විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් ජීව උණ්ඩ 12 ක්

මාතර කොට්ඨාස හා ළමා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිවරියට ලද තොරතුරක් මත එම කාර්යංශයේ නිලධාරීන් 2024.09.25 වන දින රාත්‍රී 8 ට පමණ බෙලුවිටපල, මාතර ප්‍රදේශයේ නිවසක් පරීක්ෂාකර විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝල අවියක් සහ එම උණ්ඩ 12 ක් සහිත මැගසීනයක් සොයාගෙන භාරයට ගෙන ඇත.

අවිය නිවසේ තෙවන මහලේ සූක්ෂම ලෙස සඟවා තිබී ඇති අතර සිදුකල විමර්ශනයේදී අවිය නිවසේ සඟවන ලද සැකකරු ලෙස අනාවරණය වී ඇත්තේ හිදිසි අනතුරකින් මියගිය, හිටපු ජනාධිපතිනයකගේ සහ අමාත්‍යවරයෙකුගේ පුද්ගලික ආරක්ෂක ලෙස සේවය කළ, පොලිස් නිලධාරියෙකු වශයෙන් සේවය කර සේවයෙන් ඉවත් වූ අයෙකි.

නිවෙස් හිමියන්ගෙන් ප්‍රකාශ සටහන් කරගනිමින් එම අවිය යම් අපරාධයකට භාවිත කර ඇතිද සම්බන්ධව අනාවරණය කරගැනීම සඳහා වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

වැටලීම සිදුකල නිලධරයන් – මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩුල වීරසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ ප්‍ර.පො.ප වරුණි බෝගහවත්ත, ප්‍ර.පො.ප රුක්මන් කුමාර, පො.ප රත්නායක, උ.පො.ප සංජීව, පො.කො. 79340 චන්ද්‍රකුමාර,පො.කො. 93795 නිමේෂ්, පො.කො.97808 බණ්ඩාර, පො.කො 99297 මධුසංඛ, පො.කො.103841රත්නායක, පො.කො.රි.78926 සම්පත්, පො.කො.රි. 80473 වසන්ත.