ඔබට වඩාත් සමීපතම රාජ්‍ය ආයතනය ලෙස සියවස් එක හමාරකට අධික කාලයක්, එනම් 1866 වසරේ සැප්තැම්බර් 03 වන දින ශ්‍රීමත් ජී.ඩබ්.ආර් කැම්බල් මහතා මෙරට ප්‍රථම පොලිස්පති වශයෙන් පත්වූ දා සිට 2025.09.03 වන දිනය දක්වා වසර 159 ක්, විවිධ වූ කාල පරිච්ඡේදයන් තුල පැන නැගුණු බාධක අභියෝග සාර්ථකව ජයගනිමින් අප, වර්තමානයේ වඩාත් ශක්තිමත්ව මෙරට නීතිය හා සාමය සුරක්ෂිත කිරීමට ක්‍රියාත්මක වන්නෙමු.
එහි අභිමානය පෙරදැරිකරගනිමින් 2025.09.03 වන දින සවස 159 වන පොලිස් සංවත්සර දින උළෙල ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථාන ක්‍රීඩාංගණයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විය.
ශ්‍රී ලංකා ගරු පාර්ලිමේන්තුවේ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා,මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා, එම අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා, ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා, මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා ඇතුලු ප්‍රභූවරුන් රැසක්, ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුලු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයින් ලෙස සහභාගී විය.
අසුපිට නැගි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරී ඇණි විධායකවරුන් යටතේ ඇණි 5 කින් සමන්විත වූ සම්මාන පෙළපාලිය ජනාධිපතිතුමන් වෙත උත්තමාචාර පුදකිරීමෙන් ඇරඹි සංවත්සර උළලේ පිළිගැනීමේ කතාව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් සිදුකිරීමට පෙර මේ දක්වා රාජකාරියේදී දිවි පිදූ 3050 ක් ලෙස සැලකෙන පොලිස් නිලධාරී සමූහය සිහිකර කෙටි නිහැඩියාවක් පවත්වා ඔවුන් ගෞරවයෙන් සිහිපත් කරන ලදී.
ඉන් අනතුරුව සිය උසස්වීම් ලැබිය යුතු කාලයට එළඹ නිශ්චිත දිනයක් නොමැතිව බලාපොරොත්තුවෙන් සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලයෙන් පහල පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් හා පොලිස් නිලධාරීන් 4254 ක් උදෙසා උසස්වීම් පිරිනැමීම ඇරඹුනි. ඒ් අනුව සංකේතාත්මකව නිලධාරීන් කිහිප දෙනෙකු එහිදී මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ, මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතාගේ සහ මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් රවී සෙනෙවිරත්න මහතාගේ සුරතින් සිය උසස් වීමේ ලිපි ලබාගත්හ.
පසුගිය සතියක කාලයක තුල සුප්‍රසිද්ධ වූ, මෙරට පොලිස් කණ්ඩායමක් විදේශයක් තුල සිදුකළ විශිෂ්ඨ මෙහෙයුමට නායකත්වය දුන් පොලිස් නිලධාරීන් දෙපළට ජනාධිපති ඇගයීම හිමි වූ අවස්ථාව එළඹුනේ ඉන් අනතුරුවයි. මෙරට නමගිය සංවිධානාත්මක අපරාධකරුවන් පස් දෙනෙකු ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ආ ඒ සුවිශේෂී කාර්යභාරයට, බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරී ඕලුගල මහතාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවේ සහකාර පොලිස් අධිකාරී ඒ්.ඒම්.ඒම් ජයසුන්දර මහතාට ගරු ජනාධිපති අනුර කුමාර මහතා විසින් ජනාධිපති වීරතා පදක්කම පිරිනැමීය.
එසැණින් පොලිස් දින සංවත්සර උළෙල ආමන්ත්‍රණය කළ ජනාධිපතිතුමන් ශ්‍රී ලංකා පොලිසිය අගයමින්, නිලධාරීන් ඇගයීමට ලක්කරමින් හා නිලධාරීන්ව අභිප්‍රේරණය කරමින් පොලිසියේ ඉදිරි ගමනට සුභාසිංශන එක් කරන ලදී. එහිදී පොලිස්පතිතුමන් විසින් මෙම අවස්ථාවට සපැමිණීම වෙනුවෙන් ගෞරව සිහිවටනයක් ජනාධිපතිතුමා වෙත පිරිනැමීය.
ඒ සමඟ උත්සව සභාව සාර්ථකව නිමකිරීමෙන් අනතුරුව පොලිස් බටහිර තූර්ය වාදන වෘන්දය, පොලිස් විශේෂ කාර්ය බලකාය, පොලිස් නිලසුනඛ කොට්ඨාසය සහ පොලිස් සංස්කෘතික කොට්ඨාසය ඉදිරිපත්කළ දර්ශනීය සන්දර්ශන මගින් පැමිණ සිටි සියල්ලන්ට ශ්‍රී ලංකා පොලසිය සතු විවිධ වූ හැකියාවන්, සම්පත් උත්කර්ෂවත් ලෙස විදහා දැක්විය.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය මෙම 159 වන අභිමානවත් සංවත්සර උළෙලේ සියලු අවස්ථාවන් පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාසය සහ පොලිස් සන්නිවේදන කොට්ඨාසය සමඟ එක්ව SRI LANKA POLICE නිල Facebook පිටුව ඔස්සේ ඔබට සජීවීව ඉදිරිපත්කරන ලදී.
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.