තියුණු සටනින් පොලිස් කොස්තාපල් 101324 ආර්.එම්. කේ. එන් රත්නායක නිලධාරියා ජය ලැබීය. අනතුරුව ත්‍යාග හා කුසලාන පිරිනැමීම අරඹමින් ආධුනිකයින්ගේ තරඟ මාලාවේ දක්ෂතම ක්‍රීඩකයා වූ බස්නාහිර පළාත නියෝජනය කරමින් කිලෝග්‍රෑම් 74-80 බර පංතියේ තරඟ වැදුනු කළුතර පොලිස් විද්‍යාලයේ 60105 ඩබ්.එම්. එම් විජේසිංහ නිලධාරියාට හිමි කුසලානය ශ්‍රී ලංකා පොලිස් ටයිකොන්ඩෝ සංගමයේ සභාපති මානව සම්පත් කළමානාකරන ජ්‍යාත්‍යන්තර සබඳතා දිසාව නියෝජ්‍ය පොලිස් එම්.එන් සිසිර කුමාර මහතාගේ සුරතින් පිරිනැමීය. ආධුනිකයින්ගේ තරඟ මාලාවේ දක්ෂතම ක්‍රීඩිකාව වූ සබරගමුව පළාත නියෝජනය කරමින් කිලෝග්‍රෑම් 49-53 බර පන්තිය  යටතේ තරඟ වැදුනු වරකාපොළ පොලිස් ස්ථානයේ කාන්තා පොලිස් කොස්තාපල් 10398 එන්.ඩී.එස්.පී වීරවර්ධන නිලධාරිනියට හිමි කුසලානය කොළඹ දිසාව නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා මහතා විසින් පිරිනැමීය. ජ්‍යෙෂ්ඨ තරඟාවලියේ දක්ෂතම නිලධාරියා වූ 101324 ආර්.එම්. එන්. කේ රත්නායක නිලධාරියා සඳහා වූ කුසලානය හා ත්‍යාග, තරඟාවලියේ දක්ෂතම විනිසුරුවරයා වූ ජ්‍යාත්‍යන්තර විනිසුරු එච්.එස්.ඩී.එස් දිල්රුක් මහතාට හිමි සහතිකපත්‍රය හා තිළිණ පිරිනැමීම ඉන් අනතුරුව සිදුවිය. පොලිස්පතිතුමන් හා කොරියානු තානාපතිතුමිය මෙවර තරඟාවලියේ ආධුනිකයින්ගේ තරඟ මාලාවේ සමස්ථ ශූරතාවය දිනාගත් බස්නාහිර පළාතට හිමි කුසලානය සහ සමස්ථ තරඟාවලියේ කුසලානය, එනම් පොලිස්පති ටයිකොන්ඩෝ ශූරතාව දිනාගත් පොලිස් විශේෂ කාර්ය බලකා ටයිකොන්ඩෝ සංචිතයට හිමි කුසලානය පිරිනැමීම සඳහා එක්විය. නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා, ශ්‍රී ලංකා පොලිස් ටයිකොන්ඩෝ සංගමයේ ලේකම් පොලිස් විශේෂ කාර්ය බලකායේ සහකාර පොලිස් අධිකාරී නිරෝෂා කුමාරි මහත්මිය ඇතුලුව ශ්‍රී ලංකා පොලිසියේ, පොලිස් විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, කණිෂ්ඨ නිලධාරීන් මෙම අවස්ථාව සඳහා එක්වී සිටි අතර ටයිකොන්ඩෝ කලාව අති දක්ෂ ලෙස පුරුදු පුහුණුවන රත්නපුර Diamond Kick ටයිකොන්ඩෝ සමාජය දැක්වූ ශිල්පීය ක්‍රම සපිරි සන්දර්ශනයක් මගින් සහ පොලිස් සංස්කෘතික කොට්ඨාසයේ නර්තනාංගයන්ගෙන් වේදිකාව වර්ණවත් කෙරුණි. මෙම සියලු අවස්ථා  Sri Lanka Police නිල Facebook පිටුව මගින් සජීවීව විකාශය කරන ලදී.

Police News - SI

බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් ගිනි අවියක්සන්තකයේ තබාගත් පුද්ගලයෙක් අත්අඩංගුවට

විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝල අවියක් සඳහා ලබාගත් බලපත්‍රයේ කොන්දේසි උල්ලංඝනය කරමින් අමතර උණ්ඩ ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් එම අවියත් සමඟම අත්අඩංගුංවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථාන නිලධාරීන් 2025.09.16 දින බදුරලිය ප්‍රදේශයේදී ක්‍රියාකර ඇත. මිලි මීටර් 09 උණ්ඩ යෙදිය හැකි මැගසීනයක්, එම ජීව උණ්ඩ 30 ක් අත්අඩංගුවට ගත් දෑ අතරට අයත් වේ. සැකකරු 51 හැවිරිදි එම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

Notable Services - SI

“නෙයිනගෙ සූදුව” ආදර්ශවත් වේදිකා නාට්‍යයේ රසය පොලිස් නිලධාරීන්ට

අගනුවර අවට විවිධ වූ භාර්යදූර රාජකාරි ඉටුකරන පොලිස් නිලධාරීන්ගේ ධනාත්මක ආකල්ප තවදුරටත් දියුණු කිරීම අතිශය වැදගත් බැවින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය වරින් වර ඔවුන්ව වීශිෂ්ඨ කලා නිර්මාණ රසවින්දනය සඳහා යොමුකරයි. පොලිස්පතිතුමාගේ පූර්ණ අනුමැතියට යටත්ව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධීකාරී නීතිවේදී එෆ්. යූ වුට්ලර් මහතා විසින් මෙවර ප්‍රවීන වේදිකා නාට්‍ය නිෂ්පාදක කිත්සිරි හේවාගමගේ මහතාගේ “නෙයිනගෙ සූදුව” නාට්‍ය රසවින්දනය සඳහා කොළඹ නගරය අවට රාජකාරි නියුතු පොලිස් නිලධාරීන්, 2025.09.16 දින සවස කොළඹ පොලිස් අපරාධ කොට්ඨාසය වෙත කැඳවීය. අනීතික සමාජ විරෝධී ප්‍රචන්ඩ මැරයින්ගෙන් පීඩිතවූ ජන කොට්ඨාසයක් ඉතා උපක්‍රමශීලීව ඉන් මුදා ගනිමින් මැරයන් නීතිය රැහැනට හසුහසුකර ගන්නට අපූරු වික්‍රමාණවිත වැටලීමක් සිදුකළ අපේ අතීත පොලිස් විරුවෙකු පිළිබඳව  කියන ආදර්ශමත් වේදිකා රංගනයක් වන “නෙයිනගෙ සූදුව” නාට්‍ය රසාස්වාදය උදෙසා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් ඇතුලුව සියලු නිලතල නියෝජනය කරමින් පොලිස් නිලධාරීන් රැසක් ඒ් අනුව අපරාධ වාර්තා කොට්ඨාසයට එක්විය. කිසිදු අයකිරීමකින් තොරව මෙම ප්‍රදර්ශන වාරය පොලිස් නිලධාරීන් වෙනුවෙන් ලබාදුන් ප්‍රවීන වේදිකා නාට්‍ය නිෂ්පාදක කිත්සිරි හේවාාගමගේ මහතා ඇතුලු රන්ගන මඩුල්ලට ශ්‍රී ලංකා පොලිසියේ ගෞරවපූර්වක ස්තූතිය !

Notable Services - SI

පොතුහැර පොලිස් ස්ථානයේ ලේ දන්දීමේ කඳවුරක්

මාරක අනතුරකට ලක්ව බරපතල තුවාල ලබා රෝහල්ගතවන පුද්ගලයින් උදෙසා මෙන්ම විවිධ ශල්‍යකර්ම සඳහා ලක් කෙරෙන රෝගීන් වෙනුවෙන්, දරුවෙකු මෙලොවට බිහි කරන මවක් වෙනුවෙන් භාහිරින් රුධිරය අවශ්‍ය වන අවස්ථා සුලභ බව අප සැවොම හොදින් දන්නා කරුණකි. රෝහලත් සමඟ සමීපව රාජකාරි ඉටුකිරීමට සිදුවන පොලිසිය රෝහලේ රුධිර සංචිතවල ප්‍රමාණවත් බවේ වටිනාකම හොදින්ම දන්නා නිසාවෙන් ලේ දන් දීමේ කඳවුරු නිරන්තරයෙන් සංවිධානය කිරීමට පෙළඹේ.  පොතුහැර පොලිස් ස්ථානය 2025.09.03 වන දිනට යෙදුනු 159 වන පොලිස් සංවත්සර දිනයට සමගාමීව සංවිධානය කළ තවත් එක් ලේ දන් දීමේ කඳවුරක් 2025.09.09 වන දිනය පුරා එම පොලිස් ස්ථානය පරිශ්‍රයේ සාර්ථකව පැවැත්වීය මෙම වැඩසටහනට ප්‍රදේශයේ මහජන ආරක්ෂක කමිටුව සහ කුරුණෑගල රෝහලේ ලේ බැංකුව පූර්ණ දායකත්වය ලබාදී ඇති අතර රුධිරය පරිත්‍යාගකිරීම සඳහා එහිදී එක්වූ පුද්ගලයින් 178 දෙනෙකුගෙන් පුද්ගලයින් 128 දෙනෙකුට එහිදී රුධිරය පරිත්‍යාග කිරීමේ අවස්ථාව හිමි වී ඇත.

Scroll to Top