පොලිස් නිලධරයන් වෙනු‍වෙන් ආරම්භ වූ උපාධි පාඨමාලාවක සමාරම්භය

පොලිස්පතිතුමාගේ උපදෙස් පරිදි  ආරම්භ කිරීමට සැලසුම් කරන ලද “ව්‍යාවහාරික පොලිස් අධ්‍යාපන උපාධි පාඨමාලාව (BA in Applied Police Studies)” 2023.09.04 වන දින කොළඹ ටොරින්ටන් පෙ‍ෙදසෙහි පිහිටන පොලිස් අපරාධ වාර්තා කොට්ඨාස ශ්‍රවණාගාරයේදී උත්කර්ෂවත් සමාරම්භක උත්සවයක් පවත්වා ආරම්භ කරන ලදී.

පොලිස් අභ්‍යාස ආයතනය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ඒකාබද්ධව මෙම පාඨමාලාව ආරම්භ කිරීමට හා පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු කරනු ලබන අතර පොලිස් නිලධරයන්ගේ වෘත්තීමය දැනුම සහ කුසලතා වැඩි දියුණු කිරීම මෙන්ම පොලිස් සේවාවේ වෘත්තීය ගුණාත්මකබාවය ඉහල නැංවීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ ලෙස හැදින්විය හැකි වේ.

උපාධි පාඨමාලාවට සුදුසුකම් ලැබූ නිලධරයන් 150 දෙනෙකුගෙන් යුත් ප්‍රථම කණ්ඩායමද සහභාගී කරවමින් එදින පැවති මෙම උත්සවය මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යංශ ලේකම් වියානි ගුණතිලක, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග යන මහත්වරුන්ගේ සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපතිතුමා ඇතුළු ආචාර්යවරුන‍්, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වීය.