වැල්ලම්පිටිය,නවගමුව,හංවැල්ල ප්‍රදේශයන්හි නිවෙස් බිඳ සිදුකර තිබූ දේපල සොරකම් අපරාධ රැසකට අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් 2024.08.26 වන දින උදෑසන වැල්ලම්පිටිය පොලිස් වසමේ කොටුවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25 ක් වන තරුණයෙකු වන මෙම සැකකරු වැඩි වශයෙන් රාත්‍රී කාලය තම අපරාධ යොදාගෙන ඇති අතර සොරකම් කරන ලද දේපල වලින් රන් අත්පලඳනා 02ක්, රන්මුදු 03ක්, රන්මාල 04ක්, රිදීමාල 01ක් සහ ජංගම දුරකතන 09ක් මේ වන විටත් බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය විසින් සොයාගෙන භාරයට ගෙන ඇත.
සොරකමට ලක්වූ වෙනත් දේපල සහ මොහු විසින් සිදුකල ඇති වෙනත් අපරාධ අනාවරණය කර ගැනීම සඳහා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකය.