Special Events – SI – Page 9 – ශ්‍රී ලංකා පොලිසිය

Special Events – SI

Special Events - SI

බස්නාහිර පළාත තුල සහ අධිවේගී මාර්ගය තුල GovPay හරහා දඩ මුදල් ගෙවීමට හැකියි.

2011 වසරේ සිට දඩ මුදල් ගෙවීමේ ක්‍රමය නව මුහුණුවරකින් ඉටු කරගැනීමට දැරූ උත්සහයේ ප්‍රතිඵලයක් ලෙස Digital payment System ක්‍රමය සාර්ථකව මහජනතාව අතරට රැගෙන ඒමට මහජන ආරක්ෂක අමාත්‍යංශයට හා ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයට ඩිජිටල් ආර් ථික අමාතංශය හා එක්ව හැකියාව ලැබී ඇත. පළමු අදියර වශයෙන් මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කළ අනුරාධපුර, කවරක්කුලම තිරප්පනේ, මරදන්කඩවල, කැකිරාව, මඩාටුගම, කුරුණෑගල, ගොකරැල්ල මැල්සිරිපුර දොරටියාව, දඹුල්ල, ගලේවෙල යන පොලිස් ස්ථාන 12ක ජංගම දුරකථන භාවිතයෙන් Digital payment System ක්‍රමය අතිශය සාර්ථක වී ඇත. පොලිසියේත් මහජනතාවගේත් පහසුව උදෙසා මෙම පහසුකම තවදුරටත් පුළුල් කරමින් බස්නාහිර පළාත තුළ සහ අධිවේගි මාර්ග පද්ධතිය තුළ සිදුවන සියලුම රථවාහන වරදි සඳහා GovPay හරහා දඩ මුදල් ගෙවීමේ පහසුකම් සැලසීමේ හැකියාව 2025.07.28 වන දින මහාමාර්ග අමාත්‍යාංශයේදී  ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ, මහජන ආරක්ෂ්‍යක අමාත්‍ය ආනන්ද විජයපාල මහතාගේ ප්‍රධානත්වයෙන් හා වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සහභාගීත්වයෙන් පැවති හමුවකදී නිල වශයෙන් ආරම්භකර  හඳුන්වා දෙන ලදී. මෙම ක්‍රමය සාර්ථක කරගැනීම සඳහා පියවරෙන් පියවර පොලිස් නිලධාරීන් පුහුණු කිරීම සහ මහජනතාව දැනුවත් කිරීම ඉදිරියට සිදුවනු ඇත. රථවාහන වැරදි සහ අනතුරු වළක්වා ගැනීම සහ මහජනතාවගේ පහසුව  මූලික චේතනාව අරමුණු කරගනිමින් ආරම්භ කරන ලද Digital payment System ක්‍රමය ඉදිරියේදී මුළු දිවයින පුරාම ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Special Events - SI

සබරගමු පළාත ආවරණය කෙරෙන නව අපරාධ විමර්ශන කොට්ඨාසයක් විවෘතයි 

සබරගමු පළාත තුලින් වාර්ථාවන යම් බරපකල ඝනයේ අපරාධයක් හෝ පැමිණිල්ලක් පිළිබඳව කඩිනමින් ක්‍රියාත්මක වී එය කාර්යාක්ෂමව විසඳීමට සතු හැකියාව තවදුරටත් ඉහල නංවමින් කුරුවිට පොලිස් ස්ථානය පරිශ්‍රයේ ස්ථාපිත කළ සබරගමු පළාත් අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් 2025.07.19 වන දින සවස විවෘත කරන ලදී.  මෙම අවස්ථාව සඳහා පොලිස්පතිතුමන් සමඟ සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න මහතා, රත්නපුර දිසාව භාර නියොජ්‍ය පොලිස්පති මංජුල මහගිරිල්ල මහතා, රත්නපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස මහතා ඇතුළුව ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී විය.

Special Events - SI

ඕපනායක පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යංශ ඒකකය වෙනුවෙන් නව ගොඩනැගිල්ලක්

අවශ්‍ය සියලු පහසුකම් සහිතව රත්නපුුර කොට්ඨාසයේ ඕපනායක පොලිස් ස්ථානය තුල ඉදිකළ නව ළමා හා කාන්තා කාර්යංශ ගොඩනැගිල්ල 2025.07.20 වන දින සවස වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්, සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න මහතාගේ සහභාගීත්වයෙන් විවෘත කරන ලදී. ප්‍රදේශයේ ළමුන්ට සහ කාන්තාවන්ට, තමන්ට ඇතිවූ ගැටළුවක් සම්බන්ධව හෝ මුහුණපෑමට සිදුවූ අපරාධයක් සම්බන්ධව සිය පෞද්ගලිකත්වය සුරැකෙන පරිදි පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට හැකි සුදුසු වටපිටාව ඇතිකරලීම, ඔවුනට සිදුවන අපරාධ වැළැක්වීම සඳහා ක්‍රියාත්මක වීමට සුදුසු රාජකාරි පරිසරය ඇතිකිරීම, මෙලෙස නවීන පහසුකම් සහිතව ක්‍රමවත්ව ළමා හා කාන්තා කාර්යංශය ස්ථාපිත කිරීමේ අරමුණයි. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ජපන් රාජ්‍ය මූල්‍ය අනුග්‍රහය යටතේ මෙම කර්තව්‍ය දිවයින පුරා පිහිටුවා ඇති පොලිස් ස්ථාන තුල ඉදිරියටත් සිදුකෙරෙන අතර මෙම ගොඩනැගිල්ල එලෙස ඉදිකළ එක් ගොඩනැගිල්ලකි. රත්නපුර දිසාව භාර නියොජ්‍ය පොලිස්පති මංජුල මහගිරිල්ල මහතා, රත්නපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස මහතා ඇතුළුව පළාතේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම අවස්ථාව සඳහා සහභාගී විය.

Special Events - SI

සබරගමු නිලධරයන්ගේ දරුවන්ට ත්‍යාග රැගෙන පොලිස්පතිතුමන් රත්නපුරයට

සබරගමුව පළාතේ පොලිස් නිලධරයන්ගේ දරුවන් සඳහා පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහන වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්‍ 2025.07.19 වන දින සවස රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ප්‍රධාන ශ්‍රවනාගාරයේදී පැවැත්වුනි. එහිදී සංකේතාත්මකව ළමුන් 34 දෙනෙකු සඳහා පොලිස්පතිතුමා විසින් පාසල් උපකරණ බෙදා දීම සිදු කරන ලද අතර දිනයේ පැය 24 පුරා සේවයට බැඳී සිටිමින් දිවයිනේ සාමය සුරැකීමට කැපවන සෑම පොලිස් නිලධාරියෙකුගේම සේවය අගයමින් නිලධාරීන්ගේ සුබසාධනය වෙනුවෙන් ක්‍රියාත්මක ඉදිරි වැඩපිළිවෙල පිළිබඳවද පැහැදිලි කරන ලදී. උත්සවය සඳහා සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න මහතා, රත්නපුර දිසාව භාර නියොජ්‍ය පොලිස්පති මංජුල මහගිරිල්ල මහතා, රත්නපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස මහතා ඇතුළුව එම පළාතේ නිලධාරීන් රැසක් සහභාගී විය.

Special Events - SI

පොලිස් නිලධාරී ඔබේ PSA ගිණුම දකින්න ජංගම දුරකථන යෙදවුමක් 

පොලිස් නිලධාරීන් බහුතරයක් තමන්ට ලැබන මාසික වැටුපෙන් කොටසක් සිය ආධුනික සමයේ සිට පොලිස් ඉතිරිකිරීම් සංගමයේ (PSA) ගිණුමක තැන්පත් කිරීමට යොමුවේ.  එමගින් හදිසි අවස්ථාවකදී මෙන්ම පොලිස් සේවයෙන් විශ්‍රාම ගැනීමේදී පොලී මුදලක් සමඟ නැවත පහසුවෙන් ලබාගත ගත හැකිවන බැවින් පොලිස් නිලධාරියෙකු මූල්‍ය වශයෙන් අවධානමකට ලක්වීමට ඇති ඉඩ ප්‍රස්ථාව අවම කරයි.  මෙසේ වසර 101 ක් පුරා සාර්ථකව ක්‍රියාත්මක වූ මෙම පොලිස් ඉතිරි කිරීමේ සංගමය දැවැන්ත පියවරක් ඉදිරියට තබමින් සංගමයේ සාමාජික ප්‍රතිලාභ ලාබී 70000 ක් පමණ වූ පොලිස් නිළධරයන් වෙනුවෙන් ගිනුම් තොරතුරු පහසුවෙන් නිරීක්ෂණය කළ හැකි ජංගම දුරකතන යෙදවුමක් (APP) 2025.07.18 වන අද දින එම සංගමයේ ගරු සභාපති වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් මූලස්ථානයේදී හඳුන්වාදෙන ලදී.  මෙම අවස්ථාව සඳහා පොලිස් ඉතිරිකිරීමේ සංගමයේ පාලන කමිටු සභාපති සහයක සේවා දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රාජිත ශ්‍රී දමින්ද මහතා , පුහුණු හා උසස් පුහුණු දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා ඇතුලුව ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූ අතර එහිදී මෘදුකාංගය පරිශීලකයන්ට පහසුවෙන් ලබාගත හැකිවන පරිදි දියත්කළ යුතු ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව සහ එහි පහසුකම්, ආරක්ෂාව තවදුරටත් වැඩිදියුණු කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව සාකච්ඡාවට බඳුන්විය.

Special Events - SI

මාලදිවයින් පොලිස් කොමසාරිස්තුමන් සහ පොලිස්පතිතුමන් අතර ද්විපාර්ශික හමුව

මාලදිවයින් රාජ්‍යයේ පොලිස් කොමසාරිස්තුමන් වන Ismail Naveen මහතා 2025.07.15 වන දින සවස පොලිස් මූලස්ථානය වෙත සපැමිණ වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා හමුවී දෙරට අතර පොලිස් සේවාව වෙනුවෙන් පවතින සහයෝගයීතාවයේ අභිවෘද්ධිය සඳහා විශේෂ සාකච්ඡාවක නිරත විය. එම මහතා ඇතුලු පිරිස ගෞරවනීය ලෙස පිළිගැනීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබූ අතර හමුව අවසානයේ පොලිස්පතිතුමන් සුරතින් කොමසාරිස්තුමා ඇතුලු පිරිසට හමුව සිහිගන්වමින් සමරු ඵලක ප්‍රධානය කෙරුණි.

Special Events - SI

රූ සිරි – ක්ෂේත්‍ර බලකා මූලස්ථානය සතු නවීන රූපලාවන්‍යාගාරය

පොලිස් සේවා වනිතා ඒකකය මූලිකත්වයෙන් නවීන රූපලාවන්යාගාරයක් ලෙසින් වැඩිදියුණුකළ ක්ෂේත්ර බලකා මූලස්ථානයේ කොන්ඩා කැපුම් ස්ථානය (Saloon) 2025.07.15 වන අද දින වැඩබලන පොලිස්පති නීතිඥ ප්රියන්ත වීරසූරිය මහතාගේ ප්රධානත්වයෙන් විවෘත කෙරුණි. පොලිස් නිලධාරීන් පමණක් මෙතෙක් කාලයක් සහනදායී මුදලක් වැය කර කොන්ඩය කපා ගත් එම ස්ථානයෙන් මින් ඉදිරියට පොලිස් නිලධාරිනියන් හට , පොලිස් පවුල්වල සාමාජිකයින්ට මෙන්ම ඒ වෙත පැමිණෙන ඔනෑම අයෙකුට සහනදායී මුදලකට සියලුම රූපලාවන්ය කටයුතු කරගත හැකි පරිදි දෛනිකව විවෘත වේ. වැඩබලන පොලිස්පතිතුමාගේ බිරිඳ වන සේවා වනිතා ඒකකයේ සභාපතිනි නිල්මිණී සමරතුංග මහත්මිය, එම සංගමයේ සාමාජිකාවක් වන සහයක සේවා දිසාව භාර නියෝජ්ය පොලිස්පති එම්.ඩී.ආර්.එස් දමින්ද මහතාගේ බිරිඳ සන්දීපා සෙව්මිණී මහත්මිය සහ පොලිස් ක්ෂේත්ර බලකා මූලස්ථානයේ අණදෙන නිලධාරී කාන්තා ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරි දර්ශිකා කුමාරි මහත්මීය ඇතුලුව ජ්යෙෂ්ඨ නිලධාරීන්ගේ අදහස් සහ අධීක්ෂණය යටතේ තවදුරටත් මෙම ස්ථානය සාර්ථකව වැඩිදියුනු කිරීමට අවශ්ය කටයුතු තවදුරටත් ඉදිරියට සිදුවනු ඇත. මෙහි සේවය කිරීම සඳහා විෂයෙහි ප්රවීන පොලිස් නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකාවන්ට අවස්ථාව හිමිකරදීමද විශේෂත්වයකි. මෙලෙස දිවයින පුරා සේවා ස්ථාන සඳහා පොලිස් පවුල්වල සාමාජිකයන්ට අවස්ථාව හිමිකරදී ආර්ථික වශයෙන්ද පොලිස් පවුල් සවිමත් කිරීම වැඩබලන පොලිස්පතිතුමාගේ අරමුණයි. මෙම රූපලාවන්යාගාරය උපාංග පරිත්යාගය බිලීවර්ස් ඊස්ටන් දේවස්ථානයේ ගරු කල්යාණප්රිය පියතුමා විසින් සිදුකර ඇති අතර පොලිස් සේවා වනිතා ඒකකයේ මුදල් යෙදවීම යටතේ අනෙකුත් වැඩිදියුණුකිරීම් සිදුව ඇත.

Scroll to Top