මෙරට නිෂ්පාදිත ගිනි අවි 02 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

බුත්තල පොලිස් වසමේ පැලවත්ත ප්‍රදේශයේදී බුත්තල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් 2024.10.24 වන දින ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර මෙරට නිෂ්පාදිත ගිනි අවි 02 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 56 හා 64 වයස්වල පසුවන බුත්තල ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
බුත්තල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Scroll to Top