කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් 2024.08.20 වන දින සවස මෝදර පොලිස් වසමේ රජමල්වත්ත ප්රදේශයේදී කේරළ ගංජා කිලෝ 10 ග්රෑම් 500 ක් අධි ශිතකරණය කරන ලද ලොරි රථයකින් ප්රවාහනය කරමින් සිටි රියදුරු සහ සහයක අදාල ලොරි රථයද සමගින් අත්අඩංගුවට ගෙන මෝදර පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.
ලද තොරතුරක් මත මෙම වැටලීම එදින රාත්රී 08.45 ට පමණ සිදුකර ඇති අතර ලොරි රථයේ පසුපස කොටසේ මාළු බහාලීම සඳහා භාවිතා කරනු ලබන සෘජුෆෝම් පෙට්ටියක කවරයක් තුල තැන්පත් කර තිබියදී අදාල ගංජා තොගය හමුවී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 22 හා 38 වයස්වල පසුවන මුලතිව් ප්රදේශයේ පදිංචිකරුවන්ය.
මෙම ජාවරම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අනාවරණය කරගැනීම සඳහා ඉදිරි විමර්ශන මෝදර පොලිස් ස්ථානය විසින් සිදුකරමින් පවතී.