2024.09.21 සහ 22 දෙදින මුම්බායි මහරාස්ට ප්‍රාන්තයේදී පැවති 2024- Mr. Universe India කායවර්ධන ශූරතාවලිය සඳහා තරඟවැද ඉන් කිලෝග්‍රෑම් 70 බර පන්තියේ රිදී පදක්කමත් වයස අවුරුදු 40 ට වැඩි බර පන්තියේ සිව්වන ස්ථානයත් දිනාගනිමින් මව්බිමට කීර්තියක් අත්කර දුන් පොලිස් විශේෂ කාර්යය බලකා සැරයන් 12190 කේ.ඩී මයාදුන්න නිලධාරියා ඇගයීමේ උත්සවයක් පොලිස් විශේෂ කාර්ය බළකායේ සේනාවිධායක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් 2024.09.26 වන දින විශේෂ කාර්ය බළකා මූලස්ථානයේදී පැවැත්වීය.
මෙම ජයග්‍රහණය සැරයන් මායාදුන්නේ නිලධාරියාග් දෙවැනි ජාත්‍යන්තර පදක්කම වන අතර මීට පෙර 2024 දී මොංගෝලියාවේ උලාන්බටා නගරයේදී පැවති ආසියානු කායවර්ධන තරඟයේදී ආසියාවේ ප්‍රබල ක්‍රීඩකයන් රැසක් සමග තරග වැදී මව්බිම ට ඉමහත් කීර්තියක් අත්කර දෙමින් කිලෝග්‍රෑම් 70 බර පංතිය යටතේ රිදී පදක්කම ලබා ගත්තේය.
උත්සවයේදී සැරයන් මායාදුන්නේ නිලධාරියා පොලිස් විශේෂ කාර්ය බළකායේ සේනාවිධායක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ සහ උත්සවය සඳහා සහභාගී වූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අරුණ කටුගම්පල(ක්‍රීඩා අධ්යක්ෂ),ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කීර්ති විජේසිංහ (බුද්ධි අධ්යක්ෂ), පොලිස් අධිකාරී පාලින්ද විජේසුන්දර (කලාප අණ දෙන නිලධාරි කොළඹ), සහකාර පොලිස් අධිකාරී සාගර කුලසේකර (සහකාර පොලිස් අධිකාරී බුද්ධි හා සංවිධානාත්මක අපරාධ), සහකාර පොලිස් අධිකාරී කුමාර කුලරත්න (සහකාර පොලිස් අධිකාරී මූලස්ථානය), සහකාර පොලිස් අධිකාරී නලින් පෙරේරා (නියෝජ්‍ය සුබසාධක), ප්‍රධාන පොලිස් පරීක්ෂක මාරඹගේ සිල්වා මහතා ( ස්ථානාධිපති මූලස්ථානය) යන මහත්වරුන්ගේ සහ සහකාර පොලස් අධිකාරී නිරෝෂා කුමාරි මහත්මියගේ විශේෂ ඇගයීමට ලක් විය.