Dilum Sampath – ශ්‍රී ලංකා පොලිසිය

Author name: Dilum Sampath

Special Events - SI

ඌව පළාත් පොලිස් නිලධාරීන් සඳහා අලුතින් ඉදිකරන ලද පරිපාලන ගොඩනැගිල්ල සහ ව්‍යායාම ශාලාව විවෘත කිරීම

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු ගරු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සහ වැඩබලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් දීපව්‍යාප්තව පොලිස් නිලධාරින් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් පවත්වාගෙන යනු ලබයි. ඒ අනුව ඌව පළාත් පොලිස් නිලධාරින් ආමන්ත්‍රණය කිරීමේ වැඩසටහන 2025.08.09 වන දින මහියංගනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ඒ අනුව ඌව පළාතේ පොලිස් ස්ථාන 48 කට අනුයුක්ත නිලධරයන්ගෙන් නිලධරයන් 400 දෙනෙකු පමණ ආමන්ත්‍රණය කිරීම සිදු කරන ලදී. මෙහිදී නිලධාරින් රාජකාරි සිදුකරගෙන යාමේදී ඇතිවන ගැටළු සම්බන්ධව අවධානය යොමු කරන ලදී. එසේම නිලධාරින්ගේ පුද්ගලික ගැටළුද ගරු අමාත්‍යතුමා සහ වැඩබලන පොලිස්පතිතුමා වෙත ඉදිරිපත් කල අතර එම ගැටළු වලට සාධනීය විසදුම් හා යෝජනා ඉදිරිපත් කෙරිණි. මෙම වැඩසටහනින් අනතුරුව රුපියල් මිලියන 18 ක් වැයකර ඉදි කරන ලද දිවුලපැලැස්ස පොලිස් ස්ථානයේ නව පරිපාලන ගොඩනැගිල්ල ගරු අමාත්‍යතුමා විසින් විවෘත කරන ලදී. මෙම අවස්ථාවන් සඳහා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ගරු ලේකම් රවී සෙනෙවිරත්න, ඌව පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න, බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන, මොණරාගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව යන මහත්වරුන් හා බදුල්ල, බණ්ඩාරවෙල හා මොණරාගල කොට්ඨාස භාර නිලධාරීන් ඇතුළු උසස් පොලිස් නිලධාරින් රැසක් සහභාගි විය. එසේම පොලිස් නිලධාරීන්ගේ ශාරීරික හා මානසික සෞඛ්‍ය යහපත්ව පවත්වාගෙන යාම අරමුණු කර ගෙන ඌව පළාතේ පොලිස් නිලධාරින් වෙනුවෙන් බදුල්ල පොලිස් ස්ථාන භූමියේ ස්ථාපිත කරන ලද නවීනතම කායවර්ධන උපාංග වලින් සමන්විත කායවර්ධන ඒකකය වැඩබලන පොලිස්පතිතුමා විසින් විවෘත කරන ලදී. මෙම කාය වර්ධන මධ්‍යස්ථානය සුදුසුකම්ලත් කායවර්ධන පුහුණු උපදේශකයෙකු යටතේ ක්‍රියාත්මක කරනු ලබන අතර මෙම අවස්ථාව සඳහා ඌව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න මහතා ඇතුළු උසස් පොලිස් නිලධාරින් රැසක් සහභාගි විය.

Special Events - SI

ඕපනායක පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යංශ ඒකකය වෙනුවෙන් නව ගොඩනැගිල්ලක්

අවශ්‍ය සියලු පහසුකම් සහිතව රත්නපුුර කොට්ඨාසයේ ඕපනායක පොලිස් ස්ථානය තුල ඉදිකළ නව ළමා හා කාන්තා කාර්යංශ ගොඩනැගිල්ල 2025.07.20 වන දින සවස වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්, සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න මහතාගේ සහභාගීත්වයෙන් විවෘත කරන ලදී. ප්‍රදේශයේ ළමුන්ට සහ කාන්තාවන්ට, තමන්ට ඇතිවූ ගැටළුවක් සම්බන්ධව හෝ මුහුණපෑමට සිදුවූ අපරාධයක් සම්බන්ධව සිය පෞද්ගලිකත්වය සුරැකෙන පරිදි පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට හැකි සුදුසු වටපිටාව ඇතිකරලීම, ඔවුනට සිදුවන අපරාධ වැළැක්වීම සඳහා ක්‍රියාත්මක වීමට සුදුසු රාජකාරි පරිසරය ඇතිකිරීම, මෙලෙස නවීන පහසුකම් සහිතව ක්‍රමවත්ව ළමා හා කාන්තා කාර්යංශය ස්ථාපිත කිරීමේ අරමුණයි. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ජපන් රාජ්‍ය මූල්‍ය අනුග්‍රහය යටතේ මෙම කර්තව්‍ය දිවයින පුරා පිහිටුවා ඇති පොලිස් ස්ථාන තුල ඉදිරියටත් සිදුකෙරෙන අතර මෙම ගොඩනැගිල්ල එලෙස ඉදිකළ එක් ගොඩනැගිල්ලකි. රත්නපුර දිසාව භාර නියොජ්‍ය පොලිස්පති මංජුල මහගිරිල්ල මහතා, රත්නපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස මහතා ඇතුළුව පළාතේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම අවස්ථාව සඳහා සහභාගී විය.

Special Events - SI

සබරගමු නිලධරයන්ගේ දරුවන්ට ත්‍යාග රැගෙන පොලිස්පතිතුමන් රත්නපුරයට

සබරගමුව පළාතේ පොලිස් නිලධරයන්ගේ දරුවන් සඳහා පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහන වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්‍ 2025.07.19 වන දින සවස රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ප්‍රධාන ශ්‍රවනාගාරයේදී පැවැත්වුනි. එහිදී සංකේතාත්මකව ළමුන් 34 දෙනෙකු සඳහා පොලිස්පතිතුමා විසින් පාසල් උපකරණ බෙදා දීම සිදු කරන ලද අතර දිනයේ පැය 24 පුරා සේවයට බැඳී සිටිමින් දිවයිනේ සාමය සුරැකීමට කැපවන සෑම පොලිස් නිලධාරියෙකුගේම සේවය අගයමින් නිලධාරීන්ගේ සුබසාධනය වෙනුවෙන් ක්‍රියාත්මක ඉදිරි වැඩපිළිවෙල පිළිබඳවද පැහැදිලි කරන ලදී. උත්සවය සඳහා සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න මහතා, රත්නපුර දිසාව භාර නියොජ්‍ය පොලිස්පති මංජුල මහගිරිල්ල මහතා, රත්නපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස මහතා ඇතුළුව එම පළාතේ නිලධාරීන් රැසක් සහභාගී විය.

Special Events - SI

පොලිස් නිලධාරී ඔබේ PSA ගිණුම දකින්න ජංගම දුරකථන යෙදවුමක් 

පොලිස් නිලධාරීන් බහුතරයක් තමන්ට ලැබන මාසික වැටුපෙන් කොටසක් සිය ආධුනික සමයේ සිට පොලිස් ඉතිරිකිරීම් සංගමයේ (PSA) ගිණුමක තැන්පත් කිරීමට යොමුවේ.  එමගින් හදිසි අවස්ථාවකදී මෙන්ම පොලිස් සේවයෙන් විශ්‍රාම ගැනීමේදී පොලී මුදලක් සමඟ නැවත පහසුවෙන් ලබාගත ගත හැකිවන බැවින් පොලිස් නිලධාරියෙකු මූල්‍ය වශයෙන් අවධානමකට ලක්වීමට ඇති ඉඩ ප්‍රස්ථාව අවම කරයි.  මෙසේ වසර 101 ක් පුරා සාර්ථකව ක්‍රියාත්මක වූ මෙම පොලිස් ඉතිරි කිරීමේ සංගමය දැවැන්ත පියවරක් ඉදිරියට තබමින් සංගමයේ සාමාජික ප්‍රතිලාභ ලාබී 70000 ක් පමණ වූ පොලිස් නිළධරයන් වෙනුවෙන් ගිනුම් තොරතුරු පහසුවෙන් නිරීක්ෂණය කළ හැකි ජංගම දුරකතන යෙදවුමක් (APP) 2025.07.18 වන අද දින එම සංගමයේ ගරු සභාපති වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් මූලස්ථානයේදී හඳුන්වාදෙන ලදී.  මෙම අවස්ථාව සඳහා පොලිස් ඉතිරිකිරීමේ සංගමයේ පාලන කමිටු සභාපති සහයක සේවා දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රාජිත ශ්‍රී දමින්ද මහතා , පුහුණු හා උසස් පුහුණු දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා ඇතුලුව ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූ අතර එහිදී මෘදුකාංගය පරිශීලකයන්ට පහසුවෙන් ලබාගත හැකිවන පරිදි දියත්කළ යුතු ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව සහ එහි පහසුකම්, ආරක්ෂාව තවදුරටත් වැඩිදියුණු කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව සාකච්ඡාවට බඳුන්විය.

Special Events - SI

මාලදිවයින් පොලිස් කොමසාරිස්තුමන් සහ පොලිස්පතිතුමන් අතර ද්විපාර්ශික හමුව

මාලදිවයින් රාජ්‍යයේ පොලිස් කොමසාරිස්තුමන් වන Ismail Naveen මහතා 2025.07.15 වන දින සවස පොලිස් මූලස්ථානය වෙත සපැමිණ වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා හමුවී දෙරට අතර පොලිස් සේවාව වෙනුවෙන් පවතින සහයෝගයීතාවයේ අභිවෘද්ධිය සඳහා විශේෂ සාකච්ඡාවක නිරත විය. එම මහතා ඇතුලු පිරිස ගෞරවනීය ලෙස පිළිගැනීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබූ අතර හමුව අවසානයේ පොලිස්පතිතුමන් සුරතින් කොමසාරිස්තුමා ඇතුලු පිරිසට හමුව සිහිගන්වමින් සමරු ඵලක ප්‍රධානය කෙරුණි.

Special Events - SI

රූ සිරි – ක්ෂේත්‍ර බලකා මූලස්ථානය සතු නවීන රූපලාවන්‍යාගාරය

පොලිස් සේවා වනිතා ඒකකය මූලිකත්වයෙන් නවීන රූපලාවන්යාගාරයක් ලෙසින් වැඩිදියුණුකළ ක්ෂේත්ර බලකා මූලස්ථානයේ කොන්ඩා කැපුම් ස්ථානය (Saloon) 2025.07.15 වන අද දින වැඩබලන පොලිස්පති නීතිඥ ප්රියන්ත වීරසූරිය මහතාගේ ප්රධානත්වයෙන් විවෘත කෙරුණි. පොලිස් නිලධාරීන් පමණක් මෙතෙක් කාලයක් සහනදායී මුදලක් වැය කර කොන්ඩය කපා ගත් එම ස්ථානයෙන් මින් ඉදිරියට පොලිස් නිලධාරිනියන් හට , පොලිස් පවුල්වල සාමාජිකයින්ට මෙන්ම ඒ වෙත පැමිණෙන ඔනෑම අයෙකුට සහනදායී මුදලකට සියලුම රූපලාවන්ය කටයුතු කරගත හැකි පරිදි දෛනිකව විවෘත වේ. වැඩබලන පොලිස්පතිතුමාගේ බිරිඳ වන සේවා වනිතා ඒකකයේ සභාපතිනි නිල්මිණී සමරතුංග මහත්මිය, එම සංගමයේ සාමාජිකාවක් වන සහයක සේවා දිසාව භාර නියෝජ්ය පොලිස්පති එම්.ඩී.ආර්.එස් දමින්ද මහතාගේ බිරිඳ සන්දීපා සෙව්මිණී මහත්මිය සහ පොලිස් ක්ෂේත්ර බලකා මූලස්ථානයේ අණදෙන නිලධාරී කාන්තා ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරි දර්ශිකා කුමාරි මහත්මීය ඇතුලුව ජ්යෙෂ්ඨ නිලධාරීන්ගේ අදහස් සහ අධීක්ෂණය යටතේ තවදුරටත් මෙම ස්ථානය සාර්ථකව වැඩිදියුනු කිරීමට අවශ්ය කටයුතු තවදුරටත් ඉදිරියට සිදුවනු ඇත. මෙහි සේවය කිරීම සඳහා විෂයෙහි ප්රවීන පොලිස් නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකාවන්ට අවස්ථාව හිමිකරදීමද විශේෂත්වයකි. මෙලෙස දිවයින පුරා සේවා ස්ථාන සඳහා පොලිස් පවුල්වල සාමාජිකයන්ට අවස්ථාව හිමිකරදී ආර්ථික වශයෙන්ද පොලිස් පවුල් සවිමත් කිරීම වැඩබලන පොලිස්පතිතුමාගේ අරමුණයි. මෙම රූපලාවන්යාගාරය උපාංග පරිත්යාගය බිලීවර්ස් ඊස්ටන් දේවස්ථානයේ ගරු කල්යාණප්රිය පියතුමා විසින් සිදුකර ඇති අතර පොලිස් සේවා වනිතා ඒකකයේ මුදල් යෙදවීම යටතේ අනෙකුත් වැඩිදියුණුකිරීම් සිදුව ඇත.

Scroll to Top