කුරුණෑගල , රිදීගම රිදී විහාර ඇසල මහ පෙරහැර හේතුවෙන් වාහන ගමනාගමනය සීමා කෙරේ

රිදීගම පොලිස් වසමේ රිදිගම රිදි විහාරයේ අවසන් ඇසළ මහ රන්දෝලි පෙරහර 2024.08.30 වන දින සවස 6.30 සිට රිදීගම නගරය ආශ්‍රීතව විථි සංචාරය කිරීමට නියමිතව ඇත.

මෙම පෙරහැර ඉහත කාලය තුළ විහාරස්ථානයෙන් ආරම්භ වී කුරුණෑගල – කැප්පැටිගල මාර්ගයේ හුණුගල්කඩුල්ල හංදියේ සිට රිදීගම නගරය දක්වා සහ කටුපිලගොල්ල හන්දියේ සිට රිදීගම නගරය දක්වාත්, මාතලේ – රිදීගම මාර්ගයේ රුක්අත්තනගහ හන්දිය සිට රිදීගම නගරය දක්වා ගමන් කර නැවත විහාරස්ථානය වෙත පැමිණිමට නියමිතය.

ඉහත මාර්ගය භාවිතා කරන මහජනතාව සහ රියදුරන් හට පෙරහැර පැවැත්වෙන කාලසීමාව තුල පහත සඳහන් විකල්ප මාර්ගයන් භාවිතා කිරීමට හැකියාව ඇත.

විකල්ප මාර්ග

 කුරුණෑගල දෙස සිට රිදීගම නගරය හරහා කැප්පැටිගල දෙසට ගමන් කරන රථවාහන හුණුගල්කඩුල්ල හන්දියෙන් හරවා මොරතිහ,කටුපිලගොල්ල හරහා කැප්පැටිගල දක්වා ගමන් කල හැක.

 කැප්පැටිගල දෙස සිට රිදීගම නගරය හරහා කුරණෑගල දෙසට ගමන් කරන රථවාහන කටුපිලගොල්ල හන්දියෙන් හරවා මොරතිහ, හුණුගල්කඩුල්ල හරහා කුරුණෑගල දෙසට ගමන් කළ හැක.

 මාතලේ – මදුරාගොඩ දෙස සිට රිදීගම දෙසට ගමන් කරන වාහන රුක්අත්තන හන්දියෙන් තල්ගොඩපිටියට ගමන් කර කුරුණෑගල – දඹුල්ල මාර්ගය භාවිතා කළ හැක.