තොරතුරක් දන්නේනම් දැනුම් දෙන්න

2024.07.08 වන දින අතුරුගිරිය පොලිස් වසමේදී වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීම සහ සිව් දෙනෙකුට බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධව අතුරුගිරිය පොලිස් ස්ථානය හා බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය මගින් විමර්ශන සිදුකරමින් පවතී.

මෙම අපරාධය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු විමර්ශන නිලධාරීන් විසින් හඳුනාගෙන ඇති අතර එම සැකකරුවන්ගේ ජායරූප මෙහි දැක්වේ.

සැකකරුවන්ගේ විස්තර –

01. සම්පූර්ණ නම – තාරුකර වරුණ ඉන්දික ද සිල්වා නොහොත් සංඛ
ජාතික හැඳුනුම්පත් අංකය – 951350753V

02. සම්පූර්ණ නම – පැටි හරඹගේ අජිත් රෝහණ නොහොත් චණ්ඩිජාතික හැඳුනුම්පත් අංකය – 199207801772
ලිපිනය – අංක 655/ඒ, මාකුඹුර, අහුන්ගල්ල

03. සම්පූර්ණ නම – මුතුවාදුර තරිදු මදුසංඛ ද සිල්වා නොහොත් බහිරවයා

සැකකරුවන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දීමට මහජනතාවට හැකියාව ඇත.

දුරකතන අංක –
01. ස්ථානාධිපති, අපරාධ කොට්ඨාසය බස්නාහිර පළාත දකුණ – 072-4222223
02. ස්ථානාධිපති, අතුරුගිරිය පොලිස් ස්ථානය – 071-8591657

Scroll to Top