රතු වරෙන්තු මත අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙරටට

මතුගම පොලිස් ස්ථානයේ දැනුම්දීම මත ජ්‍යාත්‍යන්තර රතු වරෙන්තු නිකුත් කර තිබූ මෙරට සංවිදානාත්මක අපරාධකරුවෙකු පසුගියදා ඩුබායි හීදී අත්අඩංගුවට පත් වී තිබූ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් 2024.08.29 වන අද දින අළුයම එම සැකකරු මෙරටට රැගෙන විත් වැඩිදුර විමර්ශන සඳහා කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට වෙත සහ මතුගම පොලිසිය වෙත රැගෙන ගියහ.

මතුගම ශාන් ලෙස හදුන්වන සංවිධාන අපරාධකරුවෙකුගේ ප්‍රධානතම ගෝලයෙකු ලෙස හඳුනාගෙන ඇති විතානගේ දොන් දිල්ශාන් නම් මොහු මත්ද්‍රව්‍ය සම්බන්ධව සහ මනුෂ්‍ය ඝාතන ඇතුලු බරපතල අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු ලෙස අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටි වයස අවුරුදු 33 ක් වන අඟලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මෙම සැකකරු ගරු අධිකරණය වෙත ඉදිරපත් කර රඳවාගෙන ප්‍රශ්නකිරීමට නියමිතය.