පවුල යනු සමාජයේ කුඩාම තැනුම් ඒකකය වන බැවින් පවුලක් තුල සාමය බිඳවැටීම සමාජයට සෘජුවම බලපෑම් එල්ල වන කාරණයකි. ගෘහස්ථ ප්රචණ්ඩත්වයේ සරල අර්ථය නම් ගෘහය තුල සාමය බිඳවැටී යාමයි. ගෘහස්ථ ප්රචණ්ඩත්වය යටතට ගැනෙනුයේ සැමියා හා බිරිඳ පිළිබඳව ඇතිවන ගැටලුකාරී තත්ත්වයන් පමණක් නොව. එය පවුලක් තුල ජීවත්වන සෑම පුද්ගලයෙකුටම ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරවම අදාල වේ.
2005 අංක 34 දරන ගෘහස්ථ ප්රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනතේ 23 වන වගන්තියට අනුව ගෘහස්ථ ප්රචණ්ඩත්වය යනු පීඩාවට පත්වන තැනැත්තාට අදාල තැනැත්තෙකු විසින් නිවසේදී හෝ පිටතදී කරන ලද ශාරීරික හෝ මානසික පීඩාවක් ලෙස දක්වා ඇත.
මෙම පනතේ පළවන උප ලේඛනයට අනුව ප්රචණ්ඩත්වය යටතට ගැනෙන වැරදි ලෙස දණ්ඩ නීති සංග්‍රහයේ ඇති මනුෂ්‍ය ශරීරයට විරුද්ධව කෙරෙන වැරදි සහ දණ්ඩ නීති සංග්‍රහයේ 16 වැනි පරිච්ඡේදයේ අන්තර්ගත සියලු වැරැදි සඳහන් වේ. එනම්,
පහරදීම/ සාපරාධී බිය ගැන්වීම/බලෙන් යමක් ලබා ගැනීම/ ඝාතනය කිරීමට තැත් කිරීම තැත් කිරීම/ තුවාල කිරීම/බරපතල තුවාල කිරීම/ලිංගික අතවර කිරීම/ස්ත්‍රී දූෂණය
මීට අමතරව මේ පනත සමඟ මානසික වධ හිංසා ද මෙම නීතියට ඇතුළත් කර ඇත.එනම්,
- උද්වේගකර බැණ වැදීම් යන්න වේ.
මෙවැනි අවස්ථාවලට ගොදුරු වූ පුද්ගලයෙකුට පොලිසියට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කර හෝ නීතීඥයෙකු මාර්ගයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කර නීතියේ සහනයක් ලබා ගත හැකිය.
එසේම වින්දිත තැනැත්තා දරුවෙකු නම් එම දරුවා වෙනුවෙන් දෙමවුපියකු, භාරකාරයෙකු හෝ එම දරුවා වෙනුවෙන් කටයුතු කිරීමට බලයක් ඇති බවට ලියවිල්ලක් ඇති ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරියෙකුට වින්දිත දරුවා වෙනුවෙන් ඉදිරිපත් වීමට හැකියාව ඇත.
මෙම පනතේ සුවිශේෂිත්වයක් ඇත. එනම් මෙය දඩුවම් ලබා දෙන නීතියක් නොව ආරක්ෂන නීතියකි. එසේ වන්නේ කොපමණ වැරැදි තිබුණත් බොහෝ විට වගඋත්තරකරු වන තම සැමියා/බිරිඳ/ ඥාතියා හෝ දඬුවමකට ලක් කීරීමට බොහෝ දෙනා කැමැත්තක් නොදක්වන නිසාවෙනි. නමුත් එලෙසින් දඩුවම් කිරීමේ අවශ්‍යතාවයක් ඇති නම් දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් කල හැක.
නමුත් මේ පනත තුළින් එවැන්නක් අපේක්ෂා නොවේ. මෙම පනත යටතේ ප්‍රධාන වෙනස දඩුවමක් වෙනුවට මුල් අවස්ථාවේදීම ආඥාවක් ලබා ගැනීමයි. මේ ආඥාව ලබා ගැනීම තුලින් කරනුයේ නැවත ගෘහස්ථ ප්රචණ්ඩත්ව ක්‍රියාවක් සිදු කරනු නොලබන බවට පොරොන්දුවක් ලබා ගැනීමයි. අධිකරණය මඟින් පනවනු ලැබූ කොන්දේසි කඩ කළහොත් පමණක් දඬුවමක් ලබා දීමක් සිදු වේ.
එකම ගෘහය තුල පවුලක් ලෙස ජීවත් වුවද කිසිම කෙනකුගේ පාලනය කිසිවෙකුට ප්‍රචණ්ඩකාරී ලෙස ගත නොහැක. ආදරය කරුණාව හෝ අවබෝධය මත යම් පාලනයක්, මෙහෙයවීමක් කළ හැකි වුවද එය සීමාව ඉක්මවා බලහත්කාරයෙන් සිදු කළ නොහැක. එනිසා ගෘහය තුල කිසිවෙකුත් හිංසාවකට පත් නොවන සේ කටයුතු කිරීමට අප සියළු දෙනා වග බලා ගත යුතුය.