Police News – SI – Page 8 – ශ්‍රී ලංකා පොලිසිය

Police News – SI

Police News - SI

අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගේ රු.376,230,877 , USD 544.66 මුදල් හා දේපළ භාවිතය තහනම්

ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 39 ක් වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදලින් මිලදී ගත් පහත සඳහන් දේපල හා වත්කම් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතෙහි ප්‍රතිපාදන ප්‍රකාරව විමර්ශනය කිරීමෙන් අනතුරුව 2025.12.10 වන දින සිට දින 07 ක කාලයක් එම දේපල හා වත්කම් ක්‍රියා විරහිත කිරීමේ නියෝග නිකුත් කර ඇත. රුපියල් 5,400,000/= ක් වටිනා කැබ් රථයක්, රුපියල් 14,500,000/= ක් වටිනා වෑන් රථයක්, රුපියල් 4,566,805.30 ක් තැන්පත් කර ඇති කුරුණෑගල ප්‍රදේශයේ පුද්ගලික බැංකු ගිණුමක්, රුපියල් 35,956,514.66 ක් තැන්පත් කර ඇති කුරුණෑගල ප්‍රදේශයේ පුද්ගලික බැංකු ගිණුමක්, රුපියල් 12,623,628.81 ක් තැන්පත් කර ඇති ඉබ්බාගමුව ප්‍රදේශයේ පුද්ගලික බැංකු ගිණුමක්,  රුපියල් 19,883,810.23 ක් තැන්පත් කර ඇති කුරුණෑගල ප්‍රදේශයේ පුද්ගලික බැංකු ගිණුමක්, රුපියල් 118.31 ක තැන්පතුවක් ඇති කුරුණෑගල ප්‍රදේශයේ පුද්ගලික බැංකු ගිණුමක්, ඇමරිකානු ඩොලර් 544.66 ක තැන්පතුවක් සහිත  කුරුණෑගල ප්‍රදේශයේ පුද්ගලික බැංකු ගිණුමක් ( විදේශීය මුදල් ) එම දේපල හා වත්කම්ය. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් කරන ලද පැමිණිල්ලට අනුව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් විමර්ශනය සිදුකර ඇති අතර මින් පෙර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන කුරුණෑගල ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවක සැකකරු විසින් නීති විරෝධී අන්දමින් උපයා ගන්නා ලද  මුදල් රුපියල් 283,300,000/= ( විසි අට කෝටි තිස්තුන් ලක්ෂයක මුදලක්) අධිකරණය භාරයට ගෙන අධිකරණ ගිණුමේ තැන්පත් කර ඇත. ඒ අනුව සම්පූර්ණ මුදල රුපියල් 376,230,877.31 ( තිස් හත් කෝටි හැට දෙලක්ෂ තිස් දාස් අටසිය හැත්තැ හතයි ශත තිස් තුනයි) ක මුදලක් වේ.  මෙවැනි ආකාරයේ අනීතික ලෙස උපයාගන්නා සියළු වත්කම් හා දේපල  ක්‍රියා විරහිත කිරීම සඳහා පොලිස්පතිතුමාගේ උපදෙස් හා ඍජු අධීක්ෂණය යටතේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් විමර්ශන සිදුකරයි.

Police News - SI

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් නීති විරෝධී අන්දමින් උපයා ගන්නා ලද මුදලින් මිලදී ගන්නා ලද දේපල හා වත්කම් ක්‍රියා විරහිත කිරීම

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් යොමු කරන ලද පැමිණිල්ලට අනුව තණමල්විල හම්බේගමුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 52 ක් වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් මිලදී ගෙන ඇති දේපල හා වත්කම් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතෙහි ප්‍රතිපාදන ප්‍රකාරව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් විමර්ශනයක් සිදුකර ඇත. එහිදී එම සැකකරු සම්බන්ධයෙන් පෙර වැරදි වාර්තා කැඳවා ඇති අතර ඒ් අනුව මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම හා මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක පොලිස් ස්ථාන විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ගරු අධිකරණයන් වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බව අනාවරණය වී තිබේ. සැකකරුගේ වත්කම් සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයේදී ඔහු විසින් නීති විරෝධී අන්දමින් උපයා ගන්නා ලද  මුදලින් සැකකරුගේ බිරිඳගේ නමින් පහත සඳහන් දේපල හා වත්කම් උපයාගෙන ඇති බව අනාවරණය වී ඇති අතර මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව ඇඹිලිපිටිය හා  තංගල්ල මහාධිකරණ මඟින් ලබාගත් එම දේපළ ක්‍රියා විරහිත කිරීමේ නියෝගයන් 2025.12.11 වන දින සිට දින 07 කාලයක් සඳහා දීර්ඝ කර ඇත. I. රුපියල් මිලියන 30 ක වටිනාකමින් යුතු ඇඹිලිපිටිය ප්‍රදේශයේ පිහිටි බෙහෙත් අලෙවිසැලක්. II. රුපියල් මිලියන 70 ක වටිනාකමින් යුතු ඇඹිලිපිටිය ප්‍රදේශයේ පිහිටි පර්චස් 39.5 ඉඩමක් හා හෝටලයක් III. රුපියල් මිලියන 15 ක වටිනාකමින් යුතු මිද්දෙණිය ප්‍රදේශයේ පිහිටි ඉඩම හා කඩ කාමර දෙකකින් යුතු ගොඩනැඟිල්ලක් IV. රුපියල් මිලියන 7.5 ක වටිනාකමින් යුතු මිද්දෙණිය ප්‍රදේශයේ පිහිටි ඉඩම හා කඩ කාමරයක් සහිත ගොඩනැඟිල්ලක් V. රුපියල් මිලියන 7.5 ක වටිනාකමින් යුතු මිද්දෙණිය ප්‍රදේශයේ පිහිටි ඉඩම හා කඩ කාමරයක් සහිත ගොඩනැඟිල්ලක් VI. රුපියල් මිලියන 35 ක වටිනාකමින් යුතු කීරවැල් කටුව, ඇඹිලිපිටිය ප්‍රදේශයේ පිහිටි පර්චස් 25 ක ඉඩම හා දෙමහල් නිවසක් VII. රුපියල් මිලියන 15 ක වටිනාකමින් යුතු පනාමුර පාර, මිද්දෙණිය ප්‍රදේශයේ පිහිටි වෙළඳසැල පිහිටි ඉඩම හා දෙමහල් ගොඩනැගිල්ලක් එම දේපළ වේ. මෙවැනි ආකාරයේ නීති විරෝධී ලෙස උපයාගන්නා ලද දේපල හා වත්කම් රජය සතුකර ගැනීමට අවශ්‍ය නීතිමය කටයුතු සිදු කරමින් පවතී. පොලිස්පතිතුමාගේ උපදෙස් හා ඍජු අධීක්ෂණය යටතේ මෙවැනි ආකාරයේ අනීතික ලෙස උපයාගන්නා සියළු වත්කම් හා දේපල  ක්‍රියා විරහිත කිරීමට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් විමර්ශන සිදුකරයි.

Police News - SI

ඝාතනයකට ඝාතනයකින් පලිගැනීමට සැලසුම් කරමින් සිටි සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට

පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා පෙර සැළසුම් සකස් කරමින්, කුමන්ත්‍රණය කරමින්, එම වරදට ආධාර අනුබල දෙමින්, නීති විරෝධි අයුතු ජනරාශියක සමාජිකයින් වශයෙන් ක්‍රියා කරන ලද සැකකරුවන් 05 දෙනෙකු 2025.12.10 වන දින උදෑසන දෙහිවල පොලිස් වසමේ රත්මලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්වී තිබේ. බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය විසින් ආනාවරණය වූ තොරතුරු මත ඔවුන්ව අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. ඝාතනය 2025.12.06 වන දින දෙහිවල පොලිස් වසමේ වනරතන පාර ප්‍රදේශයේ ක්‍රීඩාපිටියක් අසලදී ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තවත් පුද්ගලයෙකුට බරපතල තුවාල සිදුකිරීමේ අපරාධයට පළිගැනීමක් වශයෙන් සිදුකිරීමට සැලසුම් කර ඇති බව අනාවරණය තිබේ. සැකකරුවන් පස් දෙනා අවුරුදු 22 හා 36 යන වයස්වල පසුවන පංකුලම, රත්මලාන, බොරලැස්ගමුව, හා මොරටුව ප්‍රදේශවල පදිංචිකරුවන්ය අත්අඩංගුවට ගත් පංකුලම ප්‍රදේශයේ පදිංචි සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 15 ක් සොයා ගෙන ඇති අතර ඔහු 2025.01.19 වන දින ගල්කිස්ස පොලිස් වසමේ බඩෝවිට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වෙඩි තබා  ඝාතනය කිරීමේ අපරාධයේ වෙඩික්කරු වශයෙන් ක්‍රියාකර ඇති අතර එම අපරාධය සම්බන්ධව ගල්කිස්ස ගරු මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින අයෙකු වේ.  තවද සැකකරුවන්ගෙන් අනාවරණය වූ තොරතුරු මත අපරාධය සිදුකිරීම සඳහා භාවිතා කිරීමට සුදානම් කර තිබූ යතුරුපැදියක්ද සොයා ගෙන ඇත. එම යතුරුපැදියේ සවිකර තිබූ අංක තහඩුවේ ලියාපදිංචිය අනුව හෝමාගම පොලිස් වසමේදී සොරකමකට ලක්වූ යතුරුපැදියක අංකය බවත් අනාවරණය කරගැනීමට හැකි වී තිබේ.  සැකකරුවන් 2025.12.11 වන අද දින ගල්කිස්ස ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරමින් බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Police News - SI

සැකකරුවෙකු හා සැකකාරියක් ජීව පතරොම් හා අපරාධ මගින් උපයාගත් මුදල් බවට සැකකරන අත්අඩංගුවට

2025.12.09 වන දින රාත්‍රී කාලයේ මරදාන පොලිස් වසමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ සම්බන්ධතා පැවැත්වීම, පතරොම් සන්තකයේ තබා ගැනීම, සංවිධානාත්මක අපරාධකරුවන්ට අයත් මුදල් බැංකු ගිණුම්වල ඇතුලත් කරගෙන ගණුදෙනු කිරීම හා සංවිධානාත්මක අපරාධකරුවන්ට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු වයස අවුරුදු 32 ක් වන මීගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සැකකාරිය වයස අවුරුදු 25 ක් වන ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියකි. මෙම සැකකරු හා සැකකාරිය තාවකාලිකව රැඳී සිටි කොළඹ 10 ප්‍රදේශයේ ලැඟුම්හලක කාමරය පරික්ෂා කිරීමේදී සැකකරුට අයත් ලැප්ටොප් බෑගයක් තුල සඟවා තිබූ 9mm ජීව පතරොම් 15 ක්ද, සැකකරුගේ ප්‍රකාශ මත කුට්ටිගල පොලිස් වසමේ තුංකම ප්‍රදේශයේ පිහිටි නිවසක් පරික්ෂා කර එම නිවසේ අල්මාරියක් තුල සඟවා තිබූ මත්ද්‍රව්‍ය ජාවාරම් හෝ සංවිධානාත්මක අපරාධ සිදු කර උපයා ගත් බවට සැකකරන රුපියල් පහලොස් ලක්ෂ තිස්හතර දහසක මුදලක්ද (රු. 1,534,000/=) විමර්ශන නිලධාරීන් භාරයට ගෙන ඇත.  මෙම සැකකරු හා සැකකාරිය මේ වන විට රැඳවුම් නියෝග මත බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ රඳවාගෙන සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ ඥාතීන් බවටද අනාවරණය වී ඇති අතර මොවුන් පැය 72 ක රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Police News - SI

මන්දාරම් නුවර ප්‍රදේශයේ ඇතිවූ කළහකාරී වාතාවරණය සම්බන්ධව කරුණු පැහැදිලි කිරීම

මන්දාරම්නුවර ප්‍රදේශයේ සහනාධාර බෙදාදීමක් අතරතුර උණුසුම් තත්ත්වයක් ඇති වී එම ප්‍රදේශයේ ජනතාව විසින් මන්දාරම්නුවර පොලිසියට විරෝධය එල්ල කරන බවට සඳහන් කරමින් වීඩියෝ පටයක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළින් සංසරණය වන බව නිරීක්ෂණය වී ඇත. මෙම සිදුවීම සම්බන්ධව ස්ථානාධිපති මන්දාරම්නුවර මඟින් වාර්තාවක් කැඳවීමට කටයුතු කල අතර එම වාර්තාව අනුව පහත කරුණු පැහැදිලි කිරීම සිදු කරමි. පසුගියදා රට තුළ ඇති වූ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් මන්දාරම්නුවර පොලිස් බල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක්ම නායයාමට ලක් වීම හේතුවෙන් එම ප්‍රදේශවල ජීවත් වූ ජනතාව සුරක්ෂිත කඳවුරුවල ස්ථානගත කර ඇත. ආපදා තත්ත්වයට පත්වූ මහජනතාවට ලබාදෙන සහනාධාර මහාමාර්ගයේ ප්‍රවාහනය කිරීමට නොහැකි බැවින් ගුවන් යානා මඟින් රැගෙන ඒමට කටයුතු කර ඇත. එසේ රැගෙන එන භාණ්ඩ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන් විසින් භාර ගැනීමෙන් පසු  බෙදාහැරීමේ කටයුතු සිදු කර ඇත. ගුවන්යානා ගොඩබෑමේදී එහි ආරක්ෂාව සහ මහජනයාගේ ආරක්ෂාව සඳහා මන්දාරම්නුවර ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් කටයුතු කර ඇති අතර භාණ්ඩ බෙදාහැරීමේ කටයුතු සඳහා පොලිසිය මැදිහත්වීමක් සිදු නොවුණු බවට ස්ථානාධිපති විසින් වැඩිදුරටත් වාර්තා කර ඇත. 2025.12.07 වන දින මන්දාරම්නුවර පොලිසිය අවට පදිංචි පවුල් 50 ක පමණ පුද්ගලයින් 150 ක 200 ක පමණ පිරිසක් විසින් ගුවන් මඟින් රැගෙන එන ලද ද්‍රව්‍ය ග්‍රාම නිලධාරීන් හට භාරගැනීමට ඉඩ නොදී පාසලක ගබඩා කර ඉබියතුරු දමා ඇත. එහිදී සාමය කඩවීමක් සිදු නොවීමට පොලිස් නිලධාරීන් විසින් කටයුතු කර ඇති අතර, මන්දාරම්නුවර ස්ථානාධිපති විසින් ඒ පිළිබඳව ප්‍රාදේශිය ලේකම්තුමිය දැනුවත් කිරීමට කටයුතු කර ඇත.  එහිදී  මන්දාරම්නුවර ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් විසින් තත්ත්වය පාලනය කර පැමිණ සිටි රාජ්‍ය නිලධාරීන් ආරක්ෂාකාරීව පිටත් කර හැරීමට කටයුතු කර ඇති අතර, එම අවස්ථාවේ එහි සිටි පිරිසක් පොලිසිය අප්‍රසාදයට ලක්වන ආකාරයට කෑ කෝ ගසමින් එම අවස්ථාවන් වීඩියෝගත කර සමාජ මාධ්‍යයට වීඩියෝවක් මුදා හැරීමට කටයුතු කර ඇති බවට දන්වා ඇත. මන්දාරම්නුවර ග්‍රාම නිලධාරී කාර්යාලයේ ස්ථාපිත කර ඇති සේවා පියස හා මන්දාරම්නුවර පොලිස්  ස්ථානය එකම භූමියක තේ කම්හලක් ඉදිරිපස කොටසේ පිහිටා ඇති බවත්, මෙම සිද්ධිය සිදු වූ අවස්ථාවේ කළහකාරීව හැසිරුණු පිරිස කිසිඳු අවස්ථාවක පොලිස් ස්ථානයට ඇතුළුවීමක්  සිදු වී නොමැති බවද ස්ථානාධිපති මන්දාරම්නුවර විසින් වාර්තා කර ඇත.  මන්දාරම්නුවර ග්‍රාම නිලධාරී කාර්යාලය හා පොලිස් ස්ථානය එකම භූමියක පිහිටා ඇති බැවින් පොලිස් ස්ථානය මහජනතාව විසින් වැටලූ බවට වැරදි අදහසක් ඇතිවීමට සහ එවැන්නක් හුවා දැක්වීමට මෙවැනි වීඩියෝ මඟින් අවස්ථාව සැලසෙන බව නිරීක්ෂණය වී ඇත. රට තුළ උද්ගත වූ හදිසි ආපදා තත්ත්වය හමුවේ පැය 24 පුරාම මහජනයාගේ ජීවිත හා දේපළ ආරක්ෂා කිරීමට මෙන්ම මහජනයාගේ සුබසාධනය උදෙසා කැපවීමෙන් කටයුතු කල සහ මේ වන විටත් එම කටයුතු සිදු කරමින් සිටින ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රතිරූපය කෙරෙහි වැරදි මතයක් සමාජගතවීමක් මෙමඟින් සිදුවන බව කණාගාටුවෙන් සඳහන් කරමි. ඒ අනුව මෙම නිවැරදි තත්ත්වය පිළිබදව ඔබව දැනුවත් කරමි.

Police News - SI

බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් ගිනි අවියක්සන්තකයේ තබාගත් පුද්ගලයෙක් අත්අඩංගුවට

විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝල අවියක් සඳහා ලබාගත් බලපත්‍රයේ කොන්දේසි උල්ලංඝනය කරමින් අමතර උණ්ඩ ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් එම අවියත් සමඟම අත්අඩංගුංවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථාන නිලධාරීන් 2025.09.16 දින බදුරලිය ප්‍රදේශයේදී ක්‍රියාකර ඇත. මිලි මීටර් 09 උණ්ඩ යෙදිය හැකි මැගසීනයක්, එම ජීව උණ්ඩ 30 ක් අත්අඩංගුවට ගත් දෑ අතරට අයත් වේ. සැකකරු 51 හැවිරිදි එම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

Police News - SI

විදෙස් රැකියා ලබා‍දෙන බව පවසා රුපියල් කෝටි 15 ක් පමණ වංචාකළ පුද්ගලයෙකු අත්අඩංගුවට

A suspect who was staying in the Vavuniya Police Division for defrauding about 150 people of about Rs. 150 million by promising them jobs in the Korean state was arrested by officers of the Colombo Central Divisional Criminal Investigation Bureau on the morning of 24.08.2025. The arrest was made in the Tharekulam area of Puwarasankulam, Vavuniya and the suspect has been produced at the Kompanyaveediya Police Station, where the complaint was received.  He is a 41-year-old resident of Colombo 15. A jeep, an attorney’s license related to a land and two mobile phones suspected to have been purchased with the defrauded money have been taken into police custody from the suspect’s possession.  The Colombo Central Divisional Criminal Investigation Bureau is conducting further investigations.

Police News - SI

ගන්දර කපුගම වෙඩිතැබීමේ වෙඩික්කරු සහ යතුරුපැදිකරු අත්අඩංගුවට

ගන්දර පොලිස් වසමේ කපුගම ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු ඉලක්කකර 2025.08.03 වන උදෑසන ටී-56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීමක් සිදුකළ වෙඩික්කරු සහ වෙඩික්කරු ප්‍රවාහනකළ යතුරුපැදිකරුව මාතර කොට්ඨාස අපරාධ කාර්යංශය 2025.08.24 දින උදෑසන වැල්ලම්පිටිය ප්‍රදේශයේදී සහ ගනේමුල්ල ඉඹුල්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. වෙඩිතැබීමෙන් අදාළ ව්‍යාපාරිකයා සුලු තුවාල ලැබීය. වෙඩික්කරු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි යුධ හමුදා සේවයෙන් පලාගිය අයෙකු බවත් යතුරුපැදිකරු 28 හැවිරිදි පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් මූලික විමර්ශන මගින් අනාවරණය වී ඇති අතර මෙම අපරාධය විදෙස්ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ මෙහෙයවීම මත සිදුකර ඇත. මෙම සැකකරුවන් දැඩි ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන් ලෙස හදුනාගෙන ඇත. ඔවුන්ගේ මඟ පෙන්වීම මත අපරාධය සඳහා දෙවිනුවර ප්‍රදේශයට පැමිණ රැදී සිටි ස්ථානයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 4230 ක්, අපරාධය සඳහා ඇඳපැළගත් ඇඳුම් පැළඳුම්, දුරකථනද පොලිස් භාරයට ගෙන ඇති අතර විමර්ශන තවදුරටත් ක්‍රියාත්මකය.

Police News - SI

2025 Mr.Universe තරඟාවලියේ මුල්‍පෙළ ජයග්‍රහණ ලැබූ නිලධාරීන්

2025 අගෝස්තු මස 23,24 දෙදින තායිලන්තයේ පැවැත්වුනු 2025 Mr Universe තරඟාවලිය සඳහා සහභාගී වූ පොලිස් සැරයන් 12190 කේ. ඩි . මායාදුන්න නිලධාරියා සහ පොලිස් කොස්තාපල් 89528 ජි. ඩි . වනිගසේකර නිලධාරියා එහිදී ප්‍රථම ස්ථාන ඇතුලුව මුල් පෙළ ජයග්‍රහණ කිහිපයක්ම දිනාගැනීමට සමත්වී ඇත. මායාදුන්න නිලධාරියා විසින් දිනාගත් වයස අවුරැදු 40 සහ 49 අතර තරග කාණ්ඩයේ ප්‍රථම ස්ථානය, Master Overall තරගයේ ප්‍රථම ස්ථානය,  70kg – 80kg තරග කාණ්ඩයේ ප්‍රථම ස්ථානය, Bodybuilding Overall තරගයේ තෙවන ස්ථානය,   පොලිස් කොස්තාපල්  89528 ජි. ඩි . වනිගසේකර නිලධාරියා විසින් දිනාගත් වයස අවුරැදු 40ට වැඩි physique උස 173cm අඩු තරග කාණ්ඩයේ ප්‍රථම ස්ථානය, Fit Modal තරග කාණ්ඩයේ  දෙවන ස්ථානය, උස 173cm ට අඩු විවෘත තරග කාණ්ඩයේ තෙවන ස්ථානය, එම ජයග්‍රහණයි. මාස්ටර් අංශයේ දක්ෂතම ක්‍රිඩකයා හට ලබා දෙන Pro Card එක තමන් සතු කරගැනීමට පොලිස් සැරයන් 12190 කේ. ඩි . මායාදුන්න නිලධාරියා හට එහිදී හැකියාව ලැබීම වඩාත් කැපී පෙනුනු අවස්ථාවක් විය. International fitness and bodybuilding federation විසින් සංවිධානය කර ඇති මෙම තරඟාවලිය සඳහා රටවල් රැසක් නියෝජනය කරමින් 150කට අධික ක්‍රිඩක ක්‍රිඩිකාවන් සංඛ්‍යාවක් සහභාගී වී ඇත.

Police News - SI

අත්අඩංගුවට ගෙන නඩු කටයුතු අවසන් වූ එක් කෝටි පනස් ලක්ෂයක් මත්පෙති තොගයක් විනාශ කිරීම 

2018.09.10 වන දින පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය සහ ශ්‍රී ලංකා රේගුව ඒකාබද්ධව සිදුකරන ලද වැටලිමකදී අත්අඩංගුවට ගත් මත්පෙති 1,50,00000 (එක් කෝටි පනස් ලක්ෂයක්) ක ප්‍රමාණයක් නඩු කටයුතු අවසන් වීමෙන් පසු අධිකරණ නියෝග මත 2025.07.21 දින INSEE සිමෙන්ති සමාගමට අයත් පුත්තලම, පාලවිය පිහිටි උඳුනේදී විනාශ කිරීමට කටයුතු සිදුකරන ලදී.  කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදෙන ලද නියෝග අනුව 2025.07.21 වන දින උදෑසන 07.00 ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් මෙම මත්ද්‍රව්‍ය තොගය භාර ගැනීමෙන් අනතුරුව විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේ පුත්තලම, පාලවිය පිහිටි ඉහත ආයතනයට අයත් දහන උඳුන වෙත රැගෙන ගිය අතර එහිදී පුත්තලම ගරු මහේස්ත්‍රාත්තුමා අධීක්ෂණය යටතේ දහනය කර විනාශ කිරීම සිදුකරන ලදී.  මෙම අවස්ථාවට රජයේ රස පරීක්ෂකවරයා, මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරින් හා රේගු නිලධාරීන් ඇතුළු විෂයට ආදාල නිලධාරීන් පිරිසක් සහභාගි විය.

Scroll to Top