ඓතිහාසික මෝදර දේවාලයේ ඇසළ මහා පෙරහැර 2024.08.23 සහ 24 යන දෙදින ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ විථි සංචාරය කිරීමට නියමිතය.
2024.08.23 වන දින දහවල් 0100 ට පමණ මෝදර දේවාලයෙන් ආරම්භ වී දේවාල මාර්ගය ඔස්සේ හිරේවතන බුදු පිළිමය තෙක් ගමන් කර අම්බලන්ගොඩ පරණ පාර මහා විදීය ඔස්සේ සිරිකත වටරවුම දක්වා ගමන් කර ගාලු – කොළඹ ප්‍රධාන මාර්ගයට පිවිස ගාල්ල දෙසට ගමන් කර ඌරවත්ත පාලම අසලන් දේවාල මාර්ගය ඔස්සේ රාත්‍රී 0800 පමණ වන විට මෝදර දේවාලය වෙත පැමිණිමට නියමිතය.
එමෙන්ම 2024.08.24 වන දින ද රාත්‍රී 0900 ට පමණ දේවාලයෙන් ආරම්භවන පෙරහැර ඉහත මාර්ග ඔස්සේ වීථි සංචාරය කර අළුයම 3 ට පමණ දේවාලය වෙත පැමිණිමට නියමිතය.
පෙරහර වීථි සංචාරය කරනු ලබන කාලය තුල ගමන් එම ප්‍රදේශයන්ගෙන් ගමන් පහසුව සලසාගත හැකි විකල්ප මාර්ග
ගාල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය කරන වාහන එක් මංතීරුවක ගමන් කළ හැකිය.
කොළඹ දෙස සිට ගාල්ල දෙසට ගමන් ගන්නා වාහන ( බර වාහන හැර ) විකල්ප මාර්ගය වන සංඝරාජ විහාරය අසලින් කැපු ඇළ හන්දිය හරහා පොල්වත්ත හන්දිය හරහා අම්බලන්ගොඩ කම්කරු කාර්යාලය දෙසින් ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයට අවහිර වීගාල්ල දෙසට ගමන් කළ හැකය.