Notable Services – SI – Page 5 – ශ්‍රී ලංකා පොලිසිය

Notable Services – SI

Notable Services - SI

රාත්‍රි‌‌යේ රිය පැදවීමේදී විවේකයක් ගතයුතු බව සිහිපත් කරවීම

දහවල් කාලයේ නිසි විවේකයක් නොගෙන රාත්‍රියේ රිය පැදවීම රාත්‍රී කාලයේ සිදුව ඇති රිය අනතුරු රැසකට හේතු වී ඇත. මේ පිළිබඳව රියදුරන්ගේ අවධානය වෙනස් ආකාරයකින් යොමුකරමින් හැටන් පොලිස් කොට්ඨාසය භාර පොලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකර මහතා, සහකාර පොලිස් අධිකාරී 1 නිශ්ශංක ගොඩමුන්න මහතා සහ වටවල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජයරත්න මහතා 2025.08.15 දින රාත්‍රියේ වටවල පොලිස් ස්ථානය ඉදිරිපිට වැඩසටහනක් සංවිධානය කර ඇත. හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ එදින රාත්‍රී රිය ධාවනයේ යෙදුනු රියදුරන්හට එමගින් තේපැන් සංග්‍රහයක්ද ලබාදී ඇති අතර රැදී සිටීම සඳහා කල් වේලාව ඇති රියදුරන් හට මෙන්ම කුඩා ළමුන් වෙනුවෙන් එම ස්ථානයේ කාර්ටූන් චිත්‍රපට නැරඹීමටද අවස්ථාව සලසා තිබේ. රාත්‍රී කාලයේ රිය ධාවනයේදී මෙලෙස වරක් හෝ විවේක ලබාගත යුුතු බව සිහිගැන්වීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වී ඇත.

Notable Services - SI

“109 ට කියන්න” ඔබව දැනුවත් කළ අපේ පාගමන

ළමුන් සහ කාන්තාවන්ට සිදුවන හිංසන පිළිබඳව මෙන්ම ඔවුන්ට මුහුණ පෑමට සිදු වන ගැටළු පිළිබඳව පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා ළමා හා කාන්තා අපයෝජන නිවාරණ විමර්ශන කාර්යංශ මූලස්ථානයේ ස්ථාපිත කර ඇති කෙටි දුරකථන අංක “109” පිළිබඳව මහජනතාවගේ අවධානය යොමුකරවීමේ අරමුණින් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යංශය සංවිධානය කළ පාගමනක් 2025.07.19 වන දින සවස කොළඹ ආමර් වීදියේ සිට ගාලු මුවදොර පිටිය දක්වා පැවැත්විය. ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යංශයේ නියොජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මියගේ මූලිකත්වයෙන්, එම කාර්යංශයේ සහකාර පොලිස් අධිකාරී මෙරිල් රංජන් ළමා හේවා මහතා ඇතුළු ගම්පහ, කැලණිය, කොළඹ මධ්‍යම, කොළඹ දකුණ, පානදුර, ඇල්පිටිය, ගාල්ල, මාතර, තංගල්ල හා කුලියාපිටිය පොලිස් කොට්ඨාසවල රාජකාරි කරනු ලබන ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යංශ වලට අනුයුක්තව රාජකාරි කරනු ලබන පොලිස් නිළධරයන් 350 ක පමණ පිරිසක් ඊට සහභාගී විය. පාගමන ආමර් වීදියේ පිහිටි ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යංශ මූලස්ථානය අසලින් පස්වරු 02.00 ට ආරම්භ වී මරදාන හරහා කොළඹ කොටුව දුම්රියපොල ඉදිරිපිටින් ගාලු මුවදොර පිටිය දක්වා ගමන් කළ අතරතුර “109” විශේෂ මෙහෙයුම් මැදිරිය පිළිබඳව සහ ළමුන්ට හා කාන්තාවන්ට සිදුවන හිංසන වලක්වා ගන්නා ආකාරය පිළිබඳව අත්පත්‍රිකා බෙදා දීම, ප්‍රදර්ශන මගින් පුවරු දැනුවත්කිරීම, වීදි නාට්‍ය මගින් රඟ දක්වා දැනුවත් කිරීම සහ ගාලු මුවදොර පිටියේදී පවත්වන ලද විශේෂ වැඩසටහනක් මගින් මහජනතාව දැනුවත් කිරීම් සිදුකෙරුණි.

Notable Services - SI

කොළඹ රථවාහන මූලස්ථානයේ නිලධාරීන් මෙවර කොළඹ ආනන්ද විද්‍යාලයට

රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ කොට්ඨාසයේ නිලධාරීන් එහි අධ්යක්ෂ ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතාගේ ප්රධානත්වයෙන් 2025.07.11 වන දින කොළඹ ආනන්ද විද්යාලයේ සිසුන්ට රථවාහන නීතිය පිළිබඳව මෙන්ම මාර්ගයකදී ආරක්ෂාකාරීව ගමන්ගන්නා ආකාරය පිළිබඳව අවශ්ය දැනුම ලබාදෙන ලදී. රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ කොට්ඨාසයේ ප්රවීන දේශකවරුන් වන අධ්යාපනික අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රවීන් සුමනරත්න මහතා සහ රිය පාසලේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක දයාල් කාරියවසම් මහතා විසින් ආනන්ද විද්යාලීය ප්රධාන දේශන ශාලාවේදී පැවැත්වූ දේශනයකින් සහ එළිමහනේ පැවැත්වූ සංදර්ශන සහිත ප්රායෝගික ක්රියාකරකම් වලින් සමන්විත වූ එම වැඩසටහන උදෑසන සිට දහවල් දක්වා පුරා පැය 05 ක පමණ කාලයත් සාර්ථකව පවත්වනු ලැබූ අතර විද්යාලයේ ළමුන් සහ ගුරුභවතුන් 3000 ක පමණ ප්රමාණයක් ඊට සහභාගී කරවීමට විදුහල්පති ලාල් දිසානායක මහතා අවශ්ය කටයුතු සලසා තිබුනි. ඔබ අප සෑම උදෑසනකම ආනන්ද විද්යාලය ඉදිරිපිට රිය හසුරවන රිය නියාමක සිසුන් හට වැදගත් වන, යතුරුපැදි මගින් පැමිණෙන සිසුන් හට ආරක්ෂිත හිස්වැසුම් පැළදීමේදී වැදගත් වන, මාර්ගය හරහා යමේදී සහ පදික මංතීරුව භාවිතාකිරීමේදී වැදගත්වන කරුණු රැසක් මෙමගින් දීර්ඝ ලෙස පැහැදිලි කිරීමට කටයුතු කර ඇත. මෙම වැඩසටහන සඳහාද ෆෙයාර්ෆස්ට් ඉන්ෂුවරන්ස් (Fairfirst Insurance) පුද්ගලික ආයතනය සාදර අනුග්රහය ලබාදී ඇති අතර, ඒ් යටතේ මෙවරත් දේශනයේදී රථවාහන පොලිස් නිලධාරීන් යොමුකළ ප්රශ්න සදහා නිවැරදි පිළිතුරු ලබාදුන් ආනන්ද විද්යාලීය පාසල් සිසුන් වෙත රථවාහන මූලස්ථානයේ නිලධාරීන් වටිනා ත්යාග ප්රධානය කර ඇත.

Notable Services - SI

ඇසළ පුන් පොහෝ දිනය වෙනුවෙන් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයෙන් වැඩසටහනක්

ඇසළ පුර පසළොස්වක පොහොය දිනය නිමිතිකොටගෙන 2025.07.10 වන දින උදෑසන පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය පරිශ්‍රයේ ධර්ම දේශනාවක් පැවැත්වුනි. පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය භාර නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්ද්‍රකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන්, පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ අණදෙන නිලධාරී කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දර්ශිකා කුමාරි මහත්මිය සහ එම මූලස්ථානයේ නිලධාරීන් එය සංවිධානය කර තිබූ අතර ධර්ම දේශනය අවසානයේ පොලිස් ක්ෂේත්‍ර බලකාය ඉදිරිපිටින් ගමන්ගන්නා ජනතාව වෙනුවෙන් ඔවුන් දන්සලක්ද සංවිධානයකර තිබුනි.

Notable Services - SI

රුපියල් ලක්ෂ 5 ක ත්‍යාග කොග්ගල්ල මහා විද්‍යාලයට

තංගල්ල පොලිස් කොට්ඨාසයේ අම්බලන්තොට පොලිස් වසමේ  කොග්ගල්ල මහා විද්‍යාලයට පැවති පුස්තකාලයක අඩුපාඩුව මකාදැමීමට ශ්‍රී ලංකා පොලිසියේ පුස්තකාල සංගමය 2025.07.04 වන දින එම විද්‍යාලයට පිවිසුනි. ශ්‍රී ලංකා පොලිස් සේවයේ නියුතු සෑම නිලධාරියෙකුගේම වැටුපෙන් සුළු මුදලක් පුස්තකාල සංගමය වෙනුවෙන් මාසිකව වෙන්වන අතර එමගින් එක්රැස් වන මුදල් පොලිස් කොට්ඨාස/ප්‍රාදේශීය පොලිස් කොට්ඨාස මට්ටමෙන් පිහිටවා ඇති  සියලුම පොලිස් ස්ථානතුල පුස්තකාල පහසුකම් සංවර්ධනය සඳහා මෙන්ම මෙවැනි සත්ක්‍රියා සඳහාද නිශ්චිත ක්‍රමවේදයක් යටතේ වෙන්කරනු ලබයි. පුස්තකාල සංගමයේ විධායක සංගමයේ පොලිස් සැරයන් ජීවන් සම්පත් නිලධාරියාගේ සම්බන්ධීකරණය යටතේ සංවිධානය වූ මෙම සත්ක්‍රියාව තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල සෙනෙවිරත්න මහතාගේ මැදිහත්වීමෙන් ඒ අනුව සාර්ථකව සිදුකෙරුනු අතර කොග්ගල්ල මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 5 කට අධික වටිනාකමකින් යුත් පොත්පත්, ලිපි ද්‍රව්‍ය සහ ඉගෙනුම් උපකරණ පිරිනැමීමට එම සංගමය කටයුතු කර ඇත. මෙම අවස්ථාව සඳහා පුස්තකාල සංගමයේ උප සභාපති පොලිස් අධීකාරී ජයතිස්ස මහතා, පුස්තකාල සංගමයේ විධායක සභික නිලධාරීන්, අම්බලන්තොට පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිතුමා ඇතුලු නිලධාරීන් සහභාගී විය. මීට සමඟාමීව ශිෂ්‍ය නායක පදක්කම් පැලදීමද එදින සිදුකෙරුනි. එම අවස්ථාව වෙනුවෙන් ප්‍රධාන දේශනය චතුර කථිකයෙකු සහ නිවේදකයෙකු ලෙස හදුන්වන පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ උප පොලිස් පරීක්ෂක අබේසිංහ මහතා විසින් සිදුකරන ලදී.

Scroll to Top