අභිනව මහජන ආරක්ෂක අමාත්‍යතුමන් ධූරයේ රාජකාරී අරඹයි

ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත් කළ විජිත හේරත් මහතා 2024.09.25 වන දින උදෑසන බත්තරමුල්ල සුහුරුපාය ගොඬනැගිල්ලේ 18 වන මහලේ පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යංශ කාර්යාලයේදී එම අමාත්‍යධූරයේ රාජකාරී බාර ගන්නා ලදී.

මෙම අවස්ථාව සඳහා මහජන ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා, අතිරේක ලේකම් මාලිකා සූරියප්පෙරුම මහත්මිය, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) ලලිත් පතිනායක මහතා ඇතුලු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධරයන් සහභාගී විය.