ජංගම දුරකථන 650 ක් ප්‍රවාහනය කරමින් සිටි ලොරි රථ රියදුරෙකු අත්අඩංගුවට

නොරොච්චෝලය, කරඹ පොලිස් මාර්ග බාධකයේ 2024.08.27 වන දින රාත්‍රී
රාජකාරි නියුතුව සිටි පොලිස් නිලධාරීන් සහ නාවික හමුදා නිලධාරීන් රාත්‍රී 1030ට
පමණ කල්පිටිය දෙස සිය පාලවිය දෙසට ධාවනය වෙමින් පැවති බොලේරෝ වර්ගයේ
කැබ් රථයක් නවතා පරීක්ෂා කර තිබේ.

කැබ්රථය තුල තිබී කාගෝ පෙට්ටි 02 ක බහාලන ලද තවත් පෙට්ටි 04 ක් තිබී ඇති අතර එම පෙට්ටි තුල ජංගම දුරකථන 650 ක් පමණ අසුරා තිබී ඇත.

එම භාණ්ඩ තොග පිළිබඳව විමසීමේදී පෑලියගොඩ පුද්ගලික ආයතනකට අයත් බවට ප්‍රකාශ කල රියදුරු භාණ්ඩ නිදහස් කරගැනීමට හෝ එම දුරකථන වලට අදාල ලියවිලි කිසිවක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වී තිබේ.

තීරුබදු නොගෙවා මෙරටට ආනයනය කළ ඇති බවට සැකපිට අදාළ භාණ්ඩ තොගය සහ සැකකාර කැකිරාව ප්‍රදේශයේ පදිංචි ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

නොරොච්චෝලය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.