Tharindu Withanage – Page 7 – ශ්‍රී ලංකා පොලිසිය

Author name: Tharindu Withanage

Notable Services - SI

ශ්‍රි ලංකාවේ පිහිටි තානාපති කාර්යාල හා මහකොමසාරිස් කාර්යාලවල හා මෙරට රැඳි සිටින විදෙස් ජාතිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධව.

ගෝලීයව උද්ගතවී ඇති අර්බුධකාරී තත්ත්වය හමුවේ මෙරට ආරක්ෂාව හා සාමය පවත්වාගෙන යාමට බාධා විය හැකි සිදුවීම් වැළැක්වීම සඳහා පොලිස්පතිතුමා විසින් සියළු පොලිස් ස්ථාන දැනුවත් කරමින් උපදෙස් මාලාවක් නිකුත් කර ඇත. ඒ අනුව තානාපති කාර්යාල, මහ කොමසාරිස් කාර්යාල, එම නිල නිවාස හා එම ආයතනවලට සම්බන්ධ අනෙකුත් ස්ථානවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සකස් කළ විශේෂ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමින් නැවත දැනුම් දෙනතුරු ආරක්ෂක වැඩපිළිවෙලට අනුව ක්‍රියාත්මක වන ලෙසත් පොලිස් ස්ථාන දැනුවත් කර ඇත. මෙරට සංචාරයේ නියුතු හා රැඳී සිටින විදෙස් ජාතිකයන්ගේ / ඔවුන්ගේ දේපළ සහ රැඳී සිටින වාසස්ථානයන්හි ආරක්ෂාව ව්‍යාපාරික ස්ථාන, සංචාරක ස්ථාන / ගමනාන්ත හා නේවාසික ගොඩනැගිලි, ආගමික මධ්‍යස්ථානයන්හි රැඳී සිටින පුද්ගලයන් / දේපළ වල ආරක්ෂාවද තහවුරු කිරීම සඳහා පැය 24 ම ආවරණය වන පරිදි ආරක්ෂක වැඩපිළිවෙලක් සකස් කර ක්‍රියාත්මක කරන ලෙසට පොලිස්පතිතුමා වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත. මෙම ආරක්ෂක සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී ත්‍රිවිධ හමුදා සහාය අවශ්‍ය නම් ඒ සඳහාද පියවර ගැනීම සඳහා උපදෙස් ලබා දී ඇත.

Notable Services - SI

“අභිමන් සත්සර” පොලිස් නිලධාරීන්ගේ රසාස්වාදයට ගීත විචාරාත්මක වැඩසටහනක්

අගනුවර වෙහෙසකර පොලිස් රාජකාරි මධ්‍යයේ අවට පොලිස් කොට්ඨාස මට්ටමින් හැකි උපරිම නිලධාරීන් ප්‍රමාණයක් සහභාගීකරගනිමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය 2026.02.27 වන දින සවස කොළඹ අපරාධ වාර්තා කොටඨාස ශ්‍රවනාගාරයේදී “අභිමන් සත්සර” මැයෙන් ගී රසවින්දන වැඩසටහනක් පැවැත්විය. පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂ, පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිවේදී ෆෙඩ්රික් වුට්ලර් මහතා‌ගේ ආරාධනය පිළිගෙන පැමිණි ප්‍රවීන ගීත විචාරක ධම්මික බණ්ඩාර මහතා ප්‍රධාන ගායන මඩුල්ල විසින් පැවැත්වූ එම ගී රසවින්දන වැඩසටහන පොලිස් බටහිර තූර්‍යවාදන වෘන්දයේ මියුරු සංගීතයෙන් රසවත් විය. පැරණි චිත්‍රපට ගීත, හින්දි ගීත මෙන්ම අර්ථවත් පඳ සබැඳි ධම්මික බණ්ඩාර මහතා විසින් රචිත ගීත කිහිපයක් හාස්‍ය, සංවේගය හා අර්ථ රසය මුසුව මනාව පැහැදිලිකිරීමට ගීත විචාරක ධම්මික බණ්ඩාර එහිදී දැක්වූ ප්‍රවීනත්වය කලකට අමතක නොවන සංගීත රසයක් නිලධාරීන්ට තිළිණ කරමින් පුරා හෝරා 2 ක් පුරා පැවැත්වුනු  වැඩසටහන සාර්ථකව නිමා කළේය. කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතා, අපරාධ වාර්තා කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති ජයසිරි කොඩිතුවක්කු මහතා, අපරාධ වාර්තා කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් කුමාර මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් මෙන්ම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නෝමන් පලිහවඩන මහතා,  මින් පෙර පොලිස් මාධ්‍ය කොට්ඨාසය මගින් ප්‍රදර්ශනය කළ නෙයනගෙ සූදුව වේදිකා නාට්‍ය නිෂ්පාදකය කළ  කිත්සිරි හේවාාගමගේ කළාකරුවානන් වැඩසටහන ශ්‍රවනයට සහභාගී වී සිටි අතර පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ නිලධාරීන් ඇතුළුව සෑම නිළ තලයකම පොලිස් නිළධාරීන් රැසකගෙන් ශ්‍රවානාගාරය පිරී තිබුනි.

Special Events - SI

පොලිස් සමීප රූප ආවේක්ෂණ කැමරා කොට්ඨාසයට නවීන තාක්ෂණික කැමරා පද්ධති යෙදූ වෑන් රථ 03ක්.

පොලිස් සමීප රූප ආවේක්ෂණ කැමරා කොට්ඨාසය 2010.12.29 වන දින නිල වශයෙන් ආරම්භ විය. ආරම්භයේදී කොට්ඨාසයේ රාජකාරි කටයුතු සඳහා කැමරා සවි කරන ලද වෑන් රථ 02ක් පමණක් තිබූ අතර එම වෑන් රථ මගින් රථ වාහන පාලනය, නිරීක්ෂණ රථ වාහන නඩු ලබා ගැනීම, ගරු ජනාධිපතිතුමා, ගරු අගමැතිතුමිය සහභාගි වන උත්සව අවස්තාවන් වලදී රාජකාරි යෙදවීම, උද්ඝෝෂණ, මහජන කැළඹිලි අවස්ථා, පෙළපාලි නිරීක්ෂණ රාජකාරි සඳහා යෙදවීම මෙන්ම රථ වාහන කළමණාකරණයට අදාල දත්ත රැස් කිරීම ආදී කටයුතු සඳහා යොදා ගන්නා ලදී. කාලයත් සමඟ එම වෑන් රථ රාජකාරි සඳහා යොදා ගැනීමේදී විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දීමට පොලිස් සමීප රූප ආවේක්ෂණ කැමරා කොට්ඨාසයේ නිලධාරීන්ට සිදු විය.  ඒ සම්බන්ධව පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සෘජු අවධානය යොමුවී එතුමාගේ උපදෙස් අනුව නවීන තාක්ෂණික කැමරා පද්ධති සහිත වෑන් රථ 02ක් වැඩි දියුණු කිරීමට කටයුතු කරන ලද අතර එම වෑන් රථ 02ක සහ මීට පෙර ප්‍රීමා ආයතනයේ මූල්‍යමය දායකත්වය ඇතිව නවීන තාක්ෂණික කැමරා උපකරණ යොදා සකස් කරන ලද වෑන් රථයක් නිල වශයෙන් එම කොට්ඨාසය වෙත භාරදීම 2026.02.27 දින පොලිස් මූලස්ථානයේදී සිදු විය.  පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සව අවස්ථාව සඳහා පොලිස් මූලස්ථානය භාර නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා, සමීප රූප ආවේක්ෂණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ටී.පී ගම්ලත්, සමීප රූප ආවේක්ෂණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මාලන් පෙරේරා, සමීප රූප ආවේක්ෂණ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ.එම්.එන්.එල්.බී ඒකනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වන ලදී.

Special Events - SI

ශ්‍රී ලංකා පොලිසිය හා සුරාබදු දෙපාර්තමේන්තුව අතර ද්වි පාර්ශවීයව අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි.

මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම  සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාලව  අන්‍යෝන්‍ය සහයෝගීතාවය වර්ධනය කර ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය හා සුරාබදු දෙපාර්තමේන්තුව අතර ද්වි පාර්ශවීයව අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම 2026.02.25 වන අද දින පොලිස් මූලස්ථානයේදී සිදු කරන ලදී.

Special Events - SI

මීරිගම පොලිස් ස්ථානයේ නව ගොඩනැගිල්ල ඉදිකිරීම අරඹයි

තරමක් අබලන් වූ, පැරණි ගොඩනැගිල්ලක පවත්වාගෙන යන මීරිගම පොලිස් ස්ථානය වෙනුවෙන් නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම අරඹමින් මුල්ගල් තැබීම මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් 2026.02.25 වන දින උදෑසන සිදු කෙරුණි. වත්මන් පොලිස් ස්ථානය පිහිටන භූමිය තුළම පොලිස් ස්ථානයකට අවශ්‍ය සියළු අංශ සඳහා ඉඩ පහසුකම් සහිතව නව ගොඩනැගිල්ල සැලසුම් කර ඇති අතර තක්සේරු වටිනාකම රුපියල් කෝටි 8 කට ආසන්න වියදමින් ගොඩනැගිල්ල කඩිනමින් ඉදිකර අවසන් කිරීමට නියමිතය. පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා සමඟ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්ත මහතා, බස්නාහිර පළාත උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ මහතා, ප්‍රවර්ථණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියංකරද සිල්වා මහතා, ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සනත් අමරසිංහ මහතා, සර්වාගමික පූජ්‍ය පක්ෂය ඇතුළුව ප්‍රදේශයේ මහජන නියෝජතයින්, නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී විය.

Police News - SI

නීතිඥවරයෙකු ඝාතනය වූ 2026.02.13 වන දින අකුරේගොඩ වෙඩිතැබීමේ සැකකාර වෙඩික්කරුවෙකු අත්අඩංගුවට

2026.02.13 වන දින තලංගම පොලිස් වසමේ අකුරේගොඩ ප්‍රදේශයේදී කාර් රථයක් තුල සිටි නීතිඥවරයෙකුට හා එම නීතිඥවරයාගේ බිරිඳට කාර් රථයකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයට සම්බන්ධ සියළු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසය මගින් විමර්ශන ක්‍රියාත්මකයි. ඒ් අනුව එම කොට්ඨාසයට සමගාමීව ක්‍රියාත්මක වන හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමකට 2026.02.21 දින සවස අම්බලන්ගොඩ පොලිස් වසමේ දෙල්දූව ප්‍රදේශයේදී වෙඩික්කරුවෙකු ලෙස ක්‍රියා කල සැකකරුවෙකු අපරාධය සඳහා භාවිතා කල ජංගම දුරකතනයක්ද සමඟ අත්අඩංගුවට ගැනීමට හැකිවිය.  අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 46 ක් වන බද්දේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. එම අපරාධය සම්බන්ධව 2026.02.16 වන දින කොට්ටාව හා අතුරුගිරිය පොලිස් වසම්වලදී සහ 2026.02.17 වන දින කහතුඩුව පොලිස් වසමේදී ආධාර අනුබල දීම හා කුමන්ත්‍රණය කිරීමේ චෝදනා යටතේ සැකකරුවන් තිදෙනෙකු විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් අතර පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් 2026.02.21 වන දින මෙම අපරාධයට විවිධාකාරයෙන් ආධාර අනුබල දී ඇති බවට සැකකරන හා කරුණු ආනාවරණය වූ සැකකාරියන් දෙදෙනෙක් හා සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.  අත්අඩංගුවට ගත් සැකකරුවන් හා සාකකාරියන් වැඩිදුර විමර්ශන සඳහා බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසය භාරයේ පසුවේ. 2009 වර්ෂයේ ලබාදුන් පොදු සමා කාලය තුල නීත්‍යානුකූලව යුධ හමුදාවෙන් ඉවත්වූ අයෙකු ලෙස හඳුනාගෙන ඇති අත්අඩංගුවේ පසුවන සැකකාර වෙඩික්කරු 2026.02.22 අද දින කඩුවෙල ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.  2026.02.20 වන දින අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහය අපේක්ෂා කරමින් ප්‍රසිද්ධියට පත්කළ AI තාක්ෂණය භාවිතයෙන් සැකසූ ඡායාරූප ස්වරූපයේ සැකකරු අත්අඩංගුවේ පසුවන සැකකරු නොවන අතර අපරාධයේ දෙවන වෙඩික්කරු ලෙස සැකකරන ප්‍රසිද්ධියට පත්කළ ඡායාරූප ස්වරූපයේ සැකකරු සොයා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි. තොරතුරක් වෙතොත් දැනුම් දෙන්න. නියෝජ්‍ය පොලිස්පති / බස්නාහිර පළාත උතුර – 071 8598008කොට්ඨාස භාර නිලධාරී / නුගේගොඩ – 071 8591641අධ්‍යක්ෂ / බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය – 071 8592279

Police News - SI

කේරළ ගංජා කිලෝග්‍රෑම් 10 ග්‍රෑම් 455 ක්, සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

කේරළ ගංජා කිලෝග්‍රෑම් 10 ග්‍රෑම් 455 ක් පොලිස් භාරයට ගනිමින් කල්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් 2026.02.19 වන දින කල්පිටිය අනාවාසල ප්‍රදේශයේදී සාර්ථක වැටලීමක් සිදුකර ඇත.  වැටලීමේදී සැකකරුවෙන් දෙදෙනෙකු අත්අඩංගුවට පත්වී ඇති අතර එක් සැකකරුවෙකු සන්තකයේ කේරළ ගංජා කිලෝග්‍රෑම් 05 ග්‍රෑම් 375 ක් තිබී, අනෙක් සැකකරු සන්තකයේ කේරළ ගංජා කිලෝග්‍රෑම් 05 ග්‍රෑම් 80 ක් තිබී ඇත. සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 41 ක් හා 50 ක් වන හෙට්ටිපොල හා කල්පිටිය ප්‍රදේශවල පදිංචිකරුවන්ය. කල්පිටිය පොලිස් ස්ථානය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Uncategorized

මෙරට රිය ධාවනයට වලංගු බලපත්‍රයක් නොමැති විදේශිකයින් හට කූලී රථ ලබාදීම වරදක්

2025 වසරේදී විදේශීය ජාතිකයින් 05 දෙනෙකු ශ්‍රී ලංකාව තුල රිය පදවා මියගොස් ඇත. එමෙන්ම විදේශියකයන් විසින් රිය පදවා බරපතල රිය අනතුරු 07 ක්, සුළු තුවාල රිය අනතුරු 78 ක් මෙන්ම රථ වාහන අලාභ අනතුරු 06 ක් ද වාර්තා වී ඇත. මෙරට තුළ වලංගු රියැදුරු බලපත්‍රයක් නොමැතිව රිය පදවන විදෙස් සංචාරකයින් මෙන්ම මෝටර් රථ වාහන පනත උල්ලංඝනය කරමින් ඔවුනට කුලී රථ ලබාදෙන පාර්ශ්වයන් මෙලෙස අනතුරු වාර්තා වීමට හේතුවන බව නිරීක්ෂණය වී තිබේ. මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරිම ශ්‍රී ලංකා පොලිසියේ වගකීම සහ යුතුකම වන බැවින් මෙම තත්වය වැළක්වාගැනීම සඳහා විදෙස් සංචාරකයන්ට වලංගු රියැදුරු බලපත්‍රයක් නොමැතිව වාහන ලබා දෙන අයවළුන් සම්බන්ධව රථවාහන මෙහෙයුම් මගින් සොයා බැලීම දකුණු පළාත මූලික කරගනිමින් ආරම්භ කර ඇත. විදේශිකයෙකු වෙත වාහනයක්, යතුරුපැදියක් හෝ ත්‍රීරෝද රථයක් ලබා දෙන්නේ නම් පහත බලපත්‍ර වලින් එකක් අනිවාර්යයෙන්ම එම විදෙස් ජාතික පුද්ගලයා සතුව තිබිය යුතුය. • ජාත්‍යන්තර රියැදුරු බලපත්‍රය (මෙම බලපත්‍රයට අදාල පන්තිවලට අයත් වාහනය පැදවිය හැක.) • මෙරට රැඳී සිටින විදේශිකයෙකු හට ශ්‍රී ලංකා මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුවෙන් රියැදුරු බලපත්‍රයක් නිකුත් කර ඇත්නම් එම රියැදුරු බලපත්‍රය (අදාළ පන්තියට ඔහුට හෝ ඇයට ශ්‍රී ලංකාවේ වාහනයක් පැදවීමට හැකියාව ඇත.) • විදේශිකයන්ට තමන්ගේ රටෙන් නිකුත් කරන රියැදුරු බලපත්‍රයට සමගාමීව එම රියැදුරු බලපත්‍ර ශ්‍රී ලංකාවේ මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර එහි පරිවර්තන සහතිකය. (එයට අදාල නියමිත පන්තියේ වාහනයක් පැදවිය හැක. මෙම පරිවර්තන සහතික වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ විශේෂ කවුළුවකින් නිකුත් කරනු ලබයි.) ඉහත ආකාරයේ වලංගු රියැදුරු බලපත්‍රයක් නොමැති විදේශිකයෙකුට මෝටර් වාහනයක්, ත්‍රීරෝද රථයක් හෝ යතුරුපැදි කුලී පදනම, බදු පදනම මත හෝ වෙනත් ආකාරයකින් ලබා දීම වරදක් වන අතර මෝටර් රථ වාහන පනත ප්‍රකාරව පාර්ශව දෙකටම එරෙහිව නිතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාව පවතී. ඇතැම් අවස්ථාවලදී විදේශිකයින් නොමග යවා ව්‍යාජ ලෙස සකස් කරන ලද රියැදුරු බලපත්‍ර ඉදිරිපත් කරනු ඇත. එබැවින් කුලී රථ ලබාදීමේදී අවබෝධයෙන් කටයුතු කළ යුතුය. එමෙන්ම රියැදුරෙකු වන ඔබ රථ වාහන ධාවනයට පෙර රියැදුරු බලපත්‍රය, රක්ෂණ සහතිකය, ආදායම් බලපත්‍රය, රථ වාහන දුම් විමෝචන සහතිකය සහ යෝග්‍යතා සහතික මෙන්ම වාහනයේ යාන්ත්‍රික දෝෂ පිළිබඳව ද අවධානය යොමු කළ යුතුය. පොලිස් නිලධාරියෙකු රියැදුරු බලපත්‍රය ඉල්ලා සිටි අවස්ථාවකදි අනිවාර්යෙන්ම රියැදුරු බලපත්‍රය ඉදිරිපත්කළ යුතුය. මෝටර් වාහන පනතේ 123 ( i අ) පරිදි රියැදුරු බලපත්‍රයක් නොමැතිව කිසිදු වාහනයක් ධාවනය කළ නොහැකි අතර රියැදුරු බලපත්‍රයක් නොමැති පුද්ගලයෙකු සේවයේ යෙදවීම හෝ බාලවයස්කාර අයෙකු රිය පැදවිමට යෙදවුවහොත් පදවන අයට හා අයිතිකරු යන දෙදෙනාටම මෝටර් වාහන පනතේ යටතේ නඩු පැවරීම සිදුකෙරේ.

Police News - SI

කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 16 ග්‍රෑම් 400 ක් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට

2026.02.15 දින සවස කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ ගුවන්තොටුපොල ඒකකයේ නිලධාරීන් හා ගුවන්තොටුපොල රේගු නිලධාරීන් කණ්ඩායමක් විසින්, බැංකොක් සිට මෙරටට ගුවන් මඟින් පැමිණි සැකකටයුතු කාන්තාවක් පරීක්ෂා කර ඇත.  එහිදි, ඇය සන්තකයේ තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 16 යි ග්‍රෑම් 400 ක් සොයා ගෙන ඇති අතර එම සැකකාරිය හා මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.  සැකකාරිය අවුරුදු 35 ක් වන කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර සැකකරුවන් අවුරුදු 27 හා 33 වයස්වල පසුවන කොළඹ 14 හා කොළොන්නාව ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.  පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි. වැටලීමට අදාල ජායාරූප කිහිපයක් මේ සමඟ යොමු කරමි.  

Police News - SI

කේරළ ගංජා කිලෝ 271ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

රාගම පොලිස් වසමේදී බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් 2026.02.14 දින රාත්‍රියේ සිදුකල හදිසි වැටලීමකින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 271 ග්‍රෑම් 835 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අවුරුදු 34 ක් වන කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Scroll to Top