Wanted – SI – ශ්‍රී ලංකා පොලිසිය

Wanted – SI

Wanted - SI

ෂර්ලි ජයවර්ධන අමදෝරු

වරුමේනියා රටෙහි විදේශ රැකියා ලබා දෙන බවට පවසා පුද්ගලයින්ගේ මුදල් ලබා ගෙන එකී මුදල් වංචා කිරීම, විශ්වාසය කඩ කිරීම හා සාවද්‍ය පරිහරණය කල Rainbow Garments Technologies (pvt) Ltd නමින් පවත්වාගෙන ගිය පුද්ගලික ආයතනයක් සම්බන්ධව ලද පැමිණිල්ලකට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය මඟින් විමර්ශන සිදු කරමින් පවතී. සිදු කරන ලද විමර්ශනයේදී පුද්ගලයින් 750 ක පමණ පිරිසකගෙන් රුපියල් කෝටි 92 කට අධික මුදලක් වංචා කර ඇති බවට අනාවරණය වී ඇත. ඒ අනුව, මේ සම්බන්ධයෙන් නුගේගොඩ ගරු මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර මෙම වංචාවට අදාලව එම සමාගමේ අධ්‍යක්ෂිකාවක් ලෙස කටයුතු කල සැකකාරියකට විවෘත වරෙන්තු නිකුත් කර ඇත. මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් සිටින එම සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය පතයි. සැකකාරියගේ විස්තර නම :- ෂර්ලි ජයවර්ධන අමදෝරුවයස :- අවුරුදු 54ලිපිනය :- අංක, 118/3, සමඟි මාවත, මාගම්මන, හෝමාගමජාතික හැදුනුම්පත් අංකය :- 716032531V සැකකාරිය සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දීමට මහජනතාවට හැකියාව ඇත. දුරකථන අංක – * ස්ථානාධිපති / මූල්‍ය අපරාධ විමර්ශන ඒකක 01 – 071 – 8594910* අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව – 011 – 2444172  

Wanted - SI

කළුආරච්චි ලියනගේ නිලුක්ෂ වීරසිංහ

2026.02.16 වන දින තලංගම පොලිස් වසමේ අකුරේගොඩ පිහිටි සුපිරි වෙළදසැලක රථගාලේදී නීතීඥවරයෙකු සහ ඔහුගේ බිරිඳට ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය සිදුකිරීමේ අපරාධයට අදාලව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් විමර්ශන සිදු කරමින් පවතී. මෙම ද්විත්ව මනුෂ්‍ය ඝාතනය සිදුකිරීම සඳහා වෙඩික්කරුවන් ගමන් ගන්නා ලද කාර් රථයේ රියැදුරු වශයෙන් කටයුතු කල පහත සඳහන් තොරතුරු ඇතුලත් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතන අතර සැකකරුගේ විස්තර පහත පරිදි වේ. සැකකරුගේ විස්තර – නම :- කළුආරච්චි ලියනගේ නිලුක්ෂ වීරසිංහලිපිනය :- වීරසිංහ මල්ශාලාව, පරගොඩ, ඉමදුව ජා.හැ.අංකය :- 199714103549 මොහු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. දුරකථන අංක – * අධ්‍යක්ෂ / බස්නාහිර පළාත (දකුණ) දිසා අපරාධ කොට්ඨාසය – 071 – 8592279 * ස්ථානාධිපති / බස්නාහිර පළාත (දකුණ) දිසා අපරාධ කොට්ඨාසය – 071 – 8596065

Wanted - SI

වික්‍රම කාරළු ආරච්චිගේ සන්ධ්‍ය නිමාලි වික්‍රමආරච්චි

හෝමාගම ප්‍රදේශයේ පදිංචිව සිටි ප්‍රදේශයෙන් පළාගොස් සැඟව සිටින මැය අත්අඩංගුවට ගැනීම සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒ්කකය විසින් විමර්ශන සිදුකරයි. සැකකාරියගේ නම – වික්‍රම කාරළු ආරච්චිගේ සන්ධ්‍ය නිමාලි වික්‍රමආරච්චි ජා.හැ.අංකය – 795493018V සැඟව සිටින ස්ථානයක් පිළිබඳව හෝ අත්අඩංගුවට ගැනීමට සහයවන ඕනෑම තොරතුරක් දැනුම් දෙන්න – මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය – 011 2502619 ස්ථානාධිපති, මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය – 075 1504615

Wanted - SI

බ්‍රහ්මනගේ දොන් සනත් රවීන්ද්‍ර නිලන්ත

2025.04.18 දින මතුගම පොලිස් වසමේ දොළහේන ප්‍රදේශයේදී ගෙළ කපා 34 හැවිරිදි කාන්තාවක් ඝාතනය කර පළාගොස් සැඟව සිටින පහත ඡායාරූපයේ දැක්වෙන සැකකරු සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි. නම – බ්‍රහ්මනගේ දොන් සනත් රවීන්ද්‍ර නිලන්තලිපිනය – නො.78/01, ඉහලකන්ද, අගලවත්තජා.හැ අංකය – 840321401V අත්අඩංගුවට ගැනීමට සහය වන යම් තොරතුරක් ඔබ දන්නේ නම් නොපමාව පහත දුරකථන අංක අමතා දැනුම්දෙන්න. මූලස්ථාන පොලිස් පරීක්ෂක,මතුගම – 071 8591701ස්ථානාධිපති, මතුගම අපරාධ විමර්ශන අංශය – 071 8594381

Wanted - SI

දෙහිවල ප්‍රදේශයේ හෝටලයක හිමිකරුවෙකු වෙඩි තබා ඝාතනය කළ සැකකරු 

2026.01.09 වන දින දෙහිවල, මුහුදුබඩ පාර, පීටර්ස් පටුමග නො:59/06 ලිපිනයේ හෝටලයක හිමිකරුවෙකු වෙඩි තබා ඝාතනය කළ පහත සැකකරු සොයා ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් විමර්ශයක් ක්‍රියාත්මකයි මෙම ඡායාරූපය සාක්ෂිකරුවන් ලබාදුන් විස්තර අනුව AI තාක්ෂණය භාවිතා කර නිර්මාණය කරගත් රූපයකි. ඡායාරූපයට හැඩහුරු පුද්ගලයෙකු සම්බන්ධව තොරතුරු දන්පනේ නම් පහත දුරකථන අංක වෙත නොපමාව දැනුම් දෙන්න. දුරකථන අංකය :- ස්ථානාධිපති,ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය – 071 – 8596408  

Wanted - SI

අබේසිංහ දොන් මංගල පුෂ්පකුමාර අබේසිංහ

2025.12.10 වන දින මාවතගම පොලිස් වසමෙන් වාර්තා වූ ඇසිඩ් ප්‍රහාරයකින් කාන්තාවකට තුවාල කළ අපරාධයේ සැකකරු පහත ඡායාරූපයේ දැක්වේ. සැකකරුගේ නම -අබේසිංහ දොන් මංගල පුෂ්පකුමාර අබේසිංහ පදිංචිව සිටි ලිපිනය – වැද්දාගල, කලවාන මේ වන විට පදිංචි ප්‍රදේශය අතහැර පළා ගොස් සැඟව සිටින මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා සහය වන යම් තොරතුරක් ඔබ දන්නේ නම් නොපමාව පහත දුරකථන අංක අමතා දැනුම් දෙන්න. තොරතුරු දැනුම් දියයුතු දුරකථන අංක – මාවතගම පොලිස් ස්ථානාධිපති – 071 8591258මාවතගම පොලිස් ස්ථානය – 037-2299222

Wanted - SI

තොරතුරක් වෙතොත් දැනුම් දෙන්න

2025.12.30 වන දින කොහුවල පොලිස් වසමේ බෝධියාවත්ත ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් 16 හැවිරිදි දැරියක් තුවාල ලැබීමේ අපරාධය සම්බන්ධව කොහුවල පොලිසිය මඟින් වැඩිදුර විමර්ශන සිදු කෙරෙමින් පවතී. මෙම අපරාධය සඳහා පැමිණි සැකකරුවන්ගෙන් එක් සැකකරුවෙකු හඳුනාගැනීමෙන් පසු එම සැකකරුගේ රූපය පොලිස් චිත්‍ර ශිල්පියෙකු විසින් සිතුවම් කර ඇත. ඒ අනුව සිතුවමෙහි දැක්වෙන සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම්දෙන ලෙස ඉල්ලා සිටිමි.  දුරකථන අංක –    ස්ථානාධිපති / කොහුවල පොලිස් ස්ථානය – 071 – 8591669 ස්ථානාධිපති / අපරාධ විමර්ශන අංශය – 071 – 4146727

Wanted - SI

ලෝස් පටබැඳිගේ සඳුන් ටෙලාන්

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාලව පහත ඡායාරූපයේ දැක්වෙන පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව ඇත.   මේ වන විට මොහු පොලිසිය මගහරිමින්  සිටින අතර අත්අඩංගුවට ගැනීම සඳහා සහය වන යම් තොරතුරක් ඔබ දන්නේ නම් නොපමාව දැනුම් දෙන්න.   සැකකරුගේ විස්තර – නම – ලෝස් පටබැඳිගේ සඳුන් ටෙලාන්ලිපිනය – මාහේන, කපුගම බටහිර,දෙවිනුවර තොරතුරක් දනුම් දිය යුතු දුරකතන අංක –  * අධ්‍යක්ෂ/ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය – 071 – 8591876  

Wanted - SI

දැනුම් දෙන්න

2025.11.24 දින රාත්‍රියේ මහව පොලිස් වසමේ සිදුවූ වෙළඳසැල් බිඳ දේපල සොරකම් කිරීමේ අපරාධ සිද්ධීන් 4 ක් සම්බන්ධයෙන් පහත ඡායාරූපයේ දැක්වෙන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකයි. දේපළ සොරගන්නා ලද ආකාරය දැක්වෙන CCTV දර්ශන මගින් මෙම ඡායාරූපය උපුටාගෙන ඇති අතර සැකකරුගේ ස්වරූපය හොඳින් නිරීක්ෂණය කර අත්අඩංගුවට ගැනීම සඳහා සහය විය හැකි යම් තොරතුරක් දන්නේ නම් නොපමාව නිකවැරටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය දැනුවත් කරන්න. නිකවැරටිය කොට්ඨාසය අපරාධ විමර්ශන අංශය – 037 2260008ස්ථානාධිපති, කොට්ඨාස අපරාධ විමර්ශන අංශය – 071 8596411

Wanted - SI

රත්නවීර පටබැඳිගේ ප්‍රියන්ත කුමාර, වර්ණකුලසූරිය මාලන් ඉන්ද්‍රජිත් ප්‍රනාන්දු

වර්ණකුලසූරිය මාලන් ඉන්ද්‍රජිත් ප්‍රනාන්දු රත්නවීර පටබැඳිගේ ප්‍රියන්ත කුමාර, වර්ණකුලසූරිය මාලන් ඉන්ද්‍රජිත් ප්‍රනාන්දු රත්නවීර පටබැඳිගේ ප්‍රියන්ත කුමාර, වර්ණකුලසූරිය මාලන් ඉන්ද්‍රජිත් ප්‍රනාන්දු ඡායාරූපයේ දැක්වෙන පුද්ගලයින් දෙදෙනා පුද්ගලයෙකු අතුරුදහන් වීමකට සැකපිට අත්ඩංගුවට ගැනීමට අවශ්‍ය සැකකරුවන් දෙදෙනෙකි. ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ සේදවත්ත කීරකොටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතුරුදහන් පුද්ගලයා මෙම සැකකරුවන් දෙදෙනා සමඟ 2025.10.11 දින සාදයක් පවත්වා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත. එදින සිට සැකකරුවන් දෙදෙනාද ඔවුන් පදිංචි ප්‍රදේශයේ නොමැති බැවින් අතුරුදහන් බවට පැමිණිලි වී ඇති පුද්ගලයා පිළිබඳව කරුණු අනාවරණය කර ගැනීමට මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් දන්වා ඇත. (1) රත්නවීර පටබැඳිගේ ප්‍රියන්ත කුමාර(2) වර්ණකුලසූරිය මාලන් ඉන්ද්‍රජිත් ප්‍රනාන්දු                        ලුණුවිල, දකුණ මිරිසන් කොටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පොලිස් ස්ථානාධිපති – ග්‍රෑන්ඩ්පාස් – 071 5891575පොලිස් ස්ථානය – ග්‍රෑන්ඩ්පාස් – 011 2421414

Scroll to Top