Jayasinghe – ශ්‍රී ලංකා පොලිසිය

Author name: Jayasinghe

Supply - SI

ප්‍රසම්පාදන

ශ්‍රී ලංකා පොලීසිය සඳහා 250CC යතුරුපැදි 750ක් මිලදී ගැනීම සඳහා   පුවත් පත් දැන්වීමලංසු ලේඛනය 2026 වර්ෂය සඳහා සැපයුම්කරුවන් / කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම. (මහජන ආරක්‍ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය) පුවත් පත් දැන්වීමඅයදුම්පත්‍රයපොදු උපදෙස් නියමයන් හා කොන්දේසිසැපයුම් භාණ්ඩ ලේඛනයවිදෙස් ජාතික අයදුම්කරුවන් සඳහා අයදුම් පත්‍රය

Special Events - SI

බස්නාහිර පළාත තුල සහ අධිවේගී මාර්ගය තුල GovPay හරහා දඩ මුදල් ගෙවීමට හැකියි.

2011 වසරේ සිට දඩ මුදල් ගෙවීමේ ක්‍රමය නව මුහුණුවරකින් ඉටු කරගැනීමට දැරූ උත්සහයේ ප්‍රතිඵලයක් ලෙස Digital payment System ක්‍රමය සාර්ථකව මහජනතාව අතරට රැගෙන ඒමට මහජන ආරක්ෂක අමාත්‍යංශයට හා ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයට ඩිජිටල් ආර් ථික අමාතංශය හා එක්ව හැකියාව ලැබී ඇත. පළමු අදියර වශයෙන් මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කළ අනුරාධපුර, කවරක්කුලම තිරප්පනේ, මරදන්කඩවල, කැකිරාව, මඩාටුගම, කුරුණෑගල, ගොකරැල්ල මැල්සිරිපුර දොරටියාව, දඹුල්ල, ගලේවෙල යන පොලිස් ස්ථාන 12ක ජංගම දුරකථන භාවිතයෙන් Digital payment System ක්‍රමය අතිශය සාර්ථක වී ඇත. පොලිසියේත් මහජනතාවගේත් පහසුව උදෙසා මෙම පහසුකම තවදුරටත් පුළුල් කරමින් බස්නාහිර පළාත තුළ සහ අධිවේගි මාර්ග පද්ධතිය තුළ සිදුවන සියලුම රථවාහන වරදි සඳහා GovPay හරහා දඩ මුදල් ගෙවීමේ පහසුකම් සැලසීමේ හැකියාව 2025.07.28 වන දින මහාමාර්ග අමාත්‍යාංශයේදී  ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ, මහජන ආරක්ෂ්‍යක අමාත්‍ය ආනන්ද විජයපාල මහතාගේ ප්‍රධානත්වයෙන් හා වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සහභාගීත්වයෙන් පැවති හමුවකදී නිල වශයෙන් ආරම්භකර  හඳුන්වා දෙන ලදී. මෙම ක්‍රමය සාර්ථක කරගැනීම සඳහා පියවරෙන් පියවර පොලිස් නිලධාරීන් පුහුණු කිරීම සහ මහජනතාව දැනුවත් කිරීම ඉදිරියට සිදුවනු ඇත. රථවාහන වැරදි සහ අනතුරු වළක්වා ගැනීම සහ මහජනතාවගේ පහසුව  මූලික චේතනාව අරමුණු කරගනිමින් ආරම්භ කරන ලද Digital payment System ක්‍රමය ඉදිරියේදී මුළු දිවයින පුරාම ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Wanted - SI

ලියන අතුකෝරලලාගේ දොන් නිරෝශන් සමීර

දුරකථන මාර්ගයෙන් හා අන්තර්ජාලය ඔස්සේ සමාජයේ විවිධ තරාතිරම් වල පුද්ගලයින් සමඟ සම්බන්ධ වෙමින් තෑගි පාර්සල් ලබා දෙන බව පවසා එම තෑගි ලබාදීමට බැංකු ගිණුම් වෙත මුදල් තැන්පත් කරවාගෙන මුදල් වංචා සිදුකරමින් සැකකකටයුතු ලෙස ගිණුම් පවත්වාගෙන යාමක් සම්බන්ධව ලද ගනු දෙනු වාර්තාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශ 02 මඟින් විමර්ශන සිදුකර කොළඹ මහධිකරණයේ නඩුවක් පවත්වාගෙන යනු ලබයි. මීට සම්බන්ධ සැකකරු අධිකරණය මඟහැර ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව අනාවරණය වී ඇත. මොහු රැදී සිටින ස්ථානය පිළිබඳව හෝ අත්අඩංගුවට ගැනීමට සහය වන තොරතුරක් ඔබ දන්නේ නම් නොපමාව පහත සඳහන් දුරකථන අංක අමතා දැනුම් දෙන්න. සැකකරු :- නම -ලියන අතුකෝරලලාගේ දොන් නිරෝශන් සමීරජා හැ:අ – 780232196 vලිපිනය – ඉහල බෝමිරිය, කඩුවෙල දුරකථන අංක – ස්ථානාධිපති මූල්‍ය විමර්ශන අංශ 02 – 071 – 8594911අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව – 011 – 2320140

Special Events - SI

සබරගමු පළාත ආවරණය කෙරෙන නව අපරාධ විමර්ශන කොට්ඨාසයක් විවෘතයි 

සබරගමු පළාත තුලින් වාර්ථාවන යම් බරපකල ඝනයේ අපරාධයක් හෝ පැමිණිල්ලක් පිළිබඳව කඩිනමින් ක්‍රියාත්මක වී එය කාර්යාක්ෂමව විසඳීමට සතු හැකියාව තවදුරටත් ඉහල නංවමින් කුරුවිට පොලිස් ස්ථානය පරිශ්‍රයේ ස්ථාපිත කළ සබරගමු පළාත් අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් 2025.07.19 වන දින සවස විවෘත කරන ලදී.  මෙම අවස්ථාව සඳහා පොලිස්පතිතුමන් සමඟ සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න මහතා, රත්නපුර දිසාව භාර නියොජ්‍ය පොලිස්පති මංජුල මහගිරිල්ල මහතා, රත්නපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස මහතා ඇතුළුව ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී විය.

Police News - SI

අත්අඩංගුවට ගෙන නඩු කටයුතු අවසන් වූ එක් කෝටි පනස් ලක්ෂයක් මත්පෙති තොගයක් විනාශ කිරීම 

2018.09.10 වන දින පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය සහ ශ්‍රී ලංකා රේගුව ඒකාබද්ධව සිදුකරන ලද වැටලිමකදී අත්අඩංගුවට ගත් මත්පෙති 1,50,00000 (එක් කෝටි පනස් ලක්ෂයක්) ක ප්‍රමාණයක් නඩු කටයුතු අවසන් වීමෙන් පසු අධිකරණ නියෝග මත 2025.07.21 දින INSEE සිමෙන්ති සමාගමට අයත් පුත්තලම, පාලවිය පිහිටි උඳුනේදී විනාශ කිරීමට කටයුතු සිදුකරන ලදී.  කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදෙන ලද නියෝග අනුව 2025.07.21 වන දින උදෑසන 07.00 ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් මෙම මත්ද්‍රව්‍ය තොගය භාර ගැනීමෙන් අනතුරුව විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේ පුත්තලම, පාලවිය පිහිටි ඉහත ආයතනයට අයත් දහන උඳුන වෙත රැගෙන ගිය අතර එහිදී පුත්තලම ගරු මහේස්ත්‍රාත්තුමා අධීක්ෂණය යටතේ දහනය කර විනාශ කිරීම සිදුකරන ලදී.  මෙම අවස්ථාවට රජයේ රස පරීක්ෂකවරයා, මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරින් හා රේගු නිලධාරීන් ඇතුළු විෂයට ආදාල නිලධාරීන් පිරිසක් සහභාගි විය.

Scroll to Top