2024.08.22 වන අද දින උදෑසන 11 ට පමණ කොළඹ සෞඛ්‍ය අමාත්‍යාංශය පරිශ්‍රයේ සංවිධානයකර ඇති විරෝධතාවයක් පිළිබඳව ලැබී ඇති තොරතුරු මත මරදාන පොලිසිය ගරු මාලිගාකන්ද වැඩ බලන මහේස්ත්‍රාත්වරයා වෙත කරුණු දක්වා ඇත.
කරුණු සලකා බලා මෙරට ප්‍රධාන රෝහල ලෙස සැලකෙන කොළඹ ජාතික රෝහල, ප්‍රධාන ඇස් රෝහල සහ හෘද රෝහල මෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශය ඇතුළු එම පරිශ්‍රයේ පිහිටි මහජනතාව සඳහා සේවය ලබා දෙන අතිශය වැදගත් ස්ථාන අවහිරයට ලක්වන පරිදි පදික වේදිකාව, මහාමාර්ගය සහ ගොඩනැගිලි තුලට මහජනතාවට බාධාවන පරිදි ඇතුල්වන පරිදි උද්ඝෝෂන සිදුකිරීම අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 වගන්තිය යටතේ 2024.08.22 වන දින පැය 1000 සිට පැය 2100 දක්වා තහනම් කරමින් ගරු මාලිගාකන්ද වැඩ බලන මහේස්ත්‍රාත්වරයා නියෝගයක් නිකුත් කර ඇත.
ඒ අනුව එම නියෝගය උද්ඝොෂක සංවිධානය කල වගඋත්තරකරුවන් වන සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුවේ කැඳවුම්කරු වෙත හා අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වෙත දැනුම් දෙනු ඇත.