2024.08.20 වන දින වත්තල පොලිස් ස්ථායේ නිලධාරීන්ට ලද තොරතුරක් මත නීති විරෝධීව මෙරටට ආනයනය කරන ලද උරගයින් සහ කිඹුලකු අලෙවි කිරීමට සූදානම් වූ සැකකරුවන් තිදෙනෙකු පොලිස් අත්අංගුවට ගෙන ඇත.
අදාළ වැටලීම වත්තල පොලිස් වසමේ ඇවරියවත්ත ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන සුරතල් මසුන් අලෙවි කරනු ලබන ස්ථානයක සිදු කර ඇති අතර, එහිදී නීති විරෝධීව බලපත්‍රයක් නොමැතිව විදේශ රටකින් ආනයනය කරන ලද පිඹුරන් හතර දෙනෙකු සහ ලංකාවට ආවේණික කුඩා ප්‍රමාණයේ කිඹුල් පැටවකු මුදලට විකිණීමට සූදානම්ව සිටියදී සැකකරුවන් සමඟ පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 40 සහ 41 වයස්වල පසුවන කොළොන්නාව සහ වැල්ලම්පිටිය යන ප්‍රදේශ වල පදිංචිකරුවන් වන අතර සැකකරුවන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ගරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. වැඩිදුර විමර්ශන වත්තල පොලිසිය විසින් සිදු කරනු ලබයි.