තංගල්ල කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් 2024.08.27 වන දින දහවල් අම්බලන්තොට පොලිස් වසමේ මාමඩල ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 248 මිලිග්‍රෑම් 570 ක් සන්තකයේ තබාගෙන සිටි 38 හැවිරිදි අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අත්අඩංගුවට ගෙන අම්බලන්තොට පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.
මත්ද්‍රව්‍ය අලෙවි කිරීම සම්බන්ධයෙන් ලද තොරතුරක් මත මෙම පුද්ගලයා පරීක්ෂාවට ලක් කර ඇති අතර සැකකරු සන්තකයේ තබූ ජංගම දුැරකථනයද වැඩිදුර විමර්ශන සඳහා පොලිස් භාරයට ගෙන තිබේ.
අම්බලන්තොට පොලිසිය සැකකරු සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.