මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නව ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩි.ඩබ්ලිව්.ආර්.බී රවී සෙනෙවිරත්න මහතා

ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත්කල විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩි.ඩබ්ලිව්.ආර්.බී රවී සෙනෙවිරත්න මහතා 2024.09.23 වන අද දින දහවල් බත්තරමුල්ල සුහුරුපාය ගොඩනැගිල්ලේ 18 වන මහලේ පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කාර්යයාලයේදී රාජකාරි භාර ගන්නා ලදී.