Tharindu Withanage – Page 8 – ශ්‍රී ලංකා පොලිසිය

Author name: Tharindu Withanage

Notable Services - SI

පොලිස් මූලස්ථානයේ නවීකරණය කළ අපනශාලාව විවෘතයි

පොලිස් සේවා වනිතා ඒ්කකයේ මූලිකත්වයෙන් නවීකරණය කිරීම් කිහිපයක් සමගින් නව මුහුණුවරකින් සකස් කළ පොලිස් මූලස්ථානයේ ආපනශාලාව 2026.02.23 දින උදෑසන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණි. පොලිස් සේවා වනිතා ඒ්කකයේ පූර්ණ අධීක්ෂණය හා මෙහෙයවීම මත ආපන ශාලාව ක්‍රමවත් අයුරින් පවත්වාගෙන යාමට නියමිත අතර දුර බැහැර ස්ථිර පදිංචිව පොලිස් මූලස්ථානයේ සේවයේ නියුතු නිලධාරීන්ට මෙන්ම විවිධ සේවා සඳහා මූලස්ථානයට පැමිණෙන මහජනතාවට සාධාරන මිලකට පෝෂදායී ආහාර පාන අවශ්‍යතාවය මින් සපුරනු ඇත. පොලිස් නිලධාරීන්ගේ පවුල්වල ආර්ථිකය සමුර්ධිත් කිරීම පොලිස් සේවා වනිතා ඒ්කකයේ මූලික පරමාර්ථයක් වන බැවින් මෙහි සේවය සඳහාද අවස්ථාව හිමකර දී තිබෙන්නේ පොලිස් නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකාවන්ටයි. පොලිස්පතිතුමාගේ මැතිණිය වන සේවා වනිතා ඒකකයේ සභාපතිනි නීතිඥ නිල්මිණී සමරතුංග මහත්මිය, පරිපාලනය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්රත්න මහතා, සහයක සේවා දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රාජිත ශ්‍රී දමින්ද මහතා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත රෝහණ මහතාගේ මැතිණිය වන සේවා වනිතා ඒකකයේ ප්‍රජා කමිටු සභාපතිනී සුනේත්‍රා වීරක්කොඩි මහත්මිය, පොලිස් මූලස්ථාන නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා,   සේවා වනිතා ඒකකයේ උප ලේකම් නියෝජ්‍ය පොලිස්පති දර්ශිකා කුමාරි මහත්මිය,  පොලිස් සේවා වනිතා ඒකකයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන ප්‍රධාන පොලිස් පරීක්ෂක පද්මිණී ජයවීර මහත්මිය ඇතුළු නිලධරයන් හා සේවා වනිතා ඒ්කකයේ සමාජිකයින් මෙම අවස්ථාව සඳහා සහභාගී විය.

Special Events - SI

2026 අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පලඟ ශූරතාවය වෙනුවෙන් පැවති අවසන් සටන – පොලිස් කණ්ඩායම අනුශූරයින්

ශ්‍රී ලංකා රග්බි පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කර පවත්වන  “මැලිබන් අභියෝග කුසලාන” අන්තර් සමාජ ලීග් ශූරතා රග්බි තරගාවලියේ පළඟ ශූරතාව වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිස් රගර් කණ්ඩායම හා ගුවන් හමුදා රගර් කණ්ඩායම 2026.02.20 වන දින රත්මලාන ගුවන් හමුදා ක්‍රිඩාංගණයේදී තරඟ වැදුනි. එහිදී ගුවන් හමුදා කණ්ඩායම ලකුණු 24ට 12ක් ලෙස පොලිස් කණ්ඩායම පරාජයට පත්කරමින් පළඟ ශූරතාව දිනාගැනීමට සමත් විය. ඒ් අනුව පොලිස් කණ්ඩායම අනුශූරයින් ලෙස තරඟාවලිය නිමාකරන ලදී. ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල්(විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා, අපරාධ හා රථ වාහන දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති  රන්මල් කොඩිතුවක්කු මහතා සහ ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තරඟය නැරඹීමට ක්‍රීඩාංගණයට එක්වී සිටියහ.

Special Events - SI

මුලතිව් කොට්ඨාසයේ නව අපරාධ ස්ථාන පරීක්ෂණාගාරය විවෘත කිරීම

අපරාධයක් සම්බන්ධව අධිකරණයේදී විභහගවන නඩු නිමිත්තක් කඩිනමින් අවසන් කර යුක්තිය ඉෂ්ඨ කිරීම වෙනුවෙන් ඇසදුටු සාක්ෂි මෙන්ම විද්‍යාත්මක සාක්ෂි ඉදිරිපත් කරමින් සාධාරන සැකයෙන් ඔබ්බට සැකකරුවන්ගේ වරදකාරීබව ඔප්පුකිරීමට පොලිස් නිලධාරීන් කටයුතු කරයි. ඇඟිලි සටහන් හදුනාගැනීම, කෙස් හඳුනාගැනීම, රුධිරය වැනි ද්‍රවයන් සොයාගැනීම මෙන්ම තවත් විවිධ වූ තාක්ෂණික ක්‍රම උපායන් මගින් සාක්ෂි රැස්කිරීම විද්‍යාත්මක සාක්ෂි සොයාගැනීම යනුවෙන් හදුන්වන අතර එම කාර්ය වඩාත් නිවැරදිව සිදුකිරීම සඳහා Scene Of Crime Officer (SOCO) නිලධාරීන් නම් විශේෂඥ පුහුණුව ලත් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සෑම පොලිස් කොට්ඨාසයකම විශේෂිතවූ පරීක්ෂණාගාරයකට (SOCO Lab) අනුයුක්තව කාර්යබහුලව සේවයේ නිරතව සිටී.  මෙම පරීක්ෂණාගාර තවදුරටත් වැඩිදියුණුකිරීම මෙන්ම ව්‍යාප්තකිරීම, කොට්ඨාස මට්ටමෙන් වාර්තාවන අපරාධවල විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කිරීමට ප්‍රභල සාධකයක් වන බැවින් නව පරීක්ෂණාගාර අත්‍යවශ්‍ය ප්‍රදේශ හඳුනාගෙන කඩිනමින් පරීක්ෂණාගාර ලබාදීමට අවශ්‍ය ක්‍රියාදාමය සිදුවෙමින් පවතී. ඒ් අනුව මාන්කුලම් පොලිස් භූමියේ ඉදිකළ මුලතිව් කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාරය උතුරු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති  බුද්ධික සිරිවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 2026.02.19 දින විවෘත කෙරුණි. කිලිනොච්චි  දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති එම්.එන්.එස් මෙන්ඩිස්,මුලතිව් කොට්ඨාස භාර නිලධාරි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රත්නවීර, අපරාධ වාර්තා කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් කුමාර යන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ සහභාගීත්වය මෙම අවස්ථාව සඳහා හිමිවිය.

Special Events - SI

රිය අනතුරු වැළැක්වීමේ සැලසුම් සඳහා භාවිතා කිරීමට නව දත්ත පද්ධතියක්

යම් ප්‍රදේශයක සිදුවන රිය අනතුරු පිළිබඳව අධ්‍යනයක් සිදුකරමින් එම සංඛ්‍යාලේඛන අදාළ ප්‍රදේශයේ රිය අනතුරු අවම කිරීම සඳහා විසඳුම් සෙවීමට යොදාගැනීම, මහ මඟ ජීවිත බේරාගැනීමේ ප්‍රයත්නයේ සාර්ථක ප්‍රතිඵල අත්කර දෙනු ඇත. ඒ් අනුව  දිවයිනේ සියළු පොලිස් බල ප්‍රදේශයන්හි රිය අනතුරු දත්ත රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ කොට්ඨාසයේ විශ්ලේෂනයට යොමුකිරීම සඳහා පොලිස් පර්යේෂණ හා සංවර්ධන කොට්ඨාසය මගින් මෘදුකාංගයක් භාවිතා කරමින් නව දත්ත පද්ධතියක් සකසන ලදී. පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් 2026.02.19 වන දින කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ සම්මන්ත්‍රණ ශාලාවේදී එම දත්ත පද්ධතිය නියමු ව්‍යාපෘතියක් ලෙස බස්නාහිර පළාතේ සියළු පොලිස් ස්ථාන වෙත ලබාදුන් අතර පද්ධතියේ නිරවද්‍යතාවය තහවුරු කර ගැනීමෙන් අනතුරුව සමස්ථ දිවයිනේ සියළු පොලිස් ස්ථාන වෙත ලබාදීමට නියමිතය. පද්ධතිය හැසිරවීම සඳහා යොදාගන්නා ටැබ් යන්ත්‍ර 142 ක්, සිම්පත්  පොලිස් ස්ථාන අතර බෙදාදෙන ලදී. දත්ත පද්ධතිය හඳුන්වාදීමේ මෙම අවස්ථාවට  බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා,අපරාධ හා රථවාහන භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා, කොළඹ දිසාව නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සිල්වා මහතා,  රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පි.ජේ සේනාධීර මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, බස්නාහිර පලාතේ සියළුම පොලිස් ස්ථානයන්හි රථවාහන අංශ ස්ථානාධිපතිවරුන්, බස්නාහිර පලාතේ සියළුම කොට්ඨාස රථවාහන ස්ථානාධිපතිවරුන්, නාගරික රථවාහන පොලිසියේ ස්ථානාධිපතිවරුන් සහභාගී විය.

Special Events - SI

කාර්යක්ෂම මහජන සේවයක් උදෙසා රුපියල් මිලියන 556 ක් වටිනා නව තාක්ෂණික උපකරණ තොගයක් පොලිසියට

නවීන තාක්ෂණයෙන් සහ භෞතික සම්පත් මඟින් තවදුරටත් පොලිසිය කාර්යක්ෂම කිරීම සඳහා රුපියල් මිලියන 556 ක මූල්‍ය වටිනාකමකින් යුත් තාක්ෂණික උපකරණ තොගයක් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් 2026.02.18 වන දින පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත ලබාදෙන ලදී.   පොලිස්පතිතුමන් විසින් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශ පරිශ‍්‍රයේදී සංකේතාත්මකව උපකරණ තොගය නිල වශයෙන් භාරගත් අතර රුපියල් මිලියන 365 ක් වටිනා පරිගණක යන්ත‍්‍ර 1718 ක්, රුපියල් මිලියන 129 ක් වටිනා ඡායා පිටපත් යන්ත‍්‍ර 575 ක්, රුපියල් මිලියන 45 ක් වටිනා වේගමාපක යන්ත‍්‍ර හා රුපියල් මිලියන 17 ක වටිනාකමකින් යුත් යූ.පී.එස්. (UPS) 1750 ක් එම උපකරණ අතර වේ. රාජකාරි බහුල පොලිස් සේවයේ නිලධාරින්ගේ රාජකාරි පහසු කිරීම මෙම තාක්ෂණික උපකරණ භාවිතයේ ප්‍රධාන අරමුණක් වන අතර මෙම ලබාදීම  මෑත කාලයේ පොලිසිය වෙත ලැබුනු වැඩිම වටිනාකමකින් යුත් උපකරණ තොගයයි.  මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා, අමාත්‍යංශ සම්බන්ධීකරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පාලිත අමරතුංග මහතා ඇතුලු උසස් නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී විය.

Special Events - SI

ඌව පළාතෙන් ගංජා සහ නීති විරෝධී මත්පැන් තුරන් කිරීමේ විශේෂ මෙහෙයුමක් ඇරඹෙයි

ඌව පළාත තුළ ව්‍යාප්ත වී ඇති ගංජා ඇතුළු විෂ මත්ද්‍රව්‍ය සහ නීති විරෝධී මත්පැන් උදුරා දැමීම ඉලක්ක කරගත් විශේෂ මෙහෙයුම් වැඩසටහනක සමාරම්භක උත්සවය 2026 පෙබරවාරි 14 වන දින පැවැත්විණි. පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සමාරම්භක උත්සවය මොණරාගල කොට්ඨාසයට අයත් තණමල්විල පොලිස් ස්ථානයේදී පවත්වනු ලැබීය. මෙම අවස්ථාව සඳහා ඌව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න මහතා, බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජී.ඒ.එන්. ලක්සිරි මහතා, මොණරාගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා, මොණරාගල හා බදුල්ල කොට්ඨාස භාර නිලධාරින්, තණමල්විල ප්‍රාදේශීය ලේකම්තුමා, දිසා වෛද්‍ය නිලධාරී තුමිය හා මොණරාගල ප්‍රදේශයේ පාසල්වල විදුහල්පතිවරු ඇතුළු ප්‍රජා කමිටු සමාජිකයින් සහභාගි විය.  මෙම මෙහෙයුම හරහා ඌව පළාතේ තරුණ පරපුර මත්ද්‍රව්‍ය උවදුරෙන් බේරා ගැනීම සහ නීති විරෝධී මත්පැන් ජාවාරම් මුළුමනින්ම මර්දනය කිරීම ශ්‍රි ලංකා පොලිසියේ අපේක්ෂාවයි.

Special Events - SI

78 වන ජාතික නිදහස් දින සැමරුම් පෙළපාලිය – ශ්‍රී ලංකා පොලිසිය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 78 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2026.02.04 වන දින කොළඹ නිදහස් චතුරස්‍රය පරිශ්‍රයේ පැවැත්වුනි.  1949 වසරේ පළමු නිදහස් දින සැමරුම් උත්සවයේදී පටන් මේ දක්වා පැවැත්වූ සෑම නිදහස් දින සැමරුම් උත්සවයකදීම මෙන්ම මෙවර නිදහස් දින උත්සවයේද ආරක්ෂාව තහවුරු කරමින් ශ්‍රී ලංකා පොලිසිය, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසුරිය මහතාගේ නායකත්වය යටතේ ඉමහත් අභිමානයෙන් යුතුව නිදහස් දින පෙළපාලිය සඳහා එක්විය. පොලිස් යතුරුපැදි පෙරටු කරගනිමින් අභිමානවත්ව පැමිණි අතිගරු ජනාධිපතිතුමන් ජාතික ධජය එසවීමත් සමඟ නිදහස් දින සැමරුම් උළලේ කටයුුතු ආරම්භ විය. ජනපතිතුමන්ගේ ආමන්ත්‍රණයෙන් අනතුරුව 78 වන නිදහස් දින සැමරුම් උළලේ ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක බලකාය, ජාතික ශිෂ්‍ය භට බලකාය ඇතුලත් සම්මාන පෙළපාලිය ආරම්භ විය. 1866 සැප්තැම්බර් 03 වන දින පිහිටුවන ලද මෙරට නීතිය සාමය සුරක්ෂිත කිරීමේ ප්‍රමුඛතම රාජ්‍ය ආයතනය වන ශ්‍රී ලංකා පොලීසියේ සමස්ථ සම්මාන පෙළපාලිය සඳහා අණ ලබාදෙමින් පෙරටුව Henk නම් අසුපිට ගමන් කරන ලද්දේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත චන්ද්‍රසේකර මහතාය. දෙපසින් පරිවාර අශ්වයින් පිට මත නැගී අසිපත් සහිතව  පොලිස් අධිකාරි ලසිත් අබේවික්‍රම මහතා, පොලිස් අධිකාරි ඉසුරු නිශාන්ත මහතා සහ සහකාර පොලිස් අධිකාරි රුචිර කරුණානායක මහතා ගමන් කරන ලදී. ඉන්පසුව, වසර 158 ක ප්‍රෟඩ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකා පොලිසිය ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී යන ආදර්ශ පාඨය හා ශක්තිය පිළිබිඹු වන හස්තියාගේ රුව නිර්මිත පොලිස් ධජය රැගෙන පෙරටුව ගමන් කරන ලද්දේ සහකාර පොලිස් අධිකාරි චාමර හේරත් මහතාය. දෙපසින් අසිපත් සහිතව උප පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙක් ගමන් කළහ.  ඉන් අනතුරුව 1873 වර්ෂයේදී ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකාවේ පැරණිතම ආරක්ෂක අංශ තූර්ය වාදක කණ්ඩායම මෙන්ම ප්‍රථම නිදහස් සැමරුම් උත්සවයේ ජාතික ගීය අභිමානයෙන් යුතුව වාදනය කළ පොලිස් තූර්යවාදක කණ්ඩායම ඩ්‍රම් මේජර් පොලිස් කොස්තාපල් පියුමාල් තිලකරත්න නිලධාරියාගේ මෙහෙයවීම යටතේ වාදනයෙන් එක්වෙමින් සහකාර පොලිස් අධිකාරි සමීර රාජපක්ෂ මහතා විසින් අණ දෙනු ලැබූ ශ්‍රී ලංකා පොලිස් බලඇණිය ඉදිරියට රැගෙන යන ලදී. පසුපසින් ප්‍රධාන සරඹ උපදේශක මහ සැරයන් පියසිරි විජේසුන්දර නිලධාරියා ගමන් කළේය. ඉන් අනතුරුව කාන්තා සහකාර පොලිස් අධිකාරි ඉනෝකා ලියනගේ මහත්මිය විසින් අණ ලබා දුන් කාන්තා පොලිස් බළඇණිය ගමන් කරන ලදී. ( ආරම්භය – 1952 ජනවාරි 01) 1983 වර්ෂයේ පිහිටුවන ලද දකුණු ආසියාවේ විශිෂ්ඨතම අතුරු හමුදාව ලෙස විරුදාවලිය ලත් පොලිස් විශේෂ කාර්ය බලකාය අභිමානයෙන් යුතුව සම්මාන පෙළපාලියට එක්ව ජනාධිපතිතුමන් වෙත උත්තමාචාර පළ කල අවස්ථාව උදාවූයේ ඉන් අනතුරුවය. නියතයි ජය ආදර්ශ පාඨය කරගත් පොලිස් විශේෂ කාර්ය බලකා ධජය ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන පියසේන විසින් රැගෙන යන ලදී. ඩ්‍රම් මේජර් පොලිස් කොස්තාපල් සුනෙත් පෙරේරා විසින් මෙහෙයවන ලද පොලිස් විශේෂ කාර්ය බලකා තුර්ය වාදක කණ්ඩායම පෙරටු කර ගනිමින් සහකාර පොලිස් අධිකාරී ගයාන් සංජීව විසින් අණදුන් පොලිස් විශේෂ කාර්ය බලකා ඇණිය, සම්මාන පෙළපාලියේ අභිමානය විහිදා දක්වන ලදී. ඇණිය පසුපසින් පොලිස් විශේෂ කාර්ය බලකායේ ප්‍රධාන සරඹ උපදේශක ලෙස පොලිස් සැරයන් චමින්ද හේරත් ගමන් කළේය. පොලිස් සම්මාන පෙළපාලියේ වර්ණවත්ම අවස්ථාව වන පොලිස් අධිකාරි මිනුර සෙනරත් මහතාගේ අණ පෙරටුකරගත් පොලිස් අශ්වාරෝහකයින් පෙළපාලියට එක්වූයේ ඉන් අනතුරුවය. 1921 වර්ෂයේදි බ්‍රිතාන්‍ය ජාතික පොලිස් නිලධාරීන් 08 දෙනෙකුගෙන් ආරම්භකළ පොලිස් අශ්වාරෝහක රාජකාරිය පොලිස් රාජකාරිය සඳහා අශ්වාරෝහකයින් යොදා ගන්නා ලද ලෝකයේ දෙවන අවස්ථාව ලෙස ඉතිහාසගතව ඇත. මෙවර ශ්‍රී ලංකා පොලිසියේ නිදහස් දින පෙළපාලි පුහුණුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පුහුණු හා උසස් පුහුණු සම්පත් ලියනගේ මහතාගේ අධීක්ෂණය යටතේ සිදුකෙරුනු අතර පොලිස් සම්මාන පෙළපාලියේ විස්තර කථන පිටපත සැකසීම හා නිවේදනය පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ උප පොලිස් පරීක්ෂක නිමල් අබේසිංහ මහතා විසින් සිදුකරන ලදී.

Special Events - SI

ජාතික නිදහස් දිනය වෙනුවෙන් රුක් පැළ 25,000 ක් මාතෘ භූමියට

පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ යෝජනාවක් අනුව 2026.02.04 වන දිනට යෙදෙන 78 වන ජාතික නිදහස් දිනයට සමගාමීව පරිසර පොලිස් සතියක් ප්‍රකාශයට පත්කර ඇත. ඒ් අනුව ප්‍රජා පොලිස් හා පරිසර ආරක්ෂණ දිසාවේ මූලිකත්වයෙන් දිවයින පුරා රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක වන අතර කරඳ, මී, කොස් හා පළතුරු වැනි වටිනා ශාක පැළ 25000 ක් පමණ දිවයින පුරා පොලිස් ස්ථාන වෙත බෙදාදීමට නියමිතය.  මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජයපාල මහතාගේ ප්‍රධානත්වයෙන් හා පොලිස්පතිතුමාගේ සහභාගීත්වයෙන් 2026.02.02 වන දින උදෑසන පැළ බෙදාදීමේ නිල සමාරම්භක උත්සවය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ පවත්වමින් සංකේතාත්මකව බස්නාහිර පළාතේ පොලිස් ස්ථාන 126 ක් වෙත පැළ 2500 ක් පමණ බෙදාදෙන ලදී. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ නිවැරදිව රෝපණය කිරීමට අවශ්‍ය උපදෙස් සමඟ දිවයිනේ සියලු පොලිස් ස්ථාන වෙත ඉදිරි දින කිහිපය තුල පැළ ප්‍රවාහණයට නියමිත අතර රෝපණය කළ පැළ සම්බන්ධව පසු විපරමක්ද ප්‍රජා පොලිස් හා පරිසර ආරක්ෂණ දිසාව විසින් සිදුකිරීමට නියමිතය ඒ් අනුව පරිසර පොලිස් නිලධාරීන්ගේ හා සමස්ථ පොලිස් බලකායේ කැපවීමෙන් සැලකිය යුතු ශාක ඝනත්වයක් පරිසරයට එක්වනු ඇත. සොභාසුන්දරත්වය රැකගනිමින් වක්‍රාකාරයෙන් පරිසරයට යහපත් ප්‍රතිඵල එක්කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ මුදුන්පත්කර ගැනීමට හැකිවනු ඇත. සමාරම්භක උත්සව අවස්ථාවට ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් (මූල්‍ය හා ආර්ථික කටයුතු) ජී.එම්.ආර්.ඩී. අපොන්සු මහතා, Clean Sri Lanka ලේකම් කාර්යාලය වෙනුවෙන් ජනාධිපති අතිරේක ලේඛම් ඉංජිනේරු එස්.පී.සී සුගීෂ්වර මහතා, මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා, ප්‍රජා පොලිස් සහ පරිසර ආරක්ෂණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ආර්.ඒ්.ආර්.එන් රාජපක්ෂ මහතා, ප්‍රජා පොලිස් කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩි.කේ ප්‍රියන්ත මහතා, පරිසර ආරක්ෂණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩි.කේ මනෝජ් පෙරේරා මහතා ඇතුලුව රාජ්‍ය නිලධාරීන් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් රැසක් සහභාගී විය.

Notable Services - SI

Gov pay මගින් රථවාහන දඩ ගෙවීමේ පහසුව නුවරළිය හා හැටන් කොට්ඨාසයන්ට

ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය, ICTA ආයතනය සහ Lanka pay ආයතනය එක්ව එළිදැක්වූ Gov pay මාර්ගගත ගෙවීමේ ක්‍රමය භාවිතා කරමින් නුවරඑළිය හා හැටන් කොට්ඨාසයන් තුළදී රථ වාහන දඩ මුදල් ගෙවීමේ හැකියාව ලබාදී තිබේ.  සමාරම්භය සඳහා පැවති දැනුවත් කිරීමේ හමුව නුවරඑළිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතාගේ සහ රථවාහන හා මාර්ග ආරක්ෂන දිසාව නියෝජ්‍ය පොලිස්පති සේනාධීර මහතාගේ ප්‍රධානත්වයෙන් 2026.02.02 වන දින උදෑසන නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අයත් ආශ්චර්යා උත්සව ශාලාවේදී පැවැත්වුනි.  මාර්ගගත (Online) දඩ ගෙවීමේ ක්‍රමය භාවිතා කිරීමට මෙන්ම ජනතාව දැනුවත් කිරීමට අවශ්‍ය තාක්ෂණික දැනුම නිලධාරීන් වෙත ලබාදීම සඳහා ICTA ආයතනය නියෝජනය කරමින් ව්‍යාපෘති කළමණාකාර උදාරි විතානගේ මහත්මිය, තාක්ෂනික නිලධාරී ඉනුක මායාකඩුව මෙන්ම Lanka Pay ආයතනයේ ව්‍යාපෘති කළමනාකරු අමිල ඒ්කනායක මහතා මෙම අවස්ථාව සහභාගී වූ අතර ප්‍රධාන දේශනය රථවාහන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා විසින් පවත්වන ලදී. වැඩසටහන අතරතුර මාර්ගගත (Online) දඩ ගෙවීමේ ක්‍රමය භාවිතා කිරීම සඳහා සංකේතාත්මකව නවීන ජංගම දුරකථන නිලධාරීන් වෙත ලබාදීමද සිදුකෙරුණි. මින් ඉදිරියට ඔබට Gov Pay ගෙවීම් ක්‍රමය මගින් මධ්‍යම පළාත තුල රථ වාහන දඩ ගෙවීම සඳහා පොලිස් නිලධාරින්ගෙන් උපදෙස් ඉල්ලා සිටි හැක. දඩ මුදල Online (මාර්ගගතව) ගෙවූ පසු එම අවස්ථාවේදීම ඔබේ රියදුරු බලපත්‍රය ලබාගත හැකිය. අවශ්‍යනම් පසුව අවස්ථාවක ගෙවීම සඳහා https://govpay.lk/si/spot-fine උපදෙස් පරිශීලනය කරමින් කටයුතු කළ හැකි බවත් දැනුම්දෙන්නෙමු.

Notable Services - SI

Gov pay මගින් රථවාහන දඩ ගෙවීමේ පහසුව මහනුවර, මාතලේ,ගම්පොල,තෙල්දෙණිය කොට්ඨාසයන්ට

ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය, ICTA ආයතනය සහ Lanka pay ආයතනය එක්ව එළිදැක්වූ Gov pay මාර්ගගත ගෙවීමේ ක්‍රමය භාවිතා කරමින් මධ්‍යම පළාත තුළ රථ වාහන දඩ මුදල් ගෙවීමේ හැකියාව ලබාදී තිබේ.  Gov pay භාවිතා කිරීමේ තාක්ෂණික ක්‍රමවේදය පිළිබඳව පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමේ හමුව 2026.02.02 වන දින නුවරඑළිය කොට්ඨාසයට හා හැටන් කොට්ඨාසයට පැවැත්වීමෙන් අනතුරුව 2026.02.03 වන දින මහනුවර පොලිස් මූලස්ථානයේ ශ්‍රවනාගාරයේදී මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ හා රථවාහන හා මාර්ග ආරක්ෂන දිසාව නියෝජ්‍ය පොලිස්පති සේනාධීර මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර, මාතලේ,ගම්පොල,තෙල්දෙණිය පොලිස් කොට්ඨාසයන්ට පැවැත්වුනි. මාර්ගගත (Online) දඩ ගෙවීමේ ක්‍රමය භාවිතා කිරීමට මෙන්ම ජනතාව දැනුවත් කිරීමට අවශ්‍ය තාක්ෂණික දැනුම නිලධාරීන් වෙත ලබාදීම සඳහා  ප්‍රවාහන/අධිවේගී මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ උපදේශක හර්ෂන පුරසිංහ මහතා, ඩිජිටල් ආරක්ෂක උපදේශක සුමුදු රත්නායක මහතා, Lankapay ආයතනය නියෝජනය කරමින් එහි විධායක නිලධාරී චන්දන සිල්වා මහතා සහ අමිල ඒ්කනායක මහතා, ICTA ආයතනයේ ව්‍යාපෘති කළමනාකරණ ‍උදාරි විතානගේ මහත්මිය සම්පත් දායකයින් ලෙස වැඩසටහන එක් විය.  වැඩසටහන අතරතුර මාර්ගගත (Online) දඩ ගෙවීමේ ක්‍රමය භාවිතා කිරීම සඳහා සංකේතාත්මකව නවීන ජංගම දුරකථන නිලධාරීන් වෙත ලබාදීමද සිදුකෙරුණි. මින් ඉදිරියට ඔබට Gov Pay ගෙවීම් ක්‍රමය මගින් මධ්‍යම පළාත තුල රථ වාහන දඩ ගෙවීම සඳහා පොලිස් නිලධාරින්ගෙන් උපදෙස් ඉල්ලා සිටි හැක. දඩ මුදල Online (මාර්ගගතව) ගෙවූ පසු එම අවස්ථාවේදීම ඔබේ රියදුරු බලපත්‍රය ලබාගත හැකිය. අවශ්‍යනම් පසුව අවස්ථාවක ගෙවීම සඳහා https://govpay.lk/si/spot-fine උපදෙස් පරිශීලනය කරමින් කටයුතු කළ හැකි බවත් දැනුම්දෙන්නෙමු.

Scroll to Top