මෙරට නිෂ්පාදිත ගිනි අවි 02 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

ඊච්චලම්පත්තුව පොලිස් වසමේ මාවඩිචේන ප්‍රදේශයේදී වාකරේ පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් ලද තොරතුරක් මත 2024.09.25 වන දින වැටලීමක් සිදුකර මෙරට නිෂ්පාදිත ගිනි අවි 02 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඊච්චලම්පත්තුව පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 24 ක් වන ඊච්චලම්පත්තුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඊච්චලම්පත්තුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.