74 වන බෙල්ලන්විල ඇසල මහා පෙරහර, අවහිර වන මාර්ග වෙනුවට භාවිතාකල හැකි විකල්ප මාර්ග

රන් සීවලී පෙරහර – 2024.08.23

74 වන බෙල්ලන්විල ඇසළ මහා පෙරහර 2024.08.23 වන දිනය බොරලැස්ගමුව – බෙල්ලන්තොට මාර්ගයේ විථි සංචාරය කිරීමට නියමිතය.
මෙම පෙරහර 2024.08.23 වන දින රාත්‍රී 0800 ට පමණ බෙල්ලන්විල විහාරස්ථානයෙන් ආරම්භ වී බෙල්ලන්විල දෙහිවල මාර්ගය ඔස්සේ සෝමරත්න මාවතේ ගමන් කර පැපිලියාන විහාර මාවත ඔස්සේ අළුයම 0100 ට පමණ නැවත විහාරස්ථානය වෙත පැමිණෙනු ඇත.
එම කාලය තුල බොරලැස්ගමුව – බෙල්ලන්තොට මාර්ගය භාවිතා කරන රියදුරන් පහත විකල්ප මාර්ගයන් භාවිතා කිරීමෙන් ගමන් පහසුව සලසා ගත හැකිය.

විකල්ප මාර්ග

සියළුම බර වාහන

 පැපිලියාන දෙසට ගමන් කර අත්තිඩිය මාර්ගය හරහා බෙල්ලන්තොට හංදියට පිවිස ගමන් කිරිම හෝ පිළියන්දල හංදියෙන්, කටුබැද්ද හන්දියෙන් ගාලු පාරට පිවිසිය හැකිය.

සියළුම සැහැල්ලු වාහන

 මහරගම හා පිළියන්දල දෙසින් දෙහිවල දෙසට ගමන් ගන්නා සියළුම රථවාහන පැපිලියාන දෙසට ගමන් කර පැපිලියාන හංදියෙන් වමට හැරී අත්තිඩිය මාර්ගය ඔස්සේ බෙල්ලන්තොට හංදියට පැමිණ දෙහිවල දෙසට හෝ ගල්කිස්ස දෙසට ගමන් කිරිම හෝ අබේරත්න මාවත හරහා පිටවේල්ල මාර්ගයෙන් අත්තිඩිය මාර්ගයට පිවිසිය හැක.

රන්දෝලි පෙරහර – 2024.08.24

මෙම පෙරහර 2024.08.24 වන දින රාත්‍රී 0800 ට පමණ බෙල්ලන්විල විහාරස්ථානයෙන් ආරම්භ වී බෙල්ලන්විල දෙහිවල මාර්ගය ඔස්සේ බෙල්ලන්තොට හන්දියට පැමිණ කීල්ස් හන්දිය හරහා අත්තිඩිය මාර්ගය ඔස්සේ පැපිලියාන විහාර මාවතට පිවිස අළුයම 0300 ට පමණ නැවත විහාරස්ථානය වෙත පැමිණිමට නියමිතය.

එම කාලය තුල බොරලැස්ගමුව – නැදිමාල හංදිය මාර්ගය, රත්මලාන, බෙල්ලන්තොට – අත්තිඩිය මාර්ගය හා පැපිලියාන මංසන්ධියේ සිට දෙහිවල මාර්ගය භාවිතා කරන රියදුරන් හට පහත විකල්ප මාර්ගයන් භාවිතා කිරීමෙන් ගමන් පහසුව සලසා ගත හැකිය.

විකල්ප මාර්ග

සියළුම බර වාහන

 පැපිලියාන දෙසට ගමන් කර කොහුවල මංසන්ධිය හරහා කළුබෝවිල මාර්ගයෙන් ගාලු පාරට පිවිසිය හැක.
සියළුම සැහැල්ලු වාහන

 මහරගම හා පිළියන්දල දෙසින් දෙහිවල දෙසට ගමන් ගන්නා සියළුම රථවාහන පැපිලියාන දෙසට ගමන් කර කොහුවල හංදියෙන් කළුබෝවිල මාර්ගයට ගමන් කිරීම හෝ අබේරත්න මාවතින් අත්තිඩිය මාර්ගයට පිවිස බේකරි හංදිය හරහා ගල්කිස්ස දෙසට පිවිසිය හැකිය.
දෙහිවල දෙස සිට පැමිණෙන රථවාහන

 නැදිමාල හංදියෙන් ඇන්ඩ්‍රසන් පාර හංදියට පිවිස කළුබෝවිල මාර්ගය හරහා ගමන් කල හැකිය.