Tharindu Withanage – Page 5 – ශ්‍රී ලංකා පොලිසිය

Author name: Tharindu Withanage

Uncategorized

මාලදිවයින් ජනාධිපතිතුමාගේ ශ්‍රී ලංකා සංචාරයට අදාළ රථවාහන සැලැස්ම

මාලදිවයින් ගරු ජනාධිපති Mohamed Muizzu මහතා 2026.05.03 දින සිට 2026.05.06 දින දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතව ඇත. එම සංචාරක කාලසීමාව තුල ශ්‍රී ලංකා පොලිසිය විසින් කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.  2026.05.03 දින සවස් කාලයේ ප්‍රභූවරයා කටුනායක ජාත්‍යයන්තර ගුවන්තොටුපොලට පැමිණීමෙන් පසු කටුනායක කොළඹ අධිවේගී මාර්ගය, ග්‍රෑන්ඩ්පාස් ඔරුගොඩවත්ත ‌හන්දිය, බේස්ලයින් පාර, බොරැල්ල හන්දිය, ඩී.එස්.සේනානායක හන්දිය, හෝර්ටන් පෙදෙස, නෙළුම් පොකුණ වටරවුම, ආනන්ද කුමාරස්වාමි මාවත, පුස්තකාල හන්දිය, මල් පාර හන්දිය, ලිබර්ටි වටරවුම, ශාන්ත මයිකල් වටරවුම, ශාන්ත මයිකල් පාර, ගාලු පාර, ශාන්ත මයිකල් පාර හන්දිය, ගාලු පාර, ගාලු මුවදොර වටරවුම, ගාලු මැද පාර, බාලදක්ෂ මාවත, එන්.එස්.ඒ. වටරවුම, ලෝටස් පාර, සෙරමික් හන්දිය, යෝර්ක් වීදිය ඔස්සේ පැමිණීමට නියමිතව ඇත. ප්‍රභූවරයා ගමන් ගන්නා කාලය තුල රථවාහන පොලිසිය විසින් පහත විකල්ප මාර්ග වෙත වාහන යොමු කිරීම සිදු කරනු ලබයි. විකල්ප මාර්ග – නුවර පාරෙන් කොළඹට ඇතුළුවන සැහැල්ලු වාහන  කැලණි පාලමෙන් කොළඹට ඇතුළු වී ග්‍රෑන්ඩ්පාස් බණ්ඩාරනායක පාරෙන් දකුණට හැරී ඉඟුරුකඩේ හන්දිය දක්වා ගමන් කර, වමට හැරී වේල්ස් කුමාර මාවත, ආමර් බාබර් වීදිය හන්දියෙන් වමට හැරී පංචිකාවත්ත වටරවුම, මරදාන පාලම් හන්දියෙන් වමට හැරී මරදාන පාර ඔස්සේ බොරැල්ල දක්වා ගමන් කර ප්‍රභූ රථ පෙළට අවහිරයක් නොවන ‌අන්දමින් අවස්ථානුකුලව බොරැල්ල හන්දියෙන් ‌කොටා පාරට ඇතුල්විය හැකිය. ගාලු පාර, හයිලෙවල් පාර සහ බේස්ලයින් ‌පාර ඔස්සේ කොළඹට ඇතුළුවන වාහන  බොරැල්ල කනත්ත වටරවුම, පරණ බුලර්ස් පාර, මොඩල් ෆාම් හන්දිය, කාසල් වීදිය, ආයුර්වේද හන්දිය, පරණ පාර, ඔබේසේකරපුර හන්දිය, කොලොන්නාව, වැල්ලම්පිටිය, අංගොඩ හන්දිය, කැලණිමුල්ල, කැලණිය හරහා නුවර පාරට හෝ මීගමුව පාරට ගමන් කළ හැකිය. කොළඹ කොටුව, පිටකොටුව දෙස සිට මීගමුව පාරට, නුවර පාරට සහ අවිස්සාවේල්ල පාරට ගමන් ගන්නා වාහන  ඕල්කට් මාවත, කාර්මික විද්‍යාල හන්දිය, පංචිකාවත්ත වටරවුම, ආමර් වීදිය හන්දිය, ආමර් බාබර් වීදිය හන්දිය, වේල්ස් කුමාර මාවත හන්දිය , ඉඟුරුකඩේ හන්දිය, තොටළග හන්දිය, නවලෝක හන්දිය, නවලෝක වටරවුම, මීගමුව පාරට හෝ අවිස්සාවේල්ල දෙසට ගමන් කරන වාහන නුවර පාර හතරේ කණුව හන්දියෙන් දකුණට හැරී කැලණිය – බියගම මාර්ගයේ ගමන් කර බණ්ඩාරවත්ත හන්දියෙන් දකුණට හැරී කඩුවෙල හන්දියට ගමන් කර වමට හැරී අවිස්සාවේල්ල දෙසට ගමන් කළ හැකි අතර, මීට අමතරව රෙක්මලේෂන් පාර ඔස්සේද කොළඹින් පිටවිය හැකිය. කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤවීදිය දෙස සිට ගාලු පාරට හයිලෙවල් පාරට 120 මාර්ගයට ගමන් කරන වාහන  ලිප්ටන් වටරවුම, සොයිසා වටරවුම, කන්නන්ගර මාවත ඔස්සේ ගමන් කර ප්‍රභු රථ පෙළට බාධාවක් නොවන පරිදි අවස්ථානුකුලව හරහා යාමට අවස්ථාව ලබා දෙන අතර, ඒ අනුව කන්නන්ගර මාවතින් පැමිණ නෙළුම් පොකුණ වටරවුම හරහා නන්දා මෝටර්ස් හන්දිය, නිදහස් වටරවුම, රීඩ් මාවත ඔස්සේ තුම්මුල්ල දක්වා ගමන් කර පිටවිය හැක. 2026.05.04 දින උදෑසන ප්‍රභූවරයා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගමන් කිරීම. එම කාලය තුල එන්.එස්.ඒ.වටරවුම, ගාලු මැද පාර, බැංකු මාවත ඔස්සේ ජනාධිපති ලේකම් කාර්‌යාලය දක්වා බස් රථ ඇතුළු බර වාහන ඇතුළු වීම ප්‍රභුවරයාගේ සංචාරය සිදුවීමට පැය දෙකකට පෙර නැවැත්වීම සිදු කරන අතර, ප්‍රභූවරයා ගමන් ආරම්භ කිරීමෙන් පසු සියළුම වාහන ඇතුළු වීම සීමා කරනු ලැබේ. විකල්ප මාර්ග – කොළඹින් පිටවන සියළුම වාහන  සෙරමික් හන්දියෙන් වමට හරවා කොම්පඤ්ඤවීදිය දෙසට හා ඩී.ආර්. විජේවර්ධන මාවතින්ද, ටෙක්නිකල් හන්දිය ඔස්සේ සංඝරාජ මාවතින්, මාලිගාවත්ත හා ආමර් බාබර් වීදිය ඔස්සේ ද, මරදාන ගාමිණි වටරවුම හා මරදාන පාර ඔස්සේද ගමන් කල හැකි අතර, කොම්පඤ්ඤවීදිය පොලිසිය වටරවුම, කුමාර රත්නම් පාර, කොම්පඤ්ඤවීදිය හන්දිය, සර් ජේම්ස් පිරිස් මාවත, පිත්තල හන්දිය, රතු කුරුස හන්දිය , පුස්තකාල වටරවුමෙන් දකුණට හැරී ආනන්ද කුමාරස්වාමි මාවත, ලිබර්ටි වටරවුමෙන් වමට හැරී ආර්.ඒ ද මෙල් මාවත ඔස්සේ කොළඹින් පිටවිය හැකිය. ගාලු පාර ඔස්සේ කොළඹට ඇතුළු වන වාහන  ගාලු මුවදොර වට රවුමෙන් දකුණට හරවා කොම්පඤ්ඤවීදිය දෙසට ගමන් කර කොළඹට ඇතුළු විය හැකිය. 2026.05.04 දින දහවල් ප්‍රභූවරයා විහාරමහාදේවි උද්‍යානය වෙත ගමන් කිරීම. එම කාලය තුල සෙරමික් හන්දිය, රීගල් වටරවුම, කොම්පඤ්ඤවීදිය හන්දිය, පිත්තල හන්දිය, රතුකුරුස හන්දිය, පුස්තකාල වටරවුම, නෙළුම් පොකුණ වටරවුම, එෆ්.ආර්.සේනානායක මාවත ඔස්සේ විහාරමහාදේවී උද්‍යානය වෙත ගමන් කිරීම හා ධර්මපාල වටරවුම, රතුකුරුස හන්දිය, පුස්තකාල වටරවුම, මල්පාර, පිත්තල හන්දිය කොම්පඤ්ඤවීදිය වටරවුම, රීගල්, සෙරමික් හන්දිය දක්වා රථවාහන ගමනාගමනය සීමා කරනු ලැබේ. විකල්ප මාර්‌ග – ගාලු පාර ඔස්සේ කොළඹට ගමන් කරන සියළුම වාහන  ගාලු මැද පාර ඔස්සේ, එන්.එස්.ඒ.වටරවුම, ජනාධිපති මාවත, බැංකු මාවත, යෝර්ක් වීදිය ඔස්සේ කොළඹට ඇතුළු විය හැක. කොළඹින් පිටවන සියළුම වාහන  ටෙක්නිකල් හන්දිය ඔස්සේ මරදාන/බොරැල්ල දෙසට හා ආමර් බාබර් හන්දිය දෙසට හා මාලිගාවත්ත ඔස්සේ බේස්ලයින් මාර්‌ගයට පිවිස කොළඹින් පිටවිය හැක. 2026.05.04 දින සවස ජනාධිපති මන්දිරය වෙත ගමන් කිරීම. එම කාලය තුල බැංකු මාවත, ජනාධිපති මාවත, බැංකු මාවත හන්දිය, ජනාධිපති මාවත ජනාධිපති මන්දිරය දක්වා රථවාහන ගමනාගමනය සීමා කරනු ලැබේ. විකල්ප මාර්‌ග – කොළඹ පිටකොටුව දෙස සිට කොළඹින් පිටවන වාහන  සෙරමික් හන්දියෙන් ‌වමට හරවා කොම්පඤ්ඤවීදිය දෙසට හා ඩී.ආර්. විජේවර්ධන මාවතින්ද, හයිලෙවල් පාර, ගාලු පාර හා 120 මාර්ගයට ගමන් කරන සියළුම වාහන ටෙක්නිකල් හන්දිය ඔස්සේ මරදාන බොරැල්ල දෙසට හා ලිප්ටන් වටරවුම, සොයිසා වටරවුම කන්නන්ගර මාවත ඔස්සේ නෙළුම් පොකුණ වටරවුම හරහා නන්දා මෝටර්ස් හන්දිය, නිදහස් වටරවුම, රිඩ් මාවත ඔස්සේ කොළඹින් පිටවිය හැක. ගාලු පාර, හැව්ලොක් පාර, හයිලෙවල් පාර ඔස්සේ කොළඹට ඇතුළුවන ‌වාහන  ලිබර්ටි වට රවුමෙන් වමට හැරී පිත්තල හන්දිය ඔස්සේද, තුන්මුල්ල හන්දිය ඔස්සේ ගමන් කර රීඩ් මාවත තර්ස්ටන් පාර, ජේ.ඕ.සී. හන්දිය, ග්ලාස් හවුස් හන්දිය, නන්දා මෝර්ටස් හන්දිය, නෙළුම් පොකුණ හරහා කන්නංගර මාවත ඔස්සේ සොයිසා වටරවුම හරහා ගමන් කිරීමට අවස්ථාව ලබා දෙනු ලැබේ. 2026.05.05 දින උදෑසන කෞතුකාගාරය, මාලදිවයින් තානාපති කාර්‌යාලය හා මාලදිවයින් සංස්කෘතික මධ්‍යස්ථානය වෙත ගමන් කිරීම. ගමන් මාර්‌ගය –  සෙරමික් හන්දිය, රීගල් වටරවුම, කොම්පඤ්ඤවීදිය හන්දිය, පිත්තල හන්දිය, පුස්තකාල හන්දිය, ග්ලාස් හවුස් හන්දිය ඔස්සේ කෞතුකාගාරය වෙත.  නන්දා මොර්ටස්, නිදහස් වටරවුම, තුම්මුල්ල හන්දිය, බෞද්ධාලෝක මාවත ආර්.ඒ. ද මෙල් මාවත, ලෝරන්ස් පාර, ගාලු පාර, මෙල්බෝන් ඇවනිව් ඔස්සේ තානාපති කාර්‌යාලය වෙත.  මෙල්බෝන් ඇවනිව් හන්දිය, ගාලු පාර වජිර පාර හන්දිය, හැව්ලොක් පාර, මායා වටරවුම, ඩබ්.ඒ. සිල්වා මාවත පරණ හැව්ලොක් පාර හන්දිය, කවිරත්න මාවත ඔස්සේ මාලදිවයින් සංස්කෘතික මධ්‍යස්ථානය වෙත. නැවත පැමිණීම –  ඩබ්.ඒ සිල්වා මාවත, පරණ හැව්ලොක් පාර හන්දිය, මායා වටරවුම, හැව්ලොක් පාර, තිඹිරිගස්යාය පාර හන්දිය, තුම්මුල්ල, ජේ.ඕ.සි හන්දිය, ග්ලාස් හවුස්, පුස්තකාල හන්දිය, මල් පාර හන්දිය, පිත්තල හන්දිය,කොම්පඤ්ඤවීදිය හන්දිය, මැලේ වීදිය, රීගල්, සෙරමික් හන්දිය ඔස්සේ නැවත පැමිණීමට නියමිතව ඇත. විකල්ප මාර්‌ග – ගාලු පාර ඔස්සේ කොළඹට ඇතුළු වන සියළුම වාහන  ගාලු පාර කොල්ලුපිටිය හන්දිය ගාලු මැද පාර ඔස්සේ කොළඹට ඇතුළු විය හැකිය. පිටකොටුවෙන් පිට වී ගාලු පාරට ගමන් කරන සියළුම වාහන  මරදාන ටෙක්නිකල් හන්දිය ඔස්සේ බේස්ලයින් මාර්ගය හරහා ද බොරැල්ල නාරාහේන්පිට දෙසින් ද ගමන් කල හැකිය. නුවර පාර හා අවිස්සාවේල්ල දෙසට ගමන් කරන වාහන  ටෙක්නිකල් හන්දිය සංඝරාජ වටරවුම ඔස්සේ මාලිගාවත්ත හා ග්‍රෑන්ඩ්පාස් දෙසින් කොළඹින් පිටවිය හැකිය. 2026.05.06 දින උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල වෙත ගමන් කිරීම. එම කාලය තුල, බැංකු මාවත, ජනාධිපති මාවත, එන්.එස්.ඒ.වටරවුම,

Police News - SI

ගංජා කිලෝග්‍රෑම් 190 ග්‍රෑම් 180 ක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

ඔක්කම්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් 2026.05.02 දින උදෑසන මාලිගාවිල දෙස සිට ඔක්කම්පිටිය දෙසට 02 කණුව ප්‍රදේශයේදී ගංජා කිලෝග්‍රෑම් 190 ග්‍රෑම් 180 ක් කැබ් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් අවුරුදු 35 සහ 39 වයස්වල පසුවන තණමල්විල ප්‍රදේශයේ පදිංචිකරුවන්ය. ඔක්කම්පිටිය පොලිස් ස්ථානය සැකකරුවන් පිළිබඳව සහ ආධාර අනුබල දුන් අය අනාවරණය කරගැනීම සඳහා වැඩිදුර විමර්ශන ආරම්භකර ඇත.

Special Events - SI

LankaPay Technnovation – 2026 සම්මාන උළෙලේ විශිෂ්ටතම රාජ්‍ය ආයතනයට හිමි රන් සම්මානය

The Sri Lanka Police was honoured with the award for the Best State Institution at the LankaPay Technnovation – 2026 Awards Ceremony, in recognition of its exemplary contribution to implementing the online payment system for traffic fines through GovPay. LankaPay, the organization responsible for developing and operating the innovative national digital payment network (GovPay) under the guidance of the Central Bank of Sri Lanka, organized the LankaPay Technnovation – 2026 Awards Ceremony to acknowledge institutions dedicated to advancing the nation towards a digitally transformed future by delivering efficient and citizen-centric services. The event was held on the evening of 25 March 2026 at the Shangri-La Hotel Complex in Colombo. During the ceremony, the Sri Lanka Police received the award for its outstanding commitment to delivering high-quality digital payment services (GovPay) to the public. Special recognition was extended to the Inspector General of Police, Attorney-at-Law Priyantha Weerasuriya; Senior Deputy Inspector General in charge of Crime and Traffic, Ranmal Kodithuwakku; Deputy Inspector General in charge of Traffic Control and Road Safety, W. P. J. Senadheera; and the Officer-in-Charge of the Police Information Technology Division, Chief Inspector Lakmal, for their significant contributions towards introducing and promoting the digital payment system, thereby enhancing public convenience. The awards ceremony was graced by distinguished guests, including the Honorable Deputy Minister of Digital Economy, Eranga Weeraratne; the Governor of the Central Bank of Sri Lanka, Dr. P. Nandalal Weerasinghe; and the President’s Principal Advisor on Digital Economy, Dr. Hans Wijesuriya. The event also saw the participation of heads of several leading private institutions in the country, recognized for their excellence in adopting digital solutions.

Special Events - SI

පොලිස් විරු දින උදෑසන පොලිස්පතිතුමන් දළදා වහන්සේ අභිමුවට

පොලිස් රාජකාරි අතරතුර දිවි පිදූ නිලධරයින් ගෞරවයෙන් සිහිපත්කරන මාර්තු මස 21 වන අද දිනට යෙදෙන පොලිස් විරු සමරු දිනයට සමගාමීව ශ්‍රී ලංකා පොලිසිය, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සහභාගීත්වයෙන් මහනුවර දළදා මාලිගාවේ තැන්පත් අතිපූජනීය දළදා වහන්සේ උදෙසා උදෑසන මුල්තැන් දානය පූජා කරන ලදී. මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා ඇතුළුව මහනුවර සහ මාතලේ පොලිස් කොට්ඨාසවල ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්, වික්‍රමාන්විත රාජකාරියේදී දිවි පිදූ නිලධාරීන්ගේ සමීප ඥාතීන් මෙම උතුම් පින්කම සඳහා සහභාගී වූ අතර පොලිස්පතිතුමන් එහිදී පොලිස් කොට්ඨාස ධජ උතුම් දළදා වහන්සේ ඉදිරිපිට තබා සියළු පොලිස් නිලධාරීන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරන ලදී.

Special Events - SI

162වන විරු දින සැමරුම

මෙරට ඉතිහාසයේ වික්‍රමාන්විත, අභිමානවත් පොලිස් රාජකාරීන් අතරතුර දිවි අහිමිවූ ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් විරුවන් ගෞරවාන්විතව අනුස්මරණය කරමින් 162 වන පොලිස් විරු සමරු දින ප්‍රධාන සැමරුම පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් 2026.03.21 වන උදෑසන කොළඹ, පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේදී පැවැත්වුනි. පොලිස් නිලධරයන් හා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධරයන්ගෙන් සමන්විත වූ සම්මාන මුර පෙළපාලියක ගෞරව හරසර මධ්‍යයේ පොලිස්පතිතුමන් හා දිවි පිදූ පොලිස් විරුවන්ගේ සමීප ඥාතීන් ක්ෂ්ත්‍ර බලකා මුලස්ථානයේ ස්ථාපිත රණවිරු ස්මාරකයට පුෂ්ප උපහාර උපහාර පුද කළහ. පොලිස්පතිතුමන් විරුදින සැමරුම ආමන්ත්‍රණය කරමින් “සෑම දිනකම හිරු නැග එන මෙහොතේ මෙන්ම හිරු බැස යන මොහොතේ දිවි පිදූ පොලිස් නිලධාරීන් අනුස්මරණය කර සිය ගෞරවස්තූතිය පුදකරන බවත්, දිවිපිදූ නිලධරයන්ගේ සමීප ඥාතීන්ගේ සුභ සාධනය වෙනුවෙන් හැකි උපරිමයෙන් කැපවන බවත්”  ප්‍රකාශ කළේය. වාර්තාගතව ඇති පරිදි උතුවන්කන්දේ සරදියල් අත් අඩංගුවට ගැනීමට කෑගල්ල මහ දිසාපතිවරයා වන ඊ. ආර්. සෝන්ඩස් ගේ නියෝගයක් අනුව රාජකාරි කළ පොලිස් කොස්තාපල් සභාන් නැමැති නිලධාරියා සරදියෙල් සමඟ ගැටුමේදී මිය ගිය දින සිට අද දිනය දක්වා පොලිස් රාජකාරි වෙනුවෙන් දිවි පිදූ පොලිස් නිලධාරීන් ගණන 5789 කි. කාන්තා නිලධාරිනියන් ගණන 07කි. දිවි පිදූ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධරයන් ගණන 464 කි. ව්ක්‍රමාන්විත පොලිස් රාජකාරියේදී ආබාධිත වූ පොලිස් නිලධරයන් ගණන 1633 කි. මින් 30 වසරක උතුරු නැගෙනහිර යුධ සමයේදී නිලධරයන් 2598 ක් රට දැය සාමය වෙනුවෙන් දිවි පුදා ඇති අතර යුධ සමයේදී අබාධිත වූ විරුවන් ගණන 1575 කි. දිවි පිදූ පළමු කාන්තා නිළධාරිනිය ලෙස ඉතිහාසයේ සඳහන්ව තිබෙන්නේ 1989 ජූලි 16 වන දින මහනුවරදී වික්‍රමාන්විත පොලිස් රාජකාරියකදී දිවි පිදූ  යශෝමැණිකේ නිලධාරිනිය පිළිබඳවයි.  මෙවර සම්මාන මුර පෙළපාලියේ ප්‍රධාන අණදෙන්නා ලෙස පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත මහතා කටයුතු කළ අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු පොලිස් නිලධාරීන් රැසක් රණවිරු ස්මාරකයට උපහාර දක්වමින් ගෞරවාන්විතව විරු දිනය අනුස්මරණය කිරීමට ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට එක්ව සිටියහ.

Special Events - SI

පූජ්‍ය කිරින්දේ අස්සජි හිමියන්ගේ මගපෙන්වීම සහ සංකල්පයක් මත ඔක්ස්ෆර්ඩ් චෙස්ටර් උසස් අධ්‍යාපන ආයතනයෙන් පූර්ණ ශිෂ්‍යත්ව 75ක් පිරිනැමේ

ශ්‍රී ලාංකේය සිසු පරපුරේ අධ්‍යාපන සිහින සැබෑ කරලීම වෙනුවෙන්, ඔක්ස්ෆර්ඩ් චෙස්ටර් උසස් අධ්‍යාපන ආයතනය (OCU) මගින් 2026.03.19 දින පූර්ණ ශිෂ්‍යත්ව 75ක් පිරිනමන ලදී. ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි ස්වාමින් වහන්සේගේ ජන්ම දිනය නිමිත්තෙන් සංවිධානය වූ මෙම වැඩසටහන, උන්වහන්සේගේ සෘජු මගපෙන්වීම සහ සුවිශේෂී සංකල්පයකට අනුව ක්‍රියාත්මක නැන්වූවකි. පොලිස්පතිතුමාගේ සහභාගීත්වයෙන්පොලිස් මූලස්ථානයේදී මෙම වැඩසටහන ආරම්භ වූ අතර ඒ සඳහා පොලිස් සේවා වනිතා ඒකකයේ සභාපතිනී නීතීඥ නිල්මිණී නීටා සමරතුංග මහත්මියද සහභාගි විය.  මෙහිදී රට වෙනුවෙන් අප්‍රතිහත සේවයක් ඉටු කරන පොලිස් නිලධාරීන්ගේ දරුවන් වෙනුවෙන් උපහාරයක් ලෙස මෙන්ම, දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ ඉගෙනුම ලබන දක්ෂ දරුවන් වෙනුවෙන් මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරිණි. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීමට සහ සිසුන්ට අවශ්‍ය සහයෝගය ලබාදීමට ආචාර්ය දුලාන් හෙට්ටිආරච්චි මහතා ලබාදෙන සුවිශේෂී දායකත්වය මෙහිදී ඇගයීමට ලක්විය. අස්සජි හිමියන්ගේ මගපෙන්වීම මත ඔක්ස්ෆර්ඩ් චෙස්ටර් ආයතනය ක්‍රියාවට නංවන මෙම සමාජ සත්කාරය, මෙරට අනාගත පරපුරේ අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කරන්නකි.  බස්නාහිර පළාත් ආණ්ඩුකාර ගරු හනීෆ් යූසෆ්, බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම්, වනන් පෙරේරා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන සංජීව ධර්මරත්න, නියෝජ්‍ය පොලිස්පති පොලිස් මූලස්ථාන, නාලක සිල්වා  මහතා යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සඳහා සහභාගි වූහ. 

Police News - SI

බස්නාහිර පළාත තුළ අපරාධ මැඩලීම සඳහා තොරතුරු ලබාදිය යුතු දුරකථන අංකය

බස්නාහිර පළාත තුළ අපරාධ, මත්ද්‍රව්‍ය, නීති විරොධී ක්‍රියාකාරකම් මැඩලීම සඳහා තොරතුරු ලබාදිය හැකි නව WhatsApp  අංකය – 077 7128128 පැය 24 පුරා මෙම WhatsApp අංකයට ලැබෙන තොරතුරු බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ ස්ථාපිත විශේෂ මෙහෙයුම් මැදිරිය මගින් නිරීක්ෂණය කෙරෙන අතර තොරතුරු ලබාදෙන පුද්ගලයින්ගේ රහස්‍යභාවය සුරැකේ.

Police News - SI

නීතී විරෝධී අයුරින් ඉපැයූ රන් භාණ්ඩ තොගයක් උකස් කළ, විකිණූ කාන්තාවක් මුදල් විශූද්ධීකරණය වැලැක්වීමේ පනත ප්‍රකාරව අත්අඩංගුවට

2019 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා කාලය තුළ දකුණු ඉන්දියාවේ සිට මෙරටට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර අත්අඩංගුවට පත්වූ සැකකරුවෙකු‌ගේ බිරිඳගේ මව  නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් 2026.03.15 දින සවස මන්නාරම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.  ජාවාරම්කරු ඉපැයූ මුදලින් මිලදීගත් දේපළ සම්බන්ධව සිදුකළ විමර්ශනයේදී රන් භාණ්ඩ තොගයක් මෙම සැකකාරිය විසින් මූල්‍ය ආයතන කිහිපයක උකස් කර පසුව මන්නාරම ප්‍රදේශයේ රන් භාණ්ඩ අලෙවිසැල් කිහිපයකට විකිණීම සිදුකර ඇති බව අනාවරණය වී තිබේ. ඒ් අනුව මුදල් විශූද්ධීකරණය වැලැක්වීමේ පනත ප්‍රකාරව නීති විරෝධී ක්‍රියාකාරකම් මගින් උපයාගන්නා ලද භාණ්ඩ බව දනිමින්ම උකස් කිරීම හා විකිණීම සිදු කිරීම යන වැරදි සැකකාරිය විසින් සිදුකර ඇති බැවින් අත්අඩංගුවට ගැනීමට ක්‍රියාකර ඇත. සැකකාරිය වයස අවුරුදු 66 ක් වන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකාරියකි. ජාවාරම මගින් උපයාගත් දෙමහල් නිවසක්, කඩකාමර 05 කින් යුත් නිවසක්, මෝටර් රථයක් හා රන් පවුම් 360 කට ආසන්න රන් ආභරණ ප්‍රමාණයක් සම්බන්ධව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින්  මහාධිකරණයේ නඩු පවරා භාවිතය තහනම් කර එම නියෝග දීර්ඝ කිරීම සිදු කරමින් පවතී. නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.

Police News - SI

කුඩා ඇසුරුම් ලෙස සකස්කළ අයිස් ග්‍රෑම් 261 මිලිග්‍රෑම් 620 ක් සමඟ22 හැවිරිදි පාතේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් අත්අඩංගුවට

2026.03.15 වන දින අළුයම අහුංගල්ල ගමකරවත්ත ප්‍රදේශයේ නිවසක් පිටුපස සිටි පුද්ගලෙයකු සන්තකයේ තිබී අයිස් ග්‍රෑම් 261 මිලිග්‍රෑම් 620 ක් අත්අඩංගුවට ගැනීමට අහුංගල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් සිදුකළ වැටලීමකින් හැකිවී ති‌බේ. සැකකරු මත්ද්‍රව්‍ය ‌බෙදාහැරීමේ නිරතවන්නෙකු බවට සැකකළ හැකි පරිදි කුඩා ප්‍රමාණයේ මත්‍ද්‍රව්‍ය ඇසුරුම් කිහිපයක් සන්තකයේ තිබී හමුවී අති අතර ජාවාරිමන් උපයාගත් බවට සැකකරන මුදල් රුපියල් 105,000/= ක්ද ‌පොලිස් භාරයට ‌ගෙන ඇත. සැකකරු වයස අවුරුදු 22 ක් වන පාතේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අහුංගල්ල පොලිස් ස්ථානය විසින් සැකකරු සම්බන්ධ වැඩිදුර විමර්ශන සිදුකරයි.

Police News - SI

ගංජා කිලෝග්‍රෑම් 2 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 320 ක්, හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 151 සමඟ සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට පත්වූ වැටලීම්

*  තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය  2026.03.14 දින දහවල් හුංගම කිවුල දකුණ හා හාතගල ප්‍රදේශ තුළ සිදුකළ වැටලීම් මගින් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 210 ක් හා හෙරොයින් ග්‍රෑම් 102 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. අවුරුදු 27 හා 39 වයසේ පසුවන අම්බලන්තොට ප්‍රදේශවල පදිංචිකරුවන් වන මෙම සැකකරුවන් සම්බන්ධව හුංගම පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදුකරයි. *  ඌරගස්මංහන්දිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් එදින රාත්‍රියේ ඌරගස්මංහන්දිය උඩුමුල්ල ප්‍රදේශයේ සිදුකළ වැටලීමක් මගින් ද අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 105 මිලිග්‍රෑම් 450 ක් හා හෙරොයින් ග්‍රෑම් 52 ක් ළඟ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු වයස අවුරුදු 36 ක් වන ගල්උඩුමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. *  ගංජා කිලෝග්‍රෑම් 02 ක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 260 ක් හා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකරුන මුදල් රුපියල් 84,500 ක් සන්කයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගලේවෙල පොලිස් ස්ථානයට හැකි වී තිබේ. 2026.03.14 දින දහවල් ගලේවෙල ජයතිලකමාවත ප්‍රදේශයේදී අදාළ වැටලීම සිදුකර ඇත. සැකකරු වයස අවුරුදු 38 ක් වන එම ප්‍රදේශයේම පදිංචිකරුවෙති. ගලේවෙල පොලිස් ස්ථානය මගින් සැකකරු සම්බන්ධව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Scroll to Top