Police News – SI – Page 4 – ශ්‍රී ලංකා පොලිසිය

Police News – SI

Police News - SI

2026.01.30 වන දින නුගේගොඩ ගම්සභා හන්දිය අසල විරෝධතාවය සම්බන්ධව

026.01.30 වන දින නුගේගොඩ ගරු මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවූ නඩුවක් සඳහා පෙනී සිටි නීතිඥවරුන් දෙදෙනෙකු නඩු විභාගයෙන් අනතුරුව කාර් රථයකින් පිටව යන අවස්ථාවේ නුගේගොඩ ගම්සභා හන්දිය ආසන්නයේදී පිරිසක් කාර් රථයට මාර්ගය අවහිර කර මරණ තර්ජනය කරමින් වාහනයට පහරදී අනර්ථයක් සිදුකළ බව සඳහන් පැමිණිල්ලක් මිරිහාන පොලිස් ස්ථානයට වෙත ලැබී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන පොලිස් ස්ථානය ඇතුළු පොලිස් කණ්ඩායම් තුනක් විමර්ශන ආරම්භ කර ඇති අතර 2026.02.01 වන අද දින අළුයම මිරිහාන පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් විසින් මාදම්පේ පොලිස් වසමේ කජුලන්දවත්ත ප්‍රදේශයේදී සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අයුතු ජන රාශියක සාමාජිකයෙකුව සිටිමින් අයුතු අවහිරය, සාපරාධී බියගැන්වීම සහ අනර්ථය යන චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු වයස අවුරුදු 43 ක් වන කජුලන්දවත්ත, මාදම්පේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. නීතිඥ වෘත්තියට බාධාකිරීම සම්බන්ධව සියළු සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගෙන ගරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.  

Police News - SI

හෙරොයින් කිලෝග්‍රෑම් 05 ග්‍රෑම් 105 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

2026.01.31 දින අළුයම බෙන්තොට පොලිස් වසමේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර හෙරොයින් කිලෝ 05 ග්‍රෑම් 105 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් අවුරුදු 40 සහ 45 වයස්වල පසුවන බෙන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Police News - SI

මහල් නිවාස සංකීරණයක සිදුවූ ඝාතනයක සැකකරු අත්අඩංගුවට

අඟුලාන‌ සයුර මහල් නිවාස සංකීර්ණයේ ඉහල මහලක තිබී පහරකෑමට ලක්ව මිය ගිය කාන්තා මළ සිරුරක් සොයාගැනීමට හැකිවන්නේ 2026.01.27 වන දින සවස අගුලාන පොලිස් ස්ථානය වෙත ලද දුරකථන ඇමතුමක් අනුවයි. විමර්ශනයේදී ඇය වාද්දූව, කුඩාවස්කඩුව ප්‍රදේශයේ ස්ථීර පදිංචිකාරියක් වන 24 හැවිරිදි කාන්තාවක් බවත්, 2026.01.26 දින සවස් කාලයේ සිට මෙම මහල් සංකීර්ණයේ නිවස තුළ ඇය නවාතැන් ගෙන සිටි පුද්ගලයා සමඟ ආරවුලක් ඇතිකරගෙන ඇති බව අසල්වාසීන් විසින් පැවසූ කරුණු අනුව අනාවරණය වී ඇත. ඒ් අනුව පහරදී ඝාතනයට සැකකරු වන එම පුද්ගලයා හඹා ගිය අගුලාන පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ නිලධාරීන් 2026.01.28 දින සැකකරු ප්‍රදේශයෙන් පළා යමින් සිටයදී අත්අඩංගුවට ගෙන තිබේ.  සැකකරු සයුරුපුර, අඟුලාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26 ක් වන තරුණයෙකි.  අඟුලාන පොලිසිය සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදුකරයි.  

Police News - SI

2026 ජාතික ටයිකොන්ඩෝ ශූරතාවලියේ නිලධර දස්කම්

ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලණයේ සංවිධානයෙන් 2026 ජනවාරි 23,24 හා 25 යන තෙදින නිට්ටඹුව වතුපිටිවල ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී 2026 ජාතික ටයිකොන්ඩෝ ශූරතාවලිය පැවැත්වුනි. ක්‍රීඩා සමාජ 19 ක්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් 208 ක් අතරට පොලිස් කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 16 ක් සහ ක්‍රීඩිකාවන් 07 ක් එක්ව ඉර පංති කිහිපයක් යටතේ තරඟවැදුනු අතර ඉන් අට දෙනෙකු ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්විය. ලබාගත් ජයග්‍රහණ  1. පොලිස් කොස්තාපල් 96761 ඩබ්.එච්.එච්.ටී.වීරසිංහ 74 බරපංතිය – ප්‍රථම ස්ථානය 2. පොලිස් කොස්තාපල් 90601 එස්.එම්.ඩී.අයි.සී සෙනෙවිරත්න කිලෝග්‍රෑම් 87 බරපංතිය – දෙවන ස්ථානය 3. පොලිස් කොස්තාපල් 106505 ආර්.එම්.යූ රාජගුරු කිලෝග්‍රෑම් 80 බරපංතිය – දෙවන ස්ථානය 4. පොලිස් කොස්තාපල් 105855 එම්.පී.එන් ප්‍රනාන්දු කිලෝග්‍රෑම් 54 බර පංතිය – තෙවන ස්ථානය 5. පොලිස් කොස්තාපල් 98709 එච්.එම්.ඩි.ජි බංඩාර කිලෝග්‍රෑම් 58 බර පංතිය තෙවන ස්ථානය 6. කාන්තා පොලිස් කොස්තාපල් 12643 ඩබ්.පී.වයි කුමාර රත්න කිලෝග්‍රෑම් 67 බර පංතිය දෙවන ස්ථානය 7. කාන්තා පොලිස් කොස්තාපල් 12665 කේ.එම්.එච් වීරකෝන් කිලෝග්‍රෑම් 67 බර පංතිය තෙවන ස්ථානය 8. කාන්තා පොලිස් කොස්තාපල් 12578 එච්.එම් අයේශනී කිලෝග්‍රෑම් 73 බර පංතිය තෙවන ස්ථානය මෙම ක්‍රීඩකයන් 8 දෙනාම Kyorugi තරඟ කාණ්ඩය යටතේ තරඟ වැදුනු ක්‍රීඩකයන්ය. ටයිකොන්ඩෝ කණ්ඩායමේ සභාපති ලෙස මේ වන විට නියෝජ්‍ය පොලිස්පති එම්.එන් සිසිර කුමාර මහතා ක්‍රියා කරන අතර කණ්ඩායමේ ලේකම් ලෙස කාන්තා සහකාර පොලිස් අධිකාරී එන්.ටී නිරෝෂා කුමාරි මහත්මිය, කළමාණාකරු පොලිස් පරීක්ෂක ඒ්.ඩී.එස් අමරසිංහ. ප්‍රධාන පුහුණුකරු පොලිස් සැරයන් 15970 ඩබ්ලිව්. පී.එස් හෙට්ටිආරච්චි, සහය පුහුණුකරු පොලිස් කොස්තාපල් 79389 ඒ්.එල්.ඒ් අරණ ශාන්ත, භෞත චිතික්සත පොලිස් කොස්තාපල් 79393 එස්.ජේ. පී සුගතදාස, කණ්ඩායම් නායක ලෙස පොලිස් කොස්තාපල් 23785 ටී.එම්.පී.සී තෙන්නකෝන් යන නිලධාරීන් කටයුතු කරයි.

Police News - SI

අනවසර වැලි කැනීම් වටලීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සෝදිසියෙන්

පොලිස් විශේෂ කාර්ය බලකායේ මහඔය කඳවුරේ නිලධාරීන් 2026.01.26 දින උදෑසන මහඔය පොලිස් වසමේ කරදහ ප්‍රදේශයේ සිදුකළ වැටලීමකින් බලපත්‍ර නොමතිව ටිපර් රථයකට වැලි පටවමින් සිටි 24 හැවිරිදි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත. අනතුරුව එදින රාත්‍රියේ මහිංගණය ඉකිරියගොඩ කොලයාය ප්‍රදේශයේ එදින රාත්‍රියේ සිදුකළ වැටලීමක් මගින්ද බලපත්‍ර නොමැතිව ටිපර් රථයකට වැලි පටවමින් සිටි 41 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. මාපකඩ ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි වියේ පසුවන එම සැකකරු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා මහියංගණය පොලිස් ස්ථානය ඉදිරිපත් කර තිබේ. අම්පාර කඳවුරේ නිලධාරීන් එදින සවස උහන පොලිස් වසමේ ආදල්ඔය ප්‍රදේශයේ සිදුකළ වැටලීමකින් බලපත්‍ර නොමැතිව ට්‍රැක්ටර් රථයකට වැලි පටවමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු වයස අවුරුදු 40 ක් වන උහන වෑරංකැටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.  

Police News - SI

විදෙස් රැකියා සඳහා අයදුම් කිරීමේදී සැළකිලිමත්විය යුතුය

කැනඩාවට යවන බව පවසා රුපියල් ලක්ෂ 1,705,000/= ක් වංචාකළ වයස අවුරුදු 48 ක් වන මන්නාරම, එළුත්තුර් ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙක් මීගමුව විශේෂ අපරාධ කොට්ඨාසය විසින් 2026.01.24 දින අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 2026.02.03 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.  එමෙන්ම රුමේනියා දේශයේ රැකියාවක් ලබාදෙන බව පවසා රුපියල් 915,000.00 ක් වංචා කළ සැකකරුවෙකු පිළිබඳවද වාරතාවී ඇත. අනුරාධපුර ප්‍රදේශයේ කාන්තාවක් දැන හඳුනාගැනීමෙන් මෙලෙස රැවටීමට ලක්කර ඇති අතර මූලික වැඩකටයුතු සඳහා පළමුව රු හාර ලක්ෂ හැත්තෑදහසක් ලබාගෙන ඇත. අනතුරුව ඉතිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා ලක්ෂ 16 ක මුදලක් වැයවන බවත් ඉන් අඩක් ලබාදෙන මෙන් පැවසුවද කාන්තාව විසින් රුපියල් ලක්ෂ 4 ක මුදලක් සැකකරු විසින් ලබාදුන් ගිණුමකට බැර කර තිබේ. කල් යත්ම විදෙස්ගතවීම කල්යාමත් සමඟ අවස්ථා කිහිපයකදී නැවත මුදල් ලබාදෙන ලෙස පැවසුවත් සැකකරු විසින් මුදල් ලබාදී නොමැති බැවින් කාන්තාව මුදල් තැන්පත් කළ පත්වල ඡායා පිටපත් සමඟ පැමිණිලි කර ඇත. “විදෙස් රැකියා සඳහා යොමුවීම සඳහා පුද්ගලික ආයතනයක් තෝරාගන්නේ නම් නිසි පරීක්ෂාවකින් සුදුසු ආයනයක් තොරාගන්නා ලෙස දැනුම් දෙන්නෙමු. කූඨ අරමුණු අනුව ක්‍රියාත්මකවන වංචාකරුවන්ගේ බලාපොරොත්තුවලට රැවටී මුදල් අහිමිකර නොගන්න. සේවා දායකයා සැක සහිත නම් නොපමාව ලඟම ඇති පොලිස් ස්ථානය වෙත පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න. ඒ් සඳහා මුදල් ගෙවූ රිසිට්පත්, සෝවා දායකයාගේ තොරතුරු අඩංගු ලේඛන ප්‍රවේසම් කර ලඟ තබාගන්න.”    

Police News - SI

කටුනායකදී කුෂ් සහ හෂීස් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

ගුවන් මගින් ශ්‍රී ලංකාවට රැගෙන එන ලද කුෂ් සහ හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ගුවන්තොටුපල ඒකකය සමත්ව තිබේ. ඊයේ (25) උදෑසන කටුනායක ගුවන්තොටුපල පැමිණීමේ පර්යන්තයේදී සිදුකළ විශේෂ වැටලීමකදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව සිදුකළ මෙම මෙහෙයුමේදී පහත මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් සොයාගෙන ඇත. • පළමු සැකකරු: කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 04 ග්‍රෑම් 162 ක් සහ හෂීස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01 ග්‍රෑම් 912 ක් සන්තකයේ තිබී ඇත. • දෙවන සැකකරු: කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 06 ග්‍රෑම් 230 ක් සන්තකයේ තිබී ඇත. සමස්ත මත්ද්‍රව්‍ය ප්‍රමාණය: කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10 ග්‍රෑම් 392 ක් සහ හෂීස් කිලෝග්‍රෑම් 1 ග්‍රෑම් 912 කි. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාම අවුරුදු 30ක් වයසැති කොට්ටාරමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය තහවුරු කර ඇත. මොවුන් විදේශයක සිට මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන එන්නට ඇති බවට සැක කෙරේ. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ගුවන්තොටුපොල ඒකකය මඟින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.  

Police News - SI

ගුවනින් මෙරටට රැගෙන ආ කුෂ් කිලෝග්‍රෑම් 03 ක් ගුවන් තොටුපලේදී අත්අඩංගුවට

ගුවන් මගින් මෙරටට රැගෙන එන ලද රුපියල් කෝටි ගණනක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ කටුනායක ගුවන්තොටුපල ඒකකය 2026.01.25 අලුයම සමත් විය. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන්ට ලැබුණු විශේෂ බුද්ධි තොරතුරකට අනුව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පැමිණීමේ පර්යන්තයේදී සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත. සැකකරු විසින් සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සඟවා මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 08යි ග්‍රෑම් 220ක් මෙලෙස පොලිස් බාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 37ක් වන දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවනු ලබන ප්‍රධාන ජාවාරම්කරුවන් සහ මීට සම්බන්ධ සෙසු පුද්ගලයින් අනාවරණය කර ගැනීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ගුවන්තොටුපල ඒකකය මඟින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.  

Police News - SI

පිස්තෝල අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකා අක්මීමණ කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් 2026.01.24 වන දින සවස සිදුකළ  වැටලීමකදී නීති විරෝධී ගිනිඅවියක් සහ ජීව පතොරොමක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ. ලද බුද්ධි තොරතුරක් මත ක්‍රියාත්මක වූ විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අම්බලන්ගොඩ පොලිස් වසමේ, වතුගෙදර ප්‍රදේශයේ පිහිටි නිවසක් පරීක්ෂාවට ලක් කර ඇත. එම සෝදිසි මෙහෙයුමේදී නිවසේ කාමරයක් තුළ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් සහ ඊට යොදන ජීව පතොරොමක් සොයා ගැනීමට නිලධාරීන් සමත්ව ඇත. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 33ක් වන වතුගෙදර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. දැනට සිදුකර ඇති මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකරු විසින් මෙම ගිනිඅවිය වෙනත් පාර්ශවයකට විකිණීම සඳහා සූදානම් කර තිබූ බවයි. අත්අඩංගුවට ගත් සැකකරු සහ නඩු භාණ්ඩ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අම්බලන්ගොඩ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර, අම්බලන්ගොඩ පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.

Police News - SI

මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකළ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

 පොලිස් විශේෂ කාර්ය බලකායේ අක්මීමන කඳවුර –  පොලිස් විශේෂ කාර්ය බලකායේ අක්මීමන කඳවුරේ නිලධාරීන් 2026.01.23 වන දින රාත්‍රියේ අහංගම දික්කුඹුර ප්‍රදේශයේ විද්‍යාචන්ද්‍ර මාවතේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු වයස අවුරුදු 26 ක් වන මිරිස්ස බණ්ඩරමුල් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. යුධ හමුදා බුද්ධි අංශයේ තොරතුරක් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා උපකාරී වී ඇති අතර මේ වනවිට වැඩිදුර විමර්ශන සඳහා ඔහු අහංගම පොලිස් ස්ථානය භාරයේ පසුවේ.  බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසය – හෙරොයින් ග්‍රෑම් 400 ක් හා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකරන මුදල් රුපියල් 320,000/= ක් (තුන් ලක්ෂ විසිදහසක්) සන්තකයේ තබාගෙන තලංගම පොලිස් වසමේ පුස්සැල්ල ප්‍රදේශයේදී සිටි සැකකරුවෙකු බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් 2026.01.23 දින සවස අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු වයස අවුරුදු 42 ක් වන කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.  බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසය මගින් සැකකරු සම්බන්ධව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.  මඩකලපුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය – මඩකලපුව කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් 2026.01.23 දින රාත්‍රියේ එරාවුර් ප්‍රදේශයේදී වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 113 මිලිග්‍රෑම් 600 ක් හා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකරන මුදල් රුපියල් 207,200/= ක (දෙලක්ෂ හත්දහස් දෙසීයක්) සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන එරාවුර් පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.  සැකකරු වයස අවුරුදු 42 ක් වන එරාවුර් 03 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.  එරාවුර් පොලිසිය විසින් සැකකරු සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදු කරයි.  

Scroll to Top