පොලිස්පතිතුමාගේ උපදෙස් පරිදි පොලිස් නිලධාරීන්ගේ ක්‍රීඩා කුසලතා වැඩි දියුණු කිරීමේ අරමුණින් හා පොලිසිය නියෝජනය කරමින් තව තවත් දක්ෂ ක්‍රීඩික ක්‍රීඩිකාවන් තරග බිමට අවතීර්ණ කිරීම අරඹයා නාරාහේන්පිට පොලිස් ජල ක්‍රීඩා සංකීරණයට යාබදව අළුතින් ඉදිකරන ලද ගෘහස්ථ බැඩ්මින්ටන් ක්‍රීඩාගාරය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ හා රථවාහන ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.06.26 දින උත්සවාකාරයෙන් විවෘත කරන ලදී.
දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්ත මහතා, පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථාන භාර නියෝජ්‍ය පොලිස්පති පී.ආර්.පි. සේනානායක මහතා, ප්‍රවර්ධන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති එන්. නානායක්කාර යන නිළධාරී මහත්වරුන් හා ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුනාරත්න, නිරෝෂන් විජේකෝන් යන මහත්වරුන්ගේ සහභාගීත්වය හිමිවූ මෙම උත්සව අවස්ථාවේ සැපැමිනි පිරිසට නවමු අත්දැකීමක් එක්කරමින් ක්‍රීඩාගාරයේ ප්‍රථම තරගය ප්‍රදර්ශන තරගයක් ලෙස ජාතික කණ්ඩායම නියෝජනය කරන උප පොලිස් පරීක්ෂක මධුක දුලංජන ක්‍රීඩකයාගේද සහභාගීත්වයෙන් එහිදී පැවැත්වීය.






