Tharindu Withanage – Page 3 – ශ්‍රී ලංකා පොලිසිය

Author name: Tharindu Withanage

Special Events - SI

“බුද්ධරශ්මි” වෙසක් කලාපයට සමගාමීව ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ වෙසක් සැමරුම් උත්කර්ෂවත් අයුරින් ඇරඹෙයි.

කොළඹ හුණුපිටිය ගංගාරාම “බුද්ධ රශ්මි” වෙසක් කලාපයට සහ “බෞද්ධාලෝක” වෙසක් කලාපයට සමගාමීව, ජනාධිපති කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන “වෙසක් බැති ගී සරණිය” 2026.05.30 වන දින පස්වරු 6.30 ට ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී උත්කර්ෂවත් අයුරින් ආරම්භ විය. මෙම අවස්ථාව සඳහා ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා සහ ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල්, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා  මෙන්ම බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්ත මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් එක්ව සිටියහ. ශ්‍රී ලංකා පොලිසියේ සහ ත්‍රිවිධ හමුදාවේ බැති ගී කණ්ඩායම් මෙන්ම කොළඹ ප්‍රදේශයේ පාසල් කිහිපයක සිසු දැරියන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම භක්ති ගීත ප්‍රසංගය, එළඹෙන ජූනි මස 02 වනදා දක්වා සෑම දිනකම පස්වරු 6.30 සිට ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මීට සමගාමීව ජනාධිපති ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකා යුද හමුදාව එක්ව සංවිධානය කළ බත් දන්සල 2026.09.30 වන දින රාත්‍රී 7.00 ට ජනාධිපති කාර්යාලය අසලදී ආරම්භ කෙරුණු අතර, ඒ සඳහා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා මෙන්ම යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද එක්විය.  වයිනේ නන් දෙසින් පැමිණි දස දහසකට අධික ජනතාවක් ඊට එක්ව සිටි අතර බත් දන්සල ජූනි 02 දක්වා පැවැත්වේ. එමෙන්ම වෙසක් සිරි නැරඹීමට කොළඹට පැමිණෙන ජනතාව වෙනුවෙන් අයිස්ක්‍රීම් දන්සලක්ද  පස්වරුවේ ජනාධිපති කාර්යාලය අසලදී ආරම්භ කෙරිණි. ජනාධිපති කාර්ය මණ්ඩලයේ සෘජු දායකත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු අවට රාජ්‍ය ගොඩනැඟිලි සහ මාර්ග විදුලි බුබුලුවලින් අලංකාරවත් කර ඇති අතර, මනරම් වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනයක් ද මේ දිනවලදී මහජනතාව සඳහා විවෘතව පවතී.

Special Events - SI

පොලිස්පතිවරයාගේ වෙසක් දින සුබ පැතුම

ලෝකවාසී බෞද්ධ ජනතාවගේ පරම පූජනීය වෙසක් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් සමස්ත ශ්‍රී ලාංකික ජනතාව වෙත මගේ හෘදයාංගම සුභාශිංසන පිරිනමනුයේ හදපිරි භක්තියෙනි. භාග්‍යවතුන් වහන්සේගේ තෙමඟුල (ඉපදීම, බුදුවීම සහ පිරිණිවන් පෑම) සිහිපත් කරන උදාර වෙසක් පොහොය, අප සැමගේ සිත් තුළ කරුණාව, දයාව සහ ප්‍රඥාව වර්ධනය කර ගැනීමට ලැබෙන උතුම් අවස්ථාවකි.  බුදුරජාණන් වහන්සේ දේශනා කළ වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බවත්, අවෛරයෙන්ම වෛරය සංසිඳෙන බවත් යන ශාස්තෘ වැකිය වත්මන් සමාජයට වඩාත්ම ගැලපෙන පණිවිඩයයි. ශ්‍රී ලංකා පොලිසිය ලෙස අප සැමවිටම කැපවී සිටින්නේ රට තුළ නීතිය හා සාමය සුරකිමින්, සාමකාමී සහ සදාචාරාත්මක සමාජයක් ගොඩනැගීමටයි. මෙවර වෙසක් සමයේදී ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින්, අන්‍යෝන්‍ය ගරුත්වය සහ සහයෝගීතාවය පෙරදැරිව කටයුතු කරන මෙන් සමස්ත පොලිස් නිලධාරීන්ගෙන් මෙන්ම රටවැසි මහජනතාවගෙන්ද කාරුණිකව ඉල්ලා සිටිමි. විශේෂයෙන්ම, උත්සව සමය තුළ මාර්ග ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වෙමින්, මත්ද්‍රව්‍ය හා මත්පැන්වලින් වැළකී, පින්සිතුවිලිවලින් යුතුව වෙසක් උත්සවය සැමරීමට වගබලා ගන්නා ලෙස සිහිපත් කරමි. සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! – පොලිස්පති, නීතිඥ ප්‍රියන්ත වීරසූරිය – …………………………………………………………. பௌத்த உலக மக்களின் மிகப் புனிதமான வெசாக் பௌர்ணமி தினத்தை முன்னிட்டு, இலங்கை வாழ் அனைத்து மக்களுக்கும் எனது இதயபூர்வமான வாழ்த்துகளை பணிவுடன் தெரிவித்துக் கொள்கிறேன். புத்த பகவானின் திருத்திருமுக நிகழ்வுகளான (பிறப்பு, புத்தத்துவம் அடைதல் மற்றும் பரிநிர்வாணம்) நினைவுகூரும் இந்த உன்னத வெசாக் பௌர்ணமி தினம், நம் அனைவரின் மனங்களில் கருணை, அன்பு மற்றும் ஞானத்தை வளர்த்தெடுக்கக் கிடைக்கும் சிறந்த வாய்ப்பாகும். “பகையால் பகை தீராது, அன்பினாலேயே பகை தணியும்” என்ற புத்தரின் உபதேசம் இன்றைய சமூகத்திற்கும் மிகப் பொருத்தமான செய்தியாகும். இலங்கை பொலிஸ் துறையாக, நாட்டில் சட்டம் மற்றும் ஒழுங்கை பாதுகாத்து, அமைதியான மற்றும் நெறிமுறை சார்ந்த சமூகத்தை உருவாக்க நாம் எப்போதும் அர்ப்பணிப்புடன் செயற்பட்டு வருகிறோம். இவ்வருட வெசாக் காலத்தில், ஆராதனை மற்றும் நடைமுறை வழிபாடுகளுக்கு முன்னுரிமை அளித்து, பரஸ்பர மரியாதை மற்றும் ஒத்துழைப்புடன் செயற்படுமாறு அனைத்து பொலிஸ் அதிகாரிகளையும், பொதுமக்களையும் அன்புடன் கேட்டுக்கொள்கிறோம். குறிப்பாக, பண்டிகை காலத்தில் வீதிப் பாதுகாப்பை கவனத்தில் கொண்டு, மது மற்றும் போதைப்பொருட்களைத் தவிர்த்து, பக்தியுடன் வெசாக் திருவிழாவை கொண்டாடுமாறு நினைவூட்டுகின்றோம். அனைவருக்கும் புண்ணியமிக்க வெசாக் பண்டிகை நல் வாழ்த்துகள்! …………………………….. On the occasion of the most sacred Vesak Full Moon Poya Day, revered by Buddhists around the world, I extend my heartfelt Vesak greetings to all Sri Lankans with profound devotion and sincere goodwill. The noble Vesak Poya, which commemorates the Birth, Enlightenment, and Parinibbana of the Buddha, provides a valuable opportunity for all of us to cultivate loving-kindness, compassion, wisdom, and understanding within our hearts. The timeless teaching of the Buddha that “Hatred is never appeased by hatred, Hatred is appeased only by non-hatred” remains one of the most relevant and powerful messages for contemporary society. It serves as a guiding principle for fostering harmony, tolerance, and peaceful coexistence among all people. As the Sri Lanka Police, we remain steadfast in our commitment to maintaining law and order, ensuring Public Safety, and contributing to the creation of a Peaceful, Disciplined, and morally upright society. During this Vesak season, I respectfully urge all police officers and members of the public to give priority to both Amisa Pooja and Prathipatti Pooja, embracing the true spirit and values of the Buddha’s teachings through their words and actions. I also kindly appeal to everyone to demonstrate mutual respect, understanding, and cooperation during this festive period. In particular, I encourage all citizens to exercise caution on the roads, uphold road safety regulations, refrain from the use of alcohol and narcotic substances, and celebrate Vesak with noble thoughts and virtuous conduct. May this blessed Vesak bring peace, happiness, and spiritual fulfillment to all. – The Inspector General of Police, Attorney-at-Law Mr. Priyantha Weerasuriya –

Special Events - SI

පින්බර වෙසක් පෙහොය නිමිත්තෙන් මූලස්ථානය පරිශ්‍රයේ විශේෂ ධර්ම දේශනාමය පින්කමක්

සකල ලෝ වාසී බෞද්ධ ජනතාව ඉමහත් බක්තියෙන් සමරන 2026 වෙසක් පුර පසළොස්වක පොහොය හෙට දිනට (29) යෙදී ඇති නිමිත්තෙන් පොලිස් මූලස්ථානය සංවිධානය කළ විශේෂ ධර්ම දේශනාමය පිංකමක් පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සහභාගීත්වයෙන් 2026.05.28 වන දින සවස පොලිස් මූලස්ථානය පරිශ්‍රයේදී පැවැත්වුනි. ධර්ම දේශනය සඳහා වැඩමවා වදාළ පූජ්‍යපාද රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ විසින් ධර්ම දේශනය ශ්‍රවනය කිරීමට එක්වුනු  පොලිස් මූලස්ථානයේ නිලධාරීන්ගේ අධ්‍යාත්මික සංවර්ධනය සහ මානසික සුවය,පෞර්ෂ වර්ධනය උදෙසා වැදගත් වූ අවවාද හා ධර්ම කරුණුවලින් පොහොසත් දේශනාවක් වදාළ සේක.

Notable Services - SI

“Take care, සුරැකෙමු මඟතොට” වැඩසටන් මාලාවේ ප්‍රධාන වැඩමුළුවක් දේවි බාලිකා විද්‍යාලයේදී

Clean Sri Lanka ජාතික වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා පොලිසියේ රථවාහන හා මාර්ග ආරක්ෂාව දිසාව විසින් සංවිධානය කරනු ලබන “Take care – සුරැකෙමු මඟතොට” දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ තවත් ප්‍රධාන වැඩමුළුවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් 2026.05.26 වන දින උදෑසන කොළඹ දේවි බාලිකා විද්‍යාලයේදී පැවැත්වුනි. ජනාධිපති ලේකම්වරයා සහ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ හා රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර මහතා විසින් මෙහිදී දේවි බාලිකා විද්‍යාලයේ දරු දැරියන් හා ගුරුභවතුන් Clean Sri Lanka ජාතික වැඩසටහනේ අරමුණ පිළිබඳව හා මාර්ග ආරක්ෂාවේ වැදගත්කම පිළිබඳව පූර්ණ වශයෙන් දැනුවත් කරන ලදී. ස්ථානාධිපති ප්‍රධාන පොලිස්පරීක්ෂක රාජපක්ෂ මහතාගේ මෙහෙයවීම යටතේ රථවාහන මූලස්ථානයේ අධ්‍යාපන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රවීන් සුමනරත්න මහතා සහ දමිළ භාෂාවෙන් සංඛ්‍යාලේකන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රවීන් සුමනරත්න මහතා දැනුවත් කිරීමේ දේශන පැවැත්වූ අතර  රථවාහන මූලස්ථානයේ අධ්‍යාපන අංශයේ හා රිය පාසලේ ස්ථානාධිපිත උප පොලිස් පරීක්ෂක දයාල් කාරියවසම් මහතා විසින් සුපුරුදු පරිදි දර්ශනීය මාර්ග ආරක්ෂණ විධි සන්දර්ශනය පවත්වා  මාර්ගයේදී ආරක්ෂාව සහිතව ගමන් ගන්නා ආකාරය ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇසුරින් පැහැදිලිකරමින් වැඩමුළුව සාරථකව නිමාකරන ලදී.

Wanted - SI

ෂර්ලි ජයවර්ධන අමදෝරු

වරුමේනියා රටෙහි විදේශ රැකියා ලබා දෙන බවට පවසා පුද්ගලයින්ගේ මුදල් ලබා ගෙන එකී මුදල් වංචා කිරීම, විශ්වාසය කඩ කිරීම හා සාවද්‍ය පරිහරණය කල Rainbow Garments Technologies (pvt) Ltd නමින් පවත්වාගෙන ගිය පුද්ගලික ආයතනයක් සම්බන්ධව ලද පැමිණිල්ලකට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය මඟින් විමර්ශන සිදු කරමින් පවතී. සිදු කරන ලද විමර්ශනයේදී පුද්ගලයින් 750 ක පමණ පිරිසකගෙන් රුපියල් කෝටි 92 කට අධික මුදලක් වංචා කර ඇති බවට අනාවරණය වී ඇත. ඒ අනුව, මේ සම්බන්ධයෙන් නුගේගොඩ ගරු මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර මෙම වංචාවට අදාලව එම සමාගමේ අධ්‍යක්ෂිකාවක් ලෙස කටයුතු කල සැකකාරියකට විවෘත වරෙන්තු නිකුත් කර ඇත. මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් සිටින එම සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය පතයි. සැකකාරියගේ විස්තර නම :- ෂර්ලි ජයවර්ධන අමදෝරුවයස :- අවුරුදු 54ලිපිනය :- අංක, 118/3, සමඟි මාවත, මාගම්මන, හෝමාගමජාතික හැදුනුම්පත් අංකය :- 716032531V සැකකාරිය සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දීමට මහජනතාවට හැකියාව ඇත. දුරකථන අංක – * ස්ථානාධිපති / මූල්‍ය අපරාධ විමර්ශන ඒකක 01 – 071 – 8594910* අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව – 011 – 2444172  

Wanted - SI

කළුආරච්චි ලියනගේ නිලුක්ෂ වීරසිංහ

2026.02.16 වන දින තලංගම පොලිස් වසමේ අකුරේගොඩ පිහිටි සුපිරි වෙළදසැලක රථගාලේදී නීතීඥවරයෙකු සහ ඔහුගේ බිරිඳට ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය සිදුකිරීමේ අපරාධයට අදාලව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් විමර්ශන සිදු කරමින් පවතී. මෙම ද්විත්ව මනුෂ්‍ය ඝාතනය සිදුකිරීම සඳහා වෙඩික්කරුවන් ගමන් ගන්නා ලද කාර් රථයේ රියැදුරු වශයෙන් කටයුතු කල පහත සඳහන් තොරතුරු ඇතුලත් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතන අතර සැකකරුගේ විස්තර පහත පරිදි වේ. සැකකරුගේ විස්තර – නම :- කළුආරච්චි ලියනගේ නිලුක්ෂ වීරසිංහලිපිනය :- වීරසිංහ මල්ශාලාව, පරගොඩ, ඉමදුව ජා.හැ.අංකය :- 199714103549 මොහු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. දුරකථන අංක – * අධ්‍යක්ෂ / බස්නාහිර පළාත (දකුණ) දිසා අපරාධ කොට්ඨාසය – 071 – 8592279 * ස්ථානාධිපති / බස්නාහිර පළාත (දකුණ) දිසා අපරාධ කොට්ඨාසය – 071 – 8596065

Wanted - SI

වික්‍රම කාරළු ආරච්චිගේ සන්ධ්‍ය නිමාලි වික්‍රමආරච්චි

හෝමාගම ප්‍රදේශයේ පදිංචිව සිටි ප්‍රදේශයෙන් පළාගොස් සැඟව සිටින මැය අත්අඩංගුවට ගැනීම සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒ්කකය විසින් විමර්ශන සිදුකරයි. සැකකාරියගේ නම – වික්‍රම කාරළු ආරච්චිගේ සන්ධ්‍ය නිමාලි වික්‍රමආරච්චි ජා.හැ.අංකය – 795493018V සැඟව සිටින ස්ථානයක් පිළිබඳව හෝ අත්අඩංගුවට ගැනීමට සහයවන ඕනෑම තොරතුරක් දැනුම් දෙන්න – මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය – 011 2502619 ස්ථානාධිපති, මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය – 075 1504615

Police News - SI

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාලව තවත් සැකකරුවෙකු ගිනි අවියක් සමඟ අත්අඩංගුවට

2025.02.19 දින කොළඹ අංක 05 ගරු මහේස්ත්‍රාත් අධිකරණ ශාලාවක් තුලදී නීතිඥවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු විසින් බන්ධනාගාරය මගින් ඉදිරිපත් කර සිටි සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව නැමැත්තා වෙඩිතබා ඝාතනය කළ අපරාධය සම්බන්ධව විමර්ශන පවත්වන කොළඹ දිසා අපරාධ කොට්ඨාසය, එම සිද්ධියට අධාර අනුබල දුන් සැකකරුවෙකු ලෙස ගම්පහ ඔස්මන් නම් තැනැත්තා 2026.05.13 වන දින රාත්‍රියේ ගම්පහ පොලිස් වසමේ ශ්‍රී බෝධි පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. ගණේමුල්ල සංජීව නැමැත්තා ඝාතනය කිරීමට අදාලව අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත සිටින සැකකරුවන්ගෙන් අනාවරණය වූ තොරතුරු අනුව ගම්පහ ඔස්මන් නැමැති සැකකරු විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ එක්ව එම ඝාතනය සැලසුම් කර තිබේ. එමෙන්ම ඝාතනය සඳහා කුමන්ත්‍රණය කිරීම හා අපරාධය සිදුකිරීම සඳහා අවශ්‍ය ගිනි අවිය ලබා දීම, මනුෂ්‍ය ඝාතනයට ආධාර අනුබල දීම යන වැරදි සිදුකර ඇති බව අනාවරණය වී ඇති අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ බලපත්‍රයක් නොමැතිව විදේශ රටක නිෂ්පාදිත රීපීටර් වර්ගයේ ගිනි අවියක්, එම ජීව පතරොම් 10 ක් හා පතරොම් ගැබ් 02 ක්ද සැකකරු සන්තකයේ තිබී ඇත. කොළඹ දිසා අපරාධ කොට්ඨාසය සිද්ධීය සම්බන්ධව හා ආධාර අනුබලදුන් සැකකරුවන් සොයා තවදුරටත් විමර්ශන සිදුකරයි.

Police News - SI

අම්බලන්තොට ප්‍රදේශයෙන් වාර්තා වූ මනුෂ්‍ය ඝාතනයට අදාළ සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට

2026.05.11 වන දින රාත්‍රියේ නාදුනන පුද්ගලයින් තිදෙනෙක විසින් අම්බලන්තොට මාමඩල හංදිය ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි පුද්ගලයෙකු වෙඩිතබා, කපාකොටා ඝාතනය කර හිස දේහයේ හිස කොටස මාමඩල හංදියේ පිළිරුවක තබා පළා ගිය සාහසික අපරාධය සම්බන්ධව විමර්ශන සිදුකළ අම්බලන්තොට පොලිස් ස්ථානයේ නිලධාරීන් හා තංගල්ල කොට්ඨාස අපරාධ විර්ශන ඒ්කකය සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත. එක් සැකකරුවෙකු අම්බලන්තොට පොලිස් ස්ථානය විසින් 2026.05.12 වන දින අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් දෙදෙනා තංගල්ල කොට්ඨාස අපරාධ විර්ශන ඒ්කකය විසින් 2026.05.12 වන දින අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් අම්බලන්තොට් ප්‍රදේශයේ පදිංචිකරුවන්ය. 2025.02.02 වන දින ඇලේගොඩ මාමඩල ප්‍රදේශයෙන් වාර්තා වූ ත්‍රිත්ව මනුෂ්‍ය ඝාතනයට පලිගැනීමක් ලෙස මෙම මනුෂ්‍ය ඝාතනය සිදුකර ඇති බව විමර්ශනයේදී අනාවරණය වී තිබේ. සැකකරුවන්ගේ පහරකෑමට ලක්වූ මරණකරුගේ බිරිඳගේ පියා හම්බන්තොට රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවේ.

Police News - SI

පරිගණක අපරාධ සිදුකළ බවට සැකපිට විදෙස් ජාතිකයින් 221 ක් අත්අඩංගුවට

01)මිදිගම පොලිස් ස්ථානය – විදෙස් ජාතික සැකකරුවන් 33 දෙනෙකු  අත්අඩංගුවට  මිදිගම පොලිස් ස්ථානයේ  නිලධාරීන් කණ්ඩායමක්  2026.05.11 වන දින රාත්‍රියේ මිදිගම පොලිස් වසමේ පිංවත්ත  ප්‍රදේශය සංචාරක හෝටලයක් තුල ලැගුම්ගෙන සිටි ඉන්දීය ජාතිකයින් 28 දෙනෙකු හා නේපාල ජාතිකයින් 05 දෙනෙකු  අත්අඩංගුවට ගෙන ඇත.  සැකකරුවන් අවුරුදු 25 ත් 35 අතර පසුවන්නන් වේ. මෙම සැකකරුවන් වීසා නොමැතිව මෙරට රැඳී සිටීම, සංචාරක වීසා මත පැමිණ රැකියාවල යෙදීම, තීරුබදු රහිතව ගෙන්වන ලද සිගරට් සන්තකයේ තබාගැනීම හා පරිගණක අපරාධ පනතේ ගැනෙන අපරාධයන් සිදු කිරීම යන වැරදි සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.  මිදිගම පොලිසිය මගින්  වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි 02) පොලිස් විශේෂ කාර්ය බලකා අක්මීමණ කඳවුර –  විදෙස් ජාතික සැකකරුවන් 55 දෙනෙකු අත්අඩංගුවට 2026.05.11 වන දින හික්කඩුව පොලිස් වසමේ දොඩන්දූව ප්‍රදේශයේ නවාතැන්පලක් තුලදී පරිගණක අපරාධ පනතේ ගැනෙන වැරදි සිදු කිරීමට සැකපිට ඉන්දීය ජාතිකයින් 35 දෙනෙකු හා නේපාල ජාතිකයින් 20 දෙනෙකු හා ඔවුන්ට නවාතැන් පහසුකම් ලබාදුන් හෝටල් හිමිකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකා අක්මීමන කඳවුරේ නිලධාරීන් කටයුතු කර ඇත. සැකකරුවන් සතුව තිබූ පරිගනක යන්ත්‍ර 25 ක්, ජංගම දුරකථන 119 ක්, මුදල් රුපියල් 750,000/- (හත්ලක්ෂ පනස් දහසක්) ක්, කාර් රථයක් හා ජීප් රථයක් හික්කඩුව පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.  විදෙස් ජාතිකයින් පිරිස වයස අවුරුදු 20 ත් 48 ත් අතර පසුවන්නන්ය. අත්අඩංගුවට ගත් ලැගුම්හල් හිමිකරු වයස අවුරුදු 43 ක් වන දොඩම්දූව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. හික්කඩුව පොලිසිය මගින්  වැඩිදුර විමර්ශන සිදුකරයි. 03) ගාල්ල පොලිස් ස්ථානය – විදෙස් ජාතික සැකකරුවන් 110 දෙනෙකු අත්අඩංගුවට  ගාල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් 2026.05.11 වන දින ගාල්ල පොලිස් වසමේ ගල්වඩුගොඩ හා ශ්‍රී සුමේධ මාවත  ප්‍රදේශවල වැටලීම් දෙකක් සිදුකර ලැගුම්හල් දෙකක් තුල නවාතැන් ගෙන සිටි ඉන්දීය ජාතිකයින් 110 දෙනෙකු පරිඝණක අපරාධ පනතේ ගැනෙන වැරදි සිදු කිරීමට සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.  සැකකරුවන් අවුරුදු 19  ත් 35  ත් අතර වයස්වල පසුවන්නන්ය. සැකකරුවන් සන්තකයේ තිබී පරිඝනක යන්ත්‍ර 58 ක්, ජංගම දුරකථන 79 ක්, පොලිස් භාරයට ගෙන ඇති අතර ගාල්ල පොලිස් ස්ථානය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි. 04)ගාල්ල වරාය පොලිස් ස්ථානය –  විදෙස් ජාතික සැකකරුවන් 23 දෙනෙකු අත්අඩංගුවට 2026.05.11 වන දින ගාල්ල වරාය පොලිස් වසමේ මාගල්ල හා සම්බෝධි හන්දිය අසල ප්‍රදේශවලදී පරිගණක අපරාධ සිදුකිරීමට සැකපිට ඉන්දීය ජාතිකයින් 19 දෙනෙකු හා නේපාල ජාතිකයින් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් වයස අවුරුදු 21ත් 47ත් අතර පසුවන්නන්ය. සැකකරුවන් සතුව තිබූ පරිගනක යන්ත්‍ර 10 ක්, ජංගම දුරකථන 32 ක්, ගාල්ල වරාය පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.  හික්කඩුව පොලිසිය මගින්  වැඩිදුර විමර්ශන සිදුකරයි.

Scroll to Top