Special Events – SI – Page 6 – ශ්‍රී ලංකා පොලිසිය

Special Events – SI

Special Events - SI

159 වන පොලිස් දින සංවත්සර උළෙල – 2025

ඔබට වඩාත් සමීපතම රාජ්‍ය ආයතනය ලෙස සියවස් එක හමාරකට අධික කාලයක්, එනම් 1866 වසරේ සැප්තැම්බර් 03 වන දින ශ්‍රීමත් ජී.ඩබ්.ආර් කැම්බල් මහතා මෙරට ප්‍රථම පොලිස්පති වශයෙන් පත්වූ දා සිට 2025.09.03 වන දිනය දක්වා වසර 159 ක්, විවිධ වූ කාල පරිච්ඡේදයන් තුල පැන නැගුණු බාධක අභියෝග සාර්ථකව ජයගනිමින් අප, වර්තමානයේ වඩාත් ශක්තිමත්ව මෙරට නීතිය හා සාමය සුරක්ෂිත කිරීමට ක්‍රියාත්මක වන්නෙමු. එහි අභිමානය පෙරදැරිකරගනිමින් 2025.09.03 වන දින සවස 159 වන පොලිස් සංවත්සර දින උළෙල ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථාන ක්‍රීඩාංගණයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විය. ශ්‍රී ලංකා ගරු පාර්ලිමේන්තුවේ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා,මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා, එම අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා, ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා,  මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා ඇතුලු ප්‍රභූවරුන් රැසක්, ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුලු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයින් ලෙස සහභාගී විය. අසුපිට නැගි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරී ඇණි විධායකවරුන් යටතේ ඇණි 5 කින් සමන්විත වූ සම්මාන පෙළපාලිය ජනාධිපතිතුමන් වෙත උත්තමාචාර පුදකිරීමෙන් ඇරඹි සංවත්සර උළලේ පිළිගැනීමේ කතාව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් සිදුකිරීමට පෙර මේ දක්වා රාජකාරියේදී දිවි පිදූ 3050 ක් ලෙස සැලකෙන පොලිස් නිලධාරී සමූහය සිහිකර කෙටි නිහැඩියාවක් පවත්වා ඔවුන් ගෞරවයෙන් සිහිපත් කරන ලදී. ඉන් අනතුරුව සිය උසස්වීම් ලැබිය යුතු කාලයට එළඹ නිශ්චිත දිනයක් නොමැතිව බලාපොරොත්තුවෙන් සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලයෙන් පහල පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් හා පොලිස් නිලධාරීන් 4254 ක් උදෙසා උසස්වීම් පිරිනැමීම ඇරඹුනි. ඒ් අනුව සංකේතාත්මකව නිලධාරීන් කිහිප දෙනෙකු එහිදී මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ, මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතාගේ සහ මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් රවී සෙනෙවිරත්න මහතාගේ සුරතින් සිය උසස් වීමේ ලිපි ලබාගත්හ. පසුගිය සතියක කාලයක තුල සුප්‍රසිද්ධ වූ, මෙරට පොලිස් කණ්ඩායමක් විදේශයක් තුල සිදුකළ විශිෂ්ඨ මෙහෙයුමට නායකත්වය දුන් පොලිස් නිලධාරීන් දෙපළට ජනාධිපති ඇගයීම හිමි වූ අවස්ථාව එළඹුනේ ඉන් අනතුරුවයි. මෙරට නමගිය සංවිධානාත්මක අපරාධකරුවන් පස් දෙනෙකු ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ආ ඒ සුවිශේෂී කාර්යභාරයට, බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී ඕලුගල මහතාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවේ සහකාර පොලිස් අධිකාරී ඒ්.ඒම්.ඒම් ජයසුන්දර මහතාට ගරු ජනාධිපති අනුර කුමාර මහතා විසින් ජනාධිපති වීරතා පදක්කම පිරිනැමීය. එසැණින් පොලිස් දින සංවත්සර උළෙල ආමන්ත්‍රණය කළ ජනාධිපතිතුමන් ශ්‍රී ලංකා පොලිසිය අගයමින්, නිලධාරීන් ඇගයීමට ලක්කරමින් හා නිලධාරීන්ව අභිප්‍රේරණය කරමින් පොලිසියේ ඉදිරි ගමනට සුභාසිංශන එක් කරන ලදී. එහිදී පොලිස්පතිතුමන් විසින් මෙම අවස්ථාවට සපැමිණීම වෙනුවෙන් ගෞරව සිහිවටනයක් ජනාධිපතිතුමා වෙත පිරිනැමීය. ඒ සමඟ උත්සව සභාව සාර්ථකව නිමකිරීමෙන් අනතුරුව පොලිස් බටහිර තූර්ය වාදන වෘන්දය, පොලිස් විශේෂ කාර්ය බලකාය, පොලිස් නිලසුනඛ කොට්ඨාසය සහ පොලිස් සංස්කෘතික කොට්ඨාසය ඉදිරිපත්කළ දර්ශනීය සන්දර්ශන මගින් පැමිණ සිටි සියල්ලන්ට ශ්‍රී ලංකා පොලසිය සතු විවිධ වූ හැකියාවන්, සම්පත් උත්කර්ෂවත් ලෙස විදහා දැක්විය. පොලිස් මාධ්‍ය කොට්ඨාසය මෙම 159 වන අභිමානවත් සංවත්සර උළෙලේ සියලු අවස්ථාවන් පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාසය සහ පොලිස් සන්නිවේදන කොට්ඨාසය සමඟ එක්ව SRI LANKA POLICE නිල Facebook පිටුව ඔස්සේ ඔබට සජීවීව ඉදිරිපත්කරන ලදී. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

Special Events - SI

පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ල ශ්‍රී ලංකා පොලිසියට නිල වශයෙන් පැවරුනි

2024.03.15 වන දින සිට ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානය වශයෙන් භාවිතා කරමින් පවතින කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ අක්කර 03 ක පමණ භූමි ප්‍රමාණයක පිහිටන මහල් 12 කින් සමන්විත ගොඩනැගිල්ල මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් 2025.09.03 වන අද දින උදෑසන ශ්‍රී ලංකා පොලිසියට නිල වශයෙන් පවරා දෙන ලදී. 159 වන පොලිස් සංවත්සර දිනය යෙදෙන 2025.06.03 වන දිනයේ සනිටුහන් වූ ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ සුවිශේෂ සන්දිස්ථානයක් වන මෙම අවස්ථාවට මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා, මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් රවී සෙනෙවිරත්න මහතා, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ඇතුලු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ සහභාගීත්වය හිමි විය.  සර්වාගමික ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව අමාත්‍යතුමන් නව පොලිස් මූලස්ථානය නිල වශයෙන් විවෘත කර පොලිස්පතිතුමන් වෙත සිය සුභාසිංශන පිරිනමන ලදී.

Special Events - SI

159 වන සංවත්සර දිනයට සර්වආගමික ආශිර්වාද

2025.09.03 වන දිනට යෙ‍දෙන පොලිස් සංවත්සර දිනයට සමගාමීව ශ්‍රී ලංකා පොලිසියේ ඉදිරි අනාගතයට ආගමානුකූලව ආශිර්වාද ලබා ගැනීම සඳහා වැඩසටහන් රැසක් 2025.09.03 වන අද දින උදෑසන සිට දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන කේන්ද්‍රකරගනිමින් සංවිධානය කර ඇත.  පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ සහභාගීත්වයෙන‍් අද (03) දින උදෑසන කොම්පඤ්ඤවීදිය ගංගාරාම විහාරස්ථානය , බම්බලපිටිය කදිරේෂන් හින්දු කෝවිල , කුරුඳුවත්ත දවටගහවත්ත මුස්ලිම් පල්ලිය සහ කොම්පඤ්ඤවීදිය ජේසු බිළිදාගේ කතෝලික දේවස්ථානය කේනද්‍රකරගනිමින් පැවැත්වුනු ප්‍රධාන සර්වාගමික වතාවන් සඳහා සෑම නිලතලයක්ම නියෝජනය වන පරිදි පොලිස් නිලධාරීන් රැසකට එක්වීමේ අවස්ථාව සලසා තිබුනි.

Special Events - SI

“නීතිය සුරකිමු සාමය අගයමු” 159 වන පොලිස් දිනය

සියවස් එකහමාරකටත් අධික දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකා පොලීසියේ 159 වන පොලිස් දින සංවත්සරය 2025 සැප්තැම්බර් 03 වන දින යෙදී තිබේ.  ප්‍රථම පොලිස්පති ලෙස ශ්‍රීමත් ජී.ඩබ්.ආර් කැම්බල් මහතා පොලිස්පති ධූරයට පත් වු 1866 සැප්තැම්බර් 03 වැනි දින ව්‍යවස්ථාපිතව පොලිසිය ආරම්භ කළ දිනය ලෙස සලකනු ලැබේ.   ඒ අනුව පොලිස් දිනයක් ලෙස ස්මරණය කරන්නේ පොලිස්පතිධුරප්‍රාප්ත වු දිනය බැවින් 159 වන පොලිස් දිනය ශ්‍රී ලංකාවේ 37 වන පොලිස්පති ලෙස නීතිඥ ප්‍රියන්ත වීරසුරිය මහතා එම ධුරයේ වැඩ භාර ගෙන දෙසතියක් ඇතුලත ස්මරණය කිරීමට ලැබීම සුවිශේෂි සන්ධිස්ථානයක් බවට පත් වේ. 1602 දී ලන්දේසි ජාතිකයන් මුහුදුබඩ ප්‍රදේශ අත්පත් කර ගැනීමෙන් අනතුරුව 1650 වර්ෂයේ දී කොළඹ මහ නගර සභාව විසින් රාත්‍රී කාලයේදී නගරයේ ආරක්ෂාව සඳහා ආරක්ෂකයින් පත් කිරීමේ යෝජනාවක් සම්මත කරන ලදී. ඒ අනුව රාත්‍රීයේදී නගරයේ මුර සංචාරයේ යෙදීම සඳහා සොල්දාදුවන් සිව්දෙනෙකු පත් කරන ලද  අතර, ඔවුන්ගේ  රාජකාරිය  ශ්‍රී ලංකා පොලිසියේ ආරම්භක පොලිස් රාජකාරිය ලෙස  හැදින්විය හැකිය. 1796 වර්ෂයේ පෙබරවාරි 16 වන දින ලන්දේසීන් බ්‍රිතාන්‍යයන්ට යටත් වු අතර, එතැන් සිට රටේ නීතිය හා සාමය පවත්වාගෙන යාම බ්‍රිතාන්‍ය හමුදාව විසින් සිදු කරන ලදී. පොලිසිය අධීක්ෂණය කිරීමේ අතිරේක රාජකාරිය සම්බන්ධයෙන් රාජ්‍ය මූල්‍ය අධික බරක් පැටවිණි. එබැවින් ෆ්‍රෙඩ්රික් නෝර්ත් ආණ්ඩුකාරවරයා විසින් අගවිනිසුරුවරයාගේ කැමැත්ත ලබාගෙන මහේස්ත්‍රාත් හා පොලිස් විනිසුරුවන්ට පොලිසිය අධීක්ෂණය කිරීමේ කාර්යය භාර දෙන ලදී. ශ්‍රි ලංකා පොලිසිය සම්බන්ධයෙන් නීතිය මුල් වරට සම්මත කරන ලද්දේ බ්‍රිතාන්‍යය විසින් ලංකාව අත්පත් කර ගැනීමෙන් කෙටි කාලයකට පසුවය. අනතුරුව පොලිස් නිලධාරීන් හෙවත් ගමේ පොලිස් විදානේවරුන් යැයි හැඳින්වෙන මුලාදෑනින් කොටසක් ගමක් පාසා පත් කිරීමට 1806 දී රෙගුලාසි සම්මත විය. ඔවුන් එම දිස්ත්‍රීක්කයේ දිසාපතිට වග කිවයුතු වූ අතර තම තමන් භාරයේ පවත්නා ගම් වල සාමය පවත්වා ගැනීමේ හා අපරාධ ගැන පරීක්ෂා කිරීමේ වගකීම ද ඔවුන් සතුවිය. දිවයිනේ පොලිසිය ප්‍රතිසංවිධානය කිරීම සඳහා ගතික පුද්ගලයෙකු සොයමින් සිටි ෆ්‍රෙඩ්රික් නෝර්ත් ආණ්ඩුකාරවරයා ඉන්දියාවේ පොලිස් රාජකාරිය අනුකරණය කිරීම සඳහා එම කටයුතු නිරීක්ෂණයක යෙදෙන ලදී. බොම්බේ පොලිසියේ “රත්නගිරි රේන්ජර්ස්” භාරව සිටි ශ්‍රීමත් ජී.ඩබ්.ආර්. කැම්බල් මහතාට මෙම කර්තව්‍යය භාර දෙන ලෙස බොම්බායේ ආණ්ඩුකාරවරයා නිර්දේශ කළේය. ආණ්ඩුකාරවරයා විසින් තෝරාගන්නා ලද ජී.ඩබ්.ආර්. කැම්බල් මහතා වර්ෂ 1866 සැප්තැම්බර් 03 වන දින ප්‍රධාන පොලිස් අධිකාරී ලෙස රාජකාරි ආරම්භ කළේය.  ඉන් අනතුරුව වර්ෂ 1865 දී අංක 16 දරන පොලිස් ආඥා පනත සංශෝධනය කිරීමෙන් පොලිස් බලකායේ ප්‍රධානියාගේ තනතුර ප්‍රධාන පොලිස් අධිකාරී තනතුරේ සිට පොලිස්පති තනතුර ලෙස වෙනස් කරන ලද බැවින් වර්ෂ 1866 සැප්තැම්බර් 03 වන දින ලාංකික වර්තමාන පොලිස් සේවයේ ව්‍යවස්ථාපිත ආරම්භය සිදුවිය. වර්ෂ 1843 වන විටදී බලපැවැත් වූ  පොලිස් ආඥා පනත අවලංගු කර දිවයිනේ ඕනෑම ස්ථානයක පොලිස් ස්ථාන පිහිටුවීමට ආණ්ඩුකාරවරයාට බලය පැවරිණි. 1845 වර්ෂයේ දී පොලිස් පරීක්ෂක තනතුර හඳුන්වා දෙමින් පොලිස් නිලධරයන් සංඛ්‍යාව වැඩි කරගෙන ඇති අතර පොලිස් පියන් තනතුර අවලංගු කර පොලිස් කොස්තාපල් තනතුර හදුන්වා දී ඇත. 1870 වර්ෂයේදී පමණ විශාල වශයෙන් සිදුවන වාණිජ අපරාධ, අභිරහස් මිනී මැරුම් හා රහස්‍ය අනාවරණය කර ගැනීමේ අරමුණින් සිවිල් ඇදුමින්  සැරසුණ පොලිස් නිලධාරීන් යෙදවීම ආරම්භ කළේය.  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වර්ෂ 1891 වර්ෂයේදි පොලිස්පති තනතුරට පත්වු මේජර් නෝලිස් මහතා විසින්  ආරම්භ කරන ලද අතර එහි ප්‍රථම ස්ථානාධිපති වුයේ පොලිස් පරීක්ෂක කොතලාවල මහතාය. ප්‍රථම ශ්‍රී ලාංකික පොලිස්පතිවරයා වශයෙන් ශ්‍රීමත් රිචඩ් අලුවිහාරේ මහතා  වර්ෂ 1947 ජුනි මස 01 වන දින රාජකාරී ආරම්භ කළ අතර එවකට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ පැවති පොලිස් දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශයේ විෂය පථයට යටත් කරන ලදී. වර්ෂ 1948 නිදහස ලබා ගැනීමත් සමඟ පොලිස් බලකාය යටත් විජිත දෘෂ්ඨියෙන් මිදුණු පොලිස් සේවාවක් බවට පරිවර්තනය කිරීමේ වගකීම ශ්‍රීමත් රිචඩි අලුවිහාරේ මහතාට ඉටු කිරීමට සිදු විය.  එම වගකීම නිසි ආකාරයෙන් ඉටු කරමින්  නිලධාරින්ගේ සුභසාධනය, විමර්ශනය, අපරාධ හඳුනා ගැනීම, අපරාධ වැළැක්වීමේ සමිති, ග්‍රාමීය ස්වේච්ඡා සේවකයන්, පොලිස් කුඩාරම්, මහජන සම්බන්ධතා, නව පුහුණු ක්‍රම ආදිය ද වැඩිදියුණු කිරීමේ ක්‍රමවේද වෙනුවෙන් වටිනා කාර්යභාරයක් ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙන් එතුමා ඉටු කළේය. අපරාධ විසඳීම සඳහා ලෝකයේ භාවිතයට ගන්නා විශේෂඥ සාක්ෂියක් ලෙස පිළිගන්නා පොලිස් නිලසුනඛ රාජකාරිය ශ්‍රී ලංකා පොලිසියේ  ආරම්භ කරන ලද්දේ 1948 නොවැම්බර් මාසයේදිය. මේ වන විට දිවයින පුරා ඒකක 54 කදී නිල සුනඛයින් විශාල ප්‍රමණයක් අපරාධ විමර්ශනය, මත්ද්‍රව්‍ය සහ පුපුරණ ද්‍රව්‍ය හඳුනා ගැනීමේ රාජකාරි වල දී කැපි පෙනෙන දායකත්වයක් ලබා දීමට සමත්ව ඇත. 1952 වර්ෂයේ දී ශ්‍රී ලංකා පොලිසියට කාන්තා පොලිස් නිලධාරිනියන් බඳවා ගැනීම ආරම්භ කරන ලද අතර, එදා සිට මේ දක්වා පැමිණි ගමන් මග තුළ කාන්තා පොලිස් කොස්තාපල් තනතුරේ සිට කාන්තා නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා නිලයන් දරමින් කාන්තා පොලිස් නිලධාරිනියන් ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙන් මහඟු කර්තව්‍යයක් ඉටු කරමින් සිටියි. 1979 දී ආරම්භ කරන ලද ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යංශය අද වන විට සියලු පොලිස් ස්ථාන ආවරණය කරමින් කාන්තා නිලධාරිනියන්ගේ දායකත්වයෙන් ක්‍රියාත්මක වෙමින් පවතී. පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතාගේ අවිධියේ එනම් 2006 වර්ෂයේ දී පොලිසිය වෙත වාර්තා වන අපරාධ පරීක්ෂණය සඳහා  අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරින් ලෙස ස්වීඩන් පොලිසියේ විශේෂ පුහුණුවක් ලබා දී  (SOCO) නමින් ඉතා සුවිශේෂී ඒකකයක් ආරම්භ කරන ලදී. එම පුහුණුව ලත් නිලධරයින් දිවයින පුරා ඒකක 43 කට අනුයුක්තව අපරාධ විමර්ශන රාජකාරි ඉටු කරනු ලබයි.  පොලිස් විද්‍යාල මගින් ලබාදෙනු පුහුණුවට අමතරව පොලිසියේ අනාගත අභියෝගයන් දැනුමින් සන්නද්ධව ජය ගැනීම සඳහා 1978 වර්ෂයේ දී පොලිස් උසස් පුහුණුවීම් ආයතනය ලෙස ආරම්භ කරන ලද පුහණු ආයතනය 2008 වර්ෂයේදි පොලිස් විදයාපීඨය ලෙසත් පසු කාලීනව 2011 අංක 04 දරණ පාර්ලිමේන්තු පනතින් ජාතික පොලිස් අභ්‍යාස ආයතනය නමින් ආරම්භකර විශ්වවිද්‍යාල සම්බන්ධිකරනය කරගනිමින් පාඨමාළාවන් ලබාදීම අනාගත පොලිස් උපාධියක් කරායන මාර්ගයට අවතතීර්ණ වීමකි. 1983 වර්ෂයේ දී පොලිසියේ සන්නද්ධ ඒකකය ලෙස බ්‍රිතාන්‍ය එස්.ඒ.එස් නිලධාරීන්ගේ පුහුණුවෙන් සැදුම්ලත් පොලිස් විශේෂ කාර්ය බලකාය එක්වන්නේ ‘නියතයි ජය’ තේමාව යටතේය. පොලිස් විශේෂ කාර්ය බලකාය වත්මන් කාලයේ දී සංවිධානාත්මක අපරාධ වැලැක්වීම ප්‍රභූ ආරක්ෂාව,මත් ද්‍රව්‍ය වැටලීම හා නීතිය සාමය සුරක්ෂිත කිරීම සඳහා ආරම්භ කළ විශේෂ මෙහෙයුම් විධානයකින්ද සමන්විතව සිය රාජකාරිය වික්‍රමාන්විතව ඉටු  කරනු ලබයි. 1866 සිට 2025 වසර  දක්වා පොලිස්පතිවරුන් 37 දෙනෙකුගේ නායකත්වය යටතේ  ශ්‍රී ලංකා පොලිසිය කාලාණුරූපව, එහෙත්  නීතිමය රාමුව ඔස්සේ  මහජන සේවාවන් වඩාත් ඵලදායීව ඉටු කිරීම  සඳහා නිරන්තරයෙන් කටයුතු කර ඇත. අපරාධ මත්ද්‍රව්‍ය රිය අනතුරු දුසිරිත් පාලනය කිරීම වෙනුවෙන්  පැය 24 පුරාම කැපවී සිටී. එකී රාජකාරි ඉටු කිරීම සඳහා කැපවු පොලිස් නිලධරයන් සංඛ්‍යාව පොලිස් විශේෂ කාර්ය බලකාය ද ඇතුලුව 86000 කට ආසන්න වේ. එම සංඛ්‍යාව දිවයින පුරා පොලිස් රාජකාරිය ඉටු කිරීමට අවශ්‍ය කරන නිලධාරි ප්‍රමාණයට වඩා 30000 ක පමණ ඌනතාවයක් බව වත්මන් පොලිස්පතිතුමා සිදුකරණ ලද සමීක්ෂණයකදි අනාවරණය කරගෙන ඇත. 2025 වන විට ශ්‍රී ලංකාව තුළ පොලිස් ස්ථාන 608 ක් ,ප්‍රාදේශීය පොලිස් කොට්ඨාස 45ක් සහ ක්‍රියාකාරී පොලිස් කොට්ඨාස 78 ක් පොලිසිය  තුළ ස්ථාපිතව ඇත. ප්‍රතිව්‍යුහගත කරණය හේතුවෙන් විවිධ කොට්ඨාස හා රාජකාරි ද පොලිස් පරිපාලනය සඳහා වෙන් කර ඇති දිසාවන් ද නව මානයකට යොමු විය.  එලෙස බෙදා වෙන් කරන ලද කොට්ඨාස නිසා රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කරමින් පැමිණි ගමන් මග  තුළ, අපරාධ හා

Special Events - SI

තලෛයිමන්නාරම පොලිස් ස්ථානයට සුවපහසු භෝජනාගාරයක්

කලක් අබලන්ව පැවති තලෛයිමන්නාරම පොලිස් ස්ථානය භාවිතා කළ භෝජනාගාරය මන්නාරම පොලිස් කෝට්ඨාසයේ පොලිස් ඉංජිනේරු අංශය විසින් කෙටිකාලයක් තුල නවීකරණය කරන ලදී. පොලිස් ත්‍යාග අරමුදලින් මේ සඳහා අවශ්‍ය මූල්‍ය ආධාර පිරිනැමීය. එලෙස අංගසම්පූර්ණ ලෙස නවීකරණය කළ භෝජනාගාරය විවෘත කිරීම සඳහා උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තිලක්.සි.ඒ ධනපාල මහතාගේ ආරාධනය මත පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා 2025.09.01 වන දින සවස තෛලයිමන්නාරම පොලිස් ස්ථානය වෙත පිවිසුනි. මෙම  අවස්ථාව සඳහා උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තිලක්.සි.ඒ ධනපාල, වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සාමන්ත විජේසේකර, මන්නාරම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී  ඩබ්ලිව්.කේ.ඒ.ජේ එරික් රංජිත්, මන්නාරම කොට්ඨාස භාරව රාජකාරි ඉටුකළ වත්මන් ත්‍රීකුණාමලය පොලිස් කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එල්.වයි.ඒ චන්ද්‍රපාල, තලෛයිමන්නාරම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක තුෂාර යන මහත්වරුන් එක්විය.

Special Events - SI

පොලිස් නිලධාරීන් වෙනුවෙන් අභිනවයෙන් ඉදිකළ වන්කාලේ “සන්සෙට්” නිවාඩු නිකේතනය

පොලිස් නිලධාරීන් වෙනුවෙන් වන්කාලේ පොලිස් ස්ථානයට යාබදව ඉදිකළ සන්සෙට් නිවාඩු නිකේතනය 2025.09.01 වන දින සවස පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සුරතින් විවෘත කරන ලදී. මන්නාරම කොට්ඨාස ඉංජිනේරු අංශයේ නිලධාරීන්ගේ ශ්‍රම දායකත්වය යටතේ මෙහි සම්පූර්ණ ඉදිකිරීම් සිදුකර ඇති අතර මූල්‍ය දායකත්වය  කොට්ඨාස ප්‍රතිපදාන මගින් සපයා ඇත. උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තිලක්.සි.ඒ ධනපාල, වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සාමන්ත විජේසේකර, මන්නාරම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී  ඩබ්ලිව්.කේ.ඒ.ජේ එරික් රංජිත්, මන්නාරම කොට්ඨාස භාරව රාජකාරි ඉටුකළ වත්මන් ත්‍රීකුණාමලය පොලිස් කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එල්.වයි.ඒ චන්ද්‍රපාල, වන්කාලේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කැළුම් දර්ශන සෙනෙවිරත්න යන මහත්වරුන් මෙම අවස්ථාව සඳහා සහභාගී විය.

Special Events - SI

පොලිස්පතිතුමන් පොලිස් ධජ රැගෙන අනුරාධපුර පූජා නගරයට

සෑම වර්ෂයකම සැප්තැම්බර් මස 03 වන දිනට යෙදෙන පොලිස් දිනයට සමගාමීව ගරුතර මහා සංඝරත්නය පෙරටුකර ගනිමින්, පොලිස්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් පොලිස් ධජය සහ පොලිස් කොට්ඨාස ධජ ශ්‍රී මහා බෝධීන් වහන්සේ සෙවණේ තබා ශ්‍රී ලංකා පොලිසියට සහ රට දැයට ආශිර්වාද  ප්‍රාර්ථනා කිරීම සිදුකරයි. මෙවරද සැදැහැ සිතින් එම කාර්ය ඉටුකරමින් පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා සිය ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සමඟ 2025.09.01 වන දින දහවල් අතිපූජනීය රුවන්වැලි සෑ රඳුන් සහ ශ්‍රී මහා බෝධීන් වහනසේ වැඩවසන අනුරාධපුර පූජා නගරයේ ආගමික වතාවත්හි නිරත විය.

Special Events - SI

පොලිස් විශේෂ කාර්ය බලකායේ 41 වන ගුණ අනුස්මරණ දිනය

රටදැය වෙනුවෙන් දිවි පිදූ පොලිස් විශේෂ කාර්ය බලකා විරුවන් ගෞරවාන්විතව සිහිපත්කෙරෙන පොලිස් විශේෂ කාර්ය බලකායේ හතලිස් එක්වන රණවිරු ගුනානුස්මරණ දින සැමරුම් උත්සවය මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩී.ඩබ්.ආර්.බී. සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්, පොලිස්පති නීතඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සහභාගීත්වයෙන් 2025.09.01 වන දින කලුතර,කටුකුරුන්ද විශේෂ කාර්ය බලකා පුහුණු පාසලේදී පැවැත්වුනි. තිස් අවුරුද්දකට ආසන්න කාලයක් පැවති උතුරු නැගෙනහිර යුධ වාතාවරණයේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ රණවිරුවෝ 464 දෙනෙක් සහ සිවිල් සේවකයන් 06 දෙනෙක් මාතෘ භූමියේ සෛවරිභාවය ආරක්ෂාකිරීම වෙනුවෙන් දිවි පිදූහ. රණවිරුවන් 774 ක් තුවාල ලබා පුර්ණ ආබාධිත බවට පත් විය. 1984 සැප්තැම්බර් පළමු වැනිදා යාපනය සහ පේදුරු තුඩුව අතර ටික්කම් ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ගමන් ගත් ට්‍රක් රථයක් ඉලක්කකර එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් ඇටවු බිම් බෝම්බයකට හසුව විශේෂ කාර්ය බළකායේ මුල්ම සාමාජිකයන් සිව්දෙනා සිය අවසන් සුසුම් පොද වාතලයට මුසු කළහ. එම නිලධාරීන් වන්නේ පොලිස් විශේෂ කාර්ය බලකායේ සැරයන්වරුන් වන ආර් චන්ද්‍රපාල, පී.ඒ. ඒකනායක, එල්.ඩී. නානායක්කාර සහ පොලිස් සැරයන් රියදුරු එච්.ඩී. සුමනසේකර යන නිලධාරීන්ය. සිදුවීමෙන් එහි ගමන් ගත් තවත් නිලධාරීන් එකොළොස් දෙනෙකු තුවාල ලැබීය.  එම සිදුවීම පාදක වී සෑම සැප්තැම්බර් මසකම පළමුදින සමරනු ලබන පොලිස් විශේෂ කාර්ය බලකායේ රණවිරු දිනය මෙවරත් රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් ද එක්කර ගනිමින් ගෞරවාන්විතව සැමරීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති ඩී.ජී.සමන්ත ද සිල්වා ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කටයතු කළහ. මෙම අවස්ථාව සඳහා පොලිස්පතිතුමා සමඟ පුහුණු හා උසස් පුහුණු දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා ඇතුලු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සහභාගී විය.

Special Events - SI

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත් වූ සැකකරුවන් පස්දෙනා මෙරටට

ශ්‍රී ලංකා පොලිසිය මෙතෙක් ඉතිහාසයේ විදෙස් රටක් තුල සිදුකළ විශිෂ්ඨම මෙහෙයුම අතිසාර්ථක ලෙස නිමාකරමින් 2025.08.27 වන දින ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් මෙරට නමගිය සංවිධානාත්මක අපරාධකරුවන් වන කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, බැකෝ සමන්, පානදුරේ නිලංග, තැඹිලි ලහිරු යන අනුවර්ත නමායන්ගෙන් හදුන්වන සැකකරුවන් 2025.08.30 වන දින රාත්‍රියේ ගුවන් මගින් මෙරටට රැගෙන එන ලදී. මෙහෙයුම ආරම්භයේ සිට අවසානය දක්වා දැඩි කැපකිරීම් මධ්‍යයේ සක්‍රියව සම්බන්ධවූ ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් මෙන්ම මෙවැනි අවසානයක් වෙනුවෙන් නොමද සහයක් ලබාදී සැකකරුවන් දැඩි අධීක්ෂණය යටතේ ආරක්ෂිතව මෙරටට රැගෙන ඒමට සහය ලබාදුන් ඉන්දුනීසියානු පොලිස් නිලධාරීන් පිළිගැනීමට මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා  සහ පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා කටයුතු කළේ ගුවන් යානය පැමිණෙන තෙක් ගුවන්තොටුපළ පරිශ්‍රයේ රැදී සිටිමිනි. පොලිස්පතිතුමන් එහිදී සිය සෘජු අධීක්ෂණය යටතේ සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව යටතට පත්කළ අතර දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ  ඔවුන්ව භාරදීමට නියමිත විමර්ශන අංශවෙත භාරදෙන තෙක් රඳවාගැනීමට අවශ්‍ය උපදෙස් හා නියෝග ලබාදී තිබේ.

Special Events - SI

එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ මහතා පොලිස්පතිතුමා හමුවීම

ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ මහතා සහ ගරු පොලිස්පතිතුමා අතර හමුවක් 2025.08.28 වන දින සවස පොලිස් මූලස්ථානයේදී පැවැත්විණි. රාජකාරි පහසුව සඳහා රාජතාන්ත්‍රිකව ශ්‍රී ලංකා පොලීසිය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය අතර සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ගෙන ඇති එකඟතාවයන් පිළිබඳව මෙහිදී සාකච්ඡාවට බඳුන්විය.

Scroll to Top