Tharindu Withanage – Page 25 – ශ්‍රී ලංකා පොලිසිය

Author name: Tharindu Withanage

Special Events - SI

පොලිස් සේවා වනිතා මව් ඒකකයේ මහසභා රැස්වීම – 2025

පොලිස් සේවයට බැඳුනු සෑම තරාතිරකම නිලධරයන් වෙනුවෙන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල සුභසාධනය වෙනුවෙන් සක්‍රියව කාර්යභාරයේ නිරත ශ්‍රී ලංකා පොලිස් සේවා වනිතා ඒකකයේ ඉදිරි කාලය සඳහා නව නිලධාරී මඩුල්ල තොරාපත්කර ගැනීමේ මහ සභා රැස්වීම වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් 2025-08.02 වන දින උදෑසන කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ පිහිටි සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුනි. වැඩබලන පොලිස්පතිතුමාගේ බිරිඳ වන පොලිස් සේවා වනිතා ඒකකයේ සභාපතිනිය නීතිඥ නිල්මිනී සමරතුංග මහත්මිය හා විශ්‍රාමික පොලිස්පති ජයන්ත වික්‍රමරත්න මහතාගේ බිරිඳ වන සේවා වනිතා මව් ඒකකයේ උපදේශිකා ජ්‍යෙෂ්ඨ නීතිඥ අනෝමා ගුණතිලක මහත්මිය ප්‍රධානව එම ඒකකයන්හි නිලතල දරන නිලධරයන් මීට සහභාගී වූහ. නව සාමාජිකයින් ලියාපදිංචිකිරීමෙන් හා පසුගිය වර්ෂයේ ගිණුම් වාර්තා ඉදිරිපත්කිරීමෙන් පසුව නව නිලතල සඳහා නිලධාරීන් පත්කරමින් එම ඒකකයේ අභ්‍යන්තර කමිටු සඳහා සාමාජිකයින් පත්කිරීම සිදුකෙරණු/ පසු පොලිස් නිලධාරීන්ගේ පවුල් සුභසාදනය සඳහා ඉදිරියේදී අරඹන නව වැඩසටහන් පිළිබඳව සහ නව සැලසුම් පිළිබඳවද සාර්ථකව සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව රැස්වීම නිමාකෙරුනි. ව්‍යවස්ථානුකූලව සභාපතිනිය – නීතිඥ නිල්මිනී නීටා සමරතුංග මහත්මිය උපසභාපතිනිය – නියෝජ්‍ය පොලිස්පති නිශානි සෙනවිරත්න මහත්මිය ලේකම් – නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මිය භාණ්ඩාගාරික – ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මධාරා ආරියසේන මහත්මිය උප භාණ්ඩාගාරික – කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක නිමාලි ෆොන්සේකා මහත්මිය

Special Events - SI

නීතිය හා සාමය සුරැකීමේ ක්‍රියාදාමයේ ප්‍රගතිය සාක්ච්ඡා කිරීමේ හමුවක්

මාතර හා තංගල්ල පොලිස් කොට්ඨාස තුලින් වාර්තා වන සංවිධානාත්මක අපරාධ ඇතුලු සියලු නීති විරෝධී ක්‍රියා මැඩපැවැත්වීම අරමුණුකර එම පළාත් තුල ක්‍රියාත්මක නීතිය හා සාමය පවත්වාගැනීමේ වැඩපිළිවෙලෙහි ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා  2025.08.29 වන දින මාතර සණස උත්සව ශාලාවේදී හමුවක් පැවැත්වුනි. ගරු මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද ව්ජේපාල මහතා ප්‍රධානත්වය ගෙන, එම අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා සහ වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා මෙන්ම පළාත භාර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙයට සහභාගී වූ අතර රාජකාරි ඉටුකිරීමේදී උද්ගත වන ගැටලු පිළිබඳව සහ නිලධාරීන්ගේ සුබසාධනය ඉහල නැංවීම පිළිබඳව එහිදී සාකච්ඡාවට බඳුන් විය.

Scroll to Top