Special Events – SI – Page 10 – ශ්‍රී ලංකා පොලිසිය

Special Events – SI

Special Events - SI

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමක්

මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදයට මුදල් සැපයිම මැඩපැවැත්වීම සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශන වලට අදාලව තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා පොලිසිය අතර ද්විපාර්ශවියව අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම 2025.08.07 වන දින පොලිස් මූලස්ථානයේදී සිදුකරන ලදී. මෙම අවබෝධතා ගිවිසුමට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් චින්තක මෙන්ඩිස් මහතා හා වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් නිල වශයෙන් අත්සන් තැබීම සිදුකරන ලදී.

Special Events - SI

ඌව පළාත් අපරාධ කොට්ඨාසය විවෘත කිරීම.

පරණ පොලිසිය, මහියංගනය පාර, බදුල්ල ලිපිනයේ පිහිටුවන ලද ඌව පළාත් අපරාධ කොට්ඨාසය 2025.08.09 වන අද දින සවස් කාලයේ වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් විවෘත කිරීම සිදුකරන ලදී. විශේෂයෙන් ඌව පළාතට අදාලව සිදුවන අපරාධ විමර්ශනය කිරීම සඳහා මෙම ඒකකය විවෘත කරන ලද අතර ඌව පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ මෙම කොට්ඨාසය ක්‍රියාත්මක වේ. මෙම අවස්ථාව සඳහා ඌව පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න, බදුල්ල දිසාව භාර නියොජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන, මොණරාගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව, බදුල්ල, බණ්ඩාරවෙල හා මොණරාගල කොට්ඨාස භාර නිලධාරීන් ඇතුළු උසස් පොලිස් නිලධාරීන් රැසක් සහභාගි විය.

Special Events - SI

වයඹ පළාත ආවරණය කෙරෙන අපරාධ කොට්ඨාසයට ඇරඹුම

ශ්‍රී ලංකා පොලිසියේ පරිපාලන ව්‍යුහය ප්‍රථිසංවිධානය කිරීමට සමගාමීව සෑම පළාතක්ම පළාත් අපරාධ කොට්ඨාසයකින් සවිබලගැන්වීමට නියමිතය ඒ වැහැර පොලිස් සංකීරණය තුල ඉදිකළ වයඹ පළාත් අපරාධ කොට්ඨාසය 2025.08.03 වන දින ගරු මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජයපාල මහතාගේ ප්‍රධානත්වයෙන්, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සහභාගීත්වයෙන් විවෘත කරන ලදී. මෙමගින් අපේක්ෂිත කාර්යභාරය අනුව පුත්තලම, කුරුණෑගල, කුලියාපිටිය සහ නිකවැරටිය යන පොලිස් කොට්ඨාස ආවරණය වන පරිදි සංවිධානාත්මක අපරාධ සහ අපරාධ කල්ලි කණ්ඩායම් මර්දනය කිරීම, නීති විරෝධ මත්ද්‍රව්‍ය ජාලය අකර්මණ්‍ය කරමින් මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය කිරීම සහ සියලු අපරාධ වැලැක්වීම මෙන්ම ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට විශේෂ විමර්ශක කණ්ඩායම් රාජකාරි ඉටුකරනු ඇත.  මෙම අවස්ථාව සඳහා වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා, වයඹ දිසාව නියෝජ්‍ය පොලිස්පති සරත් කුමාර මහතා ඇතුළුව ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක්ද සහභාගි විය.

Special Events - SI

වයඹ පළාතේ පොලිස් නිලධරයින්ගේ දරුවන් සඳහා පාසැල් උපකරණ

වයඹ පළාතේ පොලිස් නිලධරයන්ගේ දරුවන් සඳහා පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහන ගරු මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් 2025.08.03 වන දින කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි. ඒ සඳහා වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා මෙන්ම වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඇතුලු පිරිසක්ද සහභාගි විය.  එහිදී පාසැල් ළමුන් විශාල පිරිසක් සඳහා පාසල් උපකරණ බෙදා දීම සිදු කරන ලද අතර පැය 24 පුරා රාජකාරි කරමින් දිවයිනේ සාමය සුරැකීමට කැපවන සෑම පොලිස් නිලධාරියෙකුගේම සේවය අගයමින් නිලධාරීන්ගේ සුබසාධනය වෙනුවෙන් ක්‍රියාත්මක ඉදිරි වැඩපිළිවෙල පිළිබඳවද පැමිණි පිරිස දැනුවත් කරමින් අමාත්‍යතුමා සහ වැඩබලන පොලිස්පතිතුමා උත්සව සභාව ආමන්ත්‍රණය කරන ලදී.

Special Events - SI

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නීතිඥ සංසදයේ දෙවන සමුළුව සඳහා වැඩබලන පොලිස්පතිතුමාගේ සහභාගීත්වය

වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා 2025.08.02 වන දින කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වනු ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නීතිඥ සංසදයේ දෙවන සමුළුව සඳහා සහභාගී විය‍. මෙරට අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රධානව නීතිවේදීන්, අයතන ප්‍රධානීන්, ජාතික ප්‍රතිපත්ති සම්පාදකයින්, තාක්ෂණික නවෝත්පාදකයින් ඇතුලු ක්ෂේත්‍රයට අදාල වෘත්තීයවේදීන් ශ්‍රී ලංකාව ඩිජිටල් පරිවර්තනය කරා යන ගමනේදී මුහුණ දෙන නීතිමය අභියෝග පිළිබඳව එහිදී පුළුල් සාකච්ඡාවක නිරත විය. දේශීය විදේශීය ඩිජිටල් තර්ජන මැඩපැවැත්වීම, සයිබර් අපරාධ පිළිබඳව, කෘතිම බුද්ධිය අනිසි ලෙස භාවිතා කිරීම, දත්ත ආරක්ෂාකර ගැනීම වැනි කරුණු පිළිබඳව ශ්‍රී ලංකා පොලිසිය අවධානය යොමුකරමින් යුගයට ගැලපෙන අයුරින් පවතින නීතිමය ප්‍රතිපාදන යටතේ ක්‍රියාමාර්ග ගන්නා ආකාරය පිළිබඳව එහිදී අදහස් ප්‍රකාශ කෙරුණි.

Special Events - SI

පොලිස් සේවා වනිතා මව් ඒකකයේ මහසභා රැස්වීම – 2025

පොලිස් සේවයට බැඳුනු සෑම තරාතිරකම නිලධරයන් වෙනුවෙන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල සුභසාධනය වෙනුවෙන් සක්‍රියව කාර්යභාරයේ නිරත ශ්‍රී ලංකා පොලිස් සේවා වනිතා ඒකකයේ ඉදිරි කාලය සඳහා නව නිලධාරී මඩුල්ල තොරාපත්කර ගැනීමේ මහ සභා රැස්වීම වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් 2025-08.02 වන දින උදෑසන කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ පිහිටි සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුනි. වැඩබලන පොලිස්පතිතුමාගේ බිරිඳ වන පොලිස් සේවා වනිතා ඒකකයේ සභාපතිනිය නීතිඥ නිල්මිනී සමරතුංග මහත්මිය හා විශ්‍රාමික පොලිස්පති ජයන්ත වික්‍රමරත්න මහතාගේ බිරිඳ වන සේවා වනිතා මව් ඒකකයේ උපදේශිකා ජ්‍යෙෂ්ඨ නීතිඥ අනෝමා ගුණතිලක මහත්මිය ප්‍රධානව එම ඒකකයන්හි නිලතල දරන නිලධරයන් මීට සහභාගී වූහ. නව සාමාජිකයින් ලියාපදිංචිකිරීමෙන් හා පසුගිය වර්ෂයේ ගිණුම් වාර්තා ඉදිරිපත්කිරීමෙන් පසුව නව නිලතල සඳහා නිලධාරීන් පත්කරමින් එම ඒකකයේ අභ්‍යන්තර කමිටු සඳහා සාමාජිකයින් පත්කිරීම සිදුකෙරණු/ පසු පොලිස් නිලධාරීන්ගේ පවුල් සුභසාදනය සඳහා ඉදිරියේදී අරඹන නව වැඩසටහන් පිළිබඳව සහ නව සැලසුම් පිළිබඳවද සාර්ථකව සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව රැස්වීම නිමාකෙරුනි. ව්‍යවස්ථානුකූලව සභාපතිනිය – නීතිඥ නිල්මිනී නීටා සමරතුංග මහත්මිය උපසභාපතිනිය – නියෝජ්‍ය පොලිස්පති නිශානි සෙනවිරත්න මහත්මිය ලේකම් – නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මිය භාණ්ඩාගාරික – ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මධාරා ආරියසේන මහත්මිය උප භාණ්ඩාගාරික – කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක නිමාලි ෆොන්සේකා මහත්මිය

Special Events - SI

නීතිය හා සාමය සුරැකීමේ ක්‍රියාදාමයේ ප්‍රගතිය සාක්ච්ඡා කිරීමේ හමුවක්

මාතර හා තංගල්ල පොලිස් කොට්ඨාස තුලින් වාර්තා වන සංවිධානාත්මක අපරාධ ඇතුලු සියලු නීති විරෝධී ක්‍රියා මැඩපැවැත්වීම අරමුණුකර එම පළාත් තුල ක්‍රියාත්මක නීතිය හා සාමය පවත්වාගැනීමේ වැඩපිළිවෙලෙහි ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා  2025.08.29 වන දින මාතර සණස උත්සව ශාලාවේදී හමුවක් පැවැත්වුනි. ගරු මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද ව්ජේපාල මහතා ප්‍රධානත්වය ගෙන, එම අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා සහ වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා මෙන්ම පළාත භාර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙයට සහභාගී වූ අතර රාජකාරි ඉටුකිරීමේදී උද්ගත වන ගැටලු පිළිබඳව සහ නිලධාරීන්ගේ සුබසාධනය ඉහල නැංවීම පිළිබඳව එහිදී සාකච්ඡාවට බඳුන් විය.

Special Events - SI

බස්නාහිර පළාත තුල සහ අධිවේගී මාර්ගය තුල GovPay හරහා දඩ මුදල් ගෙවීමට හැකියි.

2011 වසරේ සිට දඩ මුදල් ගෙවීමේ ක්‍රමය නව මුහුණුවරකින් ඉටු කරගැනීමට දැරූ උත්සහයේ ප්‍රතිඵලයක් ලෙස Digital payment System ක්‍රමය සාර්ථකව මහජනතාව අතරට රැගෙන ඒමට මහජන ආරක්ෂක අමාත්‍යංශයට හා ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයට ඩිජිටල් ආර් ථික අමාතංශය හා එක්ව හැකියාව ලැබී ඇත. පළමු අදියර වශයෙන් මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කළ අනුරාධපුර, කවරක්කුලම තිරප්පනේ, මරදන්කඩවල, කැකිරාව, මඩාටුගම, කුරුණෑගල, ගොකරැල්ල මැල්සිරිපුර දොරටියාව, දඹුල්ල, ගලේවෙල යන පොලිස් ස්ථාන 12ක ජංගම දුරකථන භාවිතයෙන් Digital payment System ක්‍රමය අතිශය සාර්ථක වී ඇත. පොලිසියේත් මහජනතාවගේත් පහසුව උදෙසා මෙම පහසුකම තවදුරටත් පුළුල් කරමින් බස්නාහිර පළාත තුළ සහ අධිවේගි මාර්ග පද්ධතිය තුළ සිදුවන සියලුම රථවාහන වරදි සඳහා GovPay හරහා දඩ මුදල් ගෙවීමේ පහසුකම් සැලසීමේ හැකියාව 2025.07.28 වන දින මහාමාර්ග අමාත්‍යාංශයේදී  ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ, මහජන ආරක්ෂ්‍යක අමාත්‍ය ආනන්ද විජයපාල මහතාගේ ප්‍රධානත්වයෙන් හා වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සහභාගීත්වයෙන් පැවති හමුවකදී නිල වශයෙන් ආරම්භකර  හඳුන්වා දෙන ලදී. මෙම ක්‍රමය සාර්ථක කරගැනීම සඳහා පියවරෙන් පියවර පොලිස් නිලධාරීන් පුහුණු කිරීම සහ මහජනතාව දැනුවත් කිරීම ඉදිරියට සිදුවනු ඇත. රථවාහන වැරදි සහ අනතුරු වළක්වා ගැනීම සහ මහජනතාවගේ පහසුව  මූලික චේතනාව අරමුණු කරගනිමින් ආරම්භ කරන ලද Digital payment System ක්‍රමය ඉදිරියේදී මුළු දිවයින පුරාම ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Special Events - SI

සබරගමු පළාත ආවරණය කෙරෙන නව අපරාධ විමර්ශන කොට්ඨාසයක් විවෘතයි 

සබරගමු පළාත තුලින් වාර්ථාවන යම් බරපකල ඝනයේ අපරාධයක් හෝ පැමිණිල්ලක් පිළිබඳව කඩිනමින් ක්‍රියාත්මක වී එය කාර්යාක්ෂමව විසඳීමට සතු හැකියාව තවදුරටත් ඉහල නංවමින් කුරුවිට පොලිස් ස්ථානය පරිශ්‍රයේ ස්ථාපිත කළ සබරගමු පළාත් අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් 2025.07.19 වන දින සවස විවෘත කරන ලදී.  මෙම අවස්ථාව සඳහා පොලිස්පතිතුමන් සමඟ සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න මහතා, රත්නපුර දිසාව භාර නියොජ්‍ය පොලිස්පති මංජුල මහගිරිල්ල මහතා, රත්නපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස මහතා ඇතුළුව ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී විය.

Special Events - SI

ඕපනායක පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යංශ ඒකකය වෙනුවෙන් නව ගොඩනැගිල්ලක්

අවශ්‍ය සියලු පහසුකම් සහිතව රත්නපුුර කොට්ඨාසයේ ඕපනායක පොලිස් ස්ථානය තුල ඉදිකළ නව ළමා හා කාන්තා කාර්යංශ ගොඩනැගිල්ල 2025.07.20 වන දින සවස වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්, සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න මහතාගේ සහභාගීත්වයෙන් විවෘත කරන ලදී. ප්‍රදේශයේ ළමුන්ට සහ කාන්තාවන්ට, තමන්ට ඇතිවූ ගැටළුවක් සම්බන්ධව හෝ මුහුණපෑමට සිදුවූ අපරාධයක් සම්බන්ධව සිය පෞද්ගලිකත්වය සුරැකෙන පරිදි පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට හැකි සුදුසු වටපිටාව ඇතිකරලීම, ඔවුනට සිදුවන අපරාධ වැළැක්වීම සඳහා ක්‍රියාත්මක වීමට සුදුසු රාජකාරි පරිසරය ඇතිකිරීම, මෙලෙස නවීන පහසුකම් සහිතව ක්‍රමවත්ව ළමා හා කාන්තා කාර්යංශය ස්ථාපිත කිරීමේ අරමුණයි. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ජපන් රාජ්‍ය මූල්‍ය අනුග්‍රහය යටතේ මෙම කර්තව්‍ය දිවයින පුරා පිහිටුවා ඇති පොලිස් ස්ථාන තුල ඉදිරියටත් සිදුකෙරෙන අතර මෙම ගොඩනැගිල්ල එලෙස ඉදිකළ එක් ගොඩනැගිල්ලකි. රත්නපුර දිසාව භාර නියොජ්‍ය පොලිස්පති මංජුල මහගිරිල්ල මහතා, රත්නපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස මහතා ඇතුළුව පළාතේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම අවස්ථාව සඳහා සහභාගී විය.

Scroll to Top