අභිමානවත් 157 වන පොලිස් සංවත්සර දිනය වෙනුවෙන් ප්‍රධාන සර්වාගමික වැඩසටහන් මාලාව කොළඹදී..

2023 සැප්තැම්බර් 03 දිනට යෙදී තිබූ ශ්‍රී ලංකා පොලිසියේ 157 වන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වූ සර්වරාත්‍රික පිරිත් දේශනයක් 2023.09.02 වන දින කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මැතිතුමාගේ සහභාගීත්වයෙන් පැවැත්වුනි.

පසුදින උදෑසන මහා සංඝරත්නය වෙනුවෙන් උතුම් දානමය පිනකමක්ද, සර්වාගමික වැඩසටහන් මාලාවක් මෝදර ශාන්ත ජේම්ස් කතෝලික දේවස්ථානය, බම්බලපිටිය කදිරේෂන් හින්දු කෝවිල, කුරුඳුවත්ත දවටගහ මුස්ලිම් දේවස්ථානය යන ආගමික ස්ථාන තුලදී ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ පොලිස් නිලධාරීන් රැසකගේ සහභාගීත්වයෙන් සිදුකරන ලද අතර,
මෙම අවස්ථාවන් සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සමඟ මහජන ආරක්ෂක අමාත්‍ය ලේකම් වියානි ගුණතිලක, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඒ.ජී.ජේ චන්ද්‍රකුමාර,කොළඹ මධ්‍යම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජී.එල්. ලීලාරත්න යන මහත්වරුන් ප්‍රධානත්වය ගෙන කටයුතු කරන ලදී.