Uncategorized – ශ්‍රී ලංකා පොලිසිය

Uncategorized

Uncategorized

වියට්නාම් ජනාධිපතිතුමාගේ ශ්‍රී ලංකා සංචාරයට අදාළ රථවාහන සැලැස්ම

වියට්නාම් ගරු ජනාධිපතිතුමා 2026.05.07 වන අද දින සිට 2026.05.08 දින දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතය. ශ්‍රී ලංකා පොලිසිය විසින් එම සංචාරක කාලසීමාව තුල කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.  ජනාධිපතිවරයා 2026.05.07 වන දින රාත්‍රී කාලයේ කටුනායක ජාත්‍යයන්තර ගුවන්තොටුපොලට පැමිණීමෙන් පසු කටුනායක කොළඹ අධිවේගී මාර්ගය, ග්‍රෑන්ඩ්පාස් ඔරුගොඩවත්ත ‌හන්දිය, බේස්ලයින් පාර, බොරැල්ල හන්දිය, ඩී.එස්.සේනානායක හන්දිය, හෝර්ටන් පෙදෙස, නෙළුම් පොකුණ වටරවුම, ආනන්ද කුමාරස්වාමි මාවත, පුස්තකාල හන්දිය, මල් පාර හන්දිය, ලිබර්ටි වටරවුම, ශාන්ත මයිකල් වටරවුම, ශාන්ත මයිකල් පාර, ගාලු පාර, ශාන්ත මයිකල් පාර හන්දිය, ගාලු පාර, ගාලු මුවදොර වටරවුම, ගාලු මැද පාර, බාලදක්ෂ මාවත, එන්.එස්.ඒ. වටරවුම, ලෝටස් පාර, සෙරමික් හන්දිය, යෝර්ක් වීදිය ඔස්සේ පැමිණීමට නියමිතව ඇත. ගමනාගමනය සීමා කිරීම ප්‍රභූවරයා ගමන් ආරම්භ කිරීමට පැය 02 කට පෙර සිට ඉහත ගමන් මාර්ගයට බරවාහන ඇතුළු නොකරන අතර ප්‍රභූවරයා ගමන් ආරම්භ කිරීමෙන් පසු ගමන් මාර්ගයට සියළුම වාහන ඇතුළුවීම සීමා කරනු ලැබේ.    විකල්ප මාර්ග – නුවර පාරෙන් කොළඹට ඇතුළුවන සැහැල්ලු වාහන   කැලණි පාලමෙන් කොළඹට ඇතුළු වී ග්‍රෑන්ඩ්පාස් බණ්ඩාරනායක පාරෙන් දකුණට හැරී ඉඟුරුකඩේ හන්දිය දක්වා ගමන් කර, වමට හැරී වේල්ස් කුමාර මාවත, ආමර් බාබර් වීදිය හන්දියෙන් වමට හැරී පංචිකාවත්ත වටරවුම, මරදාන පාලම් හන්දියෙන් වමට හැරී මරදාන පාර ඔස්සේ බොරැල්ල දක්වා ගමන් කර ප්‍රභූ රථ පෙළට අවහිරයක් නොවන ‌අන්දමින් අවස්ථානුකුලව බොරැල්ල හන්දියෙන් ‌කොටා පාරට ඇතුල්විය  හැකිය.  ගාලු පාර, හයිලෙවල් පාර සහ බේස්ලයින් ‌පාර ඔස්සේ කොළඹට ඇතුළුවන වාහන   බොරැල්ල කනත්ත වටරවුම, පරණ බුලර්ස් පාර, මොඩල් ෆාම් හන්දිය, කාසල් වීදිය, ආයුර්වේද හන්දිය, පරණ පාර, ඔබේසේකරපුර හන්දිය, කොලොන්නාව, වැල්ලම්පිටිය, අංගොඩ හන්දිය, කැලණිමුල්ල, කැලණිය හරහා නුවර පාරට හෝ මීගමුව පාරට ගමන් කළ හැකිය. කොළඹ කොටුව, පිටකොටුව දෙස සිට මීගමුව පාරට, නුවර පාරට සහ අවිස්සාවේල්ල පාරට ගමන් ගන්නා වාහන  ඕල්කට් මාවත, කාර්මික විද්‍යාල හන්දිය, පංචිකාවත්ත වටරවුම, ආමර් වීදිය හන්දිය, ආමර් බාබර් වීදිය හන්දිය, වේල්ස් කුමාර මාවත හන්දිය, ඉඟුරුකඩේ හන්දිය, තොටළග හන්දිය, නවලෝක හන්දිය, නවලෝක වටරවුම, මීගමුව පාරට හෝ අවිස්සාවේල්ල දෙසට ගමන් කරන වාහන නුවර පාර හතරේ කණුව හන්දියෙන් දකුණට හැරී කැලණිය – බියගම මාර්ගයේ ගමන් කර බණ්ඩාරවත්ත හන්දියෙන් දකුණට හැරී කඩුවෙල හන්දියට ගමන් කර වමට හැරී අවිස්සාවේල්ල දෙසට ගමන් කළ හැකි අතර, මීට අමතරව රෙක්මලේෂන් පාර ඔස්සේද කොළඹින් පිටවිය හැකිය. කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤවීදිය දෙස සිට ගාලු පාරට හයිලෙවල් පාරට 120 මාර්ගයට ගමන් කරන වාහන  ලිප්ටන් වටරවුම, සොයිසා වටරවුම, කන්නන්ගර මාවත ඔස්සේ ගමන් කර ප්‍රභු රථ පෙළට බාධාවක් නොවන පරිදි අවස්ථානුකුලව හරහා යාමට අවස්ථාව ලබා දෙන අතර, ඒ අනුව කන්නන්ගර මාවතින් පැමිණ නෙළුම් පොකුණ වටරවුම හරහා නන්දා මෝටර්ස් හන්දිය, නිදහස් වටරවුම, රීඩ් මාවත ඔස්සේ තුම්මුල්ල දක්වා ගමන් කර පිටවිය හැක. 2026.05.08 දින උදෑසන ප්‍රභූවරයා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගමන් කිරීම.  එම කාලය තුල එන්.එස්.ඒ.වටරවුම, ගාලු මැද පාර, බැංකු මාවත ඔස්සේ ජනාධිපති ලේකම් කාර්‌යාලය දක්වා බස් රථ ඇතුළු බර වාහන ඇතුළු වීම ප්‍රභුවරයාගේ සංචාරය සිදුවීමට පැය දෙකකට පෙර නැවැත්වීම සිදු කරන අතර, ප්‍රභූවරයා ගමන් ආරම්භ කිරීමෙන් පසු සියළුම වාහන ඇතුළු වීම සීමා කරනු ලැබේ. විකල්ප මාර්ග – කොළඹින් පිටවන සියළුම වාහන   සෙරමික් හන්දියෙන් වමට හරවා කොම්පඤ්ඤවීදිය දෙසට හා ඩී.ආර්. විජේවර්ධන මාවතින්ද, ටෙක්නිකල් හන්දිය ඔස්සේ සංඝරාජ මාවතින්, මාලිගාවත්ත හා ආමර් බාබර් වීදිය ඔස්සේ ද, මරදාන ගාමිණි වටරවුම හා මරදාන පාර ඔස්සේද ගමන් කල හැකි අතර, කොම්පඤ්ඤවීදිය පොලිසිය වටරවුම, කුමාරරත්නම් පාර, කොම්පඤ්ඤවීදිය හන්දිය, සර් ජේම්ස් පිරිස් මාවත, පිත්තල හන්දිය, රතු කුරුස හන්දිය , පුස්තකාල වටරවුමෙන් දකුණට හැරී ආනන්ද කුමාරස්වාමි මාවත, ලිබර්ටි වටරවුමෙන් වමට හැරී ආර්.ඒ ද මෙල් මාවත ඔස්සේ කොළඹින් පිටවිය හැකිය. ගාලු පාර ඔස්සේ කොළඹට ඇතුළු වන වාහන  ගාලු මුවදොර වට රවුමෙන් දකුණට හරවා කොම්පඤ්ඤවීදිය දෙසට ගමන් කර කොළඹට ඇතුළු විය හැකිය. 2026.05.08 දින උදෑසන ප්‍රභූවරයා මහජන පුස්තකාලය, පාර්ලිමේන්තුව හා ජනාධිපති මන්දිරය වෙත ගමන් කිරීම. එම කාලය තුල ගාලු මැද පාර, ගාලුමුවදොර වටරවුම, කොල්ලුපිටිය හන්දිය, ලිබර්ටි වටරවුම, පිත්තල හන්දිය, ධර්මපාල මාවත, රතුකුරුස වටරවුම, හෝටන් වටරවුම, හෝටන් පෙදෙස, ඩී.එස්. හන්දිය, මොඩල්ෆාම් හන්දිය, ආයුර්වේද හන්දිය, ආයුර්වේද වටරවුම, නෙළුම් පොකුණ වටරවුම, ආනන්ද කුමාරස්වාමි මාවත, පුස්තකාල හන්දිය, මල්පාර හන්දිය, ශාන්ත මයිකල් වටරවුම, ශාන්ත මයිකල් පාර හන්දිය, බාලදක්ෂ මාවත, එන්.එස්.ඒ. වටරවුම, ජනාධිපති මාවත, බැංකු මාවත හන්දිය දක්වා රථවාහන ගමනාගමනය සීමා කරනු ලැබේ. විකල්ප මාර්‌ග – ගාලු පාර ඔස්සේ කොළඹට ගමන් කරන සියළුම වාහන   ගාලු මුවදොර වටරවුමෙන් දකුණට හරවා අලියා නාන වටරවුම ඔස්සේ බාලදක්ෂ මාවත, නව ගුවන්පාලම හා කොම්පඤ්ඤවීදිය, නවම් මාවත දෙසින් කොම්පඤ්ඤවීදිය හන්දිය හා කොම්පඤ්ඤවීදිය පොලිසිය දෙසට ගමන් කිරීම හා යුනියන් පෙදෙස ඔස්සේ ඉබ්බන්වල හන්දිය, ඩාලි පාර, ගාමිණී වටරවුම ඔස්සේද, රීගල් වටරවුමෙන් වමට හැරී ඩී.ආර්. විජේවර්ධන මාවත ඔස්සේද කොළඹට ඇතුළු විය හැක.  නුවර පාර, අවිස්සාවේල්ල මාර්ගයන් ඔස්සේ ඇතුළු වන සියළුම වාහන බාධාවකින් තොරව ඇතුළුවිය හැකිය. කොළඹින් පිටවන සියළුම වාහන   ටෙක්නිකල් හන්දිය ඔස්සේ මරදාන/බොරැල්ල දෙසට හා ආමර් බාබර් හන්දිය දෙසට හා මාලිගාවත්ත ඔස්සේ බේස්ලයින් මාර්‌ගයට ගමන් කරද ගාමිණී වටරවුම, ඩාලි පාර, කොම්පඤ්ඤවීදිය, මැලේ වීදිය දෙසින් ගමන් කර ගාලු මුවදොර වටරවුම වෙත ගමන් කර කොළඹින් පිටවිය හැක. 2026.05.08 දින දහවල් කාලයේ ජනාධිපති මන්දිරයේ සිට හිල්ටන් හෝටලය වෙත ගමන් කිරීම. එම කාලය තුල ජනාධිපති මාවත, බැංකු මාවත, හිල්ටන් හෝටලය දක්වා රථවාහන ගමනාගමනය සීමා කරනු ලැබේ. විකල්ප මාර්‌ග – කොළඹ පිටකොටුව දෙස සිට කොළඹින් පිටවන වාහන  සෙරමික් හන්දියෙන් ‌වමට හරවා කොම්පඤ්ඤවීදිය දෙසට හා ඩී.ආර්. විජේවර්ධන මාවතින්ද, හයිලෙවල් පාර, ගාලු පාර හා 120 මාර්ගයට ගමන් කරන සියළුම වාහන ටෙක්නිකල් හන්දිය ඔස්සේ මරදාන බොරැල්ල දෙසට හා ලිප්ටන් වටරවුම, සොයිසා වටරවුම කන්නන්ගර මාවත ඔස්සේ නෙළුම් පොකුණ වටරවුම හරහා නන්දා මෝටර්ස් හන්දිය, නිදහස් වටරවුම, රිඩ් මාවත ඔස්සේ කොළඹින් පිටවිය හැක. ගාලු පාර, හැව්ලොක් පාර, හයිලෙවල් පාර ඔස්සේ කොළඹට ඇතුළුවන ‌වාහන  ලිබර්ටි වට රවුමෙන් වමට හැරී පිත්තල හන්දිය ඔස්සේද, තුන්මුල්ල හන්දිය ඔස්සේ ගමන් කර රීඩ් මාවත තර්ස්ටන් පාර, ජේ.ඕ.සී. හන්දිය, ග්ලාස් හවුස් හන්දිය, නන්දා මෝර්ටස් හන්දිය, නෙළුම් පොකුණ හරහා කන්නංගර මාවත ඔස්සේ සොයිසා වටරවුම හරහා ගමන් කිරීමට අවස්ථාව ලබා දෙනු ලැබේ. 2026.05.08 දින සවස කාලයේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල වෙත ගමන් කිරීම. එම කාලය තුල යොර්ක් වීදිය, බැංකු මාවත, ජනාධිපති මාවත, එන්.එස්.ඒ.වටරවුම, චෛත්‍ය පාර, වරාය පරිශ්‍රය, අධිවේගී මාර්‌ගය ඔස්සේ ගමන් කිරීමට නියමිතව ඇත. විකල්ප මාර්ග – පිටකොටුව දෙස සිට කොළඹින් පිටවන වාහන    සෙරමික් හන්දියෙන් වමට හරවා කොම්පඤ්ඤවීදිය දෙසට හා ඩී.ආර්. විජේවර්ධන මාවතින්ද, හයිලෙවල් පාර, ගාලු පාර හා 120 මාර්ගයට ගමන් කරන සියළුම වාහන ටෙක්නිකල් වටරවුම ඔස්සේ මරදාන බොරැල්ල දෙසට හා ලිප්ටන් වටරවුම, සොයිසා වටරවුම, කන්නංගර මාවත ඔස්සේ නෙළුම් පොකුණ වටරවුම හරහා නන්දා මෝටර්ස් හන්දිය, නිදහස් වටරවුම, රීඩ් මාවත ඔස්සේ කොළඹින් පිටවිය හැක. ගාලු පාර, හැව්ලොක් පාර, හයිලෙවල් පාර ඔස්සේ කොළඹට ඇතුළුවන වාහන   ලිබර්ටි වටරවුමෙන් වමට හැරී පිත්තල හන්දිය ඔස්සේද තුම්මුල්ල හන්දිය ඔස්සේ ගමන් කර රීඩ් මාවත, තර්ස්ටන් පාර, ජේ.ඕ.සී.

Uncategorized

මාලදිවයින් ජනාධිපතිතුමාගේ ශ්‍රී ලංකා සංචාරයට අදාළ රථවාහන සැලැස්ම

මාලදිවයින් ගරු ජනාධිපති Mohamed Muizzu මහතා 2026.05.03 දින සිට 2026.05.06 දින දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතව ඇත. එම සංචාරක කාලසීමාව තුල ශ්‍රී ලංකා පොලිසිය විසින් කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.  2026.05.03 දින සවස් කාලයේ ප්‍රභූවරයා කටුනායක ජාත්‍යයන්තර ගුවන්තොටුපොලට පැමිණීමෙන් පසු කටුනායක කොළඹ අධිවේගී මාර්ගය, ග්‍රෑන්ඩ්පාස් ඔරුගොඩවත්ත ‌හන්දිය, බේස්ලයින් පාර, බොරැල්ල හන්දිය, ඩී.එස්.සේනානායක හන්දිය, හෝර්ටන් පෙදෙස, නෙළුම් පොකුණ වටරවුම, ආනන්ද කුමාරස්වාමි මාවත, පුස්තකාල හන්දිය, මල් පාර හන්දිය, ලිබර්ටි වටරවුම, ශාන්ත මයිකල් වටරවුම, ශාන්ත මයිකල් පාර, ගාලු පාර, ශාන්ත මයිකල් පාර හන්දිය, ගාලු පාර, ගාලු මුවදොර වටරවුම, ගාලු මැද පාර, බාලදක්ෂ මාවත, එන්.එස්.ඒ. වටරවුම, ලෝටස් පාර, සෙරමික් හන්දිය, යෝර්ක් වීදිය ඔස්සේ පැමිණීමට නියමිතව ඇත. ප්‍රභූවරයා ගමන් ගන්නා කාලය තුල රථවාහන පොලිසිය විසින් පහත විකල්ප මාර්ග වෙත වාහන යොමු කිරීම සිදු කරනු ලබයි. විකල්ප මාර්ග – නුවර පාරෙන් කොළඹට ඇතුළුවන සැහැල්ලු වාහන  කැලණි පාලමෙන් කොළඹට ඇතුළු වී ග්‍රෑන්ඩ්පාස් බණ්ඩාරනායක පාරෙන් දකුණට හැරී ඉඟුරුකඩේ හන්දිය දක්වා ගමන් කර, වමට හැරී වේල්ස් කුමාර මාවත, ආමර් බාබර් වීදිය හන්දියෙන් වමට හැරී පංචිකාවත්ත වටරවුම, මරදාන පාලම් හන්දියෙන් වමට හැරී මරදාන පාර ඔස්සේ බොරැල්ල දක්වා ගමන් කර ප්‍රභූ රථ පෙළට අවහිරයක් නොවන ‌අන්දමින් අවස්ථානුකුලව බොරැල්ල හන්දියෙන් ‌කොටා පාරට ඇතුල්විය හැකිය. ගාලු පාර, හයිලෙවල් පාර සහ බේස්ලයින් ‌පාර ඔස්සේ කොළඹට ඇතුළුවන වාහන  බොරැල්ල කනත්ත වටරවුම, පරණ බුලර්ස් පාර, මොඩල් ෆාම් හන්දිය, කාසල් වීදිය, ආයුර්වේද හන්දිය, පරණ පාර, ඔබේසේකරපුර හන්දිය, කොලොන්නාව, වැල්ලම්පිටිය, අංගොඩ හන්දිය, කැලණිමුල්ල, කැලණිය හරහා නුවර පාරට හෝ මීගමුව පාරට ගමන් කළ හැකිය. කොළඹ කොටුව, පිටකොටුව දෙස සිට මීගමුව පාරට, නුවර පාරට සහ අවිස්සාවේල්ල පාරට ගමන් ගන්නා වාහන  ඕල්කට් මාවත, කාර්මික විද්‍යාල හන්දිය, පංචිකාවත්ත වටරවුම, ආමර් වීදිය හන්දිය, ආමර් බාබර් වීදිය හන්දිය, වේල්ස් කුමාර මාවත හන්දිය , ඉඟුරුකඩේ හන්දිය, තොටළග හන්දිය, නවලෝක හන්දිය, නවලෝක වටරවුම, මීගමුව පාරට හෝ අවිස්සාවේල්ල දෙසට ගමන් කරන වාහන නුවර පාර හතරේ කණුව හන්දියෙන් දකුණට හැරී කැලණිය – බියගම මාර්ගයේ ගමන් කර බණ්ඩාරවත්ත හන්දියෙන් දකුණට හැරී කඩුවෙල හන්දියට ගමන් කර වමට හැරී අවිස්සාවේල්ල දෙසට ගමන් කළ හැකි අතර, මීට අමතරව රෙක්මලේෂන් පාර ඔස්සේද කොළඹින් පිටවිය හැකිය. කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤවීදිය දෙස සිට ගාලු පාරට හයිලෙවල් පාරට 120 මාර්ගයට ගමන් කරන වාහන  ලිප්ටන් වටරවුම, සොයිසා වටරවුම, කන්නන්ගර මාවත ඔස්සේ ගමන් කර ප්‍රභු රථ පෙළට බාධාවක් නොවන පරිදි අවස්ථානුකුලව හරහා යාමට අවස්ථාව ලබා දෙන අතර, ඒ අනුව කන්නන්ගර මාවතින් පැමිණ නෙළුම් පොකුණ වටරවුම හරහා නන්දා මෝටර්ස් හන්දිය, නිදහස් වටරවුම, රීඩ් මාවත ඔස්සේ තුම්මුල්ල දක්වා ගමන් කර පිටවිය හැක. 2026.05.04 දින උදෑසන ප්‍රභූවරයා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගමන් කිරීම. එම කාලය තුල එන්.එස්.ඒ.වටරවුම, ගාලු මැද පාර, බැංකු මාවත ඔස්සේ ජනාධිපති ලේකම් කාර්‌යාලය දක්වා බස් රථ ඇතුළු බර වාහන ඇතුළු වීම ප්‍රභුවරයාගේ සංචාරය සිදුවීමට පැය දෙකකට පෙර නැවැත්වීම සිදු කරන අතර, ප්‍රභූවරයා ගමන් ආරම්භ කිරීමෙන් පසු සියළුම වාහන ඇතුළු වීම සීමා කරනු ලැබේ. විකල්ප මාර්ග – කොළඹින් පිටවන සියළුම වාහන  සෙරමික් හන්දියෙන් වමට හරවා කොම්පඤ්ඤවීදිය දෙසට හා ඩී.ආර්. විජේවර්ධන මාවතින්ද, ටෙක්නිකල් හන්දිය ඔස්සේ සංඝරාජ මාවතින්, මාලිගාවත්ත හා ආමර් බාබර් වීදිය ඔස්සේ ද, මරදාන ගාමිණි වටරවුම හා මරදාන පාර ඔස්සේද ගමන් කල හැකි අතර, කොම්පඤ්ඤවීදිය පොලිසිය වටරවුම, කුමාර රත්නම් පාර, කොම්පඤ්ඤවීදිය හන්දිය, සර් ජේම්ස් පිරිස් මාවත, පිත්තල හන්දිය, රතු කුරුස හන්දිය , පුස්තකාල වටරවුමෙන් දකුණට හැරී ආනන්ද කුමාරස්වාමි මාවත, ලිබර්ටි වටරවුමෙන් වමට හැරී ආර්.ඒ ද මෙල් මාවත ඔස්සේ කොළඹින් පිටවිය හැකිය. ගාලු පාර ඔස්සේ කොළඹට ඇතුළු වන වාහන  ගාලු මුවදොර වට රවුමෙන් දකුණට හරවා කොම්පඤ්ඤවීදිය දෙසට ගමන් කර කොළඹට ඇතුළු විය හැකිය. 2026.05.04 දින දහවල් ප්‍රභූවරයා විහාරමහාදේවි උද්‍යානය වෙත ගමන් කිරීම. එම කාලය තුල සෙරමික් හන්දිය, රීගල් වටරවුම, කොම්පඤ්ඤවීදිය හන්දිය, පිත්තල හන්දිය, රතුකුරුස හන්දිය, පුස්තකාල වටරවුම, නෙළුම් පොකුණ වටරවුම, එෆ්.ආර්.සේනානායක මාවත ඔස්සේ විහාරමහාදේවී උද්‍යානය වෙත ගමන් කිරීම හා ධර්මපාල වටරවුම, රතුකුරුස හන්දිය, පුස්තකාල වටරවුම, මල්පාර, පිත්තල හන්දිය කොම්පඤ්ඤවීදිය වටරවුම, රීගල්, සෙරමික් හන්දිය දක්වා රථවාහන ගමනාගමනය සීමා කරනු ලැබේ. විකල්ප මාර්‌ග – ගාලු පාර ඔස්සේ කොළඹට ගමන් කරන සියළුම වාහන  ගාලු මැද පාර ඔස්සේ, එන්.එස්.ඒ.වටරවුම, ජනාධිපති මාවත, බැංකු මාවත, යෝර්ක් වීදිය ඔස්සේ කොළඹට ඇතුළු විය හැක. කොළඹින් පිටවන සියළුම වාහන  ටෙක්නිකල් හන්දිය ඔස්සේ මරදාන/බොරැල්ල දෙසට හා ආමර් බාබර් හන්දිය දෙසට හා මාලිගාවත්ත ඔස්සේ බේස්ලයින් මාර්‌ගයට පිවිස කොළඹින් පිටවිය හැක. 2026.05.04 දින සවස ජනාධිපති මන්දිරය වෙත ගමන් කිරීම. එම කාලය තුල බැංකු මාවත, ජනාධිපති මාවත, බැංකු මාවත හන්දිය, ජනාධිපති මාවත ජනාධිපති මන්දිරය දක්වා රථවාහන ගමනාගමනය සීමා කරනු ලැබේ. විකල්ප මාර්‌ග – කොළඹ පිටකොටුව දෙස සිට කොළඹින් පිටවන වාහන  සෙරමික් හන්දියෙන් ‌වමට හරවා කොම්පඤ්ඤවීදිය දෙසට හා ඩී.ආර්. විජේවර්ධන මාවතින්ද, හයිලෙවල් පාර, ගාලු පාර හා 120 මාර්ගයට ගමන් කරන සියළුම වාහන ටෙක්නිකල් හන්දිය ඔස්සේ මරදාන බොරැල්ල දෙසට හා ලිප්ටන් වටරවුම, සොයිසා වටරවුම කන්නන්ගර මාවත ඔස්සේ නෙළුම් පොකුණ වටරවුම හරහා නන්දා මෝටර්ස් හන්දිය, නිදහස් වටරවුම, රිඩ් මාවත ඔස්සේ කොළඹින් පිටවිය හැක. ගාලු පාර, හැව්ලොක් පාර, හයිලෙවල් පාර ඔස්සේ කොළඹට ඇතුළුවන ‌වාහන  ලිබර්ටි වට රවුමෙන් වමට හැරී පිත්තල හන්දිය ඔස්සේද, තුන්මුල්ල හන්දිය ඔස්සේ ගමන් කර රීඩ් මාවත තර්ස්ටන් පාර, ජේ.ඕ.සී. හන්දිය, ග්ලාස් හවුස් හන්දිය, නන්දා මෝර්ටස් හන්දිය, නෙළුම් පොකුණ හරහා කන්නංගර මාවත ඔස්සේ සොයිසා වටරවුම හරහා ගමන් කිරීමට අවස්ථාව ලබා දෙනු ලැබේ. 2026.05.05 දින උදෑසන කෞතුකාගාරය, මාලදිවයින් තානාපති කාර්‌යාලය හා මාලදිවයින් සංස්කෘතික මධ්‍යස්ථානය වෙත ගමන් කිරීම. ගමන් මාර්‌ගය –  සෙරමික් හන්දිය, රීගල් වටරවුම, කොම්පඤ්ඤවීදිය හන්දිය, පිත්තල හන්දිය, පුස්තකාල හන්දිය, ග්ලාස් හවුස් හන්දිය ඔස්සේ කෞතුකාගාරය වෙත.  නන්දා මොර්ටස්, නිදහස් වටරවුම, තුම්මුල්ල හන්දිය, බෞද්ධාලෝක මාවත ආර්.ඒ. ද මෙල් මාවත, ලෝරන්ස් පාර, ගාලු පාර, මෙල්බෝන් ඇවනිව් ඔස්සේ තානාපති කාර්‌යාලය වෙත.  මෙල්බෝන් ඇවනිව් හන්දිය, ගාලු පාර වජිර පාර හන්දිය, හැව්ලොක් පාර, මායා වටරවුම, ඩබ්.ඒ. සිල්වා මාවත පරණ හැව්ලොක් පාර හන්දිය, කවිරත්න මාවත ඔස්සේ මාලදිවයින් සංස්කෘතික මධ්‍යස්ථානය වෙත. නැවත පැමිණීම –  ඩබ්.ඒ සිල්වා මාවත, පරණ හැව්ලොක් පාර හන්දිය, මායා වටරවුම, හැව්ලොක් පාර, තිඹිරිගස්යාය පාර හන්දිය, තුම්මුල්ල, ජේ.ඕ.සි හන්දිය, ග්ලාස් හවුස්, පුස්තකාල හන්දිය, මල් පාර හන්දිය, පිත්තල හන්දිය,කොම්පඤ්ඤවීදිය හන්දිය, මැලේ වීදිය, රීගල්, සෙරමික් හන්දිය ඔස්සේ නැවත පැමිණීමට නියමිතව ඇත. විකල්ප මාර්‌ග – ගාලු පාර ඔස්සේ කොළඹට ඇතුළු වන සියළුම වාහන  ගාලු පාර කොල්ලුපිටිය හන්දිය ගාලු මැද පාර ඔස්සේ කොළඹට ඇතුළු විය හැකිය. පිටකොටුවෙන් පිට වී ගාලු පාරට ගමන් කරන සියළුම වාහන  මරදාන ටෙක්නිකල් හන්දිය ඔස්සේ බේස්ලයින් මාර්ගය හරහා ද බොරැල්ල නාරාහේන්පිට දෙසින් ද ගමන් කල හැකිය. නුවර පාර හා අවිස්සාවේල්ල දෙසට ගමන් කරන වාහන  ටෙක්නිකල් හන්දිය සංඝරාජ වටරවුම ඔස්සේ මාලිගාවත්ත හා ග්‍රෑන්ඩ්පාස් දෙසින් කොළඹින් පිටවිය හැකිය. 2026.05.06 දින උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල වෙත ගමන් කිරීම. එම කාලය තුල, බැංකු මාවත, ජනාධිපති මාවත, එන්.එස්.ඒ.වටරවුම,

Uncategorized

මෙරට රිය ධාවනයට වලංගු බලපත්‍රයක් නොමැති විදේශිකයින් හට කූලී රථ ලබාදීම වරදක්

2025 වසරේදී විදේශීය ජාතිකයින් 05 දෙනෙකු ශ්‍රී ලංකාව තුල රිය පදවා මියගොස් ඇත. එමෙන්ම විදේශියකයන් විසින් රිය පදවා බරපතල රිය අනතුරු 07 ක්, සුළු තුවාල රිය අනතුරු 78 ක් මෙන්ම රථ වාහන අලාභ අනතුරු 06 ක් ද වාර්තා වී ඇත. මෙරට තුළ වලංගු රියැදුරු බලපත්‍රයක් නොමැතිව රිය පදවන විදෙස් සංචාරකයින් මෙන්ම මෝටර් රථ වාහන පනත උල්ලංඝනය කරමින් ඔවුනට කුලී රථ ලබාදෙන පාර්ශ්වයන් මෙලෙස අනතුරු වාර්තා වීමට හේතුවන බව නිරීක්ෂණය වී තිබේ. මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරිම ශ්‍රී ලංකා පොලිසියේ වගකීම සහ යුතුකම වන බැවින් මෙම තත්වය වැළක්වාගැනීම සඳහා විදෙස් සංචාරකයන්ට වලංගු රියැදුරු බලපත්‍රයක් නොමැතිව වාහන ලබා දෙන අයවළුන් සම්බන්ධව රථවාහන මෙහෙයුම් මගින් සොයා බැලීම දකුණු පළාත මූලික කරගනිමින් ආරම්භ කර ඇත. විදේශිකයෙකු වෙත වාහනයක්, යතුරුපැදියක් හෝ ත්‍රීරෝද රථයක් ලබා දෙන්නේ නම් පහත බලපත්‍ර වලින් එකක් අනිවාර්යයෙන්ම එම විදෙස් ජාතික පුද්ගලයා සතුව තිබිය යුතුය. • ජාත්‍යන්තර රියැදුරු බලපත්‍රය (මෙම බලපත්‍රයට අදාල පන්තිවලට අයත් වාහනය පැදවිය හැක.) • මෙරට රැඳී සිටින විදේශිකයෙකු හට ශ්‍රී ලංකා මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුවෙන් රියැදුරු බලපත්‍රයක් නිකුත් කර ඇත්නම් එම රියැදුරු බලපත්‍රය (අදාළ පන්තියට ඔහුට හෝ ඇයට ශ්‍රී ලංකාවේ වාහනයක් පැදවීමට හැකියාව ඇත.) • විදේශිකයන්ට තමන්ගේ රටෙන් නිකුත් කරන රියැදුරු බලපත්‍රයට සමගාමීව එම රියැදුරු බලපත්‍ර ශ්‍රී ලංකාවේ මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර එහි පරිවර්තන සහතිකය. (එයට අදාල නියමිත පන්තියේ වාහනයක් පැදවිය හැක. මෙම පරිවර්තන සහතික වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ විශේෂ කවුළුවකින් නිකුත් කරනු ලබයි.) ඉහත ආකාරයේ වලංගු රියැදුරු බලපත්‍රයක් නොමැති විදේශිකයෙකුට මෝටර් වාහනයක්, ත්‍රීරෝද රථයක් හෝ යතුරුපැදි කුලී පදනම, බදු පදනම මත හෝ වෙනත් ආකාරයකින් ලබා දීම වරදක් වන අතර මෝටර් රථ වාහන පනත ප්‍රකාරව පාර්ශව දෙකටම එරෙහිව නිතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාව පවතී. ඇතැම් අවස්ථාවලදී විදේශිකයින් නොමග යවා ව්‍යාජ ලෙස සකස් කරන ලද රියැදුරු බලපත්‍ර ඉදිරිපත් කරනු ඇත. එබැවින් කුලී රථ ලබාදීමේදී අවබෝධයෙන් කටයුතු කළ යුතුය. එමෙන්ම රියැදුරෙකු වන ඔබ රථ වාහන ධාවනයට පෙර රියැදුරු බලපත්‍රය, රක්ෂණ සහතිකය, ආදායම් බලපත්‍රය, රථ වාහන දුම් විමෝචන සහතිකය සහ යෝග්‍යතා සහතික මෙන්ම වාහනයේ යාන්ත්‍රික දෝෂ පිළිබඳව ද අවධානය යොමු කළ යුතුය. පොලිස් නිලධාරියෙකු රියැදුරු බලපත්‍රය ඉල්ලා සිටි අවස්ථාවකදි අනිවාර්යෙන්ම රියැදුරු බලපත්‍රය ඉදිරිපත්කළ යුතුය. මෝටර් වාහන පනතේ 123 ( i අ) පරිදි රියැදුරු බලපත්‍රයක් නොමැතිව කිසිදු වාහනයක් ධාවනය කළ නොහැකි අතර රියැදුරු බලපත්‍රයක් නොමැති පුද්ගලයෙකු සේවයේ යෙදවීම හෝ බාලවයස්කාර අයෙකු රිය පැදවිමට යෙදවුවහොත් පදවන අයට හා අයිතිකරු යන දෙදෙනාටම මෝටර් වාහන පනතේ යටතේ නඩු පැවරීම සිදුකෙරේ.

Uncategorized

කිලෝග්‍රෑම් 61 ග්‍රෑම් 838 ක් බරැති මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනයේදී අත්අඩංගුවට

පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුර තුළ සිට ක්‍රියාත්මක වන විශේෂ මෙහෙයුම් බස්නාහිර උතුර ඒ්කකය 2026.01.20 දින සවස නිට්ටඹුව පින්නගොල්ල වත්ත ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 61 ග්‍රෑම් 838 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු විදෙස්ගතව සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් හා සංවිධානාත්මක අපරාධ මෙහෙයවන ප්‍රධන පෙළේ සැකකරුවෙකුගේ ගෝලයෙකු බව අනාවරණය වී ඇති අතර වයස අවුරුදු 45 ක් වන නිට්ටඹුව පින්නගොල්ල වත්ත ප්‍රදේශයේ පදිංකරුවෙකි. අත්අඩංගුවට පත්වී ඇත්තේ අයිස් මත්ද්‍රව්‍ය තොගය ත්‍රී රෝද රථය ප්‍රවාහනය කරමින් සිටියදීය. පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සැකකරු හා මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත භාරදී තිබේ

Scroll to Top