මහජනතාවගේ ජීවිත හා දේපළ ආරක්ෂා කිරීමට දිනයේ පැය 24 පුරා බැඳී සිටින, භාර්යයදූර වගකීම් දැරීමට හැකි චිත්ත ශක්තියෙන් හා කාය ශක්තියෙන් සපිරිනු පොලිස් නිලධාරියෙකු දැයට දායාද කරනා තෝතැන්න වන කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලය බිහි වී 2023.09.29 වන දිනට වසර 75 ක් සපිරුනි.
එම වසර 75 තුළ පොලිස් විද්‍යාලීය මෙහෙවර ස්මරණය උදෙසා 2023.09.29 වන දින කළුතර පොලිස් විද්‍යාලයේදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (සහයක සේවා) රන්මල් කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙන් අභිමානවත් සංවත්සර උළෙලක් පැවැත්වූ අතර, එහිදී විද්‍යාලය ආරම්භ කළ 1948.09.29 වන දිනය සනිටුහන් කළ සමරු ඵලකයක් මෙන්ම විද්‍යාලයේ නවීකරණය කළ කෞතුකාගාරය ද විවෘත කිරීමට කටයුතු කරන ලදී.
සෑම වසරකම සැප්තැම්බර් 29 වන දිනය පොලිස් විද්‍යාල දිනය ලෙස ප්‍රකාශයට පත්කර, පොලිස් විද්‍යාලවල රාජකාරි කරමින් සිටියදී දිවිපිදූ නිලධරයන් වෙනුවෙන් හා පොලිස් විද්‍යාලවල රාජකාරි කරන නිලධරයන්ගේ දුදරුවන් සඳහා පවත්වනු ලැබු චිත්‍ර හා රචනා තරඟවලින් ජයග්‍රහණය ලැබූ දූ දරුවන් වෙත සමරු ඵලක හා තිලිණ ප්‍රදානය ද සිදුකළ මෙම උත්සව අවස්ථාවට, පුහුණු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ සම්පත් කුමාර ලියනගේ මහතා, නාගොඩ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමදරා මධුභාෂිනී මහත්මිය ඇතුළු ජ්‍යෙෂ්ඨ නිළධාරී මහත්ම, මහත්මීන් රැසක් සහභාගී විය.






















