“නීතිය සුරකිමු සාමය අගයමු” 159 වන පොලිස් දිනය
සියවස් එකහමාරකටත් අධික දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකා පොලීසියේ 159 වන පොලිස් දින සංවත්සරය 2025 සැප්තැම්බර් 03 වන දින යෙදී තිබේ. ප්‍රථම පොලිස්පති ලෙස ශ්‍රීමත් ජී.ඩබ්.ආර් කැම්බල් මහතා පොලිස්පති ධූරයට පත් වු 1866 සැප්තැම්බර් 03 වැනි දින ව්‍යවස්ථාපිතව පොලිසිය ආරම්භ කළ දිනය ලෙස සලකනු ලැබේ. ඒ අනුව පොලිස් දිනයක් ලෙස ස්මරණය කරන්නේ පොලිස්පතිධුරප්‍රාප්ත වු දිනය බැවින් 159 වන පොලිස් දිනය ශ්‍රී ලංකාවේ 37 වන පොලිස්පති ලෙස නීතිඥ ප්‍රියන්ත වීරසුරිය මහතා එම ධුරයේ වැඩ භාර ගෙන දෙසතියක් ඇතුලත ස්මරණය කිරීමට ලැබීම සුවිශේෂි සන්ධිස්ථානයක් බවට පත් වේ. 1602 දී ලන්දේසි ජාතිකයන් මුහුදුබඩ ප්‍රදේශ අත්පත් කර ගැනීමෙන් අනතුරුව 1650 වර්ෂයේ දී කොළඹ මහ නගර සභාව විසින් රාත්‍රී කාලයේදී නගරයේ ආරක්ෂාව සඳහා ආරක්ෂකයින් පත් කිරීමේ යෝජනාවක් සම්මත කරන ලදී. ඒ අනුව රාත්‍රීයේදී නගරයේ මුර සංචාරයේ යෙදීම සඳහා සොල්දාදුවන් සිව්දෙනෙකු පත් කරන ලද අතර, ඔවුන්ගේ රාජකාරිය ශ්‍රී ලංකා පොලිසියේ ආරම්භක පොලිස් රාජකාරිය ලෙස හැදින්විය හැකිය. 1796 වර්ෂයේ පෙබරවාරි 16 වන දින ලන්දේසීන් බ්‍රිතාන්‍යයන්ට යටත් වු අතර, එතැන් සිට රටේ නීතිය හා සාමය පවත්වාගෙන යාම බ්‍රිතාන්‍ය හමුදාව විසින් සිදු කරන ලදී. පොලිසිය අධීක්ෂණය කිරීමේ අතිරේක රාජකාරිය සම්බන්ධයෙන් රාජ්‍ය මූල්‍ය අධික බරක් පැටවිණි. එබැවින් ෆ්‍රෙඩ්රික් නෝර්ත් ආණ්ඩුකාරවරයා විසින් අගවිනිසුරුවරයාගේ කැමැත්ත ලබාගෙන මහේස්ත්‍රාත් හා පොලිස් විනිසුරුවන්ට පොලිසිය අධීක්ෂණය කිරීමේ කාර්යය භාර දෙන ලදී. ශ්‍රි ලංකා පොලිසිය සම්බන්ධයෙන් නීතිය මුල් වරට සම්මත කරන ලද්දේ බ්‍රිතාන්‍යය විසින් ලංකාව අත්පත් කර ගැනීමෙන් කෙටි කාලයකට පසුවය. අනතුරුව පොලිස් නිලධාරීන් හෙවත් ගමේ පොලිස් විදානේවරුන් යැයි හැඳින්වෙන මුලාදෑනින් කොටසක් ගමක් පාසා පත් කිරීමට 1806 දී රෙගුලාසි සම්මත විය. ඔවුන් එම දිස්ත්‍රීක්කයේ දිසාපතිට වග කිවයුතු වූ අතර තම තමන් භාරයේ පවත්නා ගම් වල සාමය පවත්වා ගැනීමේ හා අපරාධ ගැන පරීක්ෂා කිරීමේ වගකීම ද ඔවුන් සතුවිය. දිවයිනේ පොලිසිය ප්‍රතිසංවිධානය කිරීම සඳහා ගතික පුද්ගලයෙකු සොයමින් සිටි ෆ්‍රෙඩ්රික් නෝර්ත් ආණ්ඩුකාරවරයා ඉන්දියාවේ පොලිස් රාජකාරිය අනුකරණය කිරීම සඳහා එම කටයුතු නිරීක්ෂණයක යෙදෙන ලදී. බොම්බේ පොලිසියේ “රත්නගිරි රේන්ජර්ස්” භාරව සිටි ශ්‍රීමත් ජී.ඩබ්.ආර්. කැම්බල් මහතාට මෙම කර්තව්‍යය භාර දෙන ලෙස බොම්බායේ ආණ්ඩුකාරවරයා නිර්දේශ කළේය. ආණ්ඩුකාරවරයා විසින් තෝරාගන්නා ලද ජී.ඩබ්.ආර්. කැම්බල් මහතා වර්ෂ 1866 සැප්තැම්බර් 03 වන දින ප්‍රධාන පොලිස් අධිකාරී ලෙස රාජකාරි ආරම්භ කළේය. ඉන් අනතුරුව වර්ෂ 1865 දී අංක 16 දරන පොලිස් ආඥා පනත සංශෝධනය කිරීමෙන් පොලිස් බලකායේ ප්‍රධානියාගේ තනතුර ප්‍රධාන පොලිස් අධිකාරී තනතුරේ සිට පොලිස්පති තනතුර ලෙස වෙනස් කරන ලද බැවින් වර්ෂ 1866 සැප්තැම්බර් 03 වන දින ලාංකික වර්තමාන පොලිස් සේවයේ ව්‍යවස්ථාපිත ආරම්භය සිදුවිය. වර්ෂ 1843 වන විටදී බලපැවැත් වූ පොලිස් ආඥා පනත අවලංගු කර දිවයිනේ ඕනෑම ස්ථානයක පොලිස් ස්ථාන පිහිටුවීමට ආණ්ඩුකාරවරයාට බලය පැවරිණි. 1845 වර්ෂයේ දී පොලිස් පරීක්ෂක තනතුර හඳුන්වා දෙමින් පොලිස් නිලධරයන් සංඛ්‍යාව වැඩි කරගෙන ඇති අතර පොලිස් පියන් තනතුර අවලංගු කර පොලිස් කොස්තාපල් තනතුර හදුන්වා දී ඇත. 1870 වර්ෂයේදී පමණ විශාල වශයෙන් සිදුවන වාණිජ අපරාධ, අභිරහස් මිනී මැරුම් හා රහස්‍ය අනාවරණය කර ගැනීමේ අරමුණින් සිවිල් ඇදුමින් සැරසුණ පොලිස් නිලධාරීන් යෙදවීම ආරම්භ කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වර්ෂ 1891 වර්ෂයේදි පොලිස්පති තනතුරට පත්වු මේජර් නෝලිස් මහතා විසින් ආරම්භ කරන ලද අතර එහි ප්‍රථම ස්ථානාධිපති වුයේ පොලිස් පරීක්ෂක කොතලාවල මහතාය. ප්‍රථම ශ්‍රී ලාංකික පොලිස්පතිවරයා වශයෙන් ශ්‍රීමත් රිචඩ් අලුවිහාරේ මහතා වර්ෂ 1947 ජුනි මස 01 වන දින රාජකාරී ආරම්භ කළ අතර එවකට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ පැවති පොලිස් දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශයේ විෂය පථයට යටත් කරන ලදී. වර්ෂ 1948 නිදහස ලබා ගැනීමත් සමඟ පොලිස් බලකාය යටත් විජිත දෘෂ්ඨියෙන් මිදුණු පොලිස් සේවාවක් බවට පරිවර්තනය කිරීමේ වගකීම ශ්‍රීමත් රිචඩි අලුවිහාරේ මහතාට ඉටු කිරීමට සිදු විය. එම වගකීම නිසි ආකාරයෙන් ඉටු කරමින් නිලධාරින්ගේ සුභසාධනය, විමර්ශනය, අපරාධ හඳුනා ගැනීම, අපරාධ වැළැක්වීමේ සමිති, ග්‍රාමීය ස්වේච්ඡා සේවකයන්, පොලිස් කුඩාරම්, මහජන සම්බන්ධතා, නව පුහුණු ක්‍රම ආදිය ද වැඩිදියුණු කිරීමේ ක්‍රමවේද වෙනුවෙන් වටිනා කාර්යභාරයක් ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙන් එතුමා ඉටු කළේය. අපරාධ විසඳීම සඳහා ලෝකයේ භාවිතයට ගන්නා විශේෂඥ සාක්ෂියක් ලෙස පිළිගන්නා පොලිස් නිලසුනඛ රාජකාරිය ශ්‍රී ලංකා පොලිසියේ ආරම්භ කරන ලද්දේ 1948 නොවැම්බර් මාසයේදිය. මේ වන විට දිවයින පුරා ඒකක 54 කදී නිල සුනඛයින් විශාල ප්‍රමණයක් අපරාධ විමර්ශනය, මත්ද්‍රව්‍ය සහ පුපුරණ ද්‍රව්‍ය හඳුනා ගැනීමේ රාජකාරි වල දී කැපි පෙනෙන දායකත්වයක් ලබා දීමට සමත්ව ඇත. 1952 වර්ෂයේ දී ශ්‍රී ලංකා පොලිසියට කාන්තා පොලිස් නිලධාරිනියන් බඳවා ගැනීම ආරම්භ කරන ලද අතර, එදා සිට මේ දක්වා පැමිණි ගමන් මග තුළ කාන්තා පොලිස් කොස්තාපල් තනතුරේ සිට කාන්තා නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා නිලයන් දරමින් කාන්තා පොලිස් නිලධාරිනියන් ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙන් මහඟු කර්තව්‍යයක් ඉටු කරමින් සිටියි. 1979 දී ආරම්භ කරන ලද ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යංශය අද වන විට සියලු පොලිස් ස්ථාන ආවරණය කරමින් කාන්තා නිලධාරිනියන්ගේ දායකත්වයෙන් ක්‍රියාත්මක වෙමින් පවතී. පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතාගේ අවිධියේ එනම් 2006 වර්ෂයේ දී පොලිසිය වෙත වාර්තා වන අපරාධ පරීක්ෂණය සඳහා අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරින් ලෙස ස්වීඩන් පොලිසියේ විශේෂ පුහුණුවක් ලබා දී (SOCO) නමින් ඉතා සුවිශේෂී ඒකකයක් ආරම්භ කරන ලදී. එම පුහුණුව ලත් නිලධරයින් දිවයින පුරා ඒකක 43 කට අනුයුක්තව අපරාධ විමර්ශන රාජකාරි ඉටු කරනු ලබයි. පොලිස් විද්‍යාල මගින් ලබාදෙනු පුහුණුවට අමතරව පොලිසියේ අනාගත අභියෝගයන් දැනුමින් සන්නද්ධව ජය ගැනීම සඳහා 1978 වර්ෂයේ දී පොලිස් උසස් පුහුණුවීම් ආයතනය ලෙස ආරම්භ කරන ලද පුහණු ආයතනය 2008 වර්ෂයේදි පොලිස් විදයාපීඨය ලෙසත් පසු කාලීනව 2011 අංක 04 දරණ පාර්ලිමේන්තු පනතින් ජාතික පොලිස් අභ්‍යාස ආයතනය නමින් ආරම්භකර විශ්වවිද්‍යාල සම්බන්ධිකරනය කරගනිමින් පාඨමාළාවන් ලබාදීම අනාගත පොලිස් උපාධියක් කරායන මාර්ගයට අවතතීර්ණ වීමකි. 1983 වර්ෂයේ දී පොලිසියේ සන්නද්ධ ඒකකය ලෙස බ්‍රිතාන්‍ය එස්.ඒ.එස් නිලධාරීන්ගේ පුහුණුවෙන් සැදුම්ලත් පොලිස් විශේෂ කාර්ය බලකාය එක්වන්නේ ‘නියතයි ජය’ තේමාව යටතේය. පොලිස් විශේෂ කාර්ය බලකාය වත්මන් කාලයේ දී සංවිධානාත්මක අපරාධ වැලැක්වීම ප්‍රභූ ආරක්ෂාව,මත් ද්‍රව්‍ය වැටලීම හා නීතිය සාමය සුරක්ෂිත කිරීම සඳහා ආරම්භ කළ විශේෂ මෙහෙයුම් විධානයකින්ද සමන්විතව සිය රාජකාරිය වික්‍රමාන්විතව ඉටු කරනු ලබයි. 1866 සිට 2025 වසර දක්වා පොලිස්පතිවරුන් 37 දෙනෙකුගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා පොලිසිය කාලාණුරූපව, එහෙත් නීතිමය රාමුව ඔස්සේ මහජන සේවාවන් වඩාත් ඵලදායීව ඉටු කිරීම සඳහා නිරන්තරයෙන් කටයුතු කර ඇත. අපරාධ මත්ද්‍රව්‍ය රිය අනතුරු දුසිරිත් පාලනය කිරීම වෙනුවෙන් පැය 24 පුරාම කැපවී සිටී. එකී රාජකාරි ඉටු කිරීම සඳහා කැපවු පොලිස් නිලධරයන් සංඛ්‍යාව පොලිස් විශේෂ කාර්ය බලකාය ද ඇතුලුව 86000 කට ආසන්න වේ. එම සංඛ්‍යාව දිවයින පුරා පොලිස් රාජකාරිය ඉටු කිරීමට අවශ්‍ය කරන නිලධාරි ප්‍රමාණයට වඩා 30000 ක පමණ ඌනතාවයක් බව වත්මන් පොලිස්පතිතුමා සිදුකරණ ලද සමීක්ෂණයකදි අනාවරණය කරගෙන ඇත. 2025 වන විට ශ්‍රී ලංකාව තුළ පොලිස් ස්ථාන 608 ක් ,ප්‍රාදේශීය පොලිස් කොට්ඨාස 45ක් සහ ක්‍රියාකාරී පොලිස් කොට්ඨාස 78 ක් පොලිසිය තුළ ස්ථාපිතව ඇත. ප්‍රතිව්‍යුහගත කරණය හේතුවෙන් විවිධ කොට්ඨාස හා රාජකාරි ද පොලිස් පරිපාලනය සඳහා වෙන් කර ඇති දිසාවන් ද නව මානයකට යොමු විය. එලෙස බෙදා වෙන් කරන ලද කොට්ඨාස නිසා රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කරමින් පැමිණි ගමන් මග තුළ, අපරාධ හා









