Jayasinghe – Page 8 – SRI LANKA POLICE

Author name: Jayasinghe

Notable Services

පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් විද්‍යාල 08ක් උදෙසා මාධ්‍යකරණය පිළිබඳ වැඩමුළුවක්

සමාජ මාධ්‍ය තුල දරුවන් ආරක්ෂා විය යුත්තේ කෙසේද? නිවැරදි සන්නිවේදනය සහ නිවැරදි සමාජ මාධ්‍ය භාවිතය පිළිබඳ පාසල් දරුවන් දැනුවත් කිරීම වෙනුවෙන් පවත්වනු ලබන තවත් එක් වැඩමුළුවක්, නිට්ටඹුව “Curfew Boys Youth Club” සංගමයේ ආරාධනයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය මඟින් 2024.10.16 දින මීගමුව දකුණ ජාත්‍යන්තර පාසල නිට්ටඹුව ශාඛාවේදී දවස පුරා පවත්වන ලදී. මෙම වැඩමුළුවේදී සයිබර් අපරාධ වලින් ආරක්ෂා වීම, සාර්ථක සන්නිවේදනය, වෙබ් පුවත්,ලිපි සැකසීම/ සාරාංශ කිරීම, කැමරාකරණය සහ වීඩියෝකරණය, ඡායාරූප සංස්කරණය සහ වීඩියෝ සංස්කරණය, ඩ්‍රෝන තාක්ෂණය මෙන්ම නව මාධ්‍ය භාවිතයන් පිළිබඳ පාසල් සිසුන් දැනුවත් කිරීම සහ ප්‍රායෝගික අද්දැකීම් ලබා දීම සිදු විය. මේ සඳහා මීගමුව දකුණ ජාත්‍යන්තර පාසල නිට්ටඹුව ශාඛාව සිසු දරුවන් ඇතුළුව ආරාධිත පාසල් ලෙස, මීගමුව දකුණ ජාත්‍යන්තර පාසල මීගමුව ශාඛාව, නිට්ටඹුව රෝමානුකතෝලික විද්‍යාලය, නිට්ටඹුව බෞද්ධ විද්‍යාලය, වේයන්ගොඩ බණ්ඩාරනායක විද්‍යාලය, ඌරාපොළ මධ්‍යමහා විද්‍යාලය සහ උඩුගහවල්පොළ විද්‍යාලය යන විද්‍යාල 8 හි මාධ්‍ය ඒකක වල සිදු දරු දැරියන් 150 ක් සහ ගුරු භවතුන් සහභාගී විය.

Notable Services

“මගහැරුනු පාඩම” ලෝක ළමා දිනය වෙනුවෙන් හරවත් රසවත් වැඩසටහනක්.

“සෙනෙහසේ දෑත් දිගු කර රකිමු වැඩිහිටි ළමා පරපුර” යන තේමාව පෙරදැරිකර සමස්ථ ලෝකයම අන්තර්ජාතික ලෝක ළමා දිනය හා වැඩිහිටි දිනය සමරනු ලැබූ 2024.10.01 වන අද දින, ශ්‍රී ලංකා පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරන කාර්යංශය අධ්‍යාපන අමාත්‍යංශය හා ඒකාබද්ධව සංවිධානය කළ දේශන හා සන්දර්ශන මාලාවක් “දරුවන් රැකගමු සමසේ සලකමු” ළමා දින තේමාව යටතේ මානෙල් වත්ත නාගනන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ දී 2024.10.01 වන අද දින උදෑසන පැවැත්වුනි. වැඩසටහන සඳහා ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වූයේ ගරු අග්‍රාමාත්‍ය හා අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිනියයි. වැඩසටහන සඳහා කැළණිය අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් 10 ක ශිෂ්‍ය ශිෂ්‍යාවන් 1000 ක් පමණ සහභාගී වූ අතර එම දරු දැරියන් උදෙසා හරවත් දේශනයන්ට අමතරව වැඩසටහන සඳහා එක්වූ පොලිස් සංස්කෘතික කොට්ඨාසය, පොලිස් තූර්යවාදක කොට්ඨාස සහ පොලිස් සුනඛ කොට්ඨාසය නැටුම් ගැයුම් හා සංදර්ශන රසවිදීමේ අවස්ථාව උදාකරන ලදී. අග්‍රාමාත්‍ය තුමිය සමඟ මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර මැතිනිය, බස්නාහිර පළාත් උතුර කොට්ඨාස භාර නියෝජ්‍ය පොලිස්පති කපිල කඩුපිටිය මහතා, ළමා හා කාන්තා අපයෝජන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මිය, ළමා හා කාන්තා කාර්යංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් අබේසේකර මහතා ඇතුළුව ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී විය.

Scroll to Top