බස් රථයක ගැටී බරපතල තුවාල ලැබූ කාන්තාවක් ජීවිතක්ෂයට

72 හැවිරිදි කාන්තාවක් 2024.09.25 වන දින කොළඹ මහනුවර මාර්ගයේ වරකාපොල පොලිස් වසමේ ආයුර්වේද හන්දිය අසලදී ඇය පැමිණි මහනුවර-කොළඹ බස් රථයේම ගැටී බරපතල තුවාල ලබා වරකාපොල රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇත.

කාන්තාව බස් රථයෙන් බැසගෙන බස් රථය ඉදිරිපසින් මාර්ගය හරහා ගමන්කිරීමට උත්සහ කිරීමේදී නැවත ධාවනය ආරම්භ කළ බස් රථයේ ගැටී මෙම මාරක අනතුර සිදුව ඇති බව විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

මියගිය තැනැත්තිය තුල්හිරිය ප්‍රදේශයේ පදිංචිකාරියකි.

අනතුරට සම්බන්ධ වරකාපොල පොලිස් ස්ථානය බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සිදු කර ඇත.