Pabodha – ශ්‍රී ලංකා පොලිසිය

Author name: Pabodha

Special Events - SI

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමක්

මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදයට මුදල් සැපයිම මැඩපැවැත්වීම සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශන වලට අදාලව තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා පොලිසිය අතර ද්විපාර්ශවියව අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම 2025.08.07 වන දින පොලිස් මූලස්ථානයේදී සිදුකරන ලදී. මෙම අවබෝධතා ගිවිසුමට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් චින්තක මෙන්ඩිස් මහතා හා වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් නිල වශයෙන් අත්සන් තැබීම සිදුකරන ලදී.

Special Events - SI

ඌව පළාත් අපරාධ කොට්ඨාසය විවෘත කිරීම.

පරණ පොලිසිය, මහියංගනය පාර, බදුල්ල ලිපිනයේ පිහිටුවන ලද ඌව පළාත් අපරාධ කොට්ඨාසය 2025.08.09 වන අද දින සවස් කාලයේ වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් විවෘත කිරීම සිදුකරන ලදී. විශේෂයෙන් ඌව පළාතට අදාලව සිදුවන අපරාධ විමර්ශනය කිරීම සඳහා මෙම ඒකකය විවෘත කරන ලද අතර ඌව පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ මෙම කොට්ඨාසය ක්‍රියාත්මක වේ. මෙම අවස්ථාව සඳහා ඌව පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න, බදුල්ල දිසාව භාර නියොජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන, මොණරාගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව, බදුල්ල, බණ්ඩාරවෙල හා මොණරාගල කොට්ඨාස භාර නිලධාරීන් ඇතුළු උසස් පොලිස් නිලධාරීන් රැසක් සහභාගි විය.

Scroll to Top