කාත්තන්කුඩිය පොලිස් ස්ථානයේ නිලධාරීන් තිදෙනෙකු කාත්තංකුඩිය නගරයේ පාගමනින් සංචාරය කරමින් සිටින අතරතුර යතුරුපැදිකරුවෙකු එක් අතකින් ජංගම දුරකථනය භාවිතා කරමින් අනෙක් අතින් යතුරුපැදියේ හැඩලය අල්ලාගනිමින් යතුරුපැදිය ධාවනය කරනු දැක ඇත.
නිලධාරීන් හස්ත සංඥාවකින් ඔහුව නැවැත්වීමට උත්සාහදරා ඇති අතර ඊට අවනත නොවී ගමන්කිරීමට උත්සාහ කිරීමේදී යම් ප්‍රයත්නයක් දරා ඔහුව නවත්වාගෙන වරද පහදාදීමට කටයතු කර තිබේ.
එහිදී එම පුද්ගලයා නිලධාරීන්ට බැන තර්ජනය කර පොලිස් සැරයන් නිලධාරියාද තල්ලුකර නිලධාරියා අත තිබූ තාවකාලික රියදුරු බලපත්‍ර පොතද උදුරාගැනීමට උත්සාහ දරා ඇත.
නිලධාරීන් මේ පිළිබඳව ස්ථානාධිපතිවරයා දැනුවත්කිරීමෙන් එම අවස්ථාවේදීම ස්ථානාධිපතිවරයා අදාල ස්ථානයට ගොස් සැකකරු අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය වෙත රැගෙනවිත් 2024.08.22 වන දින මඩකලපුව ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.
සැකකරු වයස අවුරුදු 52 ක් වන එම ප්‍රදේශයේම පදිංචි රැකියාව ලෙස ව්‍යාපාර සිදුකරන තැනැත්තෙකි.