ඌව පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍යංශ ලේඛම්වරයාගේ අත්සන ව්‍යාජ ලෙස යොදා 2013 වසරේ රැකියා සඳහා පත්වීම් ලිපි සකස් කරීමක් සම්බන්ධව ගරු බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩු 26 කින් අනතුරුව දඩුවම් නියමවූ වයස අවරුදු 52 ක කාන්තාවක් සහ ඇයගේ ඇපකාරිය වූ වයස අවරුදු 30 ක් වූ ඇයගේ දියණිය හලාවත, ආරච්චිකට්ටුව ප්‍රදේශයේදී 2024.08.28 වන දින අලුයම අත්අඩංගුවට ගැනීමට බදුල්ල පොලිස් ස්ථානයේ විශේෂ අපරාධ විමර්ශන අංශය සමත්වී ඇත.
නඩුකටයුතු ආරම්භ වී 2016.05.29 වන දින වරෙන්තු නිකුත්වීමත් සමඟම එම කාන්තාවන් දෙදෙනා ස්ථීර පදිංචිය අතහැර පලාගිය ගොස් සිටි අතර දීර්ඝ කාලයක් ප්‍රදේශයේ විවිධ ප්‍රදේශයන්හි සැඟවී වාසය කරමින් පදිංචිය වරින් වර වෙනස් කිරීමට කටයුතු කර තිබුනි.
මේ වන විට මෙම වරෙන්තුකාරියන්ට විරුද්ධව වෙනත් පොලිස් ස්ථාන වෙත පැමිණිලි වාර්තා වී ඇත්ද යන්න විමර්ශනය කරමින් පවතින අතර පලාගොස් සිටි කාලය තුල ක්‍රියාකලාපය සම්බන්ධවද තොරතුරු අනාවරණය කරගනිමින් පවතී.